Tuesday, June 28, 2011
අපිට නළු නිළියො ක්‍රීඩකයෝ ගායකයෝ ඇත්තටම ආදරේද?
"මං මගේ රසිකයොන්ට ගොඩක් ආදරෙයි"
මේක ටීවී වල අපි දකින නළු නිළියො, ගායකයෝ, ක්‍රීඩකයෝ ගොඩක් කියන දෙයක්.
ඒත් ඇත්තටම එයාල අපිට ආදරේද?
( එහෙම අය ඉන්නවද දන්නේ නෑ)
ඒත් ඒක එහෙම නෑ,
එහෙම වුනානම් අපිට බොහොම අහිතකර දේවල් වලට මඟ පෙන්නන්නේ නෑ,
එයාල අපිට කොකා කෝලා බොන්න කියනව,
ඒත් ඒක මහා පෝෂණීය පානයක් ද?
මෙන්න බලන්න
http://en.wikipedia.org/wiki/Criticism_of_Coca-Cola
ඔය එකක් විතරයි.එයාල අපිට ඇත්තටම ආදරේ නම් "බ්‍රා" කියල අතපය බොරුවට විසිකරලා එක එක සමාගම් වලට කඩේ යන්නේ නෑ,
ඒ වගෙම තම නිළියොත් එයාලගේ සුන්දරත්වයේ රහස ගැන කියනව,
එක එක ඒව උලල පෙන්නනව,
ඒත් එයාල කියන ඒව අමු බොරු,
ඒයල උලල පෙන්නනන් ඒව එයාල ඉපදෙනකොට තිබිලත් නෑ,
ගොඩක් අය කීවට අපි මේව කරන්නේ ජනතාවට ආදරේට කියලා,
මම නම් ඒව පිළිගන්නේ නෑ,
මොකද මම නම් ඔය මිනිස්සු කරන දෙයක් කරන්නේ සල්ලි ටිකක් හොයාගන්න,
ඒ නිසා අනවශ්‍ය විදියට එයාලට කඩේ යන්නවත්, පිස්සු වැටෙන්නවත් එපා,
බුද්ධිමත්ව තීරණ ගන්න..
ඒ මිනිස්සුන්ගේ හොඳ කලා නිර්මාණ රසවිඳින්න,,
එතනින් නවතින්න,
කඩේ යන්න එපා!
Monday, June 27, 2011
නගා මැරූ අල
The Daffodil Orchid (Sinhala: නගා මැරූ අල, scientific name: Ipsea speciosa) is a rare endemicwild orchid found in the mid hills of Sri Lanka. It is a terrestial herb with pseudobulbous stem. The lanceolate leaves of the plant are grass like and pointed at the end. Its large flowers appear from September to February, they are bright yellow and sweet-scented.
This plant can be seen in grass lands and pathana areas in mid hills of the country. The plant is known as නගා මැරූ අල in the Sinhala language, meaning "Yam which killed the little sister" according to a folk tale.
Like the Glory Lily, the Daffodil Orchid is used as an ingredient in making love charm portions and aphrodisiacs in local medicine.
Sunday, June 26, 2011
ජීවිතේ දුක....
මං අද අපේ ගමේ එක අත්තම්මා කෙනෙක් බලන්න ගියා.
මම අද තමා ජීවිතේටම එහෙ ගියේ,
මට හරිම දුක හිතුනා,
අත්තම්ම වැටිල ඒ අත්තම්මගෙ අත මැණික්කටුව ගාවින් ඇද වෙලා,
ඒ නිසා දැන් ගෙදර,
නැත්තං නම් අත්තම්ම ඇවිදල කියලා කෑම හොයාගෙන එනවා,
ඒ අත්තම්ම ගාව අන්තිමට ඉතුරු වුනා දරුවො දෙන්නෙක්,
ඒ අයගෙන් එක්කනෙක් මැරුණ,
දැන් ඉන්නෙ එක්කනයි,
ලොකුම ප්‍රශ්නෙ ඒ දෙන්නම මානසික ආබධිත අය.
ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ තියන තත්වෙ,
දැන් අත්තම්ම එක තැන නිසා තවත් ප්‍රශ්න,
මට දුක හිතුනා ගොඩක්,
දෙන්නටම තියන්නේ එක ඇඳයි,
ඒකෙ දෙන්නා දෙපැත්තට ඔලුව දාල නිදාගන්නවා,
ගෙදර අම්බලමක් වගේ,
කැඩුණ පුටුවක්, මේසයක්, බංකුවක් විතරයි තියන්නෙ,
ලයිට් නෑ,
ආදායමක් නෑ,
පහල ගෙදර ඉන්න මනුස්සයා ඒ අත්තම්මගේ මල්ලි,
ඒත් ඒ මනුස්සයට ඕන අත්තම්මා මැරුණම ඉඩම ගන්න,
ඒ මනුස්සය හොඳට ඉන්නව සල්ලිත් තියනවා,
එත් එක ලයිට් එකක් දාල දෙන්නෙ නෑ,
අත්තම්ම එලි වෙනකන් ලාම්පු පත්තු කරගෙන ඉන්නෙ,
තව ප්‍රශ්න ගොඩක් තියනව,
මට ඕන නෑ අර පහල ඉන්න කෙනා ගැන තරහක් ඇති කරන්න,
ඕන වුනේ උදවුවක් ගන්න,
ඒ අත්තම්මගෙ පුතෙක් ඉන්නව රොසැල්ල පැත්තෙ අන්න එයාව හොය ගන්න මට ඕන,
රොසැල්ල පැත්තෙ කෙනෙක් ඉන්නව නම් මට කියන්න මම නම කියන්නම්,
එයා ඉන්නෙ තේ වත්තක,
සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක් මං හිතන්නෙ,
මේක ගොඩක් අසම්පූර්ණ සටහනක්,
මේ අත්තම්මා ගැන කියන්න නම් තව දුක්මුසු දේවල් ගොඩක් තියන්වා,
පුලුවන් වුනොත් පස්සේ දාන්නම්,
මේක ඔයාලගේ යාලුවොන්ට කියන්න,
අපි ඒ අත්තම්මට උදවු කරන්න බලමු,
Labels:
අත්තම්මා,
දුක,
මානසික ආබධිත,
රොසැල්ල,
සුපිරින්ටෙන්ඩන්ට්
Saturday, June 25, 2011
3 Weeks With Nature
මම මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයට ආවා.
ඒ ගිය සතියේ ඉරිදා ඒ කියන්නෙ 22 වෙනිදා,
අද 29 සතියක්ම ගෙවිල ගිහින් ඉවරයි.
මේක තියන්නෙ මහියංගණේ ඉදලා 12km විතර මෙහා මොනරාගල පාරේ.
මෙතන තියන්ව ඇලක් එකෙ නම වියානා ඇල.
ළඟ තියන වැව මාපාකඩ වැව.
දැනට නම් ට්‍රේනින් එක ටිකක් එපා වෙනවා මොකද මේ රස්නියේ කලිසම් ඇදලා සපත්තු දාල ඉන්ට අමාරුයි.
කොහොම වුනත් මං මේ පරිසරේට ආසයි.
වාහන සද්දෙ නැති, TV,PC ,Internet නැති එකත් වෙනසක්.
එත් ටිකක් රස්නියයි,
මං දැන් ඉන්න තැන තම PTS (Police Training School) එකේ මං ආසම තැන,
අපේ Outdoor Class එක.

අපේ ගහ යට පන්තිය
මෙතන ප්‍රධාන ගස් පහක් තියනවා,
ඒ කෝන් ගස් 3ක් (Schleichera oleosa ) (මෙතන තියන ලස්සනම ගස් තුන තමා කෝන් ගස් තුන,)
සහ මම නම නොදන්න ගස් 2ක්
(පස්සේ අසංග සර් කියපු විදියට Morinda tinctoria අහු විශේෂයක්) .
තව මෙතන තියනව පෙරාදෙනියේ වල වගේ පොඩි එකක් මේකේ තියන්නෙ පඩි දෙකක් විතර.
