Wednesday, January 11, 2012

අතිශයින්ම බුදු දහම අදහාගන්නවුන්ට පමණයි!

"මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!"


සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, අපි තිරිසන් ලෝකයේ උපත නොලබනවා කියලා. මනුෂ්‍යයාට එහෙම හිතන්න පුරුදු කළහම මේ සිත නැමැති පාප මිත්‍රයාට, මිත්‍ර ද්‍රෝහියාට හරිම ලේසියි ඔබව, තිරිසන් ලෝකයේ උපතට අවශ්‍ය හේතූන් ඔබ තුළින් සකස්‌ කරන්න. තිරිසන් ලෝකයේ නිසරු උපතකට අවශ්‍ය ගැලපෙන, අකුසල් වලින් සරු ජීවිතයක්‌ මෙලොවදී ඔබට ලබාදෙන්න. සතර අපායෙන් අපේ ඇසට පෙනෙන ලෝකය තමයි තිරිසන් ලෝකය. සතර අපායට අයත් ප්‍රේත, අසුර සහ නිරය දැකීමට නොහැකි වුවත් ඔබට නිරය ගැන, ප්‍රේත ලෝකය ගැන දැනීමක්‌ තිබෙනවා. එහෙත් ඔබට මේ ප්‍රකාශ කරන්නට යන්නේ එතරම් සඳහනක්‌ නොවන සතර අපායට අයත් අසුර ලෝකය ගැනයි.


ඒ අසුර ලෝකයට අපේ අවධානය අඩුයි. එහෙත් ප්‍රේත ලෝකයට සාපේක්‍ෂව අසුර ලෝකය විශාලත්වයෙන් වැඩි විය යුතුය. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක්‌ වසාගෙන පැතිර තිබෙන මහා සාගරය ආශ්‍රිතව තමයි අසුර ලෝකය ස්‌ථානගතවෙලා තිබෙන්නේ. මේ මහා සාගරය තමයි අසුරයන්ගේ නිජබිම. සත්වයෙක්‌ මේ අසුර ලෝකයේ උපතක්‌ ලබන්නේ ඇයි? මහා සාගරයට තිබෙන කැමැත්ත, ඡන්ද රාගය, උපාදානය නිසා මරණයෙන් මතු අසුර ලෝකයේ උපත ලබා මහා සාගරයට බැසගන්නවා.


ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ මුහුදුකරය කියලා රට වටේ ප්‍රදේශය හඳුන්වනවා. ලෝකයේ අනිකුත් රටවල මුහුදු ආශ්‍රිත ප්‍රදේශ ඔබ මීට ගලපාගන්න. මෙන්න මේ ලෝකයේ මුහුදු ආශ්‍රිතව වෙසෙන ජනයා මුහුද තමන්ගේ ජීවිතය කරගෙනයි ජීවත් වන්නේ. ඒ අය නිවසින් එළියට බැස්‌සත්, ජනේලයෙන් එළිය බැලුවත් ඔවුන් දකින්නේ, පෙනෙන්නේ මුහුදයි. මුහුදේ ඝෝශාව, සුළඟ, මුහුදු රල මේ අය වැසිකිළියට යන්නෙත් මුහුදට, සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ මුහුදු වෙරළේ. නැතිනම් මහ මුහුදේ. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. මේ මුහුද ආශ්‍රිත මිනිස්‌සු යෑපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. අපේ රටේ පමණක්‌ නොවේ මුළු ලෝකයේම සමහරු උදේ ඉඳන් රාත්‍රි වනතුරු, බිලී පිති දමාගෙන මාළු අල්ලනවා. තවත් සමහරු ජීවිතය ගැනත් නොසිතා මුහුද මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන කුඩා තෙප්පමකින් මහ මුහුදේ මාළු දැල් එලනවා. තවත් සමහරු සවස තම බෝට්‌ටු වලින් මුහුදු ගියහම ආපසු ගොඩබිමට පැමිණෙන්නේ පසුදා අලුයම. තවත් සමහරු බහුදින ධීවර යාත්‍රා වලින් මුහුදු ගියහම ආපසු පැමිණෙන්නේ සති, මාස ගණනාවකින්. තවත් සමහරු නැව් වලින් මුහුදු ගිහින් මසුන් අල්ලා ටින් වලට අසුරා තවත් මාස ගණනක ගමනක යෙදෙනවා. ඒ තමයි පුළුල්ම තාක්‍ෂණය.


