Saturday, September 24, 2011

පැණි බීම Vs කුරුම්බා


පොඩි පන්ති වල අච්චු පොතක තිබුණා මතකද අගුලෙන් ගිහින්
වෑවර බොන කතාවක ගං වතුර කාලෙ.
ඒක හරි ලස්සන කතාව,
ඉතින් මේ එන්නෙ වෑවර ගැන කියන්න.
දැන ගොඩක අය පුරුදු වෙලා තියනවා මේ පැණි බීම වලට,
තිබහක් ඇති වුනාම පැණි බීම බොනවා ඉක්මනට.
ඒත් දන්නවද මේවගෙන් කොච්චර නම්
අහිතකර ප්‍රති විපාක තියනවද කියලා?




මේවගේ තියන ප්‍රධානම සංඝටකේ තමා කාබනීකෘත ජලය.
මේක කිසිම ගුණයක් තියන දෙයක් නෙවේ කාබන් ඩයොක්සයිඩ් වතුරෙ දිය කරල තමා මේක හදාගන්නෙ.
අනිත් සංඝටක ටික ඉතින් බෝතලයක් දැක්කොත් කියවල බලන්න.
සීනි, රසකාරක,පොස්පොරික් ඇසිඩ්, වගේ ඒවා තමා තියන්නෙ.

කොහොම වුනත මේවා බීවම ගොඩක් ලෙඩ රෝග වලට පාර කැපෙනවා.
දත් දිරා යනවා,
අස්ථි දුර්වල වෙනවා,
තව මේකෙ තියන කැෆේන් නිසා හෘද ස්පන්දනය අක්‍රමවත් වෙනවා,
පොස්පොරික් ඇසිඩ් නිසා
ආමාශයේ තියන අම්ල ගතිය අඩුවෙන නිසා ආහාර ජීර්ණයට බාධා වෙනවා
(දුබල ආම්ලික එකකින් අම්ල ගතිය අඩු වෙන්නෙ කොහොමද කියලා ආර්ට් කොමස් කරපු අය සයන්ස් කරපු කෙනෙක්ගෙන් අහගන්න)
ඒත් අපි ආදරෙයි කියන කට්ටිය ධන තණ්හාවට කියනව කෝක් නැතුව කෑම එපා කියලා.
තව දෙයක් මේව එන ප්ලාස්ටික් බෝතලේ නිසා පරිසර හානිය වෙනවා වගේම මේවගෙ වතුර දාගෙන ආපහු ආපහු පාවිච්චි කරාමත් ලෙඩ හැදෙනවා. 


මං මේ උදාහරණ දැම්මේ ඔයාලට වැඩියෙන් දැනෙන්න,
තව ගොඩක් කතන්දර තියනවා මේවට අදාල.
මේ ටික ගත්තෙ මෙතනින් සහ විකිපීඩියාවෙන්.


එපා කියනවා වගෙම මේවට ආදේශක දෙන්නත් එපායෙ,
ආදේශක තමා මේ තියන්නෙ,
කුරුම්බා, තැඹිලි, කොළකැඳ, රණවරා, වගේ දේවල්,
ඒ වගේම කිරිත් හොඳයි,
කිරි වලත් තාම හොඳ තත්වේ තියන එක තමා හයිලන්ඩ් එක (ඒත් පැකට් එක එච්චර රස නෑ,ඒකෙ ස්ට්‍රෝබෙරි එක රසයි )
කොත්මලෙත් හොඳයි,
කොහොම වුනත් මේ පැකට් වලින් පරිසර දූෂණේ වෙන නිසා වීදුරු බෝතලේ තියන හයිලන්ඩ් කිරි එක හොඳයි.


කොහොම වුනත් අපෙ රටේ දැන් තියන තත්වෙ හැටියට පොල්ගස්, තැඹිලි ගස් අඩුයිනෙ.
පොලුත් රටින් ගෙනාවනෙ.
ඒ වගෙම දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට අතු නැති ගස් නගින්ට බෑ (කියන්න දුකයි මාත් ඒ ගොඩේ)
ඒ නිසා කුරුම්බයක්වත් කඩන්න කවුරුත් නෑ, හිටියත් ගාන වැඩියි.
කොහොම වුනත් මේ මුදලාලි කීවේ මේවා හොඳට විකිණෙනවා කියලා.
ඒත් ඉතින් කඩපු කුරුම්බෙවත් බටයක් නැතුව බොන්ට බැරි අයත් ඉන්න නිසා මුදලාලි බට ටිකකුත් තියන් හිටියා,


ෆොටෝ එක හොඳට බැලුවොත් පෙනෙයි එල්ලල තියන මල්ල බිත්තියේ,
ඒත් ඉතින් ඒකත් සාධාරණයි,
ඇඟේ ඉහිරුනොත්.

