මට අද සෑහෙන දිනකින් නොදැණුන මූඩ් ගතියක් දැණිනි.
ලියන්නෙ නැතුව සිටීමට සිතා සිටි දේවල් කිහිපයක් ගැන ලියමි.
ඇත්තෙන්ම මා සිතාගෙන සිටියේ බොහෝ දිනකට බ්ලොග් පලාතෙවත් නොඑන්ටය.
එහෙත් සාමාන්‍යයෙන් ප්‍රවෘති නොබලන මා අද ප්‍රවෘති බැලුවෙමි.
අලි ගසා මිනිසුන් මැරී ඇත.
මිනිසා මැරූ අලියාද මරා ඇත.
ලුණුගම්වෙහෙරෙන් මැණික් ඉල්ලම් මතු වී ඇත,
ඒවා ගැනීමට මිනිස්සු පොරකති.
කොහෙදෝ සුවිසාල හෝටලයක් හැදීමට යයි.
කලා වැව ඉස්මත්ත වනසා පස් හාරයි.
ඇමරිකාව ලංකාවට වලියක් දැමීමට අර අදී.
මට නම් දැනෙන්නේ රටට අත්වෙන්නට යන්නේ හොඳ කාලයක් නොවන බවයි.
බොහෝදුරට ලංකාවට සහ එහි මිනිසුන්ට දුක් විඳින්ට වෙන කාලයක් එලඹිය හැක.
ලංකාව යනු සාමාන්‍යය රටක් නොවේ.
ලෝකයේ වැදගත්ම රට ලංකාවයි.
ලොව විසූ බලවත්ම පුද්ගලයා වූ බුදු රජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා අති බහුතරයක් ද,
උන් වහන්සේ පිට දුන් බෝධිය ද,
උන් වහන්සේගේ පාත්‍රය ද,
උන්වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයද දරා සිටින භූමිය මෙයයි.
අප එකාන්තයෙන්ම බෞද්ධ උරුමයක් සහිත රටකි.
බහු ආගම් ආදි කතා කොච්චර කීවත් මේ රට ගොඩනැගුනේ බුදු දහම මතය.
මෙහි සිටින මිනිසුන්ගේ ජීවිත ආධ්‍යාත්මික සහ නොපෙනෙන දේවල් සමඟ බැඳී ඇත.
ඔවුන්ට දෙවියන්ද යක්ෂයන්ද නාගයන්ද වෙනත් බලවේග සමඟ සාමයෙන් සිටිය යුතු වේ.
මේ එළඹ ඇත්තේ ඒ බලවේග සතුටු කරවන කාලයක් නොවේ.
රට පුරා මහා නිධන් මංකොල්ල සිදු වේ,
වැව් සහ ජලය විනාශ වේ,
ඒ මිහිඳු මහ රහතන් වහන්සේ සැතපුන යහනද පුපුරවා හැර ඇත.
මේ සියල්ල දෙවියන් ඇතුළු අමනුෂ්‍යයන් සතුටු කරවන සුළු ඒවා නොවේ.
ඔබට කලා වැවේ උපත මතක නැතුවා වීමට බැරිය.
කාල නම් දරුවා මියගොස් කලා වැවේ අධිපති යක්ෂයා බිහි විය.
නාග රූප වැව් අසල කොටා ඇත්තේ ලස්සනට නොවේ.
ඒ මේ ජලය හා නාගයන් බැඳී ඇති නිසාය.
අදටත් ඒ යක්ෂයන් සහ නාගයන් ඔවුන්ගේ අඩවි වල අණසක පතුරාගෙන සිටී.
ඔවුන් මේ දේවල් නිසා කෝප වී ඇතුවාට සැක නැත.
නිධාන වලට අරක්ගත් අමනුෂ්‍යයන් ද සතුටින් නොසිටිනවා ඇත.
මේ සියළු දෙනාම සිටින්නේ කෝපයෙනි.
ඒ ඔවුන්ගේ පූජනීය දේවල් විනාශ කරන නිසාය.
මේ වැව් හැදුනේ ප්ලේන් බෑමට නොවේ,
ඒවා ගැලපෙන්නෙ වෙන රටවලටය,
වැව් පූජනීය තැන් විය,
එහෙවු වැව් වලට අද සිදුවී ඇත්තේ කුමක් ද?
මා එක් බ්ලොගයක කියවූ කරුණක් වූයේ මල් සුවඳ ආහාරයට ගන්න දෙවියන් පොළවෙන් ඈත් වී ඇති බවයි,
ඒ අධික කෘෂි රසායන භාවිතය නිසාය.
(කීමට අමතක විය ඔබ මොඩන්ම කෙනෙක් නම් මේක කියවා විවේචන කිරීමට ඇරසෙන්න එපා)
මේ දේවල් අස්සේම අපේ රට දිගු කාලීන ක්‍රමික විනාශයකට ලක්වී ඇත.
අපට දැන් ස්ව්‍යංපෝෂිත ආර්ථිකයක් නැත.
අවශ්‍යයම දේවල් වන්නේ ඛණිජ තෙල්ම නොවේ,
අඩු ගානේ අපට තැම්බූ කොස් හෝ බත් සහ පොල් කා ජීවත් වීමට නොහැක.
අපිට අද මේ කිසිවක් නොමැත.
තිබෙන හාල් වලද ආසනික්ය.
ආසනික් තියන හාල් වුවද විකුණා ගත නොහැකිව ගොවියන් අසරණ වෙයි.
බහුජාතික සමාගම් සහ පිට රටවල් කළේ කුමක් ද?
සුද්දන් කළේ හැකි තරම් වැව් විනාශ කර සිංහලයාගේ තිබූ ස්ව්‍යංපෝෂිත බව නැති කිරීමය.
මා කියවා ඇති පරිදි බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරයා වැව් වල නොමිලේ ශ්‍රමදාන කිරීම වලකා ඇති ඇතර සෑහෙන වැව් ප්‍රමාණයක බැමි කඩා ඇත.
ඔහුගේ ආර්යාව කර ඇත්තේ ජපන් ජබර ගෙනවිත් ලංකාවේ ජල පද්ධතියට බෝ කිරීමය.
අතීතයේ අපේ මිනිසුන් උඩරටට වී සිතලට සනීපෙට නොඉඳ රජරටට වී සිටියේ පිස්සුව්ට නොවේ.
ඔවුන් රටේ ජලය එකතු වී ඇත්තේ කඳුකරයේ බව දැන සිටියහ.
එහි පදිංචි වූවොත් එය වැනසෙන බව දත්හ.
ජලය නැතුව මොකුත් බැරි බව දැනගත් ඔවුන් එහි පදිංචි නොවූහ.
එසේ පූජනීයව රැකගත් ලංකාවේ ජල සංචිතය වූ කඳුකරය තේ වගාව සහ කෝපි වගාව සඳහා විනාශ කෙරිනි.
අද නුවරඑළිය එකම රසායනික පිරි විෂ බිමකි.
එසේම මුඩු වූ බිම් තවත් විනාශ වෙන පයිනස් වගා ඇති කරන ලදි.
මේවා භූගත ජලය හොඳින්ම වනසයි.
එසේම දිරාපත්වීම අඩු කොළ එකතු වෙයි,
යටි රෝපනයක් ඇත්තේම නැත.
ඒ යුගය ඉවර වූ පසු ලංකාවේ හේන් ගොවිතැනට පහර වැදිනි.
හේන යනු බෝග රැසකින් පිරි ගොවියා ස්ව්‍යංපෝෂිත කර කෘෂි බිමකි.
ඔවුන් කලේ එය විනාශ කිරීමයි.
හේන පරිසරය වනසන එකක් බවට හං වඩු ගසා තහනම් කරේය.
