Thursday, April 5, 2012

නොතීසිය- NOtice this blog is under a deleting process.


මේකේ තියන සමහර ඒවා මකමින් පවතින්නේ.
දැනටමත් දෙක තුනක් ඩිලීට් කොරා.
වැඩක් තියනව නම් උපුටා ගන්න.
ස්තූතියි.

Friday, March 23, 2012

බත්වලට වඩා බෙහෙත් ගිලින අපේ මිනිස්‌සු...

තාලයේ ඉස්පිරී
බොහෝ ඇත හිස් පිරී
වන්නාවෙ දිය පිරී
ඌරු රැල ඇත පිරී

හැමදාම ඡන්දයට
උං එනවා සිඟ සිඟා
ගෑස් පිටි උඩ ගියොත්
අපි යනව සිඟ සිඟා

ප්ලේන්ටිය සහ වඩේ ගිලින විට බොහො දුකින්
ඒ මිලට බුරියානි කති ඌරෝ හරි සැපෙන්
දෙගොල්ලම මෝඩයෝ ඌරු රැල අපායේ
අනික් උං දුක් විඳල ඒත් යයි අපායේ

ඌරන්ට සෙන්ටර් තනා ඇත යහමින්
බෙහෙත් ටික අරගන්න නෑ යන්නෙ පෝලිම්
ගිහින් දිග පෝලිම් ගසා කතිරේ පෙම්
යවා ඌරන් සැපට බූරුවෝ යයි පෝලිම්

සම්බාධක ආවත් කිසිත් නෑ පැණයක්
අපට ඇත පැජරෝ සමඟ තඩි පඩියක්
ජාතියට මාමක දාගනිවු තව පටියක්
තද කරන් එඩියෙන් පෙළට යමු පාලියක්

බැංකියා බය වෙයි 
යැංකියා පැණ දුවයි
බලු වැඩත් අමතක කරයි
හරි සෝක් බෙහෙතක්.


"විදුසර පුවත්පතෙන් කළ උපුටා ගැනීමකි.

Writer:කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය, කොතලාවල ආරක්‍ෂක සරසවි වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය උපදේශක - (බාහිර) 
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව.


''එක ඩොක්‌ටර් කෙනෙක්‌ ළගට ගියා, වැඩක්‌ නැහැ.. මේ.. එක බෙහෙතයි දුන්නේ.. තාම බබා ගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක්‌ දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා..''
''බබාට උණ වගේ ඩොක්‌ටර්, බෙහෙත් මොනව හරි දෙන්න.. බලෙන් හරි පොවා ගන්නම්...''


මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කරගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින් ම වෙනස්‌ තත්ත්වයක්‌ දැකිය හැකි ය. අප විදේශිකයකුට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක්‌ ද?, එහි ක්‍රියාකාරීත්වය කුමක්‌ ද?, අතුරු ආබාධ මොනවා ද?, කොපමණ කාලයක්‌ ඖෂධ ලබාගත යුතු ද?, වෙනත් ඖෂධ හා ආහාර සමග නියම කරන ලද ඖෂධය ලබාගැනීමේ දී අතුරු ආබාධ ඇති වේ ද? යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන්ට සිදු වෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩි වන තරමට විදේශිකයා අසතුටට පත් වෙයි. 


ඖෂධ භාවිතය සම්බන්ධ ව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත් ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක්‌ හේතුවකි. රෝග අවස්‌ථා නිර්ණය කර එම රෝගකාරකයන් පාලනයට හෝ මර්දනයට හෝ ඖෂධ යොදාගත හැකි ය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසා ගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්‌වා ම ඖෂධ නැති ව ම බැරි සංයෝගයක්‌ වී ඇත. දරුවකු මවුකුස පිළිsසිඳ ගැනීමටත් පෙර සිට ම මව ඖෂධ ලබාගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේ දී ද ඖෂධ ලබාදීම සිදු කරයි. 


පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අප ගේ පවුලේ සාමාජිකයෙක්‌ සැම දින හතරකට ම වරක්‌ අසනීප වෙයි. මීට අමතර ව වයස අවුරුදු 20ත් 45ත් අතර කාලයේ දී සැම පුද්ගලයකු ම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සැම අවස්‌ථාවක දී ම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි. 


රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක්‌ සම්බන්ධ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්‌ වන්නේ ද යන්න පළමු ව කල්පනා කළ යුතු ය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්‍රතිකාරවලින් තොර ව ම සුව වෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියා ගේ සිරුරේ සිදු වෙතැ'යි අපේක්‍ෂිත වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ තිබිය යුතු ය. හැකි සැම විට ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතු ය. තමා ගේ ප්‍රතිකාරවලින් රෝගියාට සුව වන්නේ, නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතු. 


වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙනු ලබන ඖෂධ නියමිත මාත්‍රාවන් නියමිත ස්‌ථානයේ දී නිවැරැදි ව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරැදි මාර්ගය ඔස්‌සේ ලබා දිය යුතු ය. නිදසුනක්‌ වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත්වලින් සුවය ලැබීමට වැඩි කාලයක්‌ ගත වෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙලඹිය යුතු ය. 
Full Article....

