
අපි මේ ළඟදි එකතු වුන වෙලාවක,
කතා වුනා ධාර්මික රස්සාවල් ගැන,
සමහර ධාර්මික රස්සාවල් තියනව අද කාලේ එවවත් ධාර්මිකව කරගෙන යන්න හරිම අමාරුයි.
උදාහරණයක් හැටියට වෙළදාම,
අද කාලේ ගොඩක් සාර්ථක වෙලෙන්දන්ට වෙලා තියන්නෙ ආදායම් බදු එකේ අයට පගාව දෙන්න,
නැත්නම් බොරුවට හරි අල්ලනව,
ඒ වගෙමයි ගොවීන්ටත්,
ගොවිකම ධාර්මික රස්සාවක්, ඒත් එකත් කරන්න අමාරුයි.
මොකද එක ගොවියෙක් මම පළිබෝධනාශක ගහන්නෙ නෑ කියල හිටියොත්,
වටෙට තියන ඒව ගහන අයගෙ කුඹුරු වල ඉන්න සත්තු ටික ඔක්කොම ඒ මනුස්සයගේ වගාවට එනවා,
ඉතින් ඒක ධාර්මිකව කරන එක හරිම අමාරුයි.
ඒක පැත්තකින් තියමු,
මම මේ කතාව වුන දවසේ බස් එකේ ගෙදර ආව,
සල්ලි දුන්නා,
ඒත් මට ඉතුරු රුපියල දුන්නෙ නෑ,
මම මේ ගැන හිතුව,
බලාගෙන ගියාම මේ කොන්දොස්තරකම,
හැමෝම පහත් කරවුවට,
ඒක හරිම ලේසියෙන් කරන්න පුලුවන් ධාර්මික රස්සාවක්,
මොකද මේකෙන් අයුතු ලාබ ගන්න බෑ,
කාටවත් හානියක් වෙන්නෙත් නෑ,
පන්සිල් කැඩෙන්නෙත් නෑ,
හරිම ලේසියි,
ඒත් මේ සමහර මිනිස්සු නොදන්නාකම නිසාම මේ වැදගත් රස්සාවෙන් නිසා පවු පුරවගන්නව,
ඒ රුපියලකට යට වෙලා,
සමහරවිට ඉතුරු දෙන වෙලාවෙ රුපියලක් නැති නිස වෙන්න පුලුවන්,
ඒත් ඒ කෙන දැනගන්ට ඕන සල්ලි හම්බුන ගමන් ඉතුරු රුපියල දෙන්න,
එහෙම දුන්නොත් ඒක මඟියට ලොකු සතුටක්,
කොන්දොස්තර මහත්මය ගැන හොඩටම පහඩිනව,
කොන්දොස්තර මහත්තයටත් ධාර්මිකව ජීවත් වෙන නිසා පින් සිද්ද වෙනවා,
ඒ කියන්නේ සුගතියෙ යන්න මඟක් හදාගත්ත වෙනවා,
භෝ දෙනාගෙ යහපතට සතුටට හේතු වෙනවා,
පැසසුම් ලැබෙනවා,
ඒ නිස ඔබ දන්න කොන්දොස්තර මහත්වරු ඉන්නවා නම් මේ දේ කියල දෙන්න,