8 comments:

  1. කලින් ලියපු එක ගැන කියපු දේමයි මට නම් කියන්න තියෙන්නෙ . තැඹිලි ගෙඩියෙ ආතල් එක කෝක් වල නැ .කෝක් වල ආතල් එක තැඹිලි වල නැ . ඇඟට අගුණ උනත් අදකාලේ බීම එකක් නොබීම ඉන්නත් බැ .ඉඳල හිටල කෝක් එකක් ගැහුවත් මම වඩාත්ම කැමති පලතුරු බීම වලට . නියම රහයි , ඇඟටත් ගුණයි . ඒත් පලතුරු බීම එකක් දැන් රු 80න් එහා පැත්තෙනේ , ඒ තිබහක් ඇතිවුන වෙලාවකට ආසාවකටවත් බොන්න ලෝභයි

    ReplyDelete
  2. මානම් කෘතීම බීම කිසිවක් බොන්නේ නෑ. ගෙදෙරම වවපු නාරං
    හෝ තැඹිලි, කුරුම්බා ගෙඩියක් තමයි බොන්නේ. ඔබ කියා තියන කරුණු සත්යයි. කාර්යලවලත් සමහර අය කෝක් නිතරම පානය කරනවා. මමනම් ආසම නෑ. උගුරට එනවා..

    ReplyDelete
  3. උඩ පින්තුරෙ ඉන්න වෙළෙන්ද නම් පරිසරය ගැන සැලකිලිමත් කෙනෙක්

    ReplyDelete
  4. මචන්, උඹ මේ කරන වඩේ සුපිරි! දිගටම ලියපන්. අන්තර්ජාලයේ සිංහලයෙන් දැනුම සොයන්නන්ට මේ ලිපි පෙළ සෑහෙන ප්‍රයෝජනවත් වේවි. ජය වේවා!

    ReplyDelete
  5. ඔය වගේම තමයි සුලු පරිමානයෙන් පලතුරු බීම නිෂ්පාදනය කරන අය කඩවල්වලින් එකතු කරගෙන යන ‍වීදුරු බෝතල් හරියාකාරව පිරිසිදු කරන්නෙ නැතිම ඒවට ආයෙ බීම පුරවන එක. එතකොට බීම එක කොච්චර පිරිසිදුව හැදුවත් බෝතලේ තියෙන විෂබීජ නිසා බීම එක මාරාන්තික වෙන්න පුලුවන්.

    ReplyDelete
  6. කෘතිම දේවල් බොනවට වඩා තැඹිලි පළතුරු යුශ වගේ දේවල් බොන්න උනන්දුවෙනව නම් හොදයි.

    ReplyDelete
  7. සරත් ගුණතුංග වෛද්‍යයතුමා:
    බොහොම ස්තූතියි මේ වගේ වටිනා දෙයක් හොයල කීවට.
    මම මේ ගැන හොයන්න බලන්නම්.
    ඒ ගුරුවරයාට මාගේද ගෞරවණීය ප්‍රණාමය.
    මේ දේ අලුතින් කියන්න ඔබතුමත් උත්සාහ කරන්න.

    නදී:
    බොහොම ස්තූතියි, අපි ඒක මිනිසුන්ට කියමු.

    ReplyDelete
  8. Observer අයියා:
    මේ වෙලෙන්දා කීවා දැන් කුණු නිකරුනේ දාන්න බැරි නිසා කරදරයි කියලා.
    කොහොම වුනත් එයාගෙ සේවය වටිනවා.

    විසිතුරු මචං:
    ගොඩක් ස්තූතියි පුළුවන් තරම් කල් ලියනවා.

    Praසන්ன அன்னா:
    ஓம் அன்த சரியா.
    மிச்சம் நன்ரி அன்னா.
    ඒත් දැන් ඒවගේ දේවල් සිද්ද වෙන එක අඩු එක සතුටට කරුණක්.
    ස්තූතියි.

    ReplyDelete