චින්තා ලක්‍ෂමී සිංහාරච්චි සහ විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය සහ යන සොඳුරු මිනිසුන් දෙදෙනා මා කිසිදා දැක නැත.
කතා කරවත් නැත,
එහෙත් මට ඔවුන්ගේ හදවත් තුල තිබුණ සුන්දරත්වය නොරහසකි.
මම කලක් පොත් ගුල්ලෙක් වී සිටියෙමි.
දැනුදු එහෙම එකෙකුදැයි නොදනිමි.
මක් නිසාද යත් මම දැන් වැඩිය පොත් නොකියවන බැවිනි.
මා කුඩා කල සිටම පරිසරයට බෙහෙවින් ආදරය කළෙමි.
මට රස විඳීමට ඝන වනාන්තරයක් හෝ දිය ඇලිවත් දං බෝවිටියා පිරි බෝවිටිවත් තිබුනේ නැත.
එහෙත් අපේ මහගෙදර පිටිපස්සෙ දොරගාවට වී කරාඹු ගහක කොලයක් මකුළු හුයක එල්ලී සුළඟට කැරකෙන අයුරු ආසාවෙන් බලාසිටි ඔලු පොඩ්ඩේ සුළි තුනක් තිබුණ දඟකාර කොලු පැටියා තවමත් මතකය.
ඒ දරුවා පරිසරය හොඳින් නිරීක්ෂණය කළ බව මට හොඳට මතකය.
ඔහුගේ පරිසර ප්‍රේමයට අම්මාගේ සෙනෙහසද ඉවහල් වන්නට ඇත.
කුඩාකල සිටම කියවීමට ප්‍රියකළ මා ඉහල වසර වල පෙළපොත් මෙන්ම පැරණි නිර්දේශයේ පෙළ පොත්ද වසර දෙක තුනකට කලින්ම කියෙව්වෙමි.
එසේ ඇරඹුණ පොත් කියවිල්ලේ අමතක නොවන ලියැවිලි කිහිපයක් දක්වමි.
සිංහල පෙළ පොතක වූ සියැටල්ගේ කතාව මම දෙනෙතට කඳුලු පුරාගෙන කියෙව්වෙමි.
ඒ පොතේම වු කුඩලිගමයන්ගේ සොහොන්බිම කවි පන්තියද මම බෙහෙවින් ප්‍රිය කරන එකකි.
සියැටල්ගේ කතාව මෙන් පරිසරය ගැන වූ අක්ෂර සමූහයක එකතුව සිත මායාවක පටලවමින් මතුරණ ලද සුන්දර පොතක් වූ ආරණ්‍යක් බෙංගාලි නවකතාවේ සිංහල අනුවාදය මෙසේ මගේ මතකයේ රැඳී ඇති පොතකි.
ඇත්තෙන්ම මට මිනිසුන් මෙතරම් පරිසරය ගැන සංවේදීවන්නේ කෙසේද තේරුම් නොයේ,
සියැටල් නිකන්ම නිකන් ගෝත්‍රිකයෙක් වුවත් ඔහුගේ චින්තනයේ තිබූ සොබාසුමිතුරු බව ඔහු ජැක්සන් කියන්නාවූ අමුතු බර බර වචනයෙන් සැබෑම "අනුහස් ලද" නායකයෙක් වන්නේය.
මක් නිසාද යත් මිනිසාටද සතුන්ටද ප්‍රථම ජීවන හුස්ම ලබාදෙන්නේ මේ පරිසරය වගත් ජනතා නායකයා එය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තේරුම් ගත් හෙයිනි.
කෙසේ වෙතත් මම නැවත් පීල්ලට එමි.
මට මතක හැටියට මම මේ පොත කියෙව්වේ 8 වසරේ පමණ ඉගෙන ගනිද්දීය.
මා පොතක් ගතහොත් රෑ එළි වෙනකන් හෝ කියවා එය ඉවරකරමි.
ඉන් පසු එය මතක ගබඩාවේ පවතී.
මෙය කිසිදා කියවා එපා නොවන පොතක් වූ නිසාම මම එය කිහිප වතාවක්ම පුස්තකාල වලින් ගෙනවුත් කියෙව්වෙමි.
මුල් කතුවරයා වූ විභූති භූෂණ බෙංගාලි බසින් මැවූ ලෝකය චින්තා ලක්ෂ්මී මහත්මිය හෙල බසින් යළි අපේ මනසේ මැවුවාය.
