Saturday, September 3, 2011

එක එක ජාතියේ බුවාලා... රිවයිස්ඩ්....

දැන් අපි අපේ රටේ ඇති පාරිසරික ප්‍රශ්න කිහිපයක් සලකා බලමු.
මේ ප්‍රශ්න වලින් බොහෝමයකට හේතු වී ඇත්තේ අපේ ඇති නොදැනුවත් කමයි.
මෙයට හේතු වී ඇත්තෙ සොබාවයෙන්ම අපේ ඇති කෙලෙස්ය,


1. අපි ආත්මාර්ථකාමී වීම නිසා අපිට කෙලින්ම හානියක් නොවේ නම් අනික් අයට මොනව වුනත් මොකද කියන මතයේ සමහරු සිටිති.
ඒ මිනිසුන්ට පරිසරේ තිබුනත් එකය නැතත් එකය.






ඔවුන් එක්කෝ ලස්සන පරිසරයක කහල ගොඩවල් දමා එනවාය, එක්කො ගහක තමන්ගේ නම හංවඩු ගසා එනවාය..


2. සමහරු පාරිසරික ප්‍රශ්න වලට දායක වෙන්නෙ නොදැනුවත්කම නිසාය.
ඔවුන් අපේ රටේ ඇති වටිනාකම නොදනිති.
ඔවුන් තමාට මෙන්ම අනුන්ටද හානි වෙන බව නොදැන පරිසරයට හානි කරයි.
සමහරු මෙය කරන්නේ දුප්පත්කම නිසාය.
උදාහරණයක් ලෙස මේ වතුකම්කරුවා වත්තේ වල්නාශක ගසන විට කිසිම ආරක්ෂාවක් නැතුව එය කරන අතර, කූඩැල්ලන්ගෙන් බේරීමට පළමුවෙන්ම තමාගේ කකුලටද වල්නාශක ගසාගෙන ඇත.
වල්නාශක සම හරහා ශරීරගත වෙන බවත් එය බෙහෙවින්ම අහිතකර බවත් මේ මිනිසා නොදන්නවා විය හැක.


3. තවත් අය කියන්නේ "ඔක්කොමලා කරනවනෙ අපිත් ඔන්න ඔහෙ කරනව, වරදක් නෑ ඒ නිසා" කියලාය.


4.සමහරු දැන දැනම ආර්ථික හෝ වෙනත් වාසියක් බලාගෙන පරිසරයට හානි කරයි.




මේ අතරින් වැඩිපුරම ඉන්නේ දෙවනි 1,2 හා 3යන වර්ග වල අයයි.
ප්‍රජාව දැනුවත් කිරීම
පරිසරය සංරක්ෂණයට  අප කළ යුතු වැදගත්ම දෙයක් වන්නේ ඒ නිසයි.
මෙය කියවන ඔබ පරිසරයට ආදරය කරන්නෙකු විය හැක,
එසේ නොවේ නම් ටිකින් ටික හෝ පරිසරයට ආදරය කරන්න උත්සාහ කරන්න.

2 comments:

  1. අද ගොඩක් අය පරිසරයේ සුන්දරත්වයට ඇලුම් කලත් ඒ සුරැකීමට උනන්දුවක් දක්වන්නේ බොහොම අඩුවෙන්..ගොඩක් යට අමතක වෙලා අපිත් සොබවදර්මයේම අතිවිශිෂ්ට නිර්මාණයක් කියල...තමන්ගේ පැවැත්ම රකින පරිසරයට විනකරන කෙලෙහෙගුන නොදන්නා මිනිසුන් නොවී රකිමු පරිසරය මතු නව ලොවකට....!!!
    ගොඩක් ලස්සන බ්ලොගයක්..ඉදිරියටත් හොදලිපි ඉදිරිපත් කරන්න ලැබේවායි ප්‍රර්ථනා කරමි...!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි!

    ReplyDelete