අපි හැමෝම ගස් හිටවන්න ඕන කියල කියනවා,ඒත් අපි ගස් හිටවන්නේ ඇයි කියල හිතන්නේ අඩුවෙන්,
ගසක් කියන්නේ ලෝකෙ ඉන්න සියලුම සතුන්ට ආහාර සපයා දෙන ජීවියෙක්,
කුරුල්ලො,සමනල්ලු,ලේන්නු,මිනිස්සු,කුරුමිනියො, මෙකී නොකී ඔක්කොම සත්තු ආහාර ගන්නේ ගස් වලින්.
කෙනෙක්ට කියන්න පුලුවන් අපි වෙන සතෙක්ගෙ මස් කාලා ඉන්නවා කියලා,
ඒත් ඒ සතත් හැදුනේ ගස් කාලා,
ඉතින් ගස් හදපුවාම ලැබෙන දේවල් ටිකක් මේකෙන් කියල දෙන්න හිතුවා,
1. මේ ලෝකේ පෙනෙන නොපෙන බොහෝ සතුන්ට ආහාර හම්බෙනවා;
අපි ගහක් දිහා බලාගෙන හිටියොත් පේනවා ඒකට කොච්චර නම් සත්තු එනවද කියලා,
මල් වල පැනි බොන්න, ගෙඩි කන්න,
එත් ටිකක් ලං වෙලා බැලුවොත් පෙනේවි තව කොච්චර නම් සත්තු ඒකෙන් ප්‍රයොජන ගන්නවද කියලා,
2. ඒ වගේම ඒ සත්තුන්ට වාසස්ථාන, විවේකස්ථාන හම්බෙනවා,
3.පරිසරය සිසිල් කිරීම සහ සෙවන සැදීම;
මේක අත්විඳ ගන්න නම් තියන්නේ හොඳට රත් වුන දවසක ගහක් යටට වෙලා ඉදලා බලන එක,
පුදුමාකාර සිසිලසක් දැනේවි.
4.පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කිරීම ;
ලෝකේ දැනට තියන ලොකූම අර්බුදයක් වෙන ගෝලීය උණුසුම ඉහල යෑම අඩු කරන්න මේක උපකාර වෙනව.
5.පස සෝදාගෙන යාම අඩු කිරීම,
6.පසට පොහොර එකතු කිරීම.
7.භූගත ජලය ආරක්ෂා කිරීම.
8.පරිසරය සුවඳවත් කිරීම;
මල් පිපුනම ගහක සුවඳ කියල දෙන්න ඕන නෑනෙ,
9.මානසික සුවය;
ගසක් පැල කරල ඒක කොලෙන් කොලේ දළු දදා හැදෙන හැටි බලාගෙන ඉන්න එක අපේ මානසික සුවය රකිනව,
ඒක හරියට පොඩි ළමයෙක් ලොකු වෙනව බලාගෙන ඉන්නව වගේ උපෙක්ෂාවෙන්,
ඒ වගේම බුදු දහමේ තියන විදියට ගස් සිටවීම කියන්නේ හැමදාම පින් රැස් වෙන පින්කමක්.
ඒ නිසා නිරතුරුවම ගස් හිටවන්න උත්සාහ කරන්න,
අපිට නිකන්ම හම්බෙන හුස්ම පොදට, වතුර ටිකට ණයගැති වෙමු!


Great work Gordonia ceylanica :) Keep it up!
ReplyDeleteThanks Harsha.....
ReplyDelete