මේ හැම ධීවර කාර්මික මහත්මයෙක්‌ම මහ මුහුද උපාදානය කරගත් අයයි. මේ අයගේ ජීවිතයත් මහ මුහුදයි. බිරිඳත් දරුවනුත් මහ මුහුදයි. සතුටත් බලාපොරොත්තුවත් මහ මුහුදයි. සාගරය ඔවුන්ගේ ආත්මයයි. මේ ආත්මය තුළින් තමන්ට සැප ලැබේයෑයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ඔවුන් මහා සාගරය උපාදාන කරගෙන ගොඩබිමට රැගෙන පැමිණෙන්නේ ප්‍රාණඝාතයේ අස්‌වැන්නයි. ප්‍රාණඝාතයේ අස්‌වැන්න යනු ඔවුන් ගොඩබිමට ගෙනෙන මරා දැමූ මසුන් ටොන් ගණනයි. කුඩා මසුන් පමණක්‌ නොවේ. කැස්‌බෑවුන්, විශාල මෝරුන්, තල්මසුන්, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්‌සන්… මේවා තමයි මුහුද උපාදානය කරගත් මිනිසුන්ගේ ප්‍රාණඝාතයේ අස්‌වැන්න.....



සම්පූර්ණයෙන් කියවන්න...

1.සයුරු සැපෙහි වේ මේ සා දෝසා
2.Blog

මා මේ ලිපිය මා අවදානමේ හෙලමින්ම උපුටා දක්වන්නේ,
බුද්ධිමත් ඔබ උදෙසාය,
පහත ලින්ක් මගින් ඔරිජිනල් ලිපිය බලන්න,
දිවයින වෙබ් අඩවියේ මෙහි පැරණි ලිපි ද අන්තර්ගත වේ,
ඔබට මෙය විශ්වාස නැතිනම් මට බැන වැදී හෝ විවේචනය කර යන්න, ලිපිය ලියූ ස්වාමීන්වහන්සේට බැනනොවදින්න.
මේ ලිපිය මෙය කියවීම්ට පෙර මා ලියූ මෙවන් මතයක් ඇති එකකි.
ලිපිය කියවා කෑ ගැසීමට පෙර එයින් දෙන පණිවිඩය ගැන බලන්න,

මේ කතාව කියා ඇති විදිහ හරිම අහිංසකය,
මෙවන් දෙයක් දැක්කොත් ගහන කයිය මේ ස්වාමීන්වහන්සේ ගසා නැත,
උන්වහන්සේ ලබාදෙන පණිවිඩය සුන්දරය,


ගෝඩෝනියා සිලැනිකා:gloriosa90@gmail.com

37 comments:

  1. ඔබ කියවන්න ධම්ම පදයේ 283 ගාථාව. "වනං ඡින්දත මාරුක්ඛං" අදහස ගස් නොකපන්න. කෙලෙස් වනය සිඳින්න.

    ReplyDelete
  2. මේ කතාවෙන් තේරෙන්නේ මුහුද ආශ්‍රය කරගෙන ඉන්නා මිනිසුන් අසුරයන් බවද මිහිරි?

    ReplyDelete
  3. ස්තූතියි වෙද මහත්තයෝ මම කියවන්නම්,

    පොඩිකුමාරිහාමි:
    නෑ මේකෙ තේරුම ඒක නෙවේ,
    කියවන්න සම්පූර්ණ ලිපිය...
    ඊට පස්සෙත් තේරුණේ නැතොත් අහන්න,

    ReplyDelete
  4. Dude don't insult Buddhism.
    If you need Psychiatric treatment get help.
    don,t post utter bullshit like this

    ReplyDelete
  5. යකෝ බුද්ධාගම කන්ඩ එපා!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට ඉතින් මොනව කියන්න ද,
      මොනව වුනත් ඔය නම් ගැලපෙන් නෑ,
      කතා විලාසය නමට ගැලපෙන් නෑ,
      නමටත් අපහාසයක්...

      Delete
  6. මම බුදු දහම අදහනවාය කිව්වොත් වැරදියි , මම විශ්වාස කරන විදිහට බෞද්ධ දර්ශනයක් මිසක් දහමක් නැ. සම්පූර්ණ ලිපිය කියවීමෙන් ආතල් එකක් නම් ගත්තා . ෆැන්ටසි වලට කැමති වීම ඒකට හේතුව වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. බුදු දහම දර්ශනයක්ද ආගමක් ද කියන එක වැදගත් නෑ මට නම් :)
      මා මෙතන අදහා ගන්නවා කීව වචනයේ තේරුම්,
      බුදු දහම ඒ ලෙසම පිළි ගන්නවා යන්නයි..

      Delete
  7. මල්ලිත් කමෙන්ට් මොඩරේෂන් දාල තියෙන්නේ
    ඒ කියන්නේ හොඳ හොඳ ප්‍රතිචාර ලැබිල තියෙන හැඩයි මට නින්ද ගිහිං තිබ්බ ටිකට

    ඇත්තටම මොකද උනේ...

