Tuesday, September 27, 2011

අත්දැකීමෙන් කියන්නෙ.....



අනේ ඇත්තට මං වගේ පොරක්.
මටත් හිතාගන්න බෑ මං ගැන.
වෙලාවකට මං ගැනම දුකයි ඇයි මං මෙහෙම ඉන්නෙ කියලා.


කොහොම වුනත් මට පේන හැටියට මට මේ වැඩේ තව කොච්චරකල් කරන්ට හම්බෙයිද දන්නෙ නෑ.
කරපු ටික කාලෙ ගැන සෑහෙන තෘප්තිමත් වෙනවා.
ඒකට ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි,
ඒ කාලෙ ඇතුලත අපි කොයිතරම් නම් දේවල් කරනවද?
පොඩිම කාලෙ කෝම්පිට්ටුවක් හදලා ෆුල් ආතල් එකේ හිටියට පස්සෙ ඒක මදි වුනාම,
සෙල්ලම් ගෙවල් හදන්නෙ අපිමයි.
ඊට පස්සෙ එක එක දේවල් කරනවා අපේ මේ නොනවතින අතෘප්තිකර හැඟීම තෘප්තියෙන් පුරවන්න.
මෙව්ව කියල වැඩක් නෑනෙ,
ඔයාල ආවෙ මේව කියවන්න නෙවේනෙ.
හ්ම්ම්...



අද මම ගස් හදන්න ගියා ඉස්කෝලෙ,
ඒක හොඳ අත්දැකීමක්.


ගහක් හදනවා කියන්නෙ කොච්චර වටින දෙයක්ද කියලා මේකෙන් කියවන්න.
ඉතින් මට අවශ්‍යය වුනේ ඔයාලටත් ගස් ටිකක් හදන්න කියන්න.
මේ වගේ දේවල් වලට ගියාම සමාජෙ ගැටෙන්න වෙනවා,
මොකද අපිට වෙලාවකට කතාකරල උදවුවක් ඉල්ලගන්න වෙන්න පුළුවන් කිසිදා නොදැකපු කෙනෙක්ගෙන්.
දෙයක් කියන්න වෙන්න පුළුවන් කිසිදා නොදැකපු කෙනෙක්ට.

අපිට මේ දේවල් වැදගත් වෙනවා පරිසරයට ආදරේ කරන කෙනෙක් විදිහට.
මොකද පරිසරයට හානි වෙනවා නම් හරි,
යම් කෙනෙක්ට හානි වෙනවා නම් හරි අපිට පුළුවන් වෙන්න ඕන ඒක ඒ පුද්ගලයට කියන්න.


උදා: 
මෙහෙම ගහක කවුරු හරි කොට කොට ඉන්නව නම් ඒ මනුස්සයව නවත්තන්ට අපිට පුළුවන් වෙන්න ඕන.
නැත්තං අපි ඒවට කටවහගෙන ඉන්ට ඉන්ට ඒ දේවල් වැඩි වෙන එකමයි වෙන්නෙ.
මං වුනත් මේ දේවල් තවම පුරුදු වෙන කෙනෙක්,වැඩේ අමාරුයි..
උත්සාහ කරලා බලන්න.
මිනිස්සු හැමෝම එක වගේ නෑ,
සමහරු අහයි,
සමහරු අහන්න්නෙ නැති වෙයි.
ඒත් උත්සහ කරන්න.
ඒත් තෙරෙනව නම් කෙනෙක්ට කොච්චර කීවත් වැඩක් නෑ කියලා.
අතෑරලා දාන්න.
ඒකෙන් උකටලී වෙන්ට එපා.
එක්කනෙක් වෙනස් කරන්න පුළුවන් නම්,
ඒකම ලොකු දෙයක්, ලොකු සතුටක්.
අත්දැකීමෙන් කියන්නෙ.


28th Sept: ඊයෙයි අදයි මං ගොඩක් සතුටින් හිටියේ,
ඒ ගස් හදපු නිසා, ඒ අතර ලබපු අත්දැකීමුත් ගොඩක් ලස්සනයි.
මේ ෆොටෝ බලන්න.





4 comments:

  1. gas hadanawa wagema ewa balaganna ekath wedagath. Lankawe methek kal hitawapu okkoma gas hariyata balagaththa nam me weddi mulu lankawama sinharajaya wage wenna one. Eth godak aya e wagakima amathaka karanawa. Gordonia ge pela walata e iranama ath nowewa kiyala prarthana karanawa !

    ReplyDelete
  2. Nawarathna:
    eka nam siraa kathaawa,
    podi ewun tikak nam path kora gas balaaganna,
    un eka hariyata karanawada balanna yanna ona ithin.
    gihin butter paarak gaala enawa.
    swaminwahanse saha Agri madam th kiwa balannam kiyalaa.
    thanks.

    ReplyDelete
  3. ගස් හිටවීම හැමෝටම හරියන්නේ නැහැ . ඔන්න බලන්න අපේ ගෙදර අම්මයි අය්යයි මල්ලියි පැළයක් හිටෙව්වොත් ගලක් උඩ හ‍රි ඒක හැදෙනවා . මගේ අත් ගුනේ නම් අන්තිමයි. හැබැයි මම පැල ගිහින් දෙනවා . අපේ නැන්දම්මත් ගස් හිටවන්න පුදුම ආස කෙනෙක් . හැබැයි පැල ගෙනල්ලා ඒ පැල වලට සෑහෙන පරිවාස කාලයක් වතුර බාල්දියකට වෙලා ඉන්න වෙනවා ස්ථිර වාසස්ථානයක් හම්බ වෙනකම් .

    ReplyDelete
  4. පලමු නවම් පෙරහරට, බේරේ වැව වටා ප්‍රතම ගස් සිටුවීමට මා සහභාගී වී තිබෙනවා උසස් පෙල පාසල් ශිෂ්යයෝ හැටියට, මට හරි සතුටුයි ඒ ගස් දැන් මහ ගස්.

    ReplyDelete