Friday, March 16, 2012

A picture is worth a thousand words!!! Isn't it?







Top most pictures are my newest rose.
Though it's very beautiful it's short living and not fragrance.
I think next pictures are somewhat familiar to you,
They are the flowers I showed you in last post,
And at the bottom,
of course she's my grand mother,
My fathers mother.

Saturday, March 10, 2012

දුක තමා.... ආයෙත් බලන්න :)

කලින් කීව මල






අළුත් මල









ඔය මැද ඉන්නෙ  ගුල්ලෙක්.. මෝඩයා.

පළවෙනි සේපාලිකා ගෙඩිය



අද මල පිපුන,
කියල වැඩක් නෑ හරිම සුවඳයි,
ෆොටෝ ගත්තට ඇති වෙන්නෙ නෑ.
ඊට අමතරව ඔය අත් දෙක මැද තියන්නෙ කලින් කියපු පූජා කරපු මල,
ඒ ගහ හරි හොඳයි,
අනික් ගස් වගේමයි පොහොර නැතත් ලස්සන මල් දෙනවා මට.
ඔය පසුබිමෙන් ඈතින් පේන ජනේලෙ මගේ කාමරේ ජනේලෙ,
ඉතින් මගෙ Landscaping වැඩ කවද හරි ඉවර කරගත්ත දවසක් ලස්සනට තියෙයි.
රොස මලට අල්ලපු සුදු මල ගාඩිනියා,
එයත් මේ දවස් වල මල් පුරවන් ඉන්නවා හරිම සුවඳයි,
එතකොට පිච්ච මල්,
මේ ඔක්කොම අපි හවසට බුදු රජාණන් වහන්සෙට පූජා කරනවා,
ඊට පස්සෙ ගාඩිනිය මල් යන්නෙ මගෙ මේසෙට,
දවස් දෙක තුනක්ම සුවඳ හමනවා මෙහෙම වතුරෙ තිබ්බම,
(රතු රෝස මල නම් සතියක් විතර තියන්න පුළුවන්)
මේ ගහටත් පොහොර ප්‍රශ්න නෑ,
එකම ප්‍රශ්නෙ ගුල්ලො,
උං මල් කනවා.
යටම තියන්නෙ සේපාලිකා ගෙඩියක්,
ඉන්දියන් මිත්‍යා කතාවෙ තියන හැටියට නම් මේ ගහේ ගෙඩි හැදෙන්නෙනෑ,ඒත් ඉතින් මේවගෙ හොඳට ගෙඩි හැදෙනවා.

මෙකෙත් ස්තූතියි අපෙ අම්මට හිමි වෙන්න ඕන,
අම්මගෙ අත් දෙකයි මගෙ අත් දෙකයි දෙකම තියන්නෙ ඒකනෙ.


Note:
ඔබ කලින් ලිපිය කියෙව්වෙ නැත්තං මේක වටහාගන්න අමාරු වේවි.
ඒකත් කියවන්න.
අපි T බද්ධය කරමු - T grafting Picture Tutorial

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

අපි T බද්ධය කරමු - T grafting Picture Tutorial

කෙලින්ම වැඩේට බහිමු.
අපි බද්ධ කරන්නයි යන්නෙ.
ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.
සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.
එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,
එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.
ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.
මේ වැඩේට නම් අපි ග්‍රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් මට්ටමට වැඩිල තියෙන්න ඕන.
ඊට පස්සෙ අපිට ඕන වෙනවා හොඳට කැපෙන පිහියක් වගේ එකක්,
බද්ධ පිහි කියල ජාතියක් තියනවා,
ඒත් ඉතින් මට හම්බුන ඒවා හරි නෑ,
ඒ නිසා මම පාවිච්චි කරන්නෙ පේපර් කටර් තමා,
ඒත් මීට වඩා ලොකු පේපර් කටර් එකක් පාවිච්චි කරනව නම් හොඳයි.
පේපර් කටර්

බද්ධ පිහි
හරි දැන් වැඩේ පටන් ගමු,
අපි කරන්න යන්නෙ T බද්ධය,
මේක හරිම පහසු එකක්.


ඉස්සල්ලම අනුජයට සුදුසු අංකුරයක් කපා ගන්න,
මේකට හොඳ ඉබේම කොලයක් වැටිල හැදුන ටිකක් උඩට ඉස්සුන එකක්.
(මං කරන්නෙ ඩිමෝ එකක් විතරයි)
ඊට පස්සෙ පුළුවන් ඒ අංකුරේට උඩිනුයි යට්නුයි වටේටම තිරස් කැපුමක් යොදල ඊට පස්සෙ පිටි පස්සෙන් සිරස් කැපුමක් යොදල අංකුරේ ගලවන්න.

එහෙමත් නැත්තං මෙහෙම ලීයත් එක්ක කෑල්ලක් කපල අංකුරේ සහිත පොත්ත ගලවන්න.

උඩ කියපු විදිහට ගලවපු එකේ වැඩි ටික දෙපැත්තෙන් කපන්න.
ක්‍රම දෙකේම කපන කැපුම් තලන්නෙ නැතුව කපන්න.
උඩ ක්‍රමේදි කැපුම් ටික තදින් දාන්න ලීයේ වදිනකම්ම පිහි තලේ,
ඒ වගේම පොත්ත ගලවනකොට පරිස්සම් වෙන්න පොත්තේ ඇතුල් පැත්ත හම ගහගන්නෙ නැති වෙන්න ගලවන්න.
මේකට පිහි තුඩ යොදා ගන්න.