ඒක ටිකක් ජරාවාස වෙලා ( ඒ කියන්නේ කැඩිලා)
මෙහේ තියන අවුවට, රස්නියට මේ පුංචි තුරු වදුල අපිට හරිම සනීපයක් දෙනවා,
අපි ඉස්සල්ලම Class කරේ Main Hall එකේ ඒත් එක ගොඩක් රස්නියයි, මොකද ඒකට හොදට හුලං එන්නෙත් නෑ, ඒ මදිවට වහලේ සීට් වහපු එකක්,
මේ ගස් යට හරිම ලස්සනයි.
ළා කොල පාට අතු කොළ අතරින් අහස ළා නිල් පාටට පේන හැටි උඩ බලපුවාම දැකගන්ට පුළුවන්.
මොහොතකට කැලෑවකට ගියා වගේ දැනෙනවා,
මට මේ ගස් දැක්කම හරිම ආදරේ හිතෙනවා,
ආසයි මේ වගේ තැනක පන්තියක් කරන්න.
වටේට ඇහෙන්නෙ කුරුල්ලො කෑගහන සද්දෙ, කොළ වැටෙන සද්දෙ.
දවල්ට කොට්ටොරුවො, බට්ටිච්චො,දෙමලිච්චො වගේ කුරුල්ලො කෑගහන්වා,
සනීප හුළං හෙමීට හමන්ව.
හවසට වළි කුකුලො කෑගහනව,
(ඒත් උන් එළියට එන්නෙ නැති නිසා එක පාරක්වත් උන්ව දකින්න බැරි වුන, අනික උන් කෑගහන වෙලාවට අපිට Lectures ඉවර නෑ.
තව කියන්න බැරි වුනා මෙතන තමා PTS එකෙ Short Distance Firing Ground එක තියන්නේ, Long Distance Firing Ground එකට යන්ට දුන්නේ නෑ, ඒක ගොඩක් ලොකුයි, (මේකෙ අක්කර 150ක් විතර තියනවලු )
තව කියන්න බැරි වුනා මෙතන තමා PTS එකෙ Short Distance Firing Ground එක තියන්නේ, Long Distance Firing Ground එකට යන්ට දුන්නේ නෑ, ඒක ගොඩක් ලොකුයි, (මේකෙ අක්කර 150ක් විතර තියනවලු )
මෙතන ඉන්න පැලපදියම් වුන කුරුල්ල තමා සිවුරු හොරා,
ඌ නිතරම කෝන් ගහට එනවා,
(මං හිතන්නෙ උගේ කූඩුව ළඟම ඇති )
ඌ ඇවිත් රස රස කෑම කාල යනව.
තව මෙතන ඉන්න කැපී පෙනෙන සත්තු තමා මකුණො (Bugs)මුං ක්‍රීම් පාට මිශ්‍ර තැඹිලි පාට ටිකක් ලොකු එවුන්,
අනිත් සිත්ගන්නාසුළු සත්තු තමා මකුළුවෝ,
අනිත් සිත්ගන්නාසුළු සත්තු තමා මකුළුවෝ,
පාට පාට මකුළුවො, පනින මකුලුවෝ (Jumping Spiders)මෙතන ඉන්නවා.

මේ ළඟ තියන තව ගස් කීපයක් ගැන කියන්න අමතක වුනා,
ඒ තමා තව අමතර කෝන් ගස් දෙකක්, දං (Syzygium cumini) ගහක් සහ මයිල (Bauhinia racemosa) ගස් දෙකක්.
එක කෝන් ගහක් අළුතින් දළු දාලා,
හරිම ලස්සනයි
ඉර එලිය වැටුනම තවත් ලස්සනට පේනව යට ඉදන් බැලුවම.
හා ඉතින් තව ඉන්න සත්තු තමා වෙලාවකට එක දිගට කෑගහන රැහැයියො,
උං ඉතින් කෑගහුවට පේන්නෙ නෑනෙ,
එත් හැව ඇරපු එවුන්ගේ කෑලි නම් ගහ යට වටිල තියනවා,
ඒත් උංගේ සද්දෙ නම් හොදට ඇහෙනවා,
ඒත් උංගේ සද්දෙ නම් හොදට ඇහෙනවා,

අපේ ගහ යට පන්තිය
තව මට මේ ගහ යටදි දකින්ට ආසාවෙන් හිටපු,
ලස්සනම සතෙක් දකින්න ලැබුන,
ඒ Oak Blue කෙනෙක්,
(මම උගේ විශේෂය අදුරගන්න දන්නේ නෑ )
කොහොම උනත් අඳුරාගත්තත් නැතත් ඌ ගොඩක්ම ලස්සන සතෙක්,
උගෙ තටු වල ඇතුල් පැත්ත පුදුම ලස්සනයි,
හරි අතට ඉර එළිය වැටුනොත් මේ නිල් දියමන්තියක් වගේ දිලිසෙන නිල් පාට දැකගන්න පුලුවන්,
මට ඒක විස්තර කරන්න වචන නෑ,
(කොහොම වුනත් මට මැරුණ Oak Blue කෙනෙක් හම්බුනා)
Lycanidae කුලයේ හැමෝටම වගෙ මෙයාගෙත් පස්සහ තටුවේ හතුරො රවට්ටන්ට තියන බොරු ඔලුව තියනව,
Lycanidae බොරු ඔළුව
ඒක ආරක්ෂක උපක්‍රමයක්,
(මගේ යාලුවො පවා මෙයාලගේ මේ සොබාවික ආරක්ෂණ යාන්ත්‍රනේට රැවටුනා, එයාල හිතුවේ උට ඔළු දෙකක් තියනව කියල,,)
එයාල මේ බොරු ඔලුව හොල්ලනව නිතරම වහල ඉන්නකොට,
එතකොට හතුරො හිතන්නේ මේ තම එයාගෙ ඔළුව කියල,
ඉතින් හතුර පිටිපස්සෙ තට්ටට පහර දුන්නම සමනළයට තව වතාවක් හම්බෙනවා ජීවත් වෙන්ට,
කොහොම වුනත් අපෙ පැත්තෙ නැති වුනාට මෙය මෙහෙ නම් ගොඩක්ම සුළබයි,
තව මෙහෙ ඉන්න සුළබම සමනල් විශේෂ තමා,
Common Jezebel, Tawny Coster, Crimson Rose.....
Common Jezebel නම් මෙහෙ වැඩි වෙන්න හොඳ හේතුවක් තියනවා,
ඒ තමා පිළිල,
මෙහෙ තියන ගොඩක් ගස් වර්ග වල පිළිල තියනව,
අපිට සාමාන්‍යයෙන් දකින්ට හම්බෙන්නෙ නැති ගස් වල පවා,
තේක්ක, කොහොඹ,බෙලි,කස,දං, මේ ගස් ඔක්කොගෙම හොඳ සරුවට පිළිල හැදිලා තියනව,
මට මතකයි අපේ මාමා කීව එක එක ගස් වල හැදෙන පිළිල එක එක බෙහෙත් වලට ගන්නවා, කියල,
මං ඒ ආශ්චර්යමත් ආසියානු වෙදකම ගැන කියන්න නම් දන්නෙ නෑ,
Common Jezebel
කොහොම වුනත් Common Jezebel ත් ගොඩක් ලස්සන සමනළයෙක්,
හරිම වර්ණවත්,
පිළිල ගැන කතාව ඇදුන එකේ පිළිල ගැන කියන්නම්,
පිළිල අයිති Loranthaceae කියන කුළයට,
මේකේ ගණ කීපයක්ම තිබුනත් අපි කියන්නේ ඔක්කොටම පිළිල කියලනෙ,
පිළිල අර්ධ පරපෝෂී ශාක,
ධාරකයාගෙන් උරාගන්නේ පෝෂක හා ජලය විතරයි, ප්‍රභාසංස්ලේෂණය කරගන්නවා.

Dendropthoe Spp
මේවා පරපුටුවො වුනාට මල් නම් හරිම ලස්සනයි,
රතු පාටයි,
Labels:
leadership training,
PTS,
sri lanka,
අහු,
පිළිල,
මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලය,
මාපාකඩ වැව
Subscribe to:
Posts (Atom)











