සොබාසුමිතුරා දැන් මහළු වයසේ පසු වෙයි.
වත්තේ වූ පුංචි කඳු ගැටය මත වසර 15කට විස්සකට පෙර සිටවූ කරවලකැබිල්ල ගස දැන් ලොකු ගසකි.
එහි සෙවන යට වූ ඔහුම සදාගත් පුටුවේ හිඳගෙන සැහැල්ලු කපු ඇඳුමින් සැරසී නිවීහැනහිල්ලේ සිය අතීතය සිහි කරන්නට වන්නේය.
වියපත් නොවූ මිහිරාවිය, ඔහුගේ ගිටාරය පැත්තක්කින් පුටුවට හේත්තු වී සිටියාය.
ඔහු ඒ වන විට විශ්වවිද්‍යාලයට යන්නට සිටින තරුණ කොල්ලෙකි.
ඔහු ඉතාම සතුටින් සිටි දින කිහිපයක් ඔහුට සිහිපත් විය.
මහළු වූ ඇස්වල පෙනීම අඩු වූවද,
ඒ දවසේ පේරාදෙනිය මල් වත්තේ තණ බිස්ස මත වාඩිවී
සිය සගයන් සමඟ එක්ව සාකඡ්චා කරන අතරතුර මිතුරෙක්ගේ පුවත් පතක වු දෙයක් ඇස් ඉදිරිපිට පැහැදිළිව මැවෙන්නට විය...
"පොළොන්නරුවේ ගොවියෝ පිරිසක් ආණ්ඩුවේ පොහොර සහනාධාරය එපා කියයි,
ඔවුන් කියන්නෙ ඔවුන්ට කාබනික පොහොර පමණක් සිය ගොවිතැනට ඇති බවයි"
එදින ඔහුගේ දවස සතුටින් පිරුනු හැටි ඔහුට මතක් විය.
නිල්වන් ආකාසය යට නිල් තණ පලසේ වැතිර අහස බැලූ ඔහුට පියඹා යන සියොතුන් පෙනෙන්නට විය.
ඉන් පසු ඔහු කෙමෙන් කෙමෙන් වත්මන වෙත සිය මතකය ඔස්සේ හිත ගෙන එන්නට විය.
තමා කල සොබාසුමිතුරු ක්‍රියා සිහිපත් වෙන විට ඔහුගේ සිත පුළිඟුවක් මෙන් දිදුලන්නට විය.
එයින් එක් දවසක් පාසලේ ගස් සිටවූ දවසය.
ඩෙනිමකින් උතු පිළිවලට ඇඳි ඇඳුමේ සපත්තු දෙක ඉවත් කළ ඔහු උදැල්ල ගෙන ගිනි අවුවේ පැල සිටවූ හැටි කෙතරම් තෘප්තිකරද.
ඉන් පසුද ඔහු නොයෙකුත් සොබාසුමිතුරු දෑ කරගෙන ගිය අතර ඒවා බොහෝ සාර්ථක විය.
ඔහු හා සමකාලීනයෝ එක්ව ඇති කළ මානසික විප්ලවයේ පුරෝගාමියෙක් වූ ඔහු සිය කාර්යබහුල දිවියේ සොබාව වෙනුවෙන් කළ දෑ සිහි කර සිහින් මඳහසක් මුව ඇඳගත්තේය.
ඉන් පසු ලංකාව බෙහෙවින් වෙනස් රටක් වෙන්නට පටන් ගති,
මිනිස්සු ටිකෙන් ටික හැමදාම දේශපාලකයන්ට, වෙනත් වෙනත් ප්‍රෝඩා වල්ට රැවටී සිටීමෙන් මිදෙන්නට උත්සාහ කරන්නට පටන් ගත්හ.
මේ විප්ලවය පාරිසරික විප්ලවයක් බවටද පත් විය.
ජනතාවට රටෙ වූ පරිසරික අර්බුද වැටහෙන්නට පටන් ගත්තේය.
ඔවුන් වඩා සොබාසුමිතුරු දෙය කුමද, එයම සොයා යන්නට පුරුදු වූහ,
ධනවත් සමාගම් වලට පවා පොදු ජනතාවගේ මේ හිස එසවුමටප්‍රතිරෝධයක් දැක්වීමෙන් පැරදුනහ.
ඔවුන්ටද ජනතාව ඉල්ලූ පරිදිම ජෛව හායනයට ලක්වෙන පොලිතීන් ප්ලාස්ටික් වල ඇසුරූ භාණ්ඩ විකුනන්නට සිදු විය.
මිනිසුන් දේශපාලකයන්ද සොබා සුමිතුරන් කිරීමට ගත් උත්සාහයෙන්,
ඔවුන්ද හැමදා මිනිසුන් රවට්ටනවාට අමතරව ඡන්ද කාලයට පරිසරය වනසමින් කළ ඡන්ද ව්‍යාපාර නවතා දැමූහ.
මක් නිසාද යත් මිනිසුන් ඔවුන්ගේ රැවටිල්ලට අමතරව කරන පරිසර හානියද වටහාගත් හෙයිනි.
මේ නිසාම සමහර කපටි දෙස්පලුවෝ ඡන්ද ප්‍රතිපත්ති වල අන්තර්ගතය සොබා සුඉතුරු සංකල්ප වලින් පුරවන්නට විය.
එහෙත් පසුව ඔවුන් බොරු කරන බව වැටහුන විට මිනිසුන් ඔවුන් බලයෙන් පහ කළ අතර බොරුකාරයන්ට කිසිදාක සමාවක් නොලැබුණි.
මේ අයුරින් මිනිසුන් පරිසරය ගැන වදවීමෙන් ඇරඹුන
සොබා සුමිතුරු විප්ලවය සෑම ක්ෂේත්‍රයකම පැතිරුන අතර බහුතර මතය ඉදිරියේ සිරිලක සියළු බලපුළුවන්කාරයෝ දණ නැමූ අතර බලය තැලෙන්නට පටන් ගත්තේ සිංහරාජ පාර උඩදීය.
මෙසේ සිතමින් කල් ගතකළ වියපත් සොබාසුමිතුරා පුටුවෙන් බිමට බැස නිල් තණපත් පලස මත් වැතිර අතීතයේ සිටි තරුණයා කළාක් මෙන් සුව නින්දක් නිදන්නට විය.
හිරු රැස ඔහුව උණුසුම් කළ අතර ඔහුම සෑදූ වනගොමුව සිහිල් සුළඟ සමඟ පුංචි සංගීතකරුවන්ගේ නැලවිල්ල ඔහුගේ සවනත මත පතිත කළාය.
දෙනෙත් පියන් පත් මත සෞම්‍යය ආලෝකයක් පැතිරෙන්නට වන්නේය.
කරවලකැබිල්ල ගසෙන් ඉදුණු පතක් බිම වැටුණි.

සුන්දර සිහිනයක්.......
ReplyDeleteහොද පැහැදිලි කිරීමක්.
ReplyDeleteඇත්ත වේවා ඔය සිහිනය,එහෙම උනොත් ලංකාවේ අනාගතේ සුන්දරයි
ReplyDeleteObserver අයියා Gimhani අක්කා ස්තූතියි ඔයාලා දෙන්නටම.
ReplyDeleteඔව් කැහිබෙල්ලො,
ඒක ඇත්ත.
මේ හීනේ ගොඩක් දිගයි.
මම ආස මේක හැබෑ කරන්න.
හීනේ සැබෑ වේවා !!!
ReplyDelete