මම කැමති උඩ ක්‍රමේට මොකද එතකොට අංකුරේට ඈතින් පොත්ත ගැලවෙන නිසා පහසුවෙන් ගලවන්න පුළුවන් අංකුරේට හානි නොවී,
එතකොට මුල හරිය පිහියෙන් උස්සල ඉතුරු ටික ඇඟිලි තුඩු වලින් ගලවන්න පුළුවන්.
පොත්ත ගැලෙව්වම පෙනෙයි ඇතුල් පැත්ත දිළිසෙන ගතියක්.
ඊට පස්සෙ ග්‍රාහකයට යමු,
ග්‍රාහකයෙත් අර කීවා වගේ පොත්ත ලේසියෙන් ගලවන්න ලේසි වෙන්න ලීය වදිනකං පිහි තලේ තද කරන්න.
ඊට පස්සෙ තුඩෙන් පොතු කෑලි දෙක ඈත් කරල අපි හදා ගත්තු අනුජය එතෙන්ට දාන්න.
ඊට පස්සෙ ඒක හරියට හදන්න ඇතුල් පැත්ත ලීයෙ ගෑවෙන්න සහ යට දාරය ග්‍රාහකයේ පොත්ත එක්ක මැනවින් සම්බන්ධ වෙන විදිහට,

(මේක හොඳම නෑ, මීට වඩා කැපුම් දාරය සියුම් වෙන්න ඕන,
මෙහෙම අනුජයයි ග්‍රාහක පොත්තයි අතර ඉඩ තියෙන්න බෑ.)

එතකොට තමා ග්‍රාහකයෙන් කෑම බීම යන බට ලයින් ටික අපි බද්ධ කරපු පොත් කෑල්ලෙ බට ලයින් එකට සම්බන්ධ වෙලා ඒක රැකෙන්නෙ.

මේ වැරදි ක්‍රමය  දැන් අනුජයට කෑම බීම නෑ
.
ඊට පස්සෙ සෙන්ටිමීටරයක් විතර මහත පොලිතින් පටියක් කපල අරන් යට ඉඳන් උඩට ඔතන්න.
මේකට ෆොටෝ ගන්න බැරි වුනා නෙට් එකෙන් අරන් දානවා.


මේකට නැට්ට ඕනම නෑ හොඳද, නැට්ට නැති අංකුරේක නම් අංකුරේ වැහෙන්නම ඔතන්න,
ඒකතැන ගොඩක් ඔතන්න එපා,
හරියට එක පොටක් ඔතන්න.

තව හැකි ඉක්මනින් මේ වැඩ ටික කරන්න අත කපා ගන්නෙ නැතුව,
නැත්තං අනුජය වේලිලා වැඩේ අසාර්ථක වෙනවා.
අතු කෑල්ල පිටින් තෙත බෑග් එක්ක දාගෙන දුර ඉඳන් ගෙනල්ල වුනත් බද්ධ කරන්න පුළුවන්,
තව ඕන්නම් මේ අනුජය වේලෙන එකෙන් වලක්වන්න කටේ දාගන්නත් පුළුවන්.

මේ වගේම H බද්ධය සහ මේ T අකුර අනික් පැත්ත ගහල කරන බද්ධයත් කරගන්න පුළුවන්, තව ක්‍රම තියනව,

හොයල බලන්න. H එකට දෙපැත්තෙන්ම පොත්ත පෑහෙන විදිහට H අකුරෙ උසට සමාන අනුජයක් ගන්න.
හරි ලේසියි.
මේ තමා අංකුර බද්ධ වල ලේසිම එක.

මේකෙදි ග්‍රාහකයෙ ගොඩක් උඩින් බද්ධ කරන්න එපා.
ඒ වගේම බද්ධ කරල සති දෙකක් යනකන් ඔතපු පටි ගලවන්නත් එපා.
ඒවා ඔතනඔට හොඳට ඔතන්න වතුර යන්නෙ නැති වෙන්න සහ වියලීමෙන් ආරක්ෂා කරගන්න.
සති දෙකකින් බලනකොට අනුජය පණ පිටින් නම් වැඩේ හරි.
තව ටිකක් බලන්න ඊට පස්සෙ ටික දවසකින් ඒක දල්ලක් දාන්න යනව නම් වැඩේ සාර්ථකයි.
එතකොට ග්‍රාහකයේ බද්ධයට සෙන්ටි මීටර් පහක් විතර උඩින් කඳ කපල දාන්න.
ඊටත් පස්සෙ ග්‍රාහකයේ අංකුර නැගල එනවනම් කඩල දාන්න,
නැත්තං අපි බද්ධ කරපු එක හරියන්නෙ නෑ,
ගහ උපරිම උත්සාහය දාල තමන්ගෙ අංකුර ටික හදා ගන්නවා.
අන්තිමේට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා,

