භාවිතය අඩුකිරීම - Reduce
අපට කළ හැකි දේවල් .03
"ආ මුදලාලි මට ඕක වෙනම මල්ලක දාල දෙනවද?
දැන් මේ ඔක්කොම තව ලොකු මල්ලකට දාන්ට."
මේ සාමාන්‍යයෙන් අපිට ඕනම මාර්කට් එකකට, කඩේකට ගියාම ඇහෙන දේ තමා,
ඇයි අපි මේ ගැන හිතන්නෙ නැත්තෙ?
අපි කොච්චර නම් පොලිතීන් ප්ලාස්ටික් බෑග් පාවිච්චි කරනවද?
ඒ හැම එකම අවශ්‍යය දේවල් වලටද?
නෑ නේද?
ඒත් අපි හොඳටම මේවට ඇබ්බැහි වෙලා නිකන් දෙන නිසා ඕන තරම් මලු පාවිච්චි කරනවා.
මං ළගඳි පාරෙ හිටපු මුදලාලි නෝනා කෙනෙක් එක්ක මේ ගැන කතා කරා.
මේ දවස් වල ගල් සියඹලා විකුනනන්ට තියනවා, මේවා දාල තිබුනෙ පොලිතීන් මලු වල,
ඒකට හේතුව විදිහට ඒ නෝනා කීවෙ,
ගල් සියඹලා වල නරක් වුන ඒවා පුස්කාපුව තියන නිසා මිනිසුන්ට බලලා ගන්න ඕන කියල.
මිනිස්සු කියන්නෙ සල්ලි දීලා , "ඕකෙ කට ගැටගහලා දෙන්න"
කියලලු.
ඉතින් කඩදාසි බෑග් එකකින් මේ දේ කරගන්න බෑනෙ,
ඒ නිසා පොලිතීන් බෑග් තමා පාවිච්චි කරන්න වෙන්නෙ.
මහා පෝසතෙක් ඇවිත් ගල් සියඹලා ගන්නෙත් නෑ, මහා පොසත් මුදලාලි කෙනෙක් ගල් සියඹලා විකුනන්නෙත් නෑ.
මේ මිනිස්සු දවසම පාරවල් වල දූවිලි කකා හිටගෙන මේවා විකුනන්නෙ ජීවත් වෙන්න.
ඒ නිසා අපිට මේ අය ඔක්කොම වෙනස් කරන්න බෑ,
ඒත් අපි වෙනස් වෙමු.
තව එක්කනෙක් හරි වෙනස් කරමු.
අපිට පුළුවන් ගල් සියඹලා ගනිද්දි පොලිතීන් බෑග් එක ආපහු දීලා කඩදාසි බෑග් එකකට ඒ ටික දාගන්න.
නැත්තං කඩේට ගිහින් ගිහින් බෝතලයක් ගත්තම, ක්‍රීම් එකක් ගත්තම ඒක දාල දෙන පොලිතීන් මල්ල එපා කියලා ඒක නිකංම බෑග් එකට දාගන්න.
අපි වෙනස් වෙමු.
තව එක්කනෙක් හරි වෙනස් කරමු.
එතකොට පුළුවනි අපිට සොබාසුමිතුරු රටක් හදන්න...

yeah let's make a change :)
ReplyDelete