Thursday, September 1, 2011

පරිසරය රැකුනොත් අප රැකේ.. පරිසරය නැසුවොත් අප නැසේ...


ලෝකයම දරුණු අර්බුදයකට මුහුන පා ඇත....
දැන් ලෝකයේ දේශගුණික රටාව වෙනස් වී ඇත,
සොබාදහම සමඟ යුධ වැදුන මිනිසා සැමදාම පරාජයට පත් වූවත් තණ්හාවෙන් අන්ධ වූ ඔහුට එය පෙනුනේ නැත, එහෙත් දැන් ඔහුට එය ටිකින් ටික තේරුම් යමින් පවතී. 

කුසගින්න ද උණුසුම සේම වැඩි වීගෙන යයි,
වසංගත පැතිරෙයි, මිනිසා නිපදවූ දේවල්ම මිනිසාට විෂ වෙයි,
විද්‍යාවේ මහා සොයාගැනීම් වන පොලිතීන් පිළිකා කාරකයක් බව සොයාගනියි...
තණ්හාවට ගිජු වී 
සොබාදහම සමඟ 
රේස් දිවූ ඔහු දැන් හොඳටම හති වැටී ඇත..

මෙවන් අර්බුද දැන් දැන් ශ්‍රී ලංකාව තුලද හිස ඔසවමින් පවතී,
ආසනික් ප්‍රශ්නය එයින් එකක් පමණි, හිම කන්දේ මහ හරිය තවම වතුර යටය,
තව ප්‍රශ්න තොගයක් ඉදිරියට මතු වෙනු ඇත.
නුවර එළියේ වතුරේ එකදු ජලජ කෘමියෙක්වත් නැත්තේ ඇයි දැයි කිසිවෙකු නොසිතයි..
අපිද සොබාදහමට හානි වූ දේශයක ජීවත් වෙමු, එහෙත් ප්‍රමාද යැයි කියා පසුතැවීමෙන් අපිට හම්බෙන සෙතක් නැත.
අපිට කළ හැකි දේ කිරීමට කාලය එළඹ ඇත,
අපි ආයෙමත් පැරණ්නන් වෙත දුව යායුතුය,
යුරෝපයෙන් අපිට ලැබුණ කුරුවල් වූ විද්‍යාවද දැන් මාන බලන්නේ පැරණි මීමුතුන්ගේ ශ්‍රේෂ්ට මත
 "අහ් ඉස්සර කොරපු එක හරි, ඒක අපිත් විද්‍යාවෙන් ඔප්පු කොරා!!" 
කියලා වත් ලැජ්ජාව වසා ගැනීමටය..


කමක් නෑ අපි ටික ටික පැරණි ජීවිතයට යමු,
අපිට තිබුන සද්ධර්මයෙන් පෝෂිත වූ, මිනිසත්කමෙන් සුවඳවත් වූ ඉපැරණි ජීවන පන්නයට යෑමට තවම කල් මදි නැත.

කෙසේවෙතත් මේ ලිපියේ අරමුණ වන්නේ 
අපිට මහා පාරිසරික අර්බුද ඇත,
මේ පරිසර අර්බුද වලට අපි කුමක් කල යුතුද?
යන මූලික දේවල් වලට පිවිසුමක් ලබා ගැනීමය.
මෙහිදී බටහිරින් ආ වචන ද යොදා ගත්තද, හොදින් සිතා බලන කලට, මෙහි ඇත්තේ හුදෙක්ම ධර්මානුකූල දිවියක් බව ඔබට තේරුම් යනු ඇත..

No comments:

Post a Comment