හ්ම්ම් සුවඳ,
මගේ රෝස ඉතිහාසේ සුවඳම රෝස මල මේක,
බද්ධ කරල තමා හැදුවෙ,ඉවසිල්ලක් නෑ මට මේක පිපෙනකං.
හෙට දිහාට පිපෙයි,
ඉතින් වැඩේ කරල බලන්න,
එක ගහේ පාට කීපයක් මල් බලන්න පුළුවන්.
ඉස්සල්ලම වද ගස් වල වැඩේ කරල පුරුදු වෙන්න.
මේකෙ බර බර වචන දැම්මෙ නෑ,
ශාකයේ පටක ව්‍යුහය ගැනත් දැම්මෙ නෑ,
ඒකට වෙලා යන නිසා.
ඒත් හිතනවා ඕන කෙනෙකුට වැඩේ තේරුම් යාවි කියල.
මේ මගේ ලොකුම රතු රෝස මල,
මේක බුදු රජාණන් වහන්සෙට පූජා කළා.


මෙයා හම්බුනේ ෆොටෝ ගන්න යනකොට
සේපාලිකා ගහේ එල්ලිලා හිටියෙ.
දැන් සළබයෙක් වෙන්න ළඟයි.
කාලා කාලා ශක්තිය ගබඩා කරන් ඉන්නෙ.
මේ උකුසු සළබයෙක්ගේ (Hawk Moth) පැටියෙක්.

ස්තූතිය:
හැමදේටම මගේ ආදරණීය අම්මාට සහ අප්පච්චිට,
ආයෙත් කැමරාවක් සහ අළුත් මොනිටර් එකක් අරන් දුන්නට.
තව අම්ම තමා මේ සමහර ෆොටෝ ගත්තේ.
තවද මම ඕ/ලෙවල් වලටවත් ඇග්‍රිකචල් කර නැති වග කරුණාවෙන් සළකන්න.
ඒත් ඉතින් ඇග්‍රි කචල් කොරපු අයට කියල දුන්නා සමහර ඒවා.
කටවහන් හිටපු මේ කාලෙ අස්සෙ ගොඩක් දේ ඉගෙන ගත්තා,
ගොඩක් දේ හිතුවා,
පරිසර ප්‍රශ්න ගැන එකක් කියන්නම්,
අපෙ මිනිස්සු ගුටි කාලත් කරන්නෙ ඒ ගොල්ලටම පාඩු කරගන්න එක.
මේ කියන්නෙ ටයර් පුච්චන එක ගැන,
පාරත් ඉවරයි, පෙනහළුත් ඉවරයි ,පරිසරෙත් ඉවරයි.
පවු.
මෙන්න අවසන් ප්‍රතිඵලය,
http://myideasgordoniaceylanica.blogspot.com/2012/03/blog-post_5800.html

Saturday, February 25, 2012

අනාගතය සුභ නොවීමට බෝහෝ ඉඩ ඇත.



මට අද සෑහෙන දිනකින් නොදැණුන මූඩ් ගතියක් දැණිනි.
ලියන්නෙ නැතුව සිටීමට සිතා සිටි දේවල් කිහිපයක් ගැන ලියමි.
ඇත්තෙන්ම මා සිතාගෙන සිටියේ බොහෝ දිනකට බ්ලොග් පලාතෙවත් නොඑන්ටය.
එහෙත් සාමාන්‍යයෙන් ප්‍රවෘති නොබලන මා අද ප්‍රවෘති බැලුවෙමි.
අලි ගසා මිනිසුන් මැරී ඇත.
මිනිසා මැරූ අලියාද මරා ඇත.
ලුණුගම්වෙහෙරෙන් මැණික් ඉල්ලම් මතු වී ඇත,
ඒවා ගැනීමට මිනිස්සු පොරකති.
කොහෙදෝ සුවිසාල හෝටලයක් හැදීමට යයි.
කලා වැව ඉස්මත්ත වනසා පස් හාරයි.
ඇමරිකාව ලංකාවට වලියක් දැමීමට අර අදී.
මට නම් දැනෙන්නේ රටට අත්වෙන්නට යන්නේ හොඳ කාලයක් නොවන බවයි.
බොහෝදුරට ලංකාවට සහ එහි මිනිසුන්ට දුක් විඳින්ට වෙන කාලයක් එලඹිය හැක.
ලංකාව යනු සාමාන්‍යය රටක් නොවේ.
ලෝකයේ වැදගත්ම රට ලංකාවයි.
ලොව විසූ බලවත්ම පුද්ගලයා වූ බුදු රජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා අති බහුතරයක් ද,
උන් වහන්සේ පිට දුන් බෝධිය ද,
උන් වහන්සේගේ පාත්‍රය ද,
උන්වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයද දරා සිටින භූමිය මෙයයි.
අප එකාන්තයෙන්ම බෞද්ධ උරුමයක් සහිත රටකි.
බහු ආගම් ආදි කතා කොච්චර කීවත් මේ රට ගොඩනැගුනේ බුදු දහම මතය.
මෙහි සිටින මිනිසුන්ගේ ජීවිත ආධ්‍යාත්මික සහ නොපෙනෙන දේවල් සමඟ බැඳී ඇත.
ඔවුන්ට දෙවියන්ද යක්ෂයන්ද නාගයන්ද වෙනත් බලවේග සමඟ සාමයෙන් සිටිය යුතු වේ.
මේ එළඹ ඇත්තේ ඒ බලවේග සතුටු කරවන කාලයක් නොවේ.
රට පුරා මහා නිධන් මංකොල්ල සිදු වේ,
වැව් සහ ජලය විනාශ වේ,
ඒ මිහිඳු මහ රහතන් වහන්සේ සැතපුන යහනද පුපුරවා හැර ඇත.
මේ සියල්ල දෙවියන් ඇතුළු අමනුෂ්‍යයන් සතුටු කරවන සුළු ඒවා  නොවේ.
ඔබට කලා වැවේ උපත මතක නැතුවා වීමට බැරිය.
කාල නම් දරුවා මියගොස් කලා වැවේ අධිපති යක්ෂයා බිහි විය.
නාග රූප වැව් අසල කොටා ඇත්තේ ලස්සනට නොවේ.
ඒ මේ ජලය හා නාගයන් බැඳී ඇති නිසාය.
අදටත් ඒ යක්ෂයන් සහ නාගයන් ඔවුන්ගේ අඩවි වල අණසක පතුරාගෙන සිටී.
ඔවුන් මේ දේවල් නිසා කෝප වී ඇතුවාට සැක නැත.
නිධාන වලට අරක්ගත් අමනුෂ්‍යයන් ද සතුටින් නොසිටිනවා ඇත.
මේ සියළු දෙනාම සිටින්නේ කෝපයෙනි.
ඒ ඔවුන්ගේ පූජනීය දේවල් විනාශ කරන නිසාය.
මේ වැව් හැදුනේ ප්ලේන් බෑමට නොවේ,
ඒවා ගැලපෙන්නෙ වෙන රටවලටය,
වැව් පූජනීය තැන් විය,
එහෙවු වැව් වලට අද සිදුවී ඇත්තේ කුමක් ද?
මා එක් බ්ලොගයක කියවූ කරුණක් වූයේ මල් සුවඳ ආහාරයට ගන්න දෙවියන් පොළවෙන් ඈත් වී ඇති බවයි,
ඒ අධික කෘෂි රසායන භාවිතය නිසාය.
(කීමට අමතක විය ඔබ මොඩන්ම කෙනෙක් නම් මේක කියවා විවේචන කිරීමට ඇරසෙන්න එපා)


