Wednesday, September 28, 2011

ජාදුවක් කළ දුකක්...


මට තිබුණ ෆෝන් එක පරණයි.
ඉතින් මට අළුත් එකක් ගන්ට ඕන වුනා.
තව ඕන වුනා ඩුවල් සිම් එකක් ගන්න, වෙන අනං මනං ඕන නෑ.


ඉතින් පටන් ගත්තා හොයන්ට,
චීන එව්වා නම් කොමත් අතෑරියා,
අන්තිමට ඉතුරු වුනේ සැම්සුන්ග්, නොකියා,
මේ දෙකෙනුත් මං කැමති වැඩියෙන් නොකියා.
ඉති බලපුවාම ඩුවල් සිම් ෆෝන් තුනක් තියනවා.
මං තීරණය කොරා ගණං අඩුම එක ගන්න.
ගාණ රුපියල් 5330.
ඒත් පස්සෙ මං හොයාන හොයාන යනකොට හම්බුනා SAR කියලා එකක්.


මොකද්ද මේ  කියන්නෙ?


මේක ගැන මම දැක්කෙ තවත් බ්ලොග් එකක මගෙ මතකෙ හැටියට.
ඊට පස්සෙ මමත් හෙවුවා මේ ගැන.
ඔන්න ඉතින් හොයනකොට පෙණුනා මේ අඩු ෆෝන් හොයාගන අමාරුයි කියලා.
මේකට හේතු තමා
1.ගොඩක් ඒවා පරණ මාදිලි හොයාගන්න නෑ
2.එක්කො ඒ ෆෝන් ගනන්
3.එක්කො ලංකාවෙ නෑ


ඒ වගේම අර බලපු ෆෝන් එකේ බලපුවම තවත් ඔළුව අවුල් වුනා.
මඤ්ඤං වෙන තත්වෙට පත් වුනා.
මොකද ඒකෙ තියනව දාහක් ප්‍රශ්න,
බැට්‍රි ඉක්මන්ට බහිනවලු, සිග්නල් අඩුයිලු.
වැඩේ දවස්  ගානක් කල් ගියා.
අන්තිමට අද වෙනකොට ෆෝන් එකක් ගන්ටම වෙන තත්වෙට ආව.
ඉතින් අන්තිම වතාවට රිවීව් බලනකොට කියවන්න හම්බුනා මේ ඩුව සිම් ෆෝන් වලින් වැඩියෙන් රේඩියෙෂන් බලපෑම තියනව කියලා.
බොලේ හැබෑට ඇත්තනෙ ජාල දෙකකට සෙට් වෙනකොට එකකට වඩා වැඩිනෙ.
කොහොමිං හරි අදත් ඇවිදල ඇවිදලා
බැරිම තැන ඕන මගුලක් වෙන්ට කියල ගත්ත 2800 පොඩිම ෆෝන් එකක්.
කැඩුණ ෆෝන් එක හදලා අනික් සිම් එක දානව.




ඉතින් කියන්න ඕන වුනේ අපිත් මේ පරිසරයේ වැදගත් පුරුක්.
අකාලේ නහින්න බෑ,
(ඒත් මොනව කරත් ෆෝන් නිසා වත්මන් පරපුර වැඩිපුර ලෙඩ වෙනව වෙනවමයි )
ඒ නිසා අඩුවෙන් ෆෝන් පාවිච්චි කරන්න බලන්න,


  • කෝල් වලට වඩා ටෙක්ස්ට් යවන එකත් ඇඟට ගුණයි.
  • සිග්නල් අඩු තැන් වලට වඩා වැඩි තැන් හොඳයි
  • SAR අඩු ෆෝන් ගන්න එක හොඳයි
  • ලැන්ඩ් ෆෝන් බාවිතය වඩා හොඳයි (ඒත් ඉතින් මල් කඩන්න, මැසේජ් යවන්න මෙක අවුල්)
  • කෙලින්ම කනේ ගහගෙන ඉන්නෙ නැතුව හෑන්ඩ් ෆ්‍රී එකක් බාවිතා කොරනව නම් හොඳයි.
  • මේ වගේ ඒවා ගොඩක් තියනවා.