ගොවියා හතරැස් පාත්තියක වගා කිරීමට පොළබවන ලදි.
හතරැස් පාත්තියේ හිටෙව්වේ නැත්නම් ආධාර නොදී හැරියේය.
ඉන් පසු ඔවුන්ට එක බෝගයක් වගා කර ජීවත් වීමට හුරු කළේය.
ඔවුන්ගේ සිත තුල ඇති කළ හැඟීම එයයි.
ඉන් පසු ඔවුන්ම කෘෂි රසායන හඳුන්වා දුන්නෝය.
ඉන් අපේ පරිසරයේ සමතුලිතතාව නැති විය.
ඉන් පසු ගොවියාට ඒවා නැතුව බැරි විය.
පළමුව නොමිලේ දුන් ඒ විස අපිටම විකුණන්ට ඔවුන්ට හැකි විය.
එයින්ම මිනිසුන් ලෙඩ කරවන රසායන ටොන් ගණනක් දශක ගාණක් තිස්සේ පොළවේ එකතු විය.
අහක දමන දණ්ඩ වුවත් දළුලා යළි පැලවේ කියූ භූමිය රසායනික පොහොර වලටම පදම් වූ නිසරු එකක් විය.
අදටත් මේ දේවල් නවතින්නේ නැත්තේ,
දන්නා අයද කටවහන් ඉන්නේ බහු ජාතික සමාගම් වල බලයෙනි.
අපට තෙල් හෝ දියමන්ති ආකර නැත.
වෙනත් වටිනා ඛනිජ ද නැත.
විශාල භූමියක් ද නැත.
ලංකාවට ගැලපෙන් ප්‍රධාන කර්මාන්තය කෘෂි කර්මාන්තයයි.
අපිට ඒ සඳහා අවැසි දේ උරුම වී තිබිනි.
අපිට ගැලපෙන්නෙ සංචාරක කර්මාන්තයවත් වෙන දෙයක්වත් නොවේ වී ගොවිතැනයි.
පෙරදිග ධාන්‍යාගාරය අපේ රට විය.
අපට ඒ තත්වයට යෑමේ නොහැකියාවක් තවම නැත.
එහෙත් අප තවම ප්‍රමාද වෙමින් සිටිමු.
ලෝකයේ දියුණු රටවලින් බැහැර වෙමින් යන ගල් අඟුරු බලාගාර චීනයෙන් අපිට දෙන්නේ ආදරයට නොවේ.
කොහොමත් අපට ගල් අඟුරු ගේන්ට වෙන්නේ පිට රටිනි.
අපිට මහා දැවැන්ත හෝටල් වලින්ද වැඩක් නැත.
පළමුදේය බඩගින්නයි.
අපි එයින් මිදීමට කුළුණු, පොකුණු 'වේ'හෝ තැන්නවල් ගසා වැඩක් නැත.
බඩගිනි වූ විට ඒවා ලෙවකන්ට ද?
හෙට අපට ආර්ථික සම්බාධක පැනවූවොත් වෙන හරිය ඕනම මෝඩයෙකුට හිතා ගත හැක.
මොන ආණ්ඩුව ආවත් වෙන්ට ඕන දේ වුනේ නැත.
විය යුත්තේ අපේ කෘෂිකර්මය සහ වැව් පද්ධතියට නැවත පණ පෙවීමයි.
ඒ දේ කරන තෙක් අපිට සෙතක් වෙන්නෙ නැත.
සංවර්ධනය අවශ්‍යය මා එය නෑ යයි නොකියමි.
එහෙත් අපි ඉස්සල්ලාම කළ යුත්තේ බඩ ගැන හිතීම නොවේද?
ඉන් පසු ඕන මල ඉලව්වක්.
සංවර්ධනයේ නාමයෙන් අපි රැල්ලේ යා යුතු ද?
මේ පුංචි රටට දරා ගත නොහැකි අනවශ්‍යය ව්‍යාපෘති ඕන ද?
