Wednesday, February 22, 2012
වැඩ දැමූ සුදු සාරිය ...
ඇය කිසිදිනක මෙවන් ලස්සන සාරියක් ඇඳ නැත.
ඇයට මහත් සතුටක් දැණිනි සුදු සාරියේ සියුම් ලෙස වැඩ දමා ඇත්තේ චාම් විදිහට වූවත් එය සුන්දරය.
හැට්ටයද පිළිවලය,
කොණ්ඩය හොඳින් පීරා කටු ගසා ඇත.
ඇය තරුණ කාලයේවත් මේතරම් හොඳට ඇඳ පැළඳ සිටි දවසක් මතක නැත.
ඇය වන් වැඩකාර ගෑණියකට මෙවන් සාරියක් අඳින්න ලැබේයැයි ඈ හීනෙන් වත් හිතන්නට නැතුව ඇත.
මැණිකා උපන්නේ වලව්වේ වත්ත පහල තිබුන කුඩා පැලෙහිය.
ඒ නිසා උපන්දා සිට ඇගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතකර ඇත්තේ මෙහිය.
එසේ වුවද ඇයට ගමේ සමවයස් ගැහැණුන් සමඟ ආඩම්බරයෙන් කීමට තරම් ගමන් ප්‍රමානයක් ඇය ගොස් සිටියේ වලව්වෙ හාමුලාට පින් සිද්ද වෙන්ටය.
ප්‍රවේණි දාසයන් ලෙස වලව්වේ සිටි මෙහෙකරුවන් වූ ඇගේ මවු පියන්ගේ අඩි පාරේම යෑමට ඇයට සිදු විය,
මේ නිසා ඇයට කුඩා කල සිටම වලව්වේ කුස්සියේ වැඩ වලට උදව් කරන්නට සිදු විය.
ඇයට දුක් තිබුනද වලව්වෙන් කෑම බීම ලැබුනි.
සමහර විට කඩෙන් ගෙනා රස කෑම වලද කොට ලැබිනි.
ඒ නිසා ඇයට තරමක් සැපවත් ජීවිතයක් කුඩාකල තිබිනි.
එහෙත් ඇගේ මව සහ පියා රෑට ගෙදර ආ විට ඔවුන්ගේ රිදුම් දෙන දෑත් දෙපා පිරිමැඳීමට ඇයට සිදු විය.
කාලය ගතවී ගියේය,
ඇයගේ තරුණ වයස එළඹිනි.
එවිට ඇගේ මවු පියන් ඒ තරම් මහන්සි වී ගෙදර එන්නට හේතුව ඇයට තේරුම් ගියේය.
ඔවුන් සිටියේ වලව්වක වුව, කෑම බීම ලැබුනා වුව,
ඔවුන්ගේ ජීවිත සර්කස් එකක සිටින සතුන්ගේ මෙන් විය.
ඒවා කිසිදාක නිවහල් ඒවා වූයේ නැත.
වලව්වේ නිවැසියන්ගෙන් සමහරු ටිකක් හොඳ වුවත්,
අවස්ථාව ආ විට ඔවුන්ගේ මාන්නක්කාර ලේ පෙරට එයි.
එවිට තමා කවුදැයි ඇයට හොඳින් තේරුම් යයි.
ඇය කුඩා කල දවසක් ලොකු හාමුලා නැති දිනක පොඩි හාමුගේ කාමරය අසලින් යන විට,
ඇයට අමුතු ශබ්දයක් ඇසී එබී බැලූ විට කුස්සියේ වැඩ කළ ළසඳා අක්කා සහ පොඩි හාමු මොනවාදො කරනවා පෙණෛනි.
ඇයට එය තේරුම් ගියේ නැත,
එහෙත් ටික කලකට පසු ළසඳා අක්කට බැන වැදී වලව්වෙන් එළවා දමනු ඇය දැක්කේය.
"ඇයි අම්මේ ළසඳා අක්කව එළවල දැම්මෙ?"
"ඒකි මහ විසේකාර එකියක් දුවේ ඒකයි"
වලව්වට කඹුරා කල්ගත වෙන විට එවන් හීන වූ කොන්ද බිඳ දමන තත්වයකට පත්වෙන බව ඇයට තේරුනේ ඈ ලොකු වුන ඒටය.
එහෙත් වයසක මැණිකාද එවන් තත්වයට ඇද වැටුනේ නිරායාසයෙන්මය.
පොඩි හාමුගේ කාමරයට ඇයටද යෑමට සිදු විය.
එහෙත් ටික කලකින් ඔහු සිය පවුල සමඟම ඒරොප්පෙට ගිය බැවින් ඇයට ළසඳා මෙන් වලව්ව හැර යෑමට සිදු නොවිනි.
කෙසේ වුවත් වත්තේ පොල් කඩන්නට ආ පියදාසගේ පුතා සමඟ ඇයට විවාහ වෙන්නට සිදු විය.
මේ සියල්ල සිදු වී දැන් බොහෝ කල් වෙයි.
එහෙත් දැන් ඒ අතීතය ගැන සිතන විට ඇයට විශේෂ හැඟීමක් නොදැනේ.
ඒත් පන්සලේ හාමුදුරුවෝ කියන පරිදි නැවත් ඉපදෙනවා නම් මේ වලව්වෙම වැඩට එන්ට වේවිදැයි ඇයට බියක් ඇත.
