![]() |
| Red Pierrot (Talicada nyseus) |
පොඩි කියන්නෙ පර්චස් 26ක්ද කොහෙද.
ගෙදර තඩියි.
අනික ඒක හදලා තියන විදිහ නිසා තවත් ඉඩමෙ ඉඩ අඩු වෙනවා ගස් හදන්න.
ඒත් මට ගස් හදන්නම ඕන.
මේක මට පොඩි කාලෙ ඉදලම තිබුණ ආසාවක්.
ඒත් ඉතින් ඒකට ඉඩක් හම්බුනේ අඩුවෙන්.
මොකද මට හිටවන්ට ඕන කැලෑවක් වගේ එකක්,
තඩි ගස් වවන්න මට ඕන,
ඒත් ඉතින් ගෙදරක ඔව්ව කරන්න බෑනෙ.
ඒ වගේම වෙලාවටම අපෙ ගෙදර ඉස්සරහිනුත් යනව කරන්ට් ලයින් එකක්,
ඉතින් දැන් මොකද කොරන්නෙ?
මම ඉතින් නොහිතා හිටියා.
අන්තිමට මට පොඩි අයිඩියා එකක් ආවා.
අපෙ ගෙදර තියන්නෙ පාර අයිනෙ පාරෙ ඉදලා අඩි 2ක් දෙක හමාරක් පහලින්.
ඉතිං ඇල්ලක් වගේ එකක් තියනවා එතන.
ඒ ඇල්ලෙ තියනවා වැටක්.
මට හිතුනා ඉඩ නැති මට මේකෙ ගස් හැදුවා නම් හරි කියලා.
මං ඒ පුංචි පරිසර පද්ධතියෙත් ආසාකරන දේවල් තිබුනා, මීවන ගස්, පනම් පෙත් හැදුන පුංචි ගස්.
ඉතිං මම පටන් ගත්තා මෙතන ගස් හදන්න,
ඒත් මේක සරු භූමියක් නෙවේ, වහින කාලෙට නම් පණ ගහනව ඒත්.
කමක් නෑ.
අත්තම්මලගේ ගෙදර යනගමන් ගම මැද්දෙන් වැටුන අඩි පාරේ, තිබුනා ලස්සන චූටි ගෙඩියක් හැදුන ගහක්.
මේවාගේ ටයිප් එක ගෙඩි වලට කඩ්ඩෙන් කියන්නෙ කියලා.
ඒක ගෙනත් පැල කරා.
ඒකෙන් ලැබුන පැලේ හිටෙව්වා වැටේ,
ඒක දොඩම්පනා (Glycomis pentaphylla) ගහක්.
ඊට පස්සෙ දවසක් ඉස්කෝලෙ ගියා ඉස්කෝලේ තියනව ලස්සන පරන ගස් දෙකක්,
මේව යකිනාරං විශේෂයක් (Atlantia sp),
ඒකෙ පෙනුම හරිම ලස්සනයි.
ඒකෙනුත් ඇටයක් ගෙනාවා, ඒකත් පැලවුනා,
ඒකත් ඇල්ලෙ හැදුවා,
මේවට කලින් මයෙ හිතේ මම වැටේ හිටෙව්වා කොබෝලීල ගහක් (Bauhinia variegata),
තව කොබෝලීල වල සහෝදරයා කහ පෙතන්(Bauhinia tomentosa) .
ඒ වගේම අත්තික්කා,
අත්තික්කා (Ficus racemosa) නම් ගෙනාවේ සමනළුන්ට,
![]() |
| Crow කෙනෙක් |
ඔන්න අද මම මේකට ෆොටෝගන්න ගියාම දැක්කා යකිනාරං ගහෙත් සමනල් දළඹුවෝ,
මුං Papilionidae කුලයේ එවුන් ,
ඒ කියන්නෙ ලංකාවේ ලොකුම සමනල්ලු අයිති කුලය.
මුංගේ තියනව පොඩි පරිසරයට අනුගත වෙලා හැංගීමක් (= Camouflage) ආරක්ෂාවට.
ඒ තමා පොඩි කාලේ කුරුලු වසුරු (Bird Droppings) වගේ පේන එක,
ඒ නිසා සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.
ඉතින් මට ඔයාලට පොඩි පාඩමක් දෙන්න තමා අවශ්‍යය වුනේ,
ඔන්න අහගන්න.
පරිසර පද්ධතියක් කියන්නෙ මොකද්ද?
ජීවී ඒ කියන්නෙ ශාක සතුන් සහ අජීවී පරිසරය අතර අන්තර්ක්‍රියා සිදුවන් ක්‍රියාකාරි ඒකකයක්.
පරිසරේක වැදගත්ම අජීවී කොටස් තමා පස් සහ වාතය.
ගහක් පසට සම්බන්ධ වෙලා වැඩෙනවා කියන්නෙත් අන්තර්ක්‍රියාවක් තමා.
