Thursday, September 22, 2011

බලශක්තිය ඉතුරු කරමු!


භාවිතය අඩුකිරීම - Reduce 
අපට කළ හැකි දේවල් .04



අපි කොච්චර නම් බලශක්තිය හානි කරනවද?
මේ විදුලිය නිපදවන්න, අපිට ලබාදෙන්න ගොඩක් පරිසරයට හානි කරන්න වෙනවා.
අපි මහ දවල්ටත් ගෙවල්වල දොරවල් ජනෙල් වහගෙන ලයිට් පත්තු කරගෙන ඉන්නවා.
මේක වෙලාවකට වෙන්නෙ අපෙ නොගැලපෙන වැඩ නිසා,
උදාහරණෙකට අපෙම ගෙදර ගත්තොත් ජනෙල් වලට දාලා තියන්නෙ ටිකක් කළු පාට වීදුරු, ඒ මදිවට අපි දැම්මා ඒකට තට්ටු දෙකේ තිර රෙදි, ඒ කියන්නෙ එකක් දැල් දැල් වගේ රෙදි, ඊට ඇතුලෙන් ආය ඝනකම් රෙද්දෙන් තිර,
ඉතින් මේකෙන් වුනේ කොහොමත් ටිකක් අඳුරු අපේ ගෙදර තව ටිකක් අඳුරු වුන එක.
ඉතින් වෙලාවකට අපි දවල්ටත් ලයිට් දැම්මා.
ඒත් පස්සෙ කාලෙකදි මගේ ගුරුතුමා මේ දේවල් ගැන කිවට පස්සෙ  මට තේරුණා මේක විකාරයක් කියලා,
ඒ නිසා දැන් නම් මම දවල්ට ගෙදර හිටියොත් ජනෙල් ඇරල ලයිට් පත්තු කරන එක අඩු කරනවා.


ඉතින් ඔබේ ගෙදරත් මේ වගේ දේවල් වෙනවා ඇති, පොඩ්ඩක් හිතන්න, අලුත් ගෙදරක ඔබ ඉන්නව නම් තිර රෙදි දානකොට වගේම, ගෙදර හදනකොටමත් ගෙදරට පුළුවන් තරම් සොබාවික ආලෝකේ එන විදිහට හදන්න බලන්න.
තව ඉතින් හැමෝම දන්න විදියට CFL ලයිට් පාවිච්චිය වඩා හොඳයිලු.


කාමරේක ඉඳන් එළියට එනකොට තමන් කොච්චර වෙලාවක් එලියෙ රැඳෙනවද කියන දේ ගැණ සැලකිලිමත් වෙන්න,
විනාඩි 5ක් 10ක් යන වැඩකට එළියට යනව නම් ලයිට් නිමලා යන්න.
අනවශ්‍ය විදිහට ෆෑන් එක,සහ අනෙකුත් අන්වශ්‍ය විදුලි උපාංග භාවිතය අඩු කරන්න.
( ඒකටත් උදාහරණයක් අපෙ ගෙදරම තියනවා, ඉස්සර මං  දවල් වරුවෙ නෑවත් උණු වතුර හීටර් එක දාගෙන තමා නෑවේ,
පස්සෙ මට තේරුණා මේකත් නිකං බලශක්තිය අපතේ යන වැඩක් කියලා, ඒ නිසා මං දැන් වැඩියෙන් කැමති ඇල්වතුර නාන්ට.)
තව දෙයක් අපි සාකඡ්චා කරා කැළණි නදී යාත්‍රාවෙදි,
ඒ තමා අනවශ්‍යය විදිහට ප්‍රොජෙක්ටර් භාවිතය,
වැඩසටහනක් ආරම්භ වුන වෙලේ ඉදන්ම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකත් ඔන් කරගෙන ඉන්නවා, ඒත් පාවිච්චි වෙන්නෙ ඉවර වෙන්නත් ළං වුනාම,
ඉතින් පැය දෙකක් තුනක් ඒක ඔන් කරලා.
මේක මට ළඟදි දැකපු තැනකදි කියලා නවත්තන්ට පුළුවන් වුනා.
ඉතින් ඔබත් පොඩ්ඩක් මේ වගේ දේවල් ගැන ඇස් කන් යොමු කරගෙන ඉන්න.
එහෙම කළොත් විදුලි බිල, වතුර බිල අඩු වෙන නිසා සාක්කුවටත් වාසියි.

පසුවදන මට හරියට Photoshop බෑ :)

1 comment: