Saturday, September 24, 2011

රෙදි බෑග් කතාව - 2 සහ අපෙ අත්තම්මා
































රෙදි බෑග් කතාව ලියනකොට මං ඒකෙ අග කීවනෙ රෙදි බෑග් එකක් දාගත්තු කෙල්ලෙක්ගෙ ඡායාරූපයක් ඕන කියලා,
ඒත් ඉතින් එකෙ කෙල්ලෙක්වත් එහෙම එකක් දෙන්න කැමති වුනේ නෑ,
සමහරු දෙන්නම් කියලා කීවා ඒත් දුන්නේ නෑ,
මං ඉතින් කීවා සමහරුන්ට නම් අනේ නිකන් බොරු කතා කියන්න එපා කියල.
(සමහර කෙල්ලො මාත් එක්ක මේ ෆොටෝ එක ගන්න ආකාරය ගැන සාකඡ්චා කරා )
කොහොම වුනත් මං අද පාරේ යනකොට රෙදි බෑග් විකුණන මුදලාලි මහත්තයෙක් හම්බුනා.
මං එකක් අරන් පස්සෙ තව එකක් ගත්ත.
එකසිය පනහයි (150/=).
ඉන්නෙ නුවර ටොරින්ටන් එක ගාව, රෙදි සේල් තියන තැන,
වැඩිය සුකුරුත්තම් නම් නෑ,
ශිප් එක දාපු එක රුපියල් දෙසීයයි(200/=).
සම්පූර්ණෙන්ම කපු.
ඔන්න අද හෙට නුවර යනව නම් එකක් ගන්න.
මෙහෙම එකක් දැක්ක කියලත් කියන්න.
කෙල්ලෙක් ඉන්නව නම් රෙදි බෑග් එකක් අරන් දෙන්න.
කොල්ලෙක් ඉන්නව නම් කොල්ලට කියන්න මේකක් ඕනමයි කියලා..
අන්තිමට මං ගෙදර ඇවිල්ල අපෙ අත්තම්මත් එක්ක රෙදි බෑග් එකේ ෆොටෝ එකක් ගත්ත.
බලන්න ලස්සනද කියලා...


4 comments:

  1. ශෝක් පින්තූර ටික ගොඩෝනියා.
    රෙදි බෑග් හොඳ උත්සාහයක්. මමත් පුළුවන් වෙලාවල් වලට පාවිච්චි කරනවා. අපේ අම්මට හොඳට බෑග් මහන්න පුළුවන්. පොඩි අවුලකට තියෙන්නේ හදිසියෙ හරි වැස්සොත් තමයි.
    ආත්තම්මා නම් හරි හැඩයි බෑග් එක දාගත්තාම

    ReplyDelete
  2. බොහොම ස්තූතියි රූ,
    අත්තම්ම නම් ලස්සනයි තමා,
    ඉස්සර තවත් ලස්සනයි,
    මට තියන අවුල නම් අපෙ අම්මට හොඳට මහන්න බැරි වීම ඔයාට බැරිද මටත් එකක් මහල එවන්න?
    මට එකක් තිබ්බ 2006 විතර මහපු ඒක තාම තියනවා, ඒත් ඒක පොඩියි ඒ නිසා මදි.

    ReplyDelete
  3. :D :D :D heehehehee nuwara giyama me wage bag 1k ganna oniii

    ReplyDelete
  4. ha haa ganna ikmanta,
    matath kiyak hari denna ganna kiwata...

    ReplyDelete