මෙහි කතා පුවත තරුණ විශ්වවිද්‍යාල සිසුවෙක් නගරයෙන් පිටව ඉන්දියාවේ දුර බැහැර වනාන්ත්‍රබද පෙදෙසක ඉඩම් පාලකයෙක් වී යන අයුරුත්,
ඉන් පසු ඔහු වනාන්තරය මිනිසා සමග බැඳී ඇති හැටිද පරිසරයේ මායාකාරී සහ ගුප්ත බවද අත්විඳින අයුරුද,
අවසානයේ ඒ සුන්දර පරිසරය දියුණුවේ පහරට ලක්වන අයුරුද ඔහුගේ කෝණයෙන් විස්තර කරයි.
මා සිතනා හැටියට මෙය සොබා සුමිතුරෙක් කියවිය යුතු පොතකි.
මම අද නුවර ගිය විට මෙම පොත ඇතැයි සිතා ගුණසේන පොත්හලට ගිය විට එය තිබූ නිසා එය මිලදී ගතිමි.
මිල රුපියල් 297කි.
දැන් කවරය වෙනස්ය, හැකිනම් පුස්තකාලයක් හෝ පැරණි කවරය ඇති එක බලන්න,
(එයද මීට වඩා පොත මෙන්ම මනහරය.)
සාමාන්‍යයෙන් මට පොත් සල්ලි දී ගෙදර ගෙනවුත් කියවීමේ පුරුද්දක් නැත.
එහෙත් චින්තා මහත්මියගේත් විභූති භූෂණගේත් සුසංයෝගයෙන් මැවුන පොත් හතරක් දැන් ගෙදර ඇත.
අපූ ත්‍රිත්වය ඒ පොත්ය.
මම ඒ පොත් වලටද වශීකෘත වී සිටියෙමි අම්මාද ඒවාට බෙහෙවින් ප්‍රිය කළ හෙයි අපි ඒ පොත් ගත්තෙමු.
ජාතික රූපවාහිනියේ ඒවා විකාශනය වූ විට මහ රෑ ඒවා නොනිමි ආසාවෙන් නැරඹූ අයුරු මට මතකය.
මේ පොත් තුනද ඕනෑම පොත් ගුල්ලෙකු කියවිය යුතු ඒවා යයි සිතමි.
කෙසේ වුවද කතාව නිම කිරීමට මම මුලට යමි.
චින්තා ලක්‍ෂමී සිංහාරච්චි සහ විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය
යන දෙදෙනාම දැන් මියගොස්ය.
එහෙත් ඔවුන්ගේ සිතුවිලි තවමත් පොත් තුල ජීවත් වෙයි.
මහත්මිය අඩු වයසින්ම මියගියේ පිළිකාවකිනි, ඇයගේ සේවයට අපේ රටේ බොහෝ විට වෙන පරිදි සම්මාන නොලැබුනි.
මම ඇගේ ගෙදර යාමට සිතුවේ කලකට පෙරය.
මේ යාවත්කාලීන වීමෙන්වත් එහි යන්නට සිතමි.
මේ ඇගේ විකි පිටුවය.
මට නිසි තොරතුරු සොයා මෙය සෑදීමට සිතේ, කැමති නම් ඔබට එය හැකිය. එය ලොකු සේවයකි.
විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය ගේ පොත් වලින් අපූ ත්‍රිත්වය සහ සහ තවත් පොත් සිනමාවට නැගුණි.
ඔහුගේ විකි පිටුව.
ආරණ්යක් පොතේ විකි පිටුව.
සොබාසුමිතුරෙක් වශයෙන් අපි ඒ සුන්දර මිනිසුන් දෙදෙනාට ආචාර කරමු.
තවද මෙයට පින්තූරයක් සෙවීමට අන්තර්ජාලය පිරික්සන විට හම්වූ වඩා සවිස්තර මේ බ්ලොගය බලන්න.
මෙම පොත සිනමාවට නැගුන බව කීවේ අත්වැරදීමකිනි.එය නිවැරදි කළ
උදාරට ස්තූතියි.

Mamath etha priya karana pothak thama oya potha.. eka hariyata bawanawak wage..
ReplyDeleteචින්තා ලක්‍ෂමී සිංහාරච්චි නේද බංගලි භාෂාව තියෙන පත්තර කෑල්ලක් දැකලා, ඒ ගැන ආශා හිතිලා, ඒ භාෂාව ඉගෙන ගෙන අන්තිමේදී පොත් පරිවර්තනය කළේ?