මං මේ ටික දැන් ගත්තෙ මෙතනින්.
පොඩ්ඩක් හොයල බලන්න තව.
මෙන්න හිංගලෙන්ම වීඩියෝ එකක්

තව කියන්න දෙයක් තියනවා
මේ ෆෝන් බැටරි ඩයලොග් එකට ගන්නවා,
ප්‍රතිචක්‍රීකරණෙට,
පුළුවන් නම් මේ වගේ  Eකුණු (Electronic Waste) ඒ වගේ තැනකට දීලා නිසි ලෙස බැහැර කරනව නම් පරිසරේටත් හිතකරයි.
ඉතින් සොබාසුමිතුරෙක් වශයෙන් සොබාදහමේ අපූරු නිමැවුමක් වන ඔබත් රැකගන්න එක ඔබේම යුතුකමක්. 






ජා.දු: ජංගම දුක; දු.ක = දුර කතනය

7 comments:

  1. මම පාවිච්චි කරපු ෆෝන් එකේ ප්‍රශ්ණයක් නිසා ටික දවසක පරණ නොකියා ෆෝන් එකක් මේ දවස්වල පාවිච්චි කරනවා..අපරාදෙ කියන්න බෑ ගින්දර වගේ වැඩ...මොනා උනත් අලුතින් එන ෆෝන් වලට වඩා පරණ ෆෝන් තාමත් හොඳයි

    ReplyDelete
  2. දිල්:
    ඔව් අප්පා ඒක නම් ඇත්ත පරණ එව්ව ගලේ ගැහුවත් මැරෙන් නෑ වගෙ වැඩ.
    එළ.
    ස්තූතියි.

    ReplyDelete
  3. ඔයාලගේ phone කැඩිලා නම් විස්තර ලියල මට mail එකක් දාන්න. පුළුවන් වෙයි උදවු කරන්න. නැතිනම් මෙතන http://www.electronicinside.com/post-your-all-nokia-problem-t354.html පොස්ට් එකක් දාන්න.

    itnishantha@gmail.com

    ReplyDelete
  4. apoi ow 4n kiyanne maha wadayak...ape minissu walpal kiyawannane ow pawichchi karanne..owa ring wenawa ahenakotath epa wenawa....aththatama dual zim 4n wala radiation katawa kalpana une me lipya kiyewwama..by the way Dialog 1n E-waste recycle karana 1 nam loku deyak..hoda lipiyak... :)

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ඉරේෂා අක්කා....

    ReplyDelete
  6. අහම්බෙන් මේ පැත්තේ ඇවිත් ඔන්න මේ පොස්ට් එක කියෙව්වේ.. අක්ක කෙනෙක් නේද?
    අර 5300 ෆෝන් එක අඩුම එක නෙවෙයි..4300 කට විතර නොකියා ෆෝ එකක් තියෙනවා දැන්.
    අනික විකිරණ හානිය අවම කරගන්න හැන්ඩ්ස්ෆ්‍රී එකක් භාවිතය එතරම් ලොකු විසඳුමක් වෙන්නේ නෑ කියල මං අහල තියෙනවා..
    කොහොම වුනත් අවධානය ඔය පැත්තට පොඩ්ඩක් හැරෙව්වට ගොඩක් ස්තුතියි..:)

    ReplyDelete
  7. ස්තූතියි ගිනි කුරුල්ලො,
    කුරුල්ලෙක් වෙලත් මේ පැත්තට ආවෙ නැති එක තමා අවුල :)
    ආය එන්න :)
    මොකවත්ම නැතුවට හෑන්ඩ් ෆ්‍රී හරි හොඳයිනෙ :)

    ReplyDelete