අපි හැමෝම කියන ජෛව විවිධත්වයේ එක කොටසක් තමා මේ කියන පරිසර පද්ධති වල විවිධත්වය.
හැම තැනකම පරිසර පද්ධති තියනවා,
මල් පෝච්චියක් අරගත්තත් ඒකට් පරිසර පද්ධතියක්.
මිනිසා හදපු මහා ලොකු බිල්ඩිමක් වුනත් පස්සෙ පරිසර පද්ධතියක් වෙනවා.
පස් ටිකක් කපලා වෙන තැනකට පිරෙව්වොත් බලන්න ඒතැන් වල පරිසර පද්ධති බිහි වෙන හැටි,
පොඩි පොඩි පැලෑටි, වල්ගස්, කූඹි ගුල් ඒ තැන් වල ඇති වෙනවා.
ඒක ක්‍රියාකාරි පරිසර පද්ධතියක් වෙනවා.
ඉතින් අපිට පුළුවන් අපේ ගෙදර වත්තෙ ජෛව විවිධත්වය වැඩි කරන්න.
මේක හරිම වටින දෙයක්.
අපිට පුළුවන් හැමෝම ගනන් ගන්නෙ නැති එච්චර වැදගත් වගේ නොපෙන ගස් ටිකක් මෙහෙම ආරක්ෂා කරගන්න.
තව කියන්න අමතක වුන ගහක් තියනවා මේක අපෙ ගෙදර මල්පෝච්චියක ඉබේ පැලවුන එකක්,
ඒත් මට එකත් වටිනවා ඒක හරිම ලස්සනයි,
රතුපාට බූවක් තියනව.
අපෙ අම්මා වගේ අපිට පණ දුන්නෙ මේ පරිසරය.
ඒ නිසා අවශ්‍යයම නැත්තං පරිසරයට බලපෑම් කරන එකෙන් වලකින්න.
කරදරම නම් විතරක් ගහක අත්තක් ගලවලා දාන්න,
වැඩක් නැති වල් පැලෑටිය ගලවලා දාන්න.
මොකද අපි ඒ ගලවන ගහ, කපන අත්ත අපිට නොපෙනුනාට එතන පරිසර පද්ධතියේ වැදගත් කොටසක් වෙන්න පුළුවන්.
ඒ වගේම ඒක ගොඩක් සතුන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
තව එකක්,
මේ සමනලයා වහල ඉන්න මලත් වල් මලක්,
සුදු බලු නකුට (Stachytarpheta sp)
බලු නකුට හදපුවම සමනල්ලු ගොඩක් එනව,
එකක් හිටවල බලන්න, වැඩි ඉඩක් යන්නෙත් නෑනෙ.
තව එකක්,
මේ සමනලයා වහල ඉන්න මලත් වල් මලක්,
සුදු බලු නකුට (Stachytarpheta sp)
බලු නකුට හදපුවම සමනල්ලු ගොඩක් එනව,
එකක් හිටවල බලන්න, වැඩි ඉඩක් යන්නෙත් නෑනෙ.








shaaa shok ne math atthikka hitawanawa... :) nyz post..n good wrk....
ReplyDeleteහරිම අගෙයි. මට හිතෙනවා ඔබ නියම විද්‍යා සිසුවෙක් කියලා. හැමෝම මෙහෙම කලොත් පරිසරය මොන තරම් ලස්සන වෙයිද? ජය!
ReplyDeleteඉරේෂා අක්කා:
ReplyDeleteසමනලුන්ට ආස නම් මම තව විස්තර දෙන්නම්.
ස්තූතියි.
මොන ගහක් වුනත් (ආක්‍රමණික හැර ) හිටවන එක හොඳයි.
වෙද මහත්තයෝ:
ස්තූතියි.ඔබගේ අගයකිරීම මට සතුටක්.
විදුර:
අධ්‍යාපනයේ නම් ගොඩක් ඒවා වෙනස් වෙන්න ඕන.
ඒව ඉතින් අපිට කරන්න බෑනෙ.
මෙහෙම එකක් කොරනව ඒ නිසා.
ස්තූතියි.
මට උඹ ගැන අාඩම්බරයි
ReplyDeletewow great post.. I love your blog :)
ReplyDeleteස්තූතියි බුවෝ!
ReplyDeleteස්තූතියි කනිෂ්ක.
හරි ලස්සනයි . දැනුමත් එක්කම රසයක් එක් කරල.
ReplyDeleteproud of u saho....:)
ReplyDeleteRed Pierrot (Talicada nyseus) samanalaya podi unaata godak lassanai.hoda wadak digatama karagena yanda.
ReplyDeleteගිම්හානි අක්කා සහ සුදු මැණිකේ අක්කා
ReplyDeleteදෙන්නටම ගොඩක් ස්තූතියි.
නමක් නැති:
ඔව් මේ සමනල් කුලයේ අය අතර ලස්සන අය ඉන්නවා.