Monday, September 26, 2011
හොඳ නම් රැල්ලෙ ගියත් මොකද?
අපි එදිනදා ජීවිතයේදී ගොඩක් දේවල් භාවිතා කරනවා.
ඇඳුම් පැළදුම්, යාන වාහන, ඇඳ පුටු වගේ නොයෙකුත් දේවල්.
අපි මේ හැමදෙයක්ම අවශ්‍යය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන්න බලන්න ඕන.
පරිසරයට යම් හානියක් වෙන දෙයක් නම් අපි ඒක පාවිච්චි කරන එක අඩු කරන්න ඕන පුළුවන් තරම්.
ඒකට විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන්.
අපි බලමු උදාහරණ ටිකක්.
ඔයාට යන්න ඕන වෙනව ගෙදර ඉඳන් බස් හෝල්ට් එකක් දුරින් තියන කඩේකට.
ඉතින් ඔයාට පුළුවන් ඒකට බස් එකේ යන්න.
ඒත් හදිසියක් නැත්නම් ඔයාට පුළුවන් පයින් යන්න.
එහෙමත් නැත්තන් පාපැදියක යන්න.
ඒත් ගොඩක් හදිසි වෙලාවක නම්, ඔයාට පුළුවන් හෙලිකොප්ටරේක හරි ගිහින් වැඩේ කරගන්න.
මෙතනදි ඔයාලා දක්ෂ වෙන්ට ඕන ඒ ඒ අවස්ථාවට අනුව ගැලපෙන දේ කරන්න.
ගම් වගේ පළාතක නම් පයින් යන එක සනීපදායක දෙයක් ඒත් නගරයක දූවිලි වැඩි කොටසක යනව නම් මේ දේ අමාරුවෙන් කරන්න යන්න එපා.
ඒ වගේම අපිට පුළුවන් ගොඩනැගිල්ලක ඉහලට යනකොට විදුලි සෝපානයේ යන එක අඩු කරලා,
පඩිපෙළෙන් යන්න.
අපිට පොලිතීන් මළු දෙකකින් කරන වැඩේ එකකින් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනව,
ඊටත් වඩා වටිනව ඒ දෙයම පං මලකින් කරගන්න පුළුවන් නම්.
අපි පං මල්ලක් ගත්තොත් ඒක පරිසරයටත් හිතකරයි,
ඒ නිර්මාණ කරන අහිංසක මිනිස්සුන්ටත් හිතකරයි.
ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් මිනිස්සු අතරෙ රැල්ලක් ඇති කරන්න.
මේක එච්චර අමාරු දෙයක් නෙවේ,
එක්කනෙක්ට පුළුවන් තවත් එක්කනෙක් මේ රැල්ලට එකතු කරන්න.
මේ වගේ දේවල් කිරීමෙන් අපි නොදැනුවත්වම සොබා සුමිතුරෝ වෙනවා.
ඒ වගේම මේවගේ සතුටුදායක අතුරුවිපාක හැටියට
අපේ සෞක්‍යයත් ආරක්ෂා වෙනවා.
දවස තිස්සෙ පිටි මුට්ටෙ වගේ මේසයක් ගාව ඉඳගෙන ඉන්න කෙනා පඩිපෙළේ යෑමෙන් හරි ව්‍යයාමයක් ලබාගන්නවා.
ඉතින් ඒ ඒ තැනට ගැලපෙන විදිහට නුවණ මෙහෙයවාගන්න මේ කියපු දේවල් උපකාර වේවි කියලා මං හිතනවා.
කියවවුවට ඔයාට ස්තූතියි.
පින්තූරයේ කතාව:
මේ කඩේ තියන්නෙ නුවර ඔරලෝසු කණුව පැත්තෙ ඉඳන් ගුඩ්ෂෙඩ් එක පැත්තට යන පාර අයිනෙ.
මේ වගේ කඩ දෙකක් තියනවා.
ඒකෙන් ගුඩ්ෂෙඩ් එක පැත්තට වෙන්ට තියන කඩේ මේක.
මේතන ගොඩක් මේ වගේ ඒවා තියනවා.
මම ළඟදි දැක්කා පොල්කටු වලින් හදපු පර්ස් එකක්.
ඒකෙ ලස්සනට හෙලො කිටී කියන ලාංඡනේ ගහල තිබුනා
(යන්ත්‍රානුසාරෙන් මයෙ හිතේ ).
ඉතින් මට තේරුනේ මේකයි.
ව්‍යාපාරිකයෙක් වුනත් හොඳට හිතල බලල අළුත් දෙයක් කරනව නම්, අළුත් නිර්මානයක් කරනව නම් දියුනු වෙන්න අමාරු නෑ.
සමහර විට ඒ පිටරටින් ගෙනාපු පර්ස් එකත් එහෙම පොඩි ව්‍යාපාරිකයෙක් පොඩිවට පටන් ගත් එකක් වෙන්න ඇති.
තවදෙයක් අපතේ යන පොල්කටුවෙන් වගේම වෙනත් දේවලිනුත් පරිසර හිතකාමි දෙයක් කරන්න පුළුවන්.
උදාහරණෙකට මට මතකයි කාලයක් මේ පැත්තෙ කොල්ලො පරණ ඩෙනිම් අරගෙන බෑග් මැහුව.
මගෙ යාළුවෙක් ගාව තාම තියනව එකක්,
පුළුවන් වුනොත් මං ෆොටෝ එකක් දාන්නම්.
කවුරුත් හිතන් නෑ ඒක එයා හදපු එකක් කියලා.
සුරේකා සුරේකා හම්බුනා හම්බුනා ඒත් මල්ලම නෙවේ ඒකෙ කෑල්ලක්.
Subscribe to:
Post Comments (Atom)


ඒක තමා බුවා අයියා
ReplyDeleteඒත් දැන් කැම්පස් එක අස්සෙ යන්නත් මෝටර් බයික් පාවිච්චි කරනවා,
එයිට වඩා හොඳයි මෙහෙම එකක්.
මොකද කැම්පස් එකේ (පේරා) වගේ ඕක කරන්න පුළුවන්නෙ.
මට දැන් බයිසිකලයක් නෑ,
ඉස්සර තිබුණා ඒත් යන්න තැනක් තිබුන් නෑ,
මෙහෙ කඳු වැඩිනෙ.
පහතරට කලාපෙට මේක හොඳයි.
ස්තූතියි.
ඔබේ පරිසර හිතකාමී අදහස් වලට ස්තුතියි.අතරමග නවතින්නේ නැතිව දිගටම ලියන්න.නුවර කොල්ලෙක්නේ, කොහෙද සහෝදරයා පාසල් ගියේ?
ReplyDeleteAnonymous:
ReplyDeleteස්තූතියි, දිගටම ලියන්න බලනවා.
ඉස්කෝල නම් 4කට විතර ගියා :)