    ReplyDelete
    Replies
    1. දන් නැද්ද ඉතින් සමහර ඇනෝලා ඉන්නවනෙ අනවශ්‍ය කතා කියන ඒකයි :)
      Comments බලන්න

      Delete
  8. කරුණාකරල මේ වගේ මෝඩ චූන් දෙන්නෙ නැතුව වල්පොල රාහුල හමුදුරුවන්ගෙ ඉස්තරම් පොතක් තියෙනව what the Buddha Taught කියල ඒකවත් කියවල මේ බයිල දාන එක නවත්වන්න.

    ReplyDelete
  9. ඇයි අර පහල පීනන මාලු. ලස්සනේ බෑ. :D

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ලස්සනයි,
      එකනෙ බ්ලොග් එකට දැම්මෙ :)
      තැන්කියු,

      Delete
    2. ඔලුව අතගාලා හොම්බට ඇන්නා නේද කුමාරිහාමි?
      හික්ස්!

      Delete
  10. මාතෘකාව කියෙව්වට පස්සෙ ඉතුරු හරිය කියෙව්වෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි?
      මෙහෙමයි මේක කියවන්න හරියටම ධර්මයේ හැසිරෙන්න ඕන නෑ,
      චුට්ටක් විතර විශ්වාසයක් තියනව නම් ඇති :)

      Delete
  11. atatama vatina lipiyakk alutt wediyata hetanna .
    thanks..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :)
      අලුතින් හිතන්න ...

      Delete
  12. සැපයි කියල අල්ලගෙන ඉන්න හැමදේකම අන්තිමට තියෙන්නෙ දුක තමයි.

    ලොකු පුතා කිව්ව එක තමා මටත් කියන්ට තියෙන්නෙ ඔයගෙ පෝස්‌ට්‌ එක ගැන.අපි කරන දේවල් හැමෝටම දිරවන්නෙ නැහැනෙ...

    ජය වේව !!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා..
      කමක් නෑ :)
      ස්තූතියි,

      Delete
  13. ඔව් අයියා,
    මම මේවා ගණන් ගන්නෙ නෑ අයියා,
    මමත් මේක දැම්මෙම එහෙම තමා,
    බලන්න ඕන අය බලන්න,
    බැරි අය එපා,
    බැලුවත් කටවහ්න් යන්න කියල,
    ඒත් ඉතින් ඒකෙන් පෙනුනා බෞද්ධ කියල බෝඩ් ගහන් ඉන්න සමහරු කතා කරන්නවත් දන් නෑ කියල :)
    ස්තූතියි අයියා :)

    ReplyDelete
  14. ස්තූතියි සිත් රූ,
    ඔව් දෙවනි අරුත හරියටම හරි,
    මුහුද ලස්සනයි,
    ඒක ලස්සන වුනාට අපෙ හිත ඒ වගේ දෙයක ලස්සන විඳින්න දන්නෙ නෑ ඇලෙන් නැතුව,
    වෙලාව තියනව නම් කියවන්න පරණ ලිපි :)

    ReplyDelete
  15. මේ ලින්ක එකට ගිහින් මේ දක්වා දිවයින පුවත්පතේ පලවුනු ලිපිවල එකතුවක් බලාගන්න පුළුවන්.

    https://docs.google.com/document/d/1OOPRSHc4MniouAQzm-d23oSfTjIGDj90d7eSxVbmFRs/edit?hl=en_US&pli=1

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම පින්...
      මම ලිපි ටික ගත්තා :)

      Delete
  16. පරක්කු වෙලා මේ පැත්තේ ආවේ..

    වතාවක් ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක් සුනාමියෙන් මැරුණු සියලු දෙනා කර්ම විපාක දීමෙන් මැරුණු බවක් කීවා, මා දන්නා පරිදි එය දහමට පටහැනියි.උපුටා තිබෙන කතාවේ හරි වැරද්දක් කියන්නට එහෙමවත් මම දන්නේ නැහැ.ඒත් ඔබ මෙය පල කිරීමේ අරමුණ පැහැදිලියි.

    මම දැකලා තියෙනවා බෝ ගසකට "දේවතා එලි" නමින් හඳුන්වන ඒවා එක දිශාවකින් පැමිණ, සැලකිය යුතු වෙලාවක් ගහේ රැදී සිට, පැමිණි දිශාවටම ආ පරිද්දෙන්ම සන්සුන් ලෙස ගමන් කරනවා.බෝ ගහ විනාශ වීමෙන් පසු අවුරුදු 20කට ආසන්න කාලයක් ඒ දේ මම දුටුවේ නැහැ.

    ඇත්තම කියනවානම් මට වතාවක් අමනුෂ්‍යයෙක් සමග කෙලින්ම කථා කිරීමට අවස්ථාවක් ලැබුනා. ඔහු කියපු දේවල්, දුක් ගැනවිල්ල මට හැමදාමත් මගේ මතකයේ තිබේවි.ඒ වගේම සමහරු තමන්ගේ සිතේ ඇතිවන මත සත්‍යයයි සිතමින් (කවදා හෝ මම අර කලින් කී කතාව හෙළිදරවු කලොත් මටත් මේ චෝදනාවම එයි) ඒවා තියරි විධියට එලියට දානවා.

    කොහොම වුනත් නොපෙනෙන සියල්ල බොරු කියන්න බෑ අපිට.

    අර ලිපියේ කියවෙන දේත්, සත්‍ය වෙන්නත්, අසත්‍ය හිතළුවක් වෙන්නටත් පුළුවන්. ඒ හරියට හඳුනා ගැනීමට මට තේරෙන්නේ නැහැ.මම දහම ගැන දන්නවා මදි.

    ReplyDelete
    Replies
    1. මම ඔබට ඒ කතාව කියන්නම්. පෞද්ගලික සීමාවන් හින්දා මට ඒ කතාව මගේ බ්ලොග් එකේවත් ලියන්න බැහැ. සමහර විට කාලයකට පස්සේ ලියවෙන්නත් පුළුවන්.

      කොහොම වුනත් මට විවේකී වෙලාවක මම ඔබට ඒ ගැන ලියන්නම්. එය තරමක් ඔබගේ විෂයේ ප්‍රභේදයකටත් අදාලයි.

      Delete
    2. හොඳයි අයියා,
      පුළුවන් නම් මට එවන්න ඒක මේල් කරලා,
      ස්තූතියි

      Delete
  17. මේ භික්ෂුන් වහන්සේගේ ලිපිය පැටලිලි සහගතයි වගේ.මා බුදුදහම ගැඹුරින් හදාරා නැති බැවින් ලොකු විග්‍රහයක් කරන්නත් දැනුමක් නැහැ.එත් සාගරය සහ අසුරයන් පටලාගෙන කරන කතාවේ යම් විකෘතියක් තියෙනවා වගේ දැනෙනවා.අනිත් අතට සයුරට ප්‍රියකරන මිනිසුන් යම්කිසි ආකාරයක පව්කාරයන් පිරිසක් යයි ලිපි කියවන විට හැඟේ.එසේනම් වනාන්තර ප්‍රියකරන මිනිසුන් සම්බන්දව මේ හිමිනමගේ අදහස් කුමක්දැයි විමසිය යුතුය බුදුන් වහන්සේ සහ මහරහතුන් වහන්සේලා වනගත පරිසරය වර්ණනා කර ඇති ගාථා අසා ඇත්තෙමි.එසේ නම් ඒවත් වැරදිද? සියලුම බැඳීම් වල තාවකාලික වශයෙන් සතුටක්ද දීර්ගකාලීන වශයෙන් දුක් සහිත බවක් ඇති බව දනිමි.මහසයුරේ පමණක් ඇයි විශේෂයක්?මගේ අදහස නම් ඕනෑම දෙයක් සමග අන්තවාදී ලෙස නොබැඳිය යුතුය යන්නය.නමුත් පෘතග්ජනයන් ලෙස බැඳීම් වලින් සම්පුර්ණයෙන් වැලකී සිටීම කල නොහැකි දෙයකි.අනිත් අතට බැඳීම් නැති ගිහි ජීවිතයක හරයක්ද නැත.

    ReplyDelete
  18. ඔව් ඇත්ත අයියා,
    මම එහෙම කවුරුත් කියපු පමණින් මේක පිළිගත්තෙ නෑ,
    බුදු දහම් ගැන කතාව අපි නවත්වමු,
    මේ ලිපිය ගැන ලොකු ප්‍රශ්නයක් නෑ,
    තිබෙන්නේ බුදු දහම් ගැන ඇති ගැටළුවක්,

    ReplyDelete
  19. ලංකාවට එන්න කලින් කතන්දරයක් නේ මම කියල තියෙන්නේ , ඒ නිසා ඔය වලගම්ඹා කතන්දරේ අදාලම නැ . තම තමන්ට කැමති දෙයක් හිතාගන්න එකයි තියෙන්නේ , ඕක මම වාද වලට පැටලෙන්නෙ නැති මාතෘකාවක් නිසා මේ අවසන් කමෙන්ටුව ඔය ගැන

    ReplyDelete
  20. ඔව් ඔව් වාද ඕන නෑ,
    ඒත් අන්තිමට කියන්න තියන්නෙ මෙච්චරයි අයියා,
    අඩු පාඩු රැකගන්න රහතන්වහන්සේලා දිවිහිමියෙන් කටයුතු කායි කියල මං හිතන්නෙ නෑ...

    ReplyDelete
  21. ඔයාගේ පොස්ට් ගොඩාක් වැදගත්.ඇනෝලා කියන දේවල් ගැන එච්චර හිතන්න එපා.දිගටම කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයා ඔන්න ඔයාගෙ ලිපිය දැම්මා :)

      Delete