සමහර දේවල් තියනවා කරන්න ටිකක් අමාරුයි,
ඒත් කරොත් හොඳයි,
කියලවත් අපි කියනවා,
සමහර ඒවා තියනවා ටිකක් හරි කරන්ට තියනව නම් හොඳයි කියලා,
කොහොම වුනත් මේකෙ තේරුම කරන්න බෑ කියන එක නෙවේ නේද?
උත්සාහ කරලා බලමු ඒ වගේ දෙයකට...
අපි යාළුවෙක්ගේ ගෙදර යනවා කියල හිතමු,
මොනවද අරගෙන යන්නෙ?
ගෙදරට කවුරුහරි ආවම මොනවද ඉක්මනට කඩේට ගිහින් උස්සගෙන එන්නෙ?
එක්කො බිස්කට්, එක්කො කේක්,
ඒත් මේ එකක්වත් අපේ කෑමද?
නෑ, ඔක්කොම පිටරටින් ආපුව,
මේවා සෞඛ්‍යට හිතකරද?
නෑ, ඔක්කොම සීනි, පිටි , කිරි පිටි දාල හදපුවා,
දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, තව ලෙඩ ගොඩකට පාර කපනවා මේවා.
ඒත් එක්කම මේවත් එක්ක එනවා හොඳ පොලිතීන් ගොඩක්,
ඉතින් මේවා එකතු වෙන්නෙ අපෙ ගෙවතු වලට තමා,
ඒත් අපිට පුළුවන් ඒ වෙනුවට ගමේ කඩෙන් හැලපයක්, ලැවරියක් ගෙනත් කන්න,
එතකොට අපෙ ළඟපාත ඉන්න මනුස්සයටත් හොඳක් වෙනවා,
අපිටත් හොඳයි,
නැත්තං අපි කරන්නෙ ලොකු සමාගම් පෝසත් කරල අපි මෝඩයො වෙන එක.
දැන් ඇති කෙලින්ම කියනව නම් මං මේ කියන්නේ අපි අපේ දේශීය ආහාර වලට සොබා සුමිතුරු ආහාර වලට පුරුදු විය යුතුයි කියලා.
අපිට ලෝකෙම හදන්න බැරි වුනත් අපෙ ගෙදර හදන්න පුළුවන්නෙ.
දරුවො ඉන්න අයට පුළුවන් තමන්ගෙ දරුවව මේකට හුරු කරන්න,
එතකොට ළමයින්ගෙන්ම අනාගතේ බැනුම් අහන්න වෙන එකෙන් බේරෙන්න පුළුවන්.
යාළුවොන්ට එකතු වෙලා මේ දේ කරන්න පුළුවන්,
"මචං අපෙ ගෙදර එනවා නම් බිස්කට් එපා කෙහෙල් ඇවරියක් අරන් වරෙන්"
කියලා.
ඉතින් තව තව දේවල් හිතල බලන්න.
(අන්තවාදි වෙන්ටත් එපා ඉතින් දුන්නොත් විසි කරන්ටයැ,
තව ඉතින් මේවා තේරෙන අයට විතරක් තේරෙන විදිහට තේරුම් කරලා කරන්න නැත්තං හිතයි විකාර කියලා
ආ තව මේක ලියනකොට බ්ලොගය 600ක් බලලා සතුටුයි මට.
(23-09-11 ,22:19 )
බැලූ ඔබ සැමට ස්තූතියි.
බලා වැඩක් ගත්ත අයට තවත් ස්තූතියි.
බලල අදහස් දුන්න අයට තවත් ස්තූතියි.
තව මේ ෆොටෝ එක පස්සෙ රිප්ලේස් කරන්න ඕන. ) .

ඔබ අපට දීපු පනිවිඩය ඉතා හොඳයි, ටිකක් කරන්න අමාරු දෙයක්. බිස්කට්නම් මම ආසම නැති දෙයක්.. ඒත් කුඩා ලමයි ඉන්න ගෙවල්වල නිතරම තියන ආහාරයක් තමයි. පොඩ්ඩන්ට නිතරම මොනහරි හපන්න ඕනනේ. ඉතින් රාජකාරියට අම්මල බිස්කට් තමයි ගෙනත් තියන්නෙ...කල් තියාගන්නත් පුළුවන් නිසා...
ReplyDelete