"ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන්ම නින්දෙන්
නැගෙවු කියන්නා වැනි දැන්ම නින්දෙන්
දොරෙන් අඩක් මේ ඇරියාම එන්නෙ
සිහිල් සුළං අයුබෝවන් කියා මෙන්"
මට මේ කවිය කියලා දුන්නෙ අපෙ අත්තම්මා,
මේක අපෙ සිංහල බස පොබයූ කුමරතුංග මුණිදාස මහා පඬිවරයගෙ.
උදෑසන සුන්දරත්වය වචනයට නගා ඇති අපූරුව බලන්න.
කාර්යබහුල ජීවිත් එක්ක පොරබදන අපිට සොබාව ගැන හිතන්න අමතක වෙලා.
අද උදේ හරිම සුන්දරයි, මට අතීතය මතක් වුනා උදේම නැගිටලා ඉස්කෝලෙ ගිය හැටි.
ඒ දවස් වලත් උදෑසන හරිම සිරියාවන්තයි.
මේ කවිය ලියන කලෙ වෙනකොට නම් පරිසරය ගොඩක් සුන්දර වෙන්ට ඇති.
කොහොම වුනත් මේ කවියාවත් අපෙ අත්තම්මමවත් නෑ දැන්,
කියන්න දුකයි කපුටෙක් කෑගහන සද්දේ ඇහුනෙත් නෑ මට.
ගෝලිය උෂ්ණත්වය වැඩි වෙලා නිසා කපුටගෙ හතුර කොහා නම් කෑ ගහනව,
ඒකත් හරි ලස්සනයි.
ඒත් පරිසරයට වැදගත් කපුටා ගැන මට දුකයි.
ඒක වෙනම කතාවක්.
උදේම අපෙ ගෙවල අවට ඉන්න සිංදුකාරයා,
ටිකල්ගේ නිල් මැසිමාරාවා පුංචි ලස්සන සිංදුවක් කීවා.
එයා හරි දක්ෂයි සිංදු කියන්න.
ඒ වගේම මම නම නොදන්න කුරුල්ලෙක් (හෝ මැඩියෙක්) ඉන්නවා,
ඌත් කෑගහනවා, ඒත් ඌව කවදාවත් පෙනුනේ නෑ මට,
අම්ම කියන්නෙ ඌ නියං කොකා කියලා.
ඉස්සර ඉස්කෝලෙ යනකොට උදේම ලෑස්ති වෙනකොට,
මේ අයගෙ සුන්දර ගීත හන්න ලැබුනා,
හූනෙක් ඈතින් කෑගහනවා ඇහුණා
ඒත් ඒක අසුබයි කියලා මට හිතුනෙ නෑ.
සිරියාවන්ත උදෑසන සුන්දර කරන්න ඒ මිශ්‍රණයත් වැදගත්.
ඉස්කෝලෙ යනකොට ඉතින් බස් හෝල්ට් එකේ ඉන්න කොට උදෑසන ආකාසෙ පාට වෙනස් වෙන හැටි, ඒ පාටවලින් සුන්දර වුන වලාකුළු කැරලි ම්ට පෙනෙන කොට, මං ආසවෙන් බලාගෙන හිටියා ඒ දිහා.
ඒ පාටවල් කදාසියකට ගන්න මං කොච්චර උත්සාහ කරත් පාට පෙට්ටියෙ තිබුණ පාට ඒවට ළං කරන්නවත් බෑ.
උදේට මේ ඉඳලා මේ බලනකොට එක පාරටම එළිය වැඩි වෙලා,
ඒක හරි පුදුමයි.
බස් එකට නැගලා ටික දුරක් යනකොට ඈතින් පේනවා හුන්නස්ගිරිය
(මං ගොඩක් ආස කන්දක්)
,
එතන තමා මේ පාටවල උල්පත.
ඉර හෙමින් හෙමින් පායාගෙන එනවා.
ඉස්කෝලෙට ගියාම තවත් ලස්සනයි,
ගිනි බෝලයක් වගෙ ඉර පායන හැටි පුදුම ලස්සනයි.
මම තවම දැකල නෑ ඒ වගේ ලස්සනක්.
කොහොම වුනත් දැන් නම් මේ ලස්සන මට දකින්න බෑ,
ඒ සුන්දර පසු තලයම වසාගෙන බාල තත්වයෙ අන්තර්ජාතික පාසලක් හදලා,
මං මේවා දැක්කෙ පහවසරෙදි සහ ඊට ඉහලදි,
සතුටුයි මතක් කරන්නත්.
(දැන් පහලව වසරෙ විතරනෙ මං ඉන්නෙ)
සොබාසුමිතුරු වෙන්න නම් පරිසරයට ආදරය කරන්න ඕන,
ඒකට පරිසරය රස විඳින්න, එහි අගය දැනගන්න ඕන,
ඒ සඳහා මෙය ඔබට අත්වැලක් වේවා!
(මේක ඉවර වෙන්න කිට්ටුව හරි කපුටෙක් කෑගහනව ඇසීම සතුටක්)

ඇත්තටම ඇයි දැන් කපුටන් නැත්තේ , අපේ ගෙවල් පලාතේ අනික් කුරුල්ලො නම් තාමත් සැහෙන්න ඉන්නව ඒත් කපුටො නැ
ReplyDeleteමාත් ගොඩක් අසයි මේ සුන්දරත්වය අත්විදින්න . උදේට මම රැකියාවට යනකොට ටිකක් දුර ඇවිදින් පාරට නගින්නේ . එතන හරි ලස්සනට ඉර පායන හැටි පේනවා.
ReplyDeleteඅවට පරිසරයත් ලස්සනයි. හිතේ නැවුම් පුරවාගෙන වැඩට එන්නේ..
බුවා ඉන්නකල් කපුටෝ නැතිකම ගැන මොනවට දුක් වෙනවද?
ReplyDeleteඋදේට තියෙන ලස්සන එ වගේම ඒ වේලාවට තියෙන සුවඳ හිතට ගේන්නේ පුදුමාකාර සැහැල්ලුවක් !ඒ දැනෙන සතුට වෙන කොහොමවත් ලබන්න බෑ,
ReplyDeleteNice bro !!
ReplyDeleteහරි සෝක්...
ReplyDeleteIndi: thanks akka/aia:)
ReplyDeleteඇත්තටම ලස්සනයි යාළුවා. දිගටම කරන්න.
ReplyDeleteකදිම ලිපියක් සහෝදරයා..........
ReplyDeleteජය වේවා.....!!!
මීදුමට සහ සුදු මැණිකෙ අක්කට ගොඩක් ස්තූතියි,
ReplyDeleteඔබගේ ඒ අදහස අපට ශක්තියක් :)
@ඇනෝSeptember 26, 2011 12:33 AM - ඒක තමයි නේද ??
ReplyDelete