සංවර්ධනය අවශ්‍යය මා එය නෑ යයි නොකියමි.
එහෙත් අපි ඉස්සල්ලාම කළ යුත්තේ බඩ ගැන හිතීම නොවේද?
ඉන් පසු ඕන මල ඉලව්වක්.
සංවර්ධනයේ නාමයෙන් අපි රැල්ලේ යා යුතු ද?
මේ පුංචි රටට දරා ගත නොහැකි අනවශ්‍යය ව්‍යාපෘති ඕන ද?
මේ යන විදිහට අපිට ආර්ථික සම්බාධක ආවත් නැතත් ප්‍රශ්න මතු වේ.
ඇමරිකාවේ ගෝත්‍රික මානසිකත්වය නිසා ලෝකයේ යුද්ධයේ ගිණි පුපුරු අළු යට සැඟවී ඇවිලීමට වෙලාවක් එනතෙක් බලාසිටී.
ඊට අමතරව වසර ගණනක් තිස්සේ සොබාදහම දූෂණය කිරීමේ විපාකද අපට ලැබෙනවා නොඅනුමානය.
දැන් අවිද්‍යාඥයින් කියන පරිදි ලෝකයේම කාබන් ඩයොක්සයිඩ් පිටවීම නැවතුවත්,
මේ එකතු වී තිබෙන ප්‍රමාණය නිසා තව කලකින් ගෝලීය උෂ්ණත්වය අංශක දෙකකින්ද කොහෙද ඉහල යයි.
එහි අනිටු විපාක ද අපිට විඳින්න සිදු වෙයි.
නැවතත් මා අපේ රටට එමි.
මේ රටේ පහල වන්නේ සුභ ලකුණු නොවේ,
නිල් මැණික් මතු වීම සුභ දෙයක් යැයි කිව නොහැක.
ඔතනින් මිනී මැරුම් ආරම්ඹ විය හැක.
හිර කරුවන්ගේ කැළඹීම්ද ගෙනෙන්නේ හොඳ ඉවක් නොවේ.
මා කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවෙමි.
මා දැක ඇති කිසිම දේශපාලකයෙකු රටට හෝ මිනිසුන්ට ආදරේට ආවා යැයි මා නොසිතමි.
මට තේරෙන කාලේ පටන් තිබූ ආණ්ඩුද එසේමය.
අවාසනාවට මට මේවා ගැන නිකමට හෝ ලිවීමට තේරෙන්නේ දැන්ය.
ආණ්ඩුවේ වාසනාවට සහ අවාසනාවට ඇමරිකන් ප්‍රශ්නය ආවේය.
තෙල් වලට උද්ඝෝෂණ කළ මිනිසුන් සඳුදා රට වෙනුවෙන් උද්ඝෝෂණය කරනු ඇත.
මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා මිය ගියොත් ලංකාවේ නැවත වාර්ගික අර්බුද ඇති වෙනු ඇත.
දෙමල මිනිසුන් මෙන් නොව මුස්ලිම් අය නැගිට්ටොත් වෙන්නේ වහ කන්නටය.
ඒ ඔවුන් බූවල්ලෙක් මෙන් ලංකාව වෙලාගෙන ඇති නිසය.
ඔවුන් ලංකාවේ ආර්ථිකය ද දේශපාලනයද අධ්‍යාපනය ඉඩ කඩද ජන සංඛ්‍යාවද අල්ලා ගනිමින් සිටී.
ඔව්න් යුද්ධ කරොත් නම් ඉවරෙටම ඉවරය.
මක් නිසාද යත් ඔවුන්ගේ ආගමෙන්ම උගන්වන්නේ යුද්ධ කරන්නය.
මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා මිය ගියොත් ලංකාවේ නැවත වාර්ගික අර්බුද ඇති වෙනු ඇත.