ReplyDeleteමමත් පුදුම ආසාවකින් කියවපු පොතක්. තවමත් මේ පොත මම් ලඟ තියෙනවා. මුලින් මම පොත කියෙව්වෙ යාලුවෙක්ගෙන් ඉල්ලාගෙන, ඊට පස්සෙ පුස්තකාලයෙනුත් අරන් කියෙව්වා. අන්තිමට සල්ලි දීලා ගත්තා.
ReplyDeleteරතු හැට්ටකාරි:
ReplyDeleteස්තූතියි.
කතන්දර අයියා:
මම දන්නෙ නෑ, ඒත් දුකාගේ අඩවියේ තියන විස්තරේ වටිනවා.
මම දැන ඒක කියෙව්වා හරිම සංවේගජනකයි.
කොහොම වුනත් ඔය කියන දේ වෙන්න පුළුවන් මොකද එතුමිය බෙංගාලයේ ඉපදී සිට මෙහි පුනර්භවය ලැබූ කෙනෙක් බව කොහේ හරි තිබුණ බව මතකය.
ඒ නිසා කකා අයියා කීව එක වෙන්ට පුළුවන්.
විසිතුරු:
ඔයත් මං වගේ තම කොරලා තියන්නෙ,
එළ.
ස්තූතියි.
මගේ ජීවිතයේ කියවපු පොත්වලින් මා ඉහළින්ම සලකන පොත් හතරක් ගැන තමයි ඔබ කියලා තියෙන්නේ. කොහොමවුණත් අරණකට පෙම් බැඳ පොත ඇසුරෙන් චිත්‍රපටයක් කරලා තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. පුළුවන් නම් ඒ ෆිල්ම් එක මොකක්ද කියනවද ?
ReplyDeleteස්තූතියි මහවෙදනා අයියේ
ReplyDeleteමම මේ මග යන පුංචිම එකෙක්.
උත්සාහ කරනව යහපතක් කරන්න.
පරිසරය සුරැකීමට ධර්මයෙන් උපකාර ගන්න එකත් මගෙ එක අරමුණක්.
මා දැඩි සේ ආදරය කල කෘතියක් තමා "අරණකට පෙම් බැඳ". මට මතකයි පෙරවදන ලියූ කෙනා පවසා තිබුනා එය විලම්බ ලයකින් වැයෙන වස් දඬු රාවයක් වැනියි කියා. ඔබ කී ත්‍රිත්වයෙන් මා වඩාත් කැමති අවසාන කතාවටයි. එනම් අපූගෙ ලෝකයටයි. ඔහු උපේක්ෂාවෙන් ලෝකය දෙස බලන, ආදරය කරන නමුත් එහි නො ඇලෙන මිනිසෙක්.
ReplyDeleteඋදාර මේ පොත සිනමාවට නැඝුණ බව කීවේ වැරදීමකින්.
ReplyDeleteසමාවන්න.
ස්තූතියි.
අසංග මහත්මයා:
උපේක්ෂාවෙන් ලෝකය දෙස බලන එහෙත් නොඇලෙන මිනිසුන් වැදගත්.
ස්තූතියි.
ඔබ මෙන්ම මමද ඔබ සදහන් කරන ලද පොත් සියල්ලම කියවා තියනවා විෙශ්ෂයන්ම "අරණකට පෙම් බැඳ" ඒ අතර මා වඩාත් කැමති පොතයි පරිසර හිතකාමීන් සියල්ල ෙමම පොත කියවිය යුතුය යන ඔබ අදසට මම සපුරා එකග ෙවමි
ReplyDeleteඅපූ ත්‍රිත්වය නම් නියම පොත් තුනක් තමයි, මමත් හරිම කැමැත්තෙන් කියෙව්වා සහෝ!
ReplyDeleteස්තූතියි බුවා සහ ළහිරු දෙන්නටම.
ReplyDeleteමේක නම් කියවිය යුතුම තමා...
ROO:
ReplyDeleteතැන්කියු යෙහෙළිය :)
මමත් ආපහු කියවනවා පොත...
මම ඒකෙන් කෑලි දාන්නම් ඉස්සරහට.
බලමු..
නියම පොතක්. මමත් කියවල තියනව.
ReplyDeletevidulahasaranga
ReplyDeleteබොහොම ස්තූතියි අයියා ප්‍රතිචාරයට.