මේ දේවල් අස්සේම අපේ රට දිගු කාලීන ක්‍රමික විනාශයකට ලක්වී ඇත.
අපට දැන් ස්ව්‍යංපෝෂිත ආර්ථිකයක් නැත.
අවශ්‍යයම දේවල් වන්නේ ඛණිජ තෙල්ම නොවේ,
අඩු ගානේ අපට තැම්බූ කොස් හෝ බත් සහ පොල් කා ජීවත් වීමට නොහැක.
අපිට අද මේ කිසිවක් නොමැත.
තිබෙන හාල් වලද ආසනික්ය.
ආසනික් තියන හාල් වුවද විකුණා ගත නොහැකිව ගොවියන් අසරණ වෙයි.
බහුජාතික සමාගම් සහ පිට රටවල් කළේ කුමක් ද?
සුද්දන් කළේ හැකි තරම් වැව් විනාශ කර සිංහලයාගේ තිබූ ස්ව්‍යංපෝෂිත බව නැති කිරීමය.
මා කියවා ඇති පරිදි බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරයා වැව් වල නොමිලේ ශ්‍රමදාන කිරීම වලකා ඇති ඇතර සෑහෙන වැව් ප්‍රමාණයක බැමි කඩා ඇත.
ඔහුගේ ආර්යාව කර ඇත්තේ ජපන් ජබර ගෙනවිත් ලංකාවේ ජල පද්ධතියට බෝ කිරීමය.

අතීතයේ අපේ මිනිසුන් උඩරටට වී සිතලට සනීපෙට නොඉඳ  රජරටට වී සිටියේ පිස්සුව්ට නොවේ.
ඔවුන් රටේ ජලය එකතු වී ඇත්තේ කඳුකරයේ බව දැන සිටියහ.
එහි පදිංචි වූවොත් එය වැනසෙන බව දත්හ.
ජලය නැතුව මොකුත් බැරි බව දැනගත් ඔවුන් එහි පදිංචි නොවූහ.
එසේ පූජනීයව රැකගත් ලංකාවේ ජල සංචිතය වූ කඳුකරය තේ වගාව  සහ කෝපි වගාව සඳහා විනාශ කෙරිනි.
අද නුවරඑළිය එකම රසායනික පිරි විෂ බිමකි.
එසේම මුඩු වූ බිම් තවත් විනාශ වෙන පයිනස් වගා ඇති කරන ලදි.
මේවා භූගත ජලය හොඳින්ම වනසයි.
එසේම දිරාපත්වීම අඩු කොළ එකතු වෙයි,
යටි රෝපනයක් ඇත්තේම නැත.