දෙමල මිනිසුන් මෙන් නොව මුස්ලිම් අය නැගිට්ටොත් වෙන්නේ වහ කන්නටය.
ඒ ඔවුන් බූවල්ලෙක් මෙන් ලංකාව වෙලාගෙන ඇති නිසය.
ඔවුන් ලංකාවේ ආර්ථිකය ද දේශපාලනයද අධ්‍යාපනය ඉඩ කඩද ජන සංඛ්‍යාවද අල්ලා ගනිමින් සිටී.
ඔව්න් යුද්ධ කරොත් නම් ඉවරෙටම ඉවරය.
මක් නිසාද යත් ඔවුන්ගේ ආගමෙන්ම උගන්වන්නේ යුද්ධ කරන්නය.
එවිට ඔවුන්ට ප්‍රශ්න අමතක වෙනු ඇත.
මේ සියල්ලටම වඩා වැදගත් දෙයක් තිබේ ඒ ජීවිතයයි.
මේ වසරේ අප අතුරින් සමහරෙකුට මිය යෑමට සිදු විය හැක.
මේ සියල්ල හැරදා අප යා යුතුය.
තමන්ට පිහිට තමාමය.
මටද එය එසේමය,
මේ මොනවා ලීවත් මට පිළිසරණ මාම හදාගත යුතුය.
මක් නිසාද යත් මේ රටේ වෙන්නට යන විනාශ වලින් මමද මිය යා හැකි නිසාය.
මා මේ සියල්ල ලීවේ කිසිම පක්ෂයකට පක්ෂව නොවේ,
ආණ්ඩු පෙරලන්ටත් නොවේ.
හුදෙක්ම මට දැනුණ බයානක දැනීම නිසාය.
ඔබත් කල්පනා කරන්න.
ඔබටත් කොයි වෙලාවක මිය යෑමට වේදැයි දන්නෙ කවුද?
අවුරුදු විසි එකේ කොල්ලෙක් වන මට මේවා ගැන තේරෙන්නේ මේ අයුරිනි.
අවුරුදු විසි එකේ කොල්ලෙක් වන මට මේවා ගැන තේරෙන්නේ මේ අයුරිනි.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com
ඔව් ලොකු දෙයක් වීමට ඉඩ ඇත.අහෝ අපේ රට..
ReplyDeleteඅහෝම තමා ඉතින්....
Deleteපෝස්ට් එක බලන්නට ගත්තු ගමන්ම මූඩ් අස්පට් බව තේරුණා... එකම හැඳින්වීම දෙපාරක් දාල නේද? මොනා උණත් කතාව නම් ඇත්ත. අපේ සුන්දර ලංකාව ටිකෙන් ටිකම විනාස වේගන යනවා.. :(
ReplyDeleteඅර යටින් දාල තියෙන මේල් ඇඩ්‍රස් එකේ 90 දාල තියෙන්නෙ ඔයා ද ඉපදුනේ .. මම 90
ඒක නෙමේ මේ මාත් ආසයි පසුබිමින් මේ වගේ සද්දයක් දාගන්න.. කැමති නම් පාර කියනවද? මෙන්න මේකට... shanigehitha@gmail.com
හ්ම්ම් වැඩක් නෑ කියල,
Deleteඅනාගතය සුබ නොවීමට බොහෝ ඉඩ ඇත. ඒ ගැන නම් හොඳ සටහනක් දීලා තියෙන්නේ. ඔය තත්වය හැමදාම තියන දෙයක්. අපි ඉන්නේ හැම තිස්සෙම මරණයත් එක්ක. ඇයි ඔයාට ඒක හිටපු ගමන් මතක් වෙලා බය හිතෙන්නේ?
ReplyDeleteඔයාගේ කුරුල්ලන්ගේ සද්දේ ඇහෙනකොට හිත සන්සුන් වෙනවා.
මරණයට බය නැති අය අඩුයිනේ,
Deleteමමත් බයයි ඉතින්,
මේ මූඩ් එක මරු....!!!!