ඒ නිසා අවුරුදු පනස් හයේදී වලව්වෙන් ලැබුන සිල් ගැනීමේ නිදහස නිසා,
හැම පෝයටම සිල් ගැනීමෙන් පසු මේ වලව්වෙ නම් ආය ඉපදෙන්න නොලැබේවා යැයි පතයි.
එදා ඇයට පොඩි හාමු ඉස්සර සිටි කාමරයෙන් හුරු පුරුදු කෙඳිරිලක් ඇසුණි.
දැන් ඒ කාමරයේ සිටින්නේ පොඩි හාමුගේ පුතාය.
ඔහු මේ දින වල නිවාඩුවට ලංකාවට ඇවිත් සිටි.
හාමු ඇයව දැක්කේය, ඔහු සමඟ කුස්සියේ අලුත් වැඩකාර කෙල්ල සිටියාය.
"උඹ මේව කාට හරි කියල තිබුනොත් එහෙම!!!
නාකි ගෑණි"
ඔහු ඇයව තල්ලු කර දැම්මේය.
වයස්ගත ඇගේ ශරීරය වාරු නැතිව ඇද වැටිනි.
ඇය ඈ දෙසම බලන විට ඇගේ සුදු මේස් දැමූ අත් උඩ සුදු පාට මල් කළඹක් පෙණිනි.
ඇයට ඒ මල් වර්ගය මතක් විය,
පොඩි හාමු ඉස්සල්ලාම කාමරයට එන්න කීවේ ඒ මල් බලන්නය.
ඊට පසු නොයෙක් වර ඇයට කාමරයට යෑමට සිදු විය.
"පව් හොඳ ගෑණි,ලිස්සල වැටිල,"
කවුදෝ කියනව ඇයට ඇසිණි.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com
Subscribe to:
Post Comments (Atom)
මට සුදු සාරියේ කතාව කියද්දීම හිතුණා මළගෙයක් තමා කියලා... හැබැයි කොහෙවත් කියල නෑ... වලව්වෙ හාමුලාගේ අතින් අපයෝජනය වීම හරිම සුලභයි නේද? අහිංසක ජීවිත.......
ReplyDeleteඑහෙමද?
Deleteඑහෙම පේන නිසා මං ටයිටල් එක මාරු කරා,
නැත්තං වැඩක් නෑනෙ :)
ඔව් ඉස්සර මේ දේවල් හරිම සුලබයි නේද?
ස්තූතියි ශානි අක්කෙ.
හරිම සංවේදී කථාවක් . මේ වගේ කතා කොපමණ ඇද්ද ඔය වලව් අස්සේ සැඟවිලා .
ReplyDeleteඔව් ගිම්හානි අක්කෙ,
Deleteඅනන්තවත් ඇති,
දැන් නම් මට හිතෙන්නෙ මේ දේවල් වෙනව අඩු ඇති.
ස්තූතියි.
ලේබල් එක බොළඳ වැඩ කියලා දැම්මට කතාව නම් ලස්සනයි..
ReplyDeleteස්තූතියි රූ අක්කෙ...
Deleteබොළඳයි කියල දැම්මෙ මේ කතා ගැන.
මේවා ඉතින් සල්ලි තියන තැන්වල සිද්ධ වෙන ඒවා මිසක් වලව්වලට දොස් කියලා වැඩක් නෑ. කොළඹ ලොකු පවුල්වලත් මේ වගේ කතා සිද්ධවෙනවා මම අහලා තියනවා.
ReplyDeleteකතාව ලස්සනයි. හද සසල කරනවා. අර පින්තූරේ ඉන්නේ කවුද?
පින්තූරෙ ඉන්නෙ කවුද කියල නම් දන්නෙ නෑ,
Deleteනෙට් එකෙන් හොයාගත්තෙ,
ඔව් මේ දේවල් වලව් වල විතරක් වුන ඒවා නෙවේ.
ඒත් වලව් වල මේවා වුනා කිය්න එක ප්‍රසිද්ධ දෙයක්.
ඒත් ඉතිං මම නම් වලව් වලට දොස් කියන්නෙ නෑ.
ස්තූතියි වලව්වෙ පොඩි කුමාරිහාමි.
කැබිරිල්ලක තරම
ReplyDeleteඒකනෙ කියන්නෙ ජීනියස් :)
Deleteස්තූතියි ආවට.
මේවත් ලියනවද.. සංවෙදී බව දැනෙන්න ලියලා තියෙනවා.. බොහොම අගෙයි...
ReplyDeleteස්තූතියි මාතලන් මාමෙ :)
Deleteනිකමට ලිව්වා :)
ඒ කාලේ ඔය වලව් වල ඔය සීන් එමටයි ලු නේද....
ReplyDeleteඔව් ඔව් බලේ පාවිච්චි කරල වැඩ කරගන්න ඇති.
Deleteවලව් කාරයොනෙ.
වලව්වක පලහිලව්ව...
ReplyDeleteඅහන්ට අකමැති ඒත් සිදු වුණු අදටත් සමහර තැන් වල සිදුවෙන දෙයක්...
ReplyDeleteකාටත්, දැනෙන්ට ලියල තියෙනව.
ඒ පාර කතා ලියන්නත් පටන් අරගෙන, වෙනසකටත් එක්ක හොඳයි :)
ReplyDeleteකතාව ලියල තියෙන විදිහත් හොඳයි....