ඒ යුගය ඉවර වූ පසු ලංකාවේ හේන් ගොවිතැනට පහර වැදිනි.
හේන යනු බෝග රැසකින් පිරි ගොවියා ස්ව්‍යංපෝෂිත කර කෘෂි බිමකි.
ඔවුන් කලේ එය විනාශ කිරීමයි.
හේන පරිසරය වනසන එකක් බවට හං වඩු ගසා තහනම් කරේය.
ගොවියා හතරැස් පාත්තියක වගා කිරීමට පොළබවන ලදි.
හතරැස් පාත්තියේ හිටෙව්වේ නැත්නම් ආධාර නොදී හැරියේය.
ඉන් පසු ඔවුන්ට එක බෝගයක් වගා කර ජීවත් වීමට හුරු කළේය.
ඔවුන්ගේ සිත තුල ඇති කළ හැඟීම එයයි.
ඉන් පසු ඔවුන්ම කෘෂි රසායන හඳුන්වා දුන්නෝය.
ඉන් අපේ පරිසරයේ සමතුලිතතාව නැති විය.
ඉන් පසු ගොවියාට ඒවා නැතුව බැරි විය.
පළමුව නොමිලේ දුන් ඒ විස අපිටම විකුණන්ට ඔවුන්ට හැකි විය.
එයින්ම මිනිසුන් ලෙඩ කරවන රසායන ටොන් ගණනක් දශක ගාණක් තිස්සේ පොළවේ එකතු විය.
අහක දමන දණ්ඩ වුවත් දළුලා යළි පැලවේ කියූ භූමිය රසායනික පොහොර වලටම පදම් වූ නිසරු එකක් විය.
අදටත් මේ දේවල් නවතින්නේ නැත්තේ,
දන්නා අයද කටවහන් ඉන්නේ බහු ජාතික සමාගම් වල බලයෙනි.

අපට තෙල් හෝ දියමන්ති ආකර නැත.
වෙනත් වටිනා ඛනිජ ද නැත.
විශාල භූමියක් ද නැත.
ලංකාවට ගැලපෙන් ප්‍රධාන කර්මාන්තය කෘෂි කර්මාන්තයයි.
අපිට ඒ සඳහා අවැසි දේ උරුම වී තිබිනි.
අපිට ගැලපෙන්නෙ සංචාරක කර්මාන්තයවත් වෙන දෙයක්වත් නොවේ වී ගොවිතැනයි.
පෙරදිග ධාන්‍යාගාරය අපේ රට විය.
අපට ඒ තත්වයට යෑමේ නොහැකියාවක් තවම නැත.
එහෙත් අප තවම ප්‍රමාද වෙමින් සිටිමු.
ලෝකයේ දියුණු රටවලින් බැහැර වෙමින් යන ගල් අඟුරු බලාගාර චීනයෙන් අපිට දෙන්නේ ආදරයට නොවේ.
කොහොමත් අපට ගල් අඟුරු ගේන්ට වෙන්නේ පිට රටිනි.
අපිට මහා දැවැන්ත හෝටල් වලින්ද වැඩක් නැත.
පළමුදේය බඩගින්නයි.
අපි එයින් මිදීමට කුළුණු, පොකුණු  'වේ'හෝ තැන්නවල් ගසා වැඩක් නැත.
බඩගිනි වූ විට ඒවා ලෙවකන්ට ද?
හෙට අපට ආර්ථික සම්බාධක පැනවූවොත් වෙන හරිය ඕනම මෝඩයෙකුට හිතා ගත හැක.
මොන ආණ්ඩුව ආවත් වෙන්ට ඕන දේ වුනේ නැත.
විය යුත්තේ අපේ කෘෂිකර්මය සහ වැව් පද්ධතියට නැවත පණ පෙවීමයි.
ඒ දේ කරන තෙක් අපිට සෙතක් වෙන්නෙ නැත.

සංවර්ධනය අවශ්‍යය මා එය නෑ යයි නොකියමි.
එහෙත් අපි ඉස්සල්ලාම කළ යුත්තේ බඩ ගැන හිතීම නොවේද?
ඉන් පසු ඕන මල ඉලව්වක්.
සංවර්ධනයේ නාමයෙන් අපි රැල්ලේ යා යුතු ද?
මේ පුංචි රටට දරා ගත නොහැකි අනවශ්‍යය ව්‍යාපෘති ඕන ද?
මේ යන විදිහට අපිට ආර්ථික සම්බාධක ආවත් නැතත්  ප්‍රශ්න මතු වේ.
ඇමරිකාවේ ගෝත්‍රික මානසිකත්වය නිසා ලෝකයේ යුද්ධයේ ගිණි පුපුරු අළු යට සැඟවී ඇවිලීමට වෙලාවක් එනතෙක් බලාසිටී.
ඊට අමතරව වසර ගණනක් තිස්සේ සොබාදහම දූෂණය කිරීමේ විපාකද අපට ලැබෙනවා නොඅනුමානය.
දැන් අවිද්‍යාඥයින් කියන පරිදි ලෝකයේම කාබන් ඩයොක්සයිඩ් පිටවීම නැවතුවත්,
මේ එකතු වී තිබෙන ප්‍රමාණය නිසා තව කලකින් ගෝලීය උෂ්ණත්වය අංශක දෙකකින්ද කොහෙද ඉහල යයි.
එහි අනිටු විපාක ද අපිට විඳින්න සිදු වෙයි.
නැවතත් මා අපේ රටට එමි.
මේ රටේ පහල වන්නේ සුභ ලකුණු නොවේ,
නිල් මැණික් මතු වීම සුභ දෙයක් යැයි කිව නොහැක.
ඔතනින් මිනී මැරුම් ආරම්ඹ විය හැක.
හිර කරුවන්ගේ කැළඹීම්ද ගෙනෙන්නේ හොඳ ඉවක් නොවේ.
මා කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවෙමි.
මා දැක ඇති කිසිම දේශපාලකයෙකු රටට හෝ මිනිසුන්ට ආදරේට ආවා යැයි මා නොසිතමි.
මට තේරෙන කාලේ පටන් තිබූ ආණ්ඩුද එසේමය.
අවාසනාවට මට මේවා ගැන නිකමට හෝ ලිවීමට තේරෙන්නේ දැන්ය.
ආණ්ඩුවේ වාසනාවට සහ අවාසනාවට ඇමරිකන් ප්‍රශ්නය ආවේය.
තෙල් වලට උද්ඝෝෂණ කළ මිනිසුන් සඳුදා රට වෙනුවෙන් උද්ඝෝෂණය කරනු ඇත.

මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා මිය ගියොත් ලංකාවේ නැවත වාර්ගික අර්බුද ඇති වෙනු ඇත.
දෙමල මිනිසුන් මෙන් නොව මුස්ලිම් අය නැගිට්ටොත් වෙන්නේ වහ කන්නටය.
ඒ ඔවුන් බූවල්ලෙක් මෙන් ලංකාව වෙලාගෙන ඇති නිසය.
ඔවුන් ලංකාවේ ආර්ථිකය ද දේශපාලනයද අධ්‍යාපනය ඉඩ කඩද ජන සංඛ්‍යාවද අල්ලා ගනිමින් සිටී.
ඔව්න් යුද්ධ කරොත් නම් ඉවරෙටම ඉවරය.
මක් නිසාද යත් ඔවුන්ගේ ආගමෙන්ම උගන්වන්නේ යුද්ධ කරන්නය.
එවිට ඔවුන්ට ප්‍රශ්න අමතක වෙනු ඇත.
මේ සියල්ලටම වඩා වැදගත් දෙයක් තිබේ ඒ ජීවිතයයි.
මේ වසරේ අප අතුරින් සමහරෙකුට මිය යෑමට සිදු විය හැක.
මේ සියල්ල හැරදා අප යා යුතුය.
තමන්ට පිහිට තමාමය.
මටද එය එසේමය,
මේ මොනවා ලීවත් මට පිළිසරණ මාම හදාගත යුතුය.
මක් නිසාද යත් මේ රටේ වෙන්නට යන විනාශ වලින් මමද මිය යා හැකි නිසාය.
මා මේ සියල්ල ලීවේ කිසිම පක්ෂයකට පක්ෂව නොවේ,
ආණ්ඩු පෙරලන්ටත් නොවේ.
හුදෙක්ම මට දැනුණ බයානක දැනීම නිසාය.
ඔබත් කල්පනා කරන්න.
ඔබටත් කොයි වෙලාවක මිය යෑමට වේදැයි දන්නෙ කවුද?
අවුරුදු විසි එකේ කොල්ලෙක් වන මට මේවා ගැන තේරෙන්නේ මේ අයුරිනි.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Wednesday, February 22, 2012

වැඩ දැමූ සුදු සාරිය ...


ඇය කිසිදිනක මෙවන් ලස්සන සාරියක් ඇඳ නැත.
ඇයට මහත් සතුටක් දැණිනි සුදු සාරියේ සියුම් ලෙස වැඩ දමා ඇත්තේ චාම් විදිහට වූවත් එය සුන්දරය.
හැට්ටයද පිළිවලය,
කොණ්ඩය හොඳින් පීරා කටු ගසා ඇත.
ඇය තරුණ කාලයේවත් මේතරම් හොඳට ඇඳ පැළඳ සිටි දවසක් මතක නැත.
ඇය වන් වැඩකාර ගෑණියකට මෙවන් සාරියක් අඳින්න ලැබේයැයි ඈ හීනෙන් වත් හිතන්නට නැතුව ඇත.


මැණිකා උපන්නේ වලව්වේ වත්ත පහල තිබුන කුඩා පැලෙහිය.
ඒ නිසා උපන්දා සිට ඇගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතකර ඇත්තේ මෙහිය.
එසේ වුවද ඇයට ගමේ සමවයස් ගැහැණුන් සමඟ ආඩම්බරයෙන් කීමට තරම් ගමන් ප්‍රමානයක් ඇය ගොස් සිටියේ වලව්වෙ හාමුලාට පින් සිද්ද වෙන්ටය.
ප්‍රවේණි දාසයන් ලෙස වලව්වේ සිටි මෙහෙකරුවන් වූ ඇගේ මවු පියන්ගේ අඩි පාරේම යෑමට ඇයට සිදු විය,
මේ නිසා ඇයට කුඩා කල සිටම වලව්වේ කුස්සියේ වැඩ වලට උදව් කරන්නට සිදු විය.
ඇයට දුක් තිබුනද වලව්වෙන් කෑම බීම ලැබුනි.
සමහර විට කඩෙන් ගෙනා රස කෑම වලද කොට ලැබිනි.
ඒ නිසා ඇයට තරමක් සැපවත් ජීවිතයක් කුඩාකල තිබිනි.
එහෙත් ඇගේ මව සහ පියා රෑට ගෙදර ආ විට ඔවුන්ගේ රිදුම් දෙන දෑත් දෙපා පිරිමැඳීමට ඇයට සිදු විය.


කාලය ගතවී ගියේය,
ඇයගේ තරුණ වයස එළඹිනි.
එවිට ඇගේ මවු පියන් ඒ තරම් මහන්සි වී ගෙදර එන්නට හේතුව ඇයට තේරුම් ගියේය.
ඔවුන් සිටියේ වලව්වක වුව, කෑම බීම ලැබුනා වුව,
ඔවුන්ගේ ජීවිත සර්කස් එකක සිටින සතුන්ගේ මෙන් විය.
ඒවා කිසිදාක නිවහල් ඒවා වූයේ නැත.
වලව්වේ නිවැසියන්ගෙන් සමහරු ටිකක් හොඳ වුවත්,
අවස්ථාව ආ විට ඔවුන්ගේ මාන්නක්කාර ලේ පෙරට එයි.
එවිට තමා කවුදැයි ඇයට හොඳින් තේරුම් යයි.


ඇය කුඩා කල දවසක් ලොකු හාමුලා නැති දිනක පොඩි හාමුගේ කාමරය අසලින් යන විට,
ඇයට අමුතු ශබ්දයක් ඇසී එබී බැලූ විට කුස්සියේ වැඩ කළ ළසඳා අක්කා සහ පොඩි හාමු මොනවාදො කරනවා පෙණෛනි.
ඇයට එය තේරුම් ගියේ නැත,
එහෙත් ටික කලකට පසු ළසඳා අක්කට බැන වැදී වලව්වෙන් එළවා දමනු ඇය දැක්කේය.
"ඇයි අම්මේ ළසඳා අක්කව එළවල දැම්මෙ?"
"ඒකි මහ විසේකාර එකියක් දුවේ ඒකයි"
වලව්වට කඹුරා කල්ගත වෙන විට එවන් හීන වූ කොන්ද බිඳ දමන තත්වයකට පත්වෙන බව ඇයට තේරුනේ ඈ ලොකු වුන ඒටය.
එහෙත් වයසක මැණිකාද එවන් තත්වයට ඇද වැටුනේ නිරායාසයෙන්මය.
පොඩි හාමුගේ කාමරයට ඇයටද යෑමට සිදු විය.
එහෙත් ටික කලකින් ඔහු සිය පවුල සමඟම ඒරොප්පෙට ගිය බැවින් ඇයට ළසඳා මෙන් වලව්ව හැර යෑමට සිදු නොවිනි.
කෙසේ වුවත් වත්තේ පොල් කඩන්නට ආ පියදාසගේ පුතා සමඟ ඇයට විවාහ වෙන්නට සිදු විය.
මේ සියල්ල සිදු වී දැන් බොහෝ කල් වෙයි.
එහෙත් දැන් ඒ අතීතය ගැන සිතන විට ඇයට විශේෂ හැඟීමක් නොදැනේ.
ඒත් පන්සලේ හාමුදුරුවෝ කියන පරිදි නැවත් ඉපදෙනවා නම් මේ වලව්වෙම වැඩට එන්ට වේවිදැයි ඇයට බියක් ඇත.
ඒ නිසා අවුරුදු පනස් හයේදී වලව්වෙන් ලැබුන සිල් ගැනීමේ නිදහස නිසා,
හැම පෝයටම සිල් ගැනීමෙන් පසු මේ වලව්වෙ නම් ආය ඉපදෙන්න නොලැබේවා යැ‍යි පතයි.


එදා ඇයට පොඩි හාමු ඉස්සර සිටි කාමරයෙන් හුරු පුරුදු කෙඳිරිලක් ඇසුණි.
දැන් ඒ කාමරයේ සිටින්නේ පොඩි හාමුගේ පුතාය.
ඔහු මේ දින වල නිවාඩුවට ලංකාවට ඇවිත් සිටි.
හාමු ඇයව දැක්කේය, ඔහු සමඟ කුස්සියේ අලුත් වැඩකාර කෙල්ල සිටියාය.
"උඹ මේව කාට හරි කියල තිබුනොත් එහෙම!!!
 නාකි ගෑණි"
ඔහු ඇයව තල්ලු කර දැම්මේය.
වයස්ගත ඇගේ ශරීරය වාරු නැතිව ඇද වැටිනි.


ඇය ඈ දෙසම බලන විට ඇගේ සුදු මේස් දැමූ අත් උඩ සුදු පාට මල් කළඹක් පෙණිනි.
ඇයට ඒ මල් වර්ගය මතක් විය,
පොඩි හාමු ඉස්සල්ලාම කාමරයට එන්න කීවේ ඒ මල් බලන්නය.
ඊට පසු නොයෙක් වර ඇයට කාමරයට යෑමට සිදු විය.
"පව් හොඳ ගෑණි,ලිස්සල වැටිල,"
කවුදෝ කියනව ඇයට ඇසිණි.


ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com