ReplyDeleteඅනේ මොන මරුවක් ද මාළු අයියේ...
Delete(එක අතකට මරු තමා)
ගණන් ගන්ට එපා මෙයා 2012 හින් ඔක්කොම ඉවරයි ලු නේ හිකිස්
ReplyDelete2012 දි ලෝකෙ ඉවරවෙන්නෙ නෑ මෙයා!!!
Deleteහිතාගෙන හිතාගෙන ගියොත් නම් සේරම එපා වෙනවා තමයි . ඒත් ඉතින් මේවා අලුත් දේවල් නෙමේනේ මිහිරි . සියලු අබග්ගයන් මැදත් ලෝකය කැරකෙනවා . මිනිස්සුත් ජිවත් වෙනවා . ඕනවට වඩා හිතල ඔයා හිත අමාරු කරගෙන තේරුමක් නැහැ .
ReplyDeleteස්තූතියි වියට්නාමෙ ඉඳන් මේ පැත්තෙ ආවට,
Deleteඔව් අක්කේ,
හිතල ශෝක වෙල නම් වැඩක් නෑ තම,
කොහොම වුනත් අද දවසම මහ මස්තෙ වගේ,
පරිසරයත් නිකං මූසල පාටයි.
ඇත්තම කියන්න මන් නිව්ස් බලන එක අත ඇරලා හුඟක් කල් . ඉස්සර ..ඔයා වගේ කාලේ ලෝකේ වෙන දේවල් දැන ගන්න පුදුම උවමනාවක් තිබුනේ . ඒ වගේම ඔය විදියටම හරියට හිත අමාරු කර ගත්ත ..තරහ ගත්ත ..සමහර විට අඬන්න හිතුන ..සටන් කරන්න හිතුන . ඒත් දැන් ඒ උනන්දුව නැත්තටම නැති වෙලා . කාලෙත් එක්ක වෙන දේවල්
Deleteවැදගත් දේවල් ටිකක් කියවන්න ලැබුණා..
ReplyDeleteස්තූතියි අකිල.
Deleteමොනව කියන්ඩද මන්ද ?
ReplyDeleteඅනේ මංදා තමා මාමෙ :/
Deleteමෙ හැම දේකටම හේතුව සල්ලි.බල්ලො මරල හරි සල්ලි හම්බවෙනව නම් මිනිස්‌සුන්ට ඒ ඇති.
ReplyDeleteඅනික බොහෝ දෙනෙක් හිතන්නෙ නැහැ අපි හමෝම මැරෙණව කියල.
ඔව් අයියා මිනිස්සු දන්නෙ නෑ මේ දේවල්.
Deleteරට විනාස වෙනවා දවසෙන් දවස..හොඳම දේ මේ ගැන හැමෝම දැනුවත් කරන එක තමා.....
ReplyDeleteබලමුකො අයියා දෙයක් කරන්න... ස්තූතියි
Deleteසුද්දන්ට දොස් කියල වැඩක් නැහැ සහෝදරයා.උන් අපේ රට සූරා කෑව වගේම අව්රුදු සිය ගණනක් පවතින වැඩත් කලා.දේශපාලන ප්‍රතිසංස්කරණ කලා.වැඩවසම් යුගය අවසන් කලා.එහෙම නොවුනානම් මටත් මේ කොමෙන්ට් කිරිල්ල පැත්තක දමල පොඩිකුමාරිහාමිගේ වලවුවේ අලි පන්තියට කොස් අතු කපන්නයි වෙන්නේ.අනිත් අතට ඔබ කෙසේ කීවත් හේන් වගාව නම් ඉතාම නාස්තිකාර වගා ක්‍රමයක් බව කියමි.හේන් නිසා අපේ රටේ වනාන්තර වලට විශාල විනාශයක් සිදු විය.ඔබ උගත් තරුණයෙක් ලෙසින් රජයේ මාද්‍ය වල පච විස්වාස කිරීම මට පුදුමයකි.සැබවින්ම ජිනීවා සමුළුවේදී රටට සිදුවන හානියක් නොමැත.මේ කතාව ජනතාවට දැනෙන ආර්ථික ප්‍රශ්න යටගැසීම සඳහා ගොතන ලද්දකි.එසේම මුස්ලිම් වරු සම්බන්දව ඔබ සදහන් කර ඇති දේවල් මෙවන් බ්ලොග් අඩවියකට නොගැලපෙන බව සදහන් කරමි.අවසන් වශයෙන් මටනම් කිසිම දෙයක් සම්බන්දව බියක් නැත.ඒ මට නැති වෙන්නට කිසිම දෙයක් නැති බැවිනි.
ReplyDeleteසුද්දන් රටට කළ හානි ගැන බ්ලොග් එකක් වෙනම ලියන්ට පුලුවන්.
Deleteඒ නිසා සුද්දො ගැණ කතා නොකර ඉමු :)
හැමදේකම මොකක් හරි අවසානයක් තියෙන්න ඕනේ නේ..ඉතින් මේ හැමදෙයක්ම කවදාහරි ඉවරවෙයි..
ReplyDeleteඔව් කුමාරිහාමි නෝනා,
Deleteඇත්ත තමා,
මට දැන් අළුත් ප්‍රශ්න තියනවා :)
දැනට වෙන දේවල් වඩ වඩාත් දරුණුව ඉදිරියට සිදු වේවි. අපටත් වඩා අපේ ඊ ළඟ පරම්පරාවල් දුක් විඳීවි.. වෙනසක් වෙන එකක් නැහැ බොහෝ දුරට...රටට වෙන විපත්ති වලක්වන්න අපට බැරි වෙයි.මේක කාලකන්නි රටක් (මෙතරම් සම්පත් තිබියදී ඒවා නැති නාස්ති කරමින් ..., එකිනෙකා කුලල් කා ගනිමින්....) මගේ පුද්ගලික බැඳීම් නොතිබුනානම්, මේ වන විට මම මේ රටේ නොසිටින්නටද පුළුවන්. ඒ තරමටම අමිහිරි අත් දැකීම් මට අපේ අය ගැන තියෙන්නේ..
ReplyDeleteඔබ හිතන ආකාරය ගැන සතුටුයි. දැනුමෙන්, ඊනියා විද්‍යාවෙන් ඔබේ චින්තනය දුෂ්‍ය වෙලා නැහැ. .ඔබේ පුද්ගලික ගමනට සුභ පතනවා. තෝරා බේරාගෙන ඔබේ ගමන යන්න.
රට තවමත් සුන්දර වාසනාවන්ත රටක්,
Deleteමේ රටේ ඉන්න මිනිස්සුයි කාලකන්නි වෙලා තියන්නෙ,
වෙලාවකට මටත් හිතෙනවා කොහොම හරි ස්කොල් එකක්වත් දාගෙන ගියානම් හොඳයි කියල,
ඒත් මේ රටේ තවමත් ලෝකෙ වටිනාම දේ තියනවා.
ඒ නිසා රටේ ඉඳීවි කලක්.
ඔබට ස්තූතියි අයියා.
අනාගතය පැහැදිලිව දුටු, අනගාරික ධර්මපාල තුමා, නැවත වතාවක් ලංකාවේ නුපදිත්වා යනුවෙන් ප්‍රාර්ථනා කලේ අපේ මිනිසුන් හරියටම තේරුම් ගත්තාට පසුව වෙන්නට ඇත.
ReplyDeleteඔව් වෙන්න ඇති අයියා,
ReplyDeleteඑතුමට ලංකාව එපා වෙන්නම වැඩ කරානෙ අපෙ ගුණමකුවො,
ඒ නිසා ඉන්දියාවට ගිහින් මැරුණේ.