Monday, October 31, 2011

ලිලියන් චාලට් ද සිල්වා - සැබෑ සොබාසුමිතුරු මෑණිය...


මිනිස්සු ඉන්නවා ලෝකෙ අධ්‍යාපනය වත්පොහොසත්කම අතින්,
සමාජ තලයෙන් එතරම් උසස් තැනක නැති.
ඒත් ඒ මිනිස්සු අතර ඉන්නවා හොඳ හදවතක් සහ අවබෝධයක් තියනව සුන්දර මිනිස්සු.
මේ ලියන්න යන්නෙ එහෙම අම්ම කෙනෙක් ගැන.
මේ අම්මාගෙ නම ලිලියන් චාලට් ද සිල්වා.
මහා පෝසත් උගත් අම්ම කෙනෙක් නෙවේ බැලූ බැල්මට.
ඒත් මේ අම්මා ලොකූ සේවයක් කරපු කෙනෙක් පරිසරයට.
ලංකාවේ තියනවා ඉතාම දුර්ලභ කඩොලාන ශාකයක්.
මේකෙ නම රතමිල්ල/ රතඹිල්ල [Lumnitzera littorea - Family : Combertaceae (කොට්ටම්බා අයත් කුලය)].


පම්බල දී ගත් සේයාරුවක්
ඕවිලාන ප්‍රදේශයේ ජීවත් වුන මේ අම්මගෙ පෞද්ගලික ඉඩමේ තියනවා මේ දුර්ලභ ශාක ගොන්නක්ම.
තමන්ගෙ වයසෙ හැටියට තිබෙන අපහසුතා නොසලකා මේ ශාක ගොන්න රැකගෙන තියන්නෙ ඇයයි.
මේ ශාක දුර්ලභ බවවත් ඒ නිසා එය වටිනා බවවත් ඇය දැනන් ඉන්න නැතුව ඇති.
ඒත් ඇය කළ යුත්ත කළා, ඒ තමා ශාක රැක ගැනීම.
ඇයට තිබුන අක්කර භාගයක පමණ භූමියේ, ඇය කල මේ ස්ථානිය සංරක්ෂණය තවත් බොහෝ කාලයකට මේ ශාක රැක ගන්න දායක වේවි.
ඇය කියල තියන්නෙ "මේ ගස් දැන් දැකගන්න අඩුයි, අළුත් ගස් හරිම අඩුයි, තිබුනත් තියන්නෙ පරන ගස්, ඒ නිසා මේ ගස් රැක ගන්න ඕන" කියලා.
පේනවද ඇය කෙතරම් සංවේදී වෙලාද කියල පරිසරය ගැන,
මේ ගහ අඩු බව සහ එය රැකගත යුතු බව ඇයට තේරිලා තියනවා.

මෙතුමිය තමන්ගේ වයස, දුප්පත්බව, රෝගී බව පසෙකලාකළ මේ නිහඬ සේවාවට උපහාර පුද කරන්න 2010 ඔක්තෝබර් 22 තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය (YZA) සූදානම් වෙලා හිටියත් එයට හරියටම දවසකට කලින් ඇය මෙලොවින් සමු අරගෙන තියනවා.
ඒ අවුරුදු 85ක් ගෙවලා.
ඒ උතුම් කාන්තාවට මාගේ උපහාරය වේවා!
මට මේ සියළු විස්තර ලබාදුන්නෙ ජේෂ්‍යඨ පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන සර්.
එතුමාටත් ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයටත් මම ගෞරවණීය ස්තූතිය පුදකරනාවා මේ කරන්න සූදානම් වුන සද්ක්‍රියාවට.
මට දුකයි ඒක කරගන්න නොලැබුණාට, ඒක කරා නම් මේ අම්මට ගොඩක් සතුටු හිතෙයි.

Jagath Gunawardana 


The lady who preserved Ratambilla (Lumnitzera littoria)
Mrs.Lilian Charlotte de Soysa
This short note is to honour the lady who preserved the grove of Ratambilla plants in her private property in the Ovilana island in Madu-Ganga in Balapitiya.It is the dominant tree in the area of about half an acre of marshy land in which she lived till the very end of her days,courageously protecting this grove of trees.She did not no very much about the importance of it but told me that she thought they have to be protected as she has not seen this tree anywhere else and has also observed that there are no new plants but only old trees.
We(the YZA) had planned to honour her and appreciate her services in protecting this plant amidst all her personal hardships such as poverty,old-age and ill-heath.It was to be on the 22 of October 2010.Ironically,she passed away on the 21st October,just a day before we could honour her.She was 85 years old.
May she attend Nibbana.



මේකෙන් අපි උගත යුතු පාඩම් කිහිපයක් තියනවා
අපේ පැරැණ්නන් මේ පරිසරය රැක්කෙත් මේ විදිහට තමා,
ඒ අය තමන්ට කෙලින්ම ප්‍රයෝජනයක් නැතත් නිකරුණේ ශාක විනාස කරල දැම්මෙ නෑ.


ඒ වගේම අපි සංවේදී වෙන්න ඕන පරිසරය ගැන,
අපි රැකගන්න ඕන පරිසරය.
අපෙ වත්තෙ තියන නමක් නොදන්න ගහ සමහර විට ලෝකෙ තියන ඒ වර්ගයේ ගස් වලින් අන්තිම එකක් වෙන්න පුළුවන්,
ඒ මොකද අපේ වත්තට ඇවිත් විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්නෙ නෑනේ ශාක වර්ග හඳුනාගන්න.
ඒ නිසා නොදන්න ගහක් වුනත් නිකරුණේ කපාදාන්න එපා!
කෙසේ වෙතත් තමන් දන්නා දේ හැකි විදිහට බෙදාගන්න,
එය වැදගත් වේවි.
අනිත් එක තමා සොබාසුමිතුරන් වෙන්න මහා ලොකු දැනුමක් ඕන නෑ කියන එක.
උගත්කම් ලොකු ලොකු තත්ව ඕන නෑ කියන එක.
දැන් අපෙ රටේ ඉන්නවා ඇමතිලා මන්ත්‍රිලා ඉන්නවා ඒ අය මොකද කරන්නෙ කැලෑපාළුවෝ එක්ක එකතු වෙලා කැලෑ වනසනවා.
ඒත් මේ අම්මා බලන්න නූගත් දුප්පත් කෙනෙක් වුනත් මේ ශාක ටික රැකගන්නවා.
අනිත් දේ තමා අපි සොබාවට සමීප වෙන්න වෙන්න ඉබේම අපිට මේ වගේ අදහස් එනවා.
ඒ දෙයයි වඩා වැදගත්.

දැන් මම ආක්‍රමණික ශාක ගැන බ්ලොගය කරනකොට මගේ ගුරුවරයෙක් කීවා එක්තරා පරිසරයට සම්බන්ධ රාජ්‍යය ආයතනයකත් මිදුලෙ ලස්සනට ගල් ගොරක ගහක් හිටවලා තියනවා කියලා.
ඒකෙ නිලදරුවො එය දන්නෙ නැතුව ඇති.

ඒත් මට දැණුනා මේ ආක්‍රමණික ශාක, පරිසරයට නොගැලපෙන ශාක ගැන වැටහීමක් සොබා සුමිතුරෙක්ට ඉබේම ඇති වෙනවා කියලා.
ඒක උපතිනුත් එනව ඇති සමහර විට, ඒත් ඒක ඇති කරගන්නත් බැරි නැති වෙයි.

"වයිට් ක්‍රොෆ්ට් නම් ජලජ පැලෑටියක අල ගෙනවුත් වැවේ පැලවීමට හැරියෙමි.
ඒවා ඉක්මනින් පැළවී වැඩෙන්නට වූ විට යුගල ප්‍රසාද් බියවූයේ නෙළුම් මල් වලට ඇති තැන ඒ පැළෑටිය අත්පත් කරගනු ඇතැයි කියාය.
බෝගන්විලා අතු ගෙනවුත් පැලකිරීමට සිතුණත් ඒ මල් වර්ගය නගරයේ කෘත්‍රීම උද්‍යාන සමඟ කෙතරම් බැන්දී ඇද්දැයි කිවහොත් ම බියක් ඇති වූයේ වැව අසල දිස්වූ සිරියට එයින් හානියක් වනු ඇතැයි කියාය.
යුගල ප්‍රසාද් ද මෙවැනි දේ ගැන සිතන්නේ මා සිතන පරිදිමය.
ඔහුද බෝගන්විලා පැල කිරීමට විරුද්ධ විය."

මේ සත්‍යවරණ සහ යුගලප්‍රසාද් යන දෙදෙනා සොබාවික වැවක් අසල මල් වැවීමට ගිය විට සිතූ අයුරු දැක්වෙන වැකි කීපයකි.
ඔවුන් ද මේ දේවල් ගැන උගත් අය නොවේ, විශේෂයෙන්ම යුගල ප්‍රසාද් කැලෑ ගමක උපන් දුප්පත් ගැමියෙකි.
ඔවුන් සොබාවයට ළං වූ විට සොබා මව ඔවුන්ට අවැසි දැනුම නොමිලේම ලබාදෙන්නීය,
මෙය උපාධි මඟින් ලබාගත නොහැක.
යුගල ප්‍රසාද් තමන්ගේ ඉඩමක නොව ඕනෑම ඉඩමක, කැලෑවක මල් සිටවීමට ප්‍රිය කළේය.
කිසියම් වනයක වූ මල් ගෙන්වුත් ඒවා වෙනත් කැලයක සිටවයි.
තමන්ටම අයිති නැතත් කොහේ හෝ ඒවා වැඩෙන්නේ නම් ඔහුට සතුටකි.
අපිත් අපට ඉඩක් නැත්නම් අනුන්ගේ හෝ තැනක, පාසලක ගස් සිටුවා සතුටු වීමට පුරුදු විය යුතුය.

Friday, October 28, 2011

රාස්සිගෙ අව්ව - දුකෙන් කළකිරීමෙන් ලියමි...

අනේ ඉතිං දෙයියනේ කියලා වැහි කාලෙ පටං ගත්තා.
හොඳට වහිනව දැන්, වැහැල පෑයියම ලස්සනයි පරිසරේම.
ඒ වගේම මේ කාලෙට ඉර එළිය වැටෙන ආනතිය තිරසට බර වෙනවනෙ, ඒ නිසා හවසට අමුතු ලස්සනක් තියනවා.
මම ටික දවසකට කලින් රාස්සිගෙ අව්ව ගැන ලියන්න හිටියා.
අදවත් ලියන්න හිතං ඔන්න පටන් ගත්තා.
බලමුකො,
රාස්සිගෙ අවුවත් මම ගොඩක් ආස කරන දෙයක්,
ඒක හරිම ලස්සනයි,
පරිසරේ හැමදේම කහපාට වෙලා පේනවා.
කහ කීවට මේක නිකන් රත්තරන් පාට වගේ එකක්.
හවස 6ට විතර තමා රාස්සිගෙ අවුව පායන්නෙ,
මේකත් වර්තනය නිසා වෙන එකක් මං හිතන්නෙ.
මේක පායනකොට ඉතිං නිකන් හොල්මන් ගතියකුත් තියනවා, ගුප්තයි.
ඔය රාස්සිගෙ අව්ව ගැන මොකද්දෝ කතන්දරයක් තියනව මට මතක නෑ ඒක.
දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න.
ගෙදර මිදුලට පේන හැටි

ගෙදර මිදුලට පේන හැටි


 මේවා හරියටම රාස්සිගෙ අවුවෙ නෙවේ, ඒකෙ ගත්තු ෆොටෝ ටික අයියා අතින් නැති වෙලා.
අයියගෙන් මගෙ ෆොටෝ වලට හරි අපලයි.
හිතල නෙවේ ඒත් වැරදිල මොකක් හරි වෙනවා.
තව එක ළමයෙක් ලියපු කොට කවි කෑලි දෙකකුත් දානවා.කොහොම වුනත් මේ කෙටි ලිපිය අද එනකොට දැකපු දේවල් ටිකකින් අවසන් කරන්නම්,
1.අද උදේම යනකොට මම දැක්කා පිඟාඔයේ අත්තක්.
ප්ලාස්ටික් පොලිතින් ඉවුරේ තිබුණ උණ ගස් වල රැඳිලා.
පාරෙ යන මිනිස්සු පාර අයිනෙ තියන මේ දියපාරට කුණු දාලා.
එතන ඉස්කෝලයක් තියනව කියලවත් හිතන් නැතුව.
මේක වැටෙන්නෙ මහවැලියට.

2.අද මං එනකොට දැක්කා පාරෙ වතුර යන බෝක්කුවකින් එහා පැත්ත.
තනිකරම කුණු ගොඩවල් පිරිල.
කුණු කියනෙත් ඉතිං දිරණ ඒවා නෙවේ.
මේක තියන්නෙ ප්‍රසිද්ධ මහයියාවෙ කුණු ඇල පහුකරලා නිත්තවෙලට එනකොට.
එතනම තවත් ශෝකජනක දෙයක් වෙනවා මේ දවස් වල.
එතන තියන මාර ගහත් කපනවා.
මං යාළුවෙක්ගෙ කැමරා එකකින් ෆොටෝ ගත්ත ඒව තව හම්බුන් නෑ,
එපා වෙනව දැන් නම්.
දැන් නම් කැමරාවක් නැති අඩුව තදින්ම දැනෙනවා.
මහයියාවෙ කුණු ඇල ඉතින් ගන්ට දෙයක් නෑ,
කුණු පිරිලා.
අන්තිමට මේ ඇලවල් දෙකම වැටෙන්නෙත් මහවැලියට.

3.කලින් දවසක දැක්කා රජවත්තෙ ඇලක කුණුගොඩවල්.
මේකත් වැටෙන්නෙ මහවැලියට.

4.උදේ ගොහාගොඩ පාරෙන් කැම්පස් එනකොට පේනවා හොරට හදන්ට ගිය බලාගාරෙ කෑලි.
ඒක තවම අයින් කරල නෑ.
එතන වුන දේවල් ගැන දැනගන්න මේ ලින්ක් වලට යන්න.
ලින්ක්1, ලින්ක්2, ලින්ක්3
ලංකාවෙ දුර්ලභ ආවේණික මත්ස්‍යයෙක්ට වුන දේ හරිම ශෝකජනකයි.
පේනවනෙ ඒවට කට ඇරියම වෙනදේ.
ඒ හරියෙත් මහවැලිය දූෂණය කරල කුණු වලින්.
මේ ගෝනි බැම්ම අයින් කරන් නැති එකෙන් පේන්නෙ ඒකත් කවදා හරි ආය හැදෙනවා කියන එකනෙ.
ඔක්කොම බාගයක් වුනාට පස්සෙ නවත්තනවා, වැඩක් නෑ,
පරිසරවේදියෝ යන්තං කෑගහල ඒක නවත්ත ගත්තා,
ඒත් ලස්සනට කරයි ආයම.
එතනම තියන්වා උපසම්පදා සීමාමාලකය.
ඒකෙ කණුවකත් දෙස්පළුවෙක් නම ගහල ඡන්ද හිඟන්න.


අනේ ඇත්තට මට පුදුම දුකයි මේ රට ගැන,
අපෙ මිනිස්සු කොච්චර මෝඩද?
කොච්චර නොදැනුවත්ද?
මෙහෙම ගියොත් ලංකාව ආසියාවෙ ආශ්චර්යය නෙවේ ආසියාවේ ආශ්චර්යමත් කුණුගොඩ වෙන එක කාටවත් නවත්තන්ට බෑ.
කවදා නම් මිනිස්සු මේවා තේරුම්ගනීද?
අනේ ඇත්තට මට සල්ලි හරි ටීවි චැනල් එකක් හරි තියනව නම් අපෙ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න මේවා දානව නිතරම.
අපෙ මිනිස්සු කොච්චර කැත වැඩද කරන්නෙ?
පූසො ජරා කරල වහනවා වගේ කුණුත් ඇලකට ගඟකට හරි දාලා පේන්නෙ නැත්තං හරිනෙ කියල යනවා.
කොච්චර ඉඩ තිබුනත් බිත්තර කටු, පොල්කුඩු මේවත් මල්ලකට දාල ගැටගහල පාරට දානවා.
ඒකයි මේ කුණු ලොරි යනකොට ගඳ..
පොලිතින් විතරක් නම් ගඳ ගහන් නෑනේ.
මිනිස්සු පුදුම මෝඩයි ආත්මාර්ථකාමියි.
ඒ වගේම ලංකාවේ නිසි කසල ප්‍රතිචක්‍රිකරණයක් හෝ, පාවිච්චිය අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් නෑ.
හැමදාම කාටහරි ඡන්දෙ දෙනව මිසක් මේව ගැන ප්‍රශ්න කරන්නෙ, අපිට මේවට විසදුමක් ඕන කියන්නෙ කවුද?
ඇත්තටම මට හිතෙනවා මේ දේවල් වලට මට මොකුත් කරන්න බැරිද? මට බැරිද මේ දේවල් වලට මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ බ්ලොග් එකට අමතරව මිනිස්සු අතරට මීට වඩා ගිහින්? කියලා.
ඒත් ඉතිං අපෙ රටේ මිනිස්සුන්ට දැන් එහෙම හැකියාවක් නෑනෙ.
කරොත් ඉතිං ඉවරයි.
සාමදානයේ සැතපෙන්න වෙයි, එක්කො කරදර ගොඩක් එයි.
අනේ අපේ රටේ මිනිසුන්ගේ ඇස් ටිකෙන් ටිකවත් ඇරේවා!
තමන් ගැනම, තමන්ට ලැබෙන පෙණෙන දේ ගැනම නොව පරිසරයට වෙන දේ ගැනත් සිතන්නට නුවණ ඇති වේවා!
ඒත් ඉතිං මේවා තේරෙණකොට වෙන්ට ඕන හරිය වෙලා ජරාජීර්ණ රටක් ඉතුරු වෙලා තියෙයිද මංදා.
පැලයක් හිටවන්ට වලක් හෑරුවත් පොලිතින් ගොඩවල් මතු වෙන,
තැන තැන දාන පොලිතින් ප්ලාස්ටික් නිසා ඩෙංගු වගේ ලෙඩ බෝ වෙන,
වතුර ඔක්කොම විෂ ද්‍රව්‍ය වලින් දූෂණය වුන
ගස් කපල දාල හුස්ම ගන්ට අමාරු වෙන කාලයක් ආවම ප්‍රමාද වැඩි වෙයි.
එතකොට අඩිපාරක් හැදුවත් රටේ සල්ලි වලින්ම ලොකූ ෆ්ලෙක්ස් එකක් ගහන දේශපාලකයන්ටයි,
ඡන්දෙ දෙන මිනිස්සුන්ටයි තේරෙයි අපි පරක්කු වැඩියි කියලා.
පුළුවන් නම් ඔක්කොමලා මේක හැමතැනම බෙදාහරින්න,
මම කොයිම දේශපාලන පක්ෂෙකටවත් කැමති නෑ,
ඒ නිසා කාටවත් කඩේ යන් නෑ.
කවුරුත් පරිසරේට කරල තියන දේ මදි.
ඒ නිසා මේක අපක්ෂපාතියි.
රජවත්ත ළඟම ගැටඹේ

රජවත්ත
දුකෙන් කළකිරීමෙන් ලියපු
එකක් මේක ලියන්න කලින් දාපු එක මේ යටින්ම තියන්නෙ.

(ඇත්තටම මට මොකුත් ලියන්න විශේෂ දෙයක් මතක් වෙන් නෑ,
නිකං කතන්දර ලියල වැඩක් නෑනෙ.
ඒත් ජනතාවට පරිසරේ ගැන මතක් කරන එක මගෙ යුතුකමක්නෙ.
ඒ නිසා මම ලියන්න ගත්තා.
හොඳද මංදා ; අද හවස 6.00ට විතර)




ඔන්න කතාව සහෘදයෙක් දාල තිබුණා...
මං අහපු කතාව ටිකක් වෙනස් ඒත් හරියට මතක නෑ, දැනගත්තම දාන්නම්...

තීර්ථ යාත්‍රිකයා said...
රාස්සිගේ අව්ව ගැන තියන ප්‍රචලිතම කතන්දරේ ඒකට නම හැදුන හැටියි.
ඒ අව්ව වැටෙන්නේ ඇඳිරි වැටෙන්න මොහොතකට කලිනුයි.එතකොට අව්වෙන් වට පිටාවම දීප්තිමත් වෙනවා.ඉතිං ගොපල්ලො දඩයක්කාරයෝ එහෙම “ආ තව රෑ වෙන්න වෙලා තියනවා “කියලා හිතලා ඒ අව්වට රැවටිලා කැලේ තව දුර යනවා.ක්ෂනයකින් කලුවර වැටුනහම ඔවුන් අතරමං වෙනවා.ඒ විදිහට මිනිස්සු රවට්ටන අව්ව වැටෙන්නේ අමනුෂ්‍ය බලවේගයකින් කියලා හිතපු මිනිස්සු ඒකට රාස්සිගේ අව්ව කියලා නම තිබ්බා..

Saturday, October 22, 2011

රෑට ඔබ සෙනෙහෙන් ඇවිදින් මා හද පුබුදයි....


කැලේට පායපු හඳ වාගේ ලස්සනයි,
කියන කියමන අපි ගොඩක් අය අහල තියනවා.
ඒත් කීයෙන් කීදෙනාද ඒක අත්විඳල තියන්නෙ?

මගේ යහළුවන් 7 දෙනෙකු, දවස් 7ක දැවැන්ත ගවේෂණ චාරිකාවක නිරත වූහ.
හන්තානේ සිට හෝටන් තැන්න දක්වා සිරිලක අති සුන්දර මධ්‍යය කඳුකරයේ නොදුටු සුන්දරත්වය අත්විඳින්නට සහෝදරත්වය සහ එකමුතුකමින් යුතුව අවම පහසුකම් යටතේ  සිදු කරන මේ 7Day Hike එකට සහභාගි වීම මගේ කුඩා කල සිටම සිහිනයක් විය.
එහෙත් මගේ සොහොයුරන් එයට සහභාගි වුනත් මට අධ්‍යයන කටයුතු නිසා එයට සහභාගි වීමට නොලැබුණි.
එය අතරතුර නුවණ් බණ්ඩාර සොයුරා ගත් එක් ඡායාරූපයකට මම දුටු වනම බෙහෙවින් ආදරය කළෙමි.
එහි කැලේට පෑයූ සඳත් තාරුකා පිරි අම්ඹරය සටහන් වී තිබිණි.
එය බෙහෙවින් පැහැදිළි නැත එහි සුන්දරත්වය ඇත්තේ එතැනය.
රෑ අහස තුරු ගොමු අතර සිට දකින විට ඔවුන් ශිෂ්ටාචාරයෙන් ඈත්ව මිනිසුන්ගෙන් ඈත්ව ඉන්නට ඇත.
අඳුරු ගුප්ත වනය මැද නොපෙනෙන සියුම් සිරුරු ඇති ආත්මභාවයන්ද වනසතුන්ද ගහකොළද මැද තරුණ සිතකට මේ අහස යට වූ සුන්දර පරිසරය කෙතරම් සොඳුරුව පෙනෙන්නට ඇත්ද?

සීතල සුළඟ ගෙල ළඟ දැවටෙන විට දැණෙනන කිතිය,ඇස් සනහාලන රාත්‍රිය තණපෙත්තන්ගේත් වෙනත් කුඩා ප්‍රාණීන්ගේත් මියැසි සැණකෙළිය ඔවුන් අත්විඳින්නට ඇත, එය කවදා නම් ගෙදර සිට විඳින්නද.
මට මේ දේවල් ලියන විට සිහි කරන විට සිතෙන්නේ මේ හැල්මේ දුවන ජීවිතයට පයින් ගසා දමා වන පෙතට පෙම් බඳින්නටය.
ඔවුන් ඉමක් නොපෙනෙන සුන්දරත්වයට පියමණිනු දුටු මට පුදුම ආසාවක් ඇති විය.
අපි තැපැල්පත් මුද්‍රණය කරන විට මම එසැනින්ම මේ පහත ඇති පින්තූරය තේරුවෙමි.



මිනිසා සොබාදහමේ සුන්දරත්වය වටහාගෙන එයට පෙම් බඳින්නට නම් මෙවන් සුන්දරත්වයක් අත්විඳියයුතුමය.
එවිට ඇතිවෙන හැඟීම් වචන දහස් ගණනකින්වත් වෙනත් ක්‍රමයකින්වත් ඇති කළ නොහැක.
ස්කූල් වෑන් වල ශිෂ්‍යත්ව පන්ති වල හිර වී ඇති ළමාවියත්
ටියුෂන් වලටත් පාඩම් වලටත් හිරවී ඇති තාරුණ්ය්‍යයේ ජවයත්,
විශ්වවිද්‍යාල තුල අසහනයෙන් පෙළෙන තාරුණ්‍යයත් මෙවන් සුන්දරත්වය සෙවීමට උනන්දු කළ යුතුය.
මේ පහතින් ඇත්තේ විශ්වවිද්‍යාලයේ අපෙ බැචෙක් හොස්ටල් එකේ සිට ගත් පින්තූරයකි.

Thisara Lakmal Senarathna
මට මෙය දුටුවනම එය බෙහෙවින්ම සොඳුරුව පෙණිනි.
එසේම මට ලොකු සතුටක් දැණුනි, මක්නිසාද යත් තරුණයන්ට සොබාවයේ ඇති සොඳුරුබව විඳීමට හැකි බව දැණුන නිසාය.

රාත්‍රියද දහවලද උදෑසනද සවසද ගිණි අවුවද වැස්සද සීතලද උණුසුමද සොබාවයේ සොඳුරුබවේ කොටස් වන බව අප සියළු දෙනාම වටහාගත යුතුය.
එය වටහාගෙන ඒ සුන්දරත්වයද ආදරයද විඳිය යුතුය, සොබා සුමිතුරු විය යුතුය,
අපතේ යන දියබිඳ සොබාවයේ සම්පතක් බවත් එය ඉතිරි කළ යුතු බවත් අප වටහාගත යුතුය.
අප පොලිතීන් යළි භාවිතා කළොත් අපෙන් වත් සොබාවයට වෙන හානිය අඩු වන බව සිහි කළ යුතුය.
එවිට අපට ඉබේම කඩයට හෝ පොළට යන විට මල්ලක් ගෙන යෑමටත්,
කොහේ හෝ වතුර කාන්දුවක් දකින විට එය නැවැත්වීමටටත් සිතෙනු ඇත.
සොබාදම් මවට ඇති පෙම දිනෙන් දින දළුලා වැඩී යන්නේ එවිටයි.



23th Oct  @ 3.50 pm 
අපොයි අද නම් පිස්සු ඩබල් නෙවේ ට්‍රිබල් නෙවේ ඊටත් වඩා වැඩි බල් එකක් වෙලා වගේ,
අද නිකං දවස් පුදුම ලස්සන මැජික් පෙන්නනවා,
අනේ මංදා,
හරි යන්නෙ නෑ, කොහෙ හරි යන්ටම වෙනවා.....
අනේ දෙවියනේ මට වුන වියෝයා....
මගේ හිතත් කැලේ පැනල ගියෝයා....




Friday, October 21, 2011

මට පට්ටම පට්ට ආතල් ...... පිස්සු වගේ.....


මට කාලෙකට පුදුමාකාර ආතල් හෙවත් ඔටෝචූන් ඇති වේ.
මේ සංසිද්ධියට බලපාන්නේ සොබාවයි.
කාලෙකට පෑවිල්ලද, කාලෙකට වැස්සද මට මේ  තත්වය ඇති කරයි.
එයට නිසි අර්‍ථ දැක්වීමක් හෝ පැනවීමක් නැත.
මට හිතෙන හැටියට පරිසරය යම් ආකාරයෙන් ප්‍රමෝධමත් වේද මමද එය සමඟම නැලවෙන්නේ වෙමි.
මට හිතෙන හැටියට එය නිසි ක්‍රමයකි,
හැමවිටම පරිසරයේ වෙනස්කම් ගැන සිත සිතා එයට බැනවැදීම නිවැරදි නැත.
අපේ රටේ ඉහිලිය හැකි උණුසුමක් හෝ සීතලක් ලේසියෙන් ඇති වෙන්නේ නැත (බොහෝ පලාත් වල).
කාලයකට වැසි වසී,
එහෙත් ඒවා හැකි තරම් සතුටි විඳීමට උත්සාහ කළ යුතුය.
ඒත් මේ කියන මටද පරිසරය අන්තගාමී යැයි සිතී,
"අප්පෝ එපා වෙනවා මේ වැස්ස"
"අප්පෝ අවුවෙ සැර"
සිතෙන වෙලාවල් නැතිවා නොවේ.
කෙසේ වුවද, මට පරිසරය රසවිඳීමේ හැකියාවක් ඇතැයි මම සිතමි.
කුඩා කාලයේ වුව මහ වැස්සක් ඇද හැලීම මට මහත් ආහ්ලාදජනක දෙයකි.
මම කරන්නේ කොට කලිසමක් විතරක් ඇඳගෙන වැස්සේ නෑමය.
මට මතක හැටියට එය නම් මම මේ අවුරුද්දේ පවා කළෙමි.
තවත් වෙලාවකට හොඳටම කරවෙන අවුව මහා ලස්සනට මට පෙනෙයි.
අවුවෙන් පීඩාවට පත් වූ කෙහෙල් පත් වියළි සුළඟට සෙමෙන් පැද්දෙන විට,
මම ඒ අහස යට නීල වර්ණ පදාසය මත පාවෙන පුළුන් වන් මේකුළු දෙස මන්මත්ව බලා සිටිමින් අවුවට දැවෙන කුඩා මිනිසෙක් වෙමි.
වාතය උණුසුම්ය, කිසිම හැලහොල්මනක් නැතිව ඇති වටපිටාවා නිසල හෙයින්,
ක්‍රීං ගාමින් පියඹන කුඩා කෘමියෙකුගේ හඬ හොඳින්ම ඇසේ.
ඒ වෙලාවට මට කවි ලීමට සිත් වේ.

තද පෑවිල්ලක කෙලවර වැටෙන මහ වැස්සද,
පෑවිල්ල අතරතුර රෑක පොළව රවටන්නට මහ රෑ වැටෙන පොදයද පරිසරය පුබුදුවන්නේ ආකාර දෙකකටය.
මට ඒ දෙකම බෙහෙවින් ප්‍රිය වේ.
පිණි බිංදු වැටී සිහිල් වූ තණපත් මත කුඩා මකුළු හුය පැටලී ඇත.
තුනී මීදුම බෙහෙවින් සුන්දරය.
මට මේ දවස් වල ඇත්තේ මහ පෑවිල්ලකට පසු ආ මහ වරුසාව මැවූ සොම්නසයි.
වැස්සට හරියන්ටම පෑවිල්ලද ඇති විට තත්වය තවත් බරපතලය.
එවිට ආකාසය  තවත් නිල් පැහැය මායාවී කරන්නේය.
එවිට වෙන්නේ මේ අසරණයාගේ පිස්සුව තවත් තද වීමය.
මේ දිනවල මම එයින් උග්‍රව පෙළෙමින් සිටියද, අවාසනාවකට මගේ ආසාව ඉටුකරගත නොහැක.
මේ දවස් වල හන්තාන පුදුම සුන්දරය.
කන්ද මතින් වලාකුළු පාව්යි.
ගල්තලා මත ඇති තෙතමනයට ඒවා දිලිසෙයි.
කොච්චර සුන්දරද?
මට හිතෙන්නේ අපි මේ දේවල් විඳිය යුතු බවයි.
අවුවේ මුදු දාහයේද, වැස්සේද සුළඟේද ඇති සිහිලේද ඇත්තේ සෙනෙහසයි.
එය Fan එකකට හෝ A/C එකකට යට කර ගෙවන ජීවිතයේ මොහොතක සොබාවද විඳ ඉසිඹුලන්න.
ඔබට සොබාසුමිතුරෙක් වෙන්න ලැබේවා.

මේ තියන්නේ සොබාව මා පිස්සු වැට්ටූ දවසක අහස බලා සිටි මා ගත් ඡායාරූප වලින් ටිකකි.









Thursday, October 20, 2011

අරුම පුදුම නරි මහත්තයා.....


මම හැමදාමත් ආසාවෙන් බලන ෆිල්ම් ටිකයි තියන්නෙ,
පොත් වුනත් එහෙමයි.
ඈත කාලෙ බලපුවගෙන් ආස "Some Birds Can't Fly" කියන එකට,
ඒක බලනකොට මම පොඩියි.
ඒත් මම හැමදාම ඒකේ තියන පරිසරයට ආස කරා.
මම හැමදාම කියනවා වගේ පරිසරය එක්කයි ළමා ජීවිතේ ගෙවන්න ඕන කියන එක තමා ඒකෙත් කියන්නෙ.
මේක හැමෝම බලල ඇති කියල මම හිතනවා, ඒනිසා මේක ගැන ලියල වැඩක් නෑ.
කියන්නෙත් ඒ වගේම එකක්.
ඒකත් බොහොම ප්‍රසිද්ධයි.
මේක නම් ලංකාවෙ ප්‍රසිද්ධ ද නැද්ද කියල දන්නෙ නැති නිසා ලියනවා.
මේකෙ නම "Fantastic Mr.Fox" හෙවත් හිංගලෙන් අරුම පුදුම නරි මහත්තයා.
ලෝකප්‍රකට ලේඛකයෙක්, රෝල් ඩාල්,
ඒතරම් පොත් ලියපු කෙනෙක් නෙවේ,
පොත් අතලොස්සක් ලියපු කෙනෙක්, චාලි සහ චොකලට් ෆැක්ටරිය (Charlie and the Great Glass Elevator), මමියෝ(Big Friendly Giant) ,සහ එතුමගෙ පොඩි කාලෙ ගැන ලියවුන පොතක්(Boy: Tales of Childhood ) මම කියවල තියනවා.
(සිංහල පරිවර්තන, මට එච්චර ඉන්ගිරිස් බෑනෙ පොත් කියවන්ට තරම් )
කොහොම වුනත් මේ කතාව නම් හරිම ලස්සනයි.



මේකේ ප්‍රධාන චරිතෙ නරියෙක්.
සෙසු චරිත් නරි හාමිනේ, නරි පැටියා, නරි බෑනා, නරියගේ යාළුවා පැසිපොව්වා,
බැජරයා.
මිනිස්සුන්ගෙන් බෝගිස්, බන්ස් සහ බීන්ස්.
මේකෙ තියන ප්‍රධානම කතාව තමා නරියා සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා ඒකෙන් නරියා දිනන එක.
මේකෙ තියනවා මිනිස්සු කොච්චර තමන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නනවද කියලා සතුන්ට සහ සොබාදහමට.
මම තවත් මේකෙ කැමති දෙයක් තමා මේකෙ සංගීතය.

මේක ගැන ලියන්න ගියොත් වෙනම පොස්ට් දෙක තුනක් ලියන්න වෙයි.
ඔයාලම ෆිල්ම් එක බලන්න.
මේ කතාවෙ ගොඩාක් දේවල් ගන්න තියනවා බලනකොට තේරෙයි.
කතාව කියල කුතුහලය නැති කරන්න බෑනෙ.
මේ ලේඛකයා පරිසරය ගැන, සාහිත්‍යය ගැන කොච්චර හිතල තියනවද කියලා තේරෙයි ෆිල්ම් එක බැලුවොත්.


මේක ගැන ලියන්න හිත හිත එනකොට තවත් ලියන්න ඕන කියලා හිතුනා දෙයක්.
අපි සොබාවික පරිසරයේ ඉන්න සත්තු කූඩු කරගෙන ඉන්න එක බොහොම වැරදියි.
ලංකාවෙ දේශීය කුරුල්ලො, දඬු ලේන්නු ඇති කරන්න තහනම් වුනත් සමහරු මේ සත්තු ඇති කරනවා.
මේක මහ පවු වැඩක්.
කවදාවත් දන්න කියන කෙනෙක්ට මේ වගේ පවු වැඩ කරන්න දෙන්න එපා.
මම දන්න ගෙදරක් තියනවා ඒ ගෙදර ඉන්න ගිරවට අවුරුදු විසි ගානක් (20ගානක්) වෙනවලු.
ඉතිං හිතල බලන්න සතෙක් පොඩිම පොඩි කූඩුවක හිරකරල අවුරුදු විසි ගානක් තිබ්බම?
උට කොහොම දැනෙනවා ඇද්ද?
ඒ නිසා මේ වගේ දේවල් කරන අය ඉන්නව නම් ඒක තේරුම් කරල දෙන්න.

මේක මහම මහ පවු කාර වැඩක්.
හැමෝම ඉගෙන ගන්න ඕන නිදහසේ සොබාවික පරිසරේ ඉන්න සතුන් දැකලා උන්ගේ ලස්සන විඳ ගන්න.
උදාහරණෙකට මට කාලයක් ආසාවක් තිබුණා ගිරවෙක් හදන්න (ඒත් කූඩු කරල නෙවේ, කරේ තියාගෙන ඉන්න එකෙක් )
ඒත් මගේ වාසනාවට එකෙක් හම්බුන් නෑ.
දැන් මම දන්නවා සොබාවික පරිසරේ ඉන්න සතුන් දිහා බලල සතුටු වෙන්න.
අපෙ ගෙදරට ගිරවු ඇවිත් බත් කාල යනවට මම හරිම ආසයි.
එතකොටයි උංව ලස්සන වැඩි.

මේ කූඩු කරපු සිතසියෙක් ( A White Eye sp).
හරී පොතේ Pdf එක හම්බුනා... කියවල බලන්න ඕන,,, ඒත් ඉතිං Pdf කියවන්න හිතෙන්නෙ නෑනෙ පොත් තරම්,

Monday, October 17, 2011

මා මළ පසු සිහිවන්නට සොබා සුමිතුරෙක් වෙනු මැන....



අද උදේ මා විශ්වවිද්‍යාලයට යන්න පෙර, හදිසියේ බ්ලොග් එකට ආවා.
එතකොට මම කතන්දර මාමගෙ අලුත් ලිපියක් දැක එය බලන්න ගියා,
එහිදීයි මට පෙනුණේ ගැජට් එකක් හරහා "ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි".

මම හිතුවා මේක  කාගේ හරි මරණයක් ගැන වග.
පින්තූරෙන් පෙණුනා එය කතන්දර ශූරීන්ගේ පියාණන් හෝ වෙනත් කාගෙ හරි පියාණන් කෙනෙක් ගැණ කියලා.
අන්තිමට බැලුවම කතන්දර මාමගෙ අප්පච්චි ගැන.
මට සංවේගයක් ඉපදුනා අනේ මටත් මෙහෙම වෙනවා නොවේද කියලා..
මට කලිනුත් එහෙම හිතිලා තියනවා.


කකා ගේ පියානන්ට අජරාමර නිවන් සුව අත්වෙවා ..?
මට මතක හැටියට මම බ්ලොග් ගැන දැනගත්ත මුල්ම අවස්ථාවද කොහෙද ෆේස්බුක් හරහා ඉලංදාරියාගෙ මළගම ප්‍රචාරය වුන අවස්ථාව.මේත් මම වගේ ඉලංදාරියෙක්.මට මතකයි අපෙ ගෙවල් වලට ළඟම කුඩා නගරෙත් ඉලංදාරියා ගැන අවමංගල දැන්වීම් ගසා තිබුණා.මම ඉලංදාරියා ගැන දැන ගත්තෙ ඊට පස්සෙයි.ඒත් මම ඔහු ගැන දැනන් හිටියෙ නෑ.මට දුක හිතුනා ඒත් කියෙවුවට පස්සෙ. මමත් ඒ හදපු ගෲප් එකක කමෙන්ට් කරා.
ඇත්තට මට කියන්න ඕන වුනේ මේකයි,
ඉලංදාරියා හිතුවද දන්නේ නෑ කතන්දර මාමගේ පියාණන්ගේ මරණය වගේම තමන්ගේ මරණය ගැනත් කමෙන්ට් වැටෙයි කියලා.
මට හිතුනා "ගෝඩෝනියාගේ මරණයත් මේ අයුරින්ම විය හැක.
එවිට මාගේද බ්ලොගයේ කවුරුන් හෝ කමෙන්ට් කරණු ඇත" කියලා.
ජීවිතයේ කොයි මොහොතක මරණය අප කරා ඒවිදැයි අපි දන්නෙ නෑ.
අපි නිතරම සිටිය යුත්තේ මරණයට සූදානමින්.
මරුවත් එක්ක අපි ගිවිසුම් ගහල නෑනේ.

ඒ ගැන ඔබත් සිහි කරන්න.
දැන් මම කෙටියෙන් කියනවා මට අවැසි දේ.
මට දන්නා අදුරන බ්ලොග් කරුවන් ගොඩක් නෑ.
ඒත් ඉන්න අයගෙන් සහ මේක කියවන මගෙ මිතුරන්ගෙන් මම පොඩි ඉල්ලීම් ටිකක් කරනවා.
මං ඔයාලට කලින් මැරුණොත් කල යුතු දේවල්.
මම විස්තර දන්න අය ගැන සහ අනික් අයට පොදුවේ දාන්නම්.

පොදුවේ
1.සියළු දෙනාම පන්සල් බිමක දෙළුම් පැලයක් හිටවන්න.
මේ පැලය බොහෝ ශ්‍රාවක සංඝ පිරිසකට උපකාර කරාවි.
කොහේ හරි තැනක කුඩා හෝ කල්පවතින ගහක් පැල කරන්න, මාව සිහිවෙන්න.

2.පුළුවන් නම් ඔයාලා පිරිසිදු ආකාරයට සෞඛ‍යාරක්ෂිත දානයක් දෙන්න එක ස්වාමීන් වහන්සේ නමකට.
හිතන්න මේ දානය "සැරියුත් මුගලන් ආදී වූ මහ රහතුන්ගෙන් පැවත එන ශ්‍රාවක සඟරුවනට පූජා කරමි පූජා වේවා" කියලා.
උදා: ගිම්හානි අක්කට පුළුවන් ජමනාරං යුෂ ටිකක් ස්වාමීන් වහන්සේ නමකට පුජා කරන්න.
මේකට ලොකු කුඩා භේදයක්වත්, ස්වාමීන්වහන්සේලා ගනන වත් බලපාන්නෙ නෑ.

3.කෙදිනක හෝ ගසක් සිටවන විට සිතන්න මෙහෙම,
"මේ ගස් සිටුවීම කියන්නෙ දිවා රෑ පින් රැස් වෙන පින්කමක්" කියලා.
ගසකින් සිදු වන යහපත සිහිපත් කරන්න.

4.එවිට තවත් කවුරුන් හෝ ගස් සිටුවාවි.තම තමන්ගේ බ්ලොග් වලත් මේ ගස් සිටුවීම ගැන පෝස්ට් එක දාන්න.දිගටම සොබාසුමිතුරන් වෙන්න.

5.වෙද මහත්තයාට සහ වෛද්‍යයතුමන්ට පුළුවන් රෝගීන් කිහිප 
දෙනෙකුට සහ ශ්‍රාවක සඟරුවනට බෙහෙත් ටිකක් පූජා කරන්න.

6.ඔබේ දරුවන් සහ මිතුරන් සොබා සුමිතුරන් කරන්න යත්න දරන්න.

මේ ආදී පින්කම් කර මට පින් අනුමෝදන් කරන්න.
"ගෝඩෝනියාට මේ පින් අනුමෝදන් වේවා" කියලා.
මාතලන් මාමා, කකා මාමා, බුවා අයියා,
නන්දු නංගී,. සයුරි අක්කා, ගිම්හානි අක්කා,ලොකු ජෝන් අයියා, කෙසී, මල්සරා, කැහිබෙල්ලා, විසිතුරු,බටහිර හා අයුර්වේද වෙදමහතුන් දෙන්නා,ගීත් අයියා, ඔබ නොදුටු ලොවක්, ගඩොල් අයියා,කුමාරිහාමි අක්කා,නදී අක්කා,ඔබ්සර්වර් මහත්තයා, වර්ෂා, චාමි, සිංහයා අයියා,සුදු මැණිකේ අක්කා,මහේෂ් සර්, 
මෙකී නොකී හැමෝමත් මගේ බ්ලොගය කියවන හැමෝමත් මේක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි.

තව මගෙ මිනියට වටිනා දැව පෙට්ටි එපා. දවසකින් වැඩ ඉවර කරන්න.
ගුණ කථන හෝ කිසිම කථනයක් එපා.
දැන්වීම්, ඉටිරෙදි කොඩි එපා.
තව ඉල්ලිමක් මම "සොහොන් බිම" කියන කවි පන්තිය හොයනවා.
තියන කෙනෙක් වේ නම් දෙන්න.
මෙය කුඩලිගමයන්ගේ සුන්දර පරිවර්තනයක් "Graveyard" කියන ඉංග්‍රීසි කවි පෙලේ.
සිංහල පෙල පොතක තිබුණා හොයා ගන්න නෑ දැන්.

Sunday, October 16, 2011

කුමාරිහාමි අක්කේ බලන්න දැන් මේක තේරෙනවද කියලා ...

Carl Linnaeus
මේකත් මම ලියන්න කියලා හිතං හිටිය එකක්.
සොබා සුමිතුරු වෙන්න මේකෙන් වැදගත්කමක් කෙලින්ම නෑ.
මොකද මේ දේ ලෝකෙට එන්න කලින් ඕන තරම් සොබා සුමිතුරෝ හිටිය ලොකේ.
ඒත් ඉතිං දෙයක් ඉගන ගන්න එක වටිනවනෙ.
මේ දේ ටිකක් දැන ගත්තොත් ශාක සහ සතුන් ගැන තියන ඉංග්‍රීසි දේවල් තේරුම් ගන්න ලේසි වෙයි චුට්ටක් විතර.
අපි හිතමු අපි ගහක් ගැන හා ඔන්න අඹ ගහ ගත්තා කියමු.
ඔන්න ගියා බ්‍රවුසර් එකට  ගිහින් ගැහුවා "Mango" කියලා.
ඊට පස්සෙ ආව මොකක් හරි එකක් විකිපීඩියා කියමු.
මෙන්න තියනවා නමක් Mangifera indica කියලා මේ මොකද්ද?


මේකට තමා කියන්නෙ ද්වි පද නාමය (Binominal Name) කියලා.
මේක ලෝකෙට හදුන්වා දුන්නෙ කැරොලස් වොන් ලිනේයස්.
ඔහොම තමා මම දන්නෙ, මේක උච්ඡාරණය කරන්න.
මෙන්න විකි පිටුව ගිහින් බලන්න.
කොහොම හරි ලිනේයස් ගෝලයෙක් ලංකාවටත් එවල තියනවා.
තන්බර්ජ් , මෙයාට ගරු කරන්න තමා අපි හැමෝම දන්න තන්බර්ජියා කියන ශාක ගණය නම් කරල තියන්නෙ.
මෙහෙම ලංකාවට විතරක් නෙවේ ලෝකෙ වටේටම ගෝලයො සෙට් එකක් යවල තියනව ලිනේයස්.
සමහරු ඒ රටවලදිම මැරිල ආය ඇවිත් නෑ.
ඉතිං එයාලගෙ වයිෆ්ලා ඇවිත් ලිනේයස්ට බැනලා "අපිව අනාථ කරා" කියලා.
ඒ නිසා ලිනේයස් ආය ගත්තෙ බැඳපු නැති ගෝලයෝ විතරලු.
ඉතිං ලිනේයස් මෙහෙම යවපු ගෝලයො ගෙනාපු ශාක සහ සත්තු වර්ග 11,000 ක් විතර නම් කරලා තියනවා.
එයා නම් කරපුවගෙ අග "L" අකුරක් තියනවා.
උදා: Mangifera indica .L - අඹ
       Anona muricata .L - කටු අනෝදා
       Balaenoptera musculus .L - නිල් තල්මහ
ඉතින් ගෝලයො ටික දුක් විඳලා එකතු කරපු ශාක හා සත්තු ටික නම් කරලා ලිනේයස් නම දාගත්තා.
එක ගෝලයෙක් එයා එකතු කරපුවා දුන්නෙ නෑ කියලා ලිනේයස්ට හෙනට මළ පැනලලු.
අද කාලෙත් මේක තියනවා, එක්කනෙක් හොයාගත්ත එකක් විස්තර කරල වෙන එක්කනෙක් නම දාගන්නවා.
මහ කැත වැඩ.
කොහොම වුනත් ලිනේයස් කරපු දේ නිසා ශාක සහ සතුන් වර්ගීකරණය පිළිවෙලක් වුනා.
ඔන්න ඔහොමයි නමක් තියන්නෙ.
1.ගණ නාමය
2.විශේෂ නාමය
මීට අමතරව තියෙන්න පුළුවන් උප විශේෂය.
එතකොට මැදින් තියෙන්න පුලුවන්.
අන්තිමට හරියටම කෑලි බෑලි ඔක්කොම දාපුවම පේන්නෙ මේ වගේ.


Citrus grandis Var grandis .Osbeck 


හීං බෝවිටියා (Osbeckia ocrandra) අයිති ගණය නම් කරල තියන්නෙ මෙයාට ගරු කරන්න.
ලිනේයස් මෙයාගෙ බැචාලු.
මේවගේ ජීවී විශේෂ වර්ගීකරණයෙදී කොටස් වලට වෙන් කරලා තියනවා ඒවාගෙ බාහිර රූපාකාරය සහ ඒවගෙ වෙනත් ලක්ෂණ සලකල.
ශාකයක නම් මල්, කොල සලකල ඒ වගේ.
දැන් නම් මේකට ජාන වලත් සමානකම් අධ්‍යයනය කරනවා.


විශේෂයක් කියන්නෙ, ලිංගික ප්‍රජනනයෙන් සරු දරු පරපුරක් බිහි කරන්න පුළුවන් ජීවීන් කණ්ඩයකට.
දැන් ව්‍යාඝ්‍ර දෙනයි (Panthera tigris) සිංහයයි (Panthera leo) එකතු වෙලා පැටියෙක් හැදෙනවා ලයිගර් (Ligar) කියලා.
ඒකා වඳයි. ඒ නිසා විශේෂයක් වෙන්නෙ නෑ.


මේ වගේ විශේෂ තියනවනෙ, මේ වගේ විශේෂ වලත් සමාන ලක්ෂණ තියනවනෙ,
අන්න එහෙම විශේෂ එකතු කරලා හදනවා ගණයක් කියල එකක්.
ඒ වගේ ගණ එකතු කරල හදනවා කුලයක් (Family).
ඔහොම ඔහොම එකතු වෙලා ගෝත්‍ර, වංශ, වර්ග, රාජධානි හැදෙනවා.


ඔන්න ආයෙත් මුලට එමු.
මෙන්න තියනවා මේ ද්විපද නාම ලියන එකේ රීති.

1.ඉංග්‍රීසි අකුරු භාවිතය.
2.ගණ නම සහ විශේෂ නම් අතර ඉඩක් තැබීම.
3.ලියනකොට වචන දෙකට වෙන වෙනම යටින් ඉරි ගැසීම.
4.ටයිප් කරනකොට ඇල අකුරු භාවිතය.
5.ගන නමේ මුලකුර හැර අනික් සියලු අකුරු සිම්පල් අකුරින් ලියනවා.
6.ලතින් හෝ ලතින් ඌරුවට (හුරුවට ) නමක් යෙදීම.
  ලිනේයසුත් ගොඩක් ලතින් භාවිතා කරපු නිසා එයාගෙ නම ලත් හුරුවට වෙනස් කරාලු.
අපෙ රටේ තියනව ආවේනික ශාකයක්.
ඒක නම් කරා මහාචාර්ය එම්. ඩී දසනායකයන්ට උපහාර පිණිස.
මෙතුමා තමා ලංකාවෙ දැණට තියන ශාක විස්තර කරපු හොඳම පොත් පෙල වුන Flora Of Ceylon පොත් පෙල සංශෝධනයෙදි මුලසුන ගත්තෙ.
ඉතින් ලතින් හුරුව ගන්න දැම්මෙ කියල dassanayaka නෙවේ dassanayakei කියලා විශේෂ නාමයට.
බලන්න මේක හුරුද කියලා?
Gordonia dassanayakei 


තව ඉතින් එක ළඟ එක ගණයෙ විශේෂ දෙකක් ලියනව නම්,මුල්ම එකේ විතරක් ගන නම සම්පූර්ණයෙන් ලියල අනික්වට විතරක් ගන නාමයේ මුලකුර යොදලා තිතක් ලියල විශේෂ නම ලියනවා.

කුමාරිහාමි අක්කෙ දැන් බලන්න දැන් මේක තේරෙනවද කියලා.
මේ තියන ගණයත් නම් කරේ ලිනේයස් ඒ නිසා ඒකටත් "L" දාලා.

Family : Rutaceae 

Genus: Citrus L.

A. Citrus aurantifolia (Christm. & Panzer) Swingle - දෙහි

B. C.grandis (L.) Osbeck
 1.var. grandis 
  ජම්බෝල

2.var. racemosa (Roem.) B. C. Stone 
   True grapefruit


මෙහි ඇත්තේ මම දන්නා ඒවා සහ උපුටාගත් ඒවාගේ සම්මිශ්‍රණයක් බව කරුණාවෙන් සලකන්න.

මාර ගස් ගැන මාර කතාවක් - මොකද්ද සංරක්ෂණය ?

මම මේක ලියන්ට ගොඩක් කල් හිත හිත හිටියා.
ඒත් ලියන්ට බැරි වුනා.
ඒත් මට ඊයේ ඒක මතක් වුනා මගෙ ලිපියකට ලියපු අදහක් නිසා.
ඒක දාපු සහෝදරයට  ගොඩක් ස්තූතියි.
කොහොම වුනත් මට කියන්න තියන ගොඩක් එව්ව ලියන්ට ඕන.

ඉස්සල්ලාම මට කියන්න තියන්නෙ මම මේ විෂය ගැන ඩිප්ලෝමාවක්වත් නැති කෙනෙක් කියලා.
මම තවම පොඩි කොල්ලෙක්.
ඒ නිසා කෙනෙක්ට අහන්න පුළුවන් ඔයාට මොකද්ද තියන සුදුසුකම මේක ලියන්න කියල.
ඒකට දෙන්න තියන උත්තරේ මට ඕන හින්දා මම ලියනවා, එකට සුදුසු කමක් ඕන නෑනෙ,
කැමති නැත්තං බලන්න එපා.
වැරැද්දක් තියනව නම් ප්‍රසිද්ධියේ හරි කියන්න කියල.
ඊළඟට අහයි ඔය මේ කියන ඒවා ඔක්කොම කරනවද කියලා...
කියන්න ලෙසියි කරන්න ආමාරුයි කියයි.
දැනට නම් දාපු ඒවා ඔක්කොම වගේ කරන ඒවා.
ඒත් මට හිතුනොත් මම කරන්නෙ නැති එකක් වුනත් දානවා.
මොකද මම කොළඹ තට්ටු ගෙදරක පොඩි කෑල්ලක කුළියට ඉන්නව නම්,
මට මේ කියනව වගේ ජමනාරං නෙවේ රෝස ගහක් වුනත් හදන්න අමාරු වෙන්න පුළුවන්.
ඒ වගේම වෙලාව මදි වෙන්න පුළුවන්.
ඒත් මේක කියවන කෙනෙක් ඉන්න පුළුවන් දැවැන්ත වත්තක් තියන ඒකෙ නිවී හැනහිල්ලේ ගස් 1000ක් වුනත් හිටවන්න පුළුවන්.

උදාහරණයක් විදිහට මට ඇත්තටම ආසයි මාර ගහක් හදන්න.
ඉතින් ඒකට මට කොහොමටවත් ඉඩ නෑ.
ඒත් මට පුළුවන් මට ආසයි කියල දාන්න,
සමහරවිට මේක කියවල කෙනෙක් මාර ගහක් හදයි.
මට ආස එහෙම එකක් හදල ඒකෙ ඕකිඩ් වර්ග, කඩුපුල් හැදෙනවා බලන්න, තව ගහ යට රවුමට වාඩි වෙන්න තැනක් හදන්න.

ෆොටෝ හොයනකොට මතක් වුනේ මම හතේ අටේ ඉන්නකොට අපි හැම වෙලේම බලන්නෙ ගහක් යට පන්තියක් ඇරෙන්ජ් කරගන්න.
මට මතකයි ඒක යට ඉන්නකොට පිළලිච්චො (Pale Billed Flower Peckers) කෑගහපු හැටි, සහ පිළිල (Dendrophthoe spp)ගෙඩි වැටිලා තිබුණ හැටි.
ඒක තිබුණේ ජෑම් සහ අඹ ගහක් යට.
මට හිතෙන්නෙ ගස් යට අධ්‍යාපනෙත් ඉගනීමට ඇතුලත් කරන්න ඕන.
යුධ පුහුණුවත් නියමම ගස් යට අත්දැකීමක්.

මාතලේ සිට එකේ යනකොට මාර ගස් වල මේවා පිරිලා තිබුණා.
ඒත් සංවර්ධනේ මුවාවෙන් ඒ ගස් කපනවා දැන්.


එහෙම ගහක තිබිලා මට හම්බුන ඕකිඩ් එකක් මේක Acampe praemosa.
මේක සුලබයි.
ඒත් වටිනවා. 
ඒත් මම මේ බ්ලොග් එක ලියනවා.
මොකද ඒ දේ කරන්න බැරි වුනත් මම ඒ දේ කරන්න ආස නිසා.
මට කොහොමත් මේක ලියන එකෙන් තෘප්තියක් තියන්ව ලොකු.
මොකද මම දන්න තරමින් මේ වගේ සිංහල බ්ලොග් එකක් නෑ.
අනික මට ඉස්සර ඉඳලා ආසාවක් තිබුණා ලියන්න,
ඉස්සල්ලම විදුසර, අපේ සංගමේ "යොමුව" වගේ ඒවට ලීවා.
පස්සෙ ෆේස්බුක් ලීවා.
ඊට පස්සෙ හදිසියෙම බ්ලොග් දැකල බ්ලොගයක් හැදුවා.
මට ප්‍රශ්නයක් නෑ ගොඩක් ෆලෝව'ස්ලා හෝ කමෙන්ට්ස් නෑ කියලා.
කියවන අයගෙන් එක්කනෙක් හරි ආසාවෙන් මේක කියවල ටැප් එකක් හරි නිකරුණේ ඇරල තියනකොට ඒක වහල යයිනෙ,
පාරේ නිකරුණේ පත්තු වෙන ලයිට් එකක් හරි නිවයිනෙ.
අඳුරේ ඉදගෙන ඒකට ශාප කර කර ඉන්නෙ නැතුව වඩා එක ඉටි පහනක් හරි දල්වන එක වටිනවා ලුනෙ.
මම දැන් වෙන ක්ෂේත්‍රයකට අදාලව ඉගනීම කරාට, මගෙ ඉස්සර සිහිනය වුනේ උද්භිද විද්‍යාව හදාරන්ට.
මට ඒකට අවස්තාව ආව මගෙ පළවෙනි උසස් පෙළ උත්සාහයෙදි.
මට මෙහෙම ආසාවක් ඇති වෙන්න හේතුව මම ඒ පැත්තෙං ගොඩක් ඉහලට ගියපු අයට ආසා කිරීම සහ,
සොබාවට ඇති නොනිම් ආසාව.
මගේ ආසාව වුනේ ආචාර්ය සිරිල් විජේසුන්දර වගේ කෙනෙක් වෙන්න.
ඉතින් මගෙ හීනේ වුනේ පේරා සයන්ස් ෆැක් එක.
ඉතින් පළවෙනි පාරම ඒකට උඩින්ම යන්න චාන්ස් එකක් ආවා.
ගිය අවුරුද්දෙ ජූලි පළවෙනිදා මට එහෙට එන්න කියල ලියුමකුත් ආවා.
ඒත් මම හිතුවා මෙහෙම,
මේ දේවල් කරනවට වඩා අහිංසක මනුස්සයෙක්ට බෙහෙත් ටිකක් දෙන එක, පිහිට වෙන එක හොඳයි කියලා.
ඒක ලොකු පිනක්.
මට මේ සිතුවිල්ල උපද්දවන්ට උපකාර කරේ මගේ භෞතික විද්‍යාව ගුරුවරයා.
ඒ සර් කීවා නිකං පුළුවන්කම තියාගෙන සයන් යන්නෙපා කියලා.
ඉත්ං සර්ට පිං සිද්ද වෙන්න මම අද පේරා මෙඩි ෆැක් එකේ.
සයන්ස් එකට තවම ආසයි ඉතිං.
ඒත් කමක් නෑ මේකෙන් මිනිසුන්ට යහපතක් කරන්න බලනවා.
ඔය ඇති ඒ ගැන.
කොහොම වුනත් මම විවෘතයි ප්‍රශ්න වලට.
මම දැන් සංරක්ෂණේ ගැනත් ලියනවා කමක් නෑ දිග වැඩි වුනාට.

සංරක්ෂනය කියන්නෙ පරිසරේ කිසිම දෙයක් ප්‍රයෝජනේට ගන්නෙ නැතුව කිසිම දෙයක් වෙනස් කරන්නෙ නැතුව කැලෑවල් වටේ බැමි ගහල, සත්තුන්ට යන්ට බැරි වෙන්න එකට උඩින් දැලකුත් ගහල මිනිස්සුන්ට ඒකට යන්ට තහනම් කරනවා කියන එක නෙවේ.
වර්තමානයේ ජීවත් වෙන පරපුර උපරිම ප්‍රයෝජනයක් ගන්මින්, මතු පරපුරටත් ඉතුරු කරමින් කරන භාවිතයක්.

අපි හිතමු දැන් මොකක් හරි ගස් වර්ගයක් තියනවා ඒක දුර්ලභයි, ඒ වුනාට ලීය ගෘහ භාණ්ඩ හදන්න නියමයි.
අපි ඒ ගහ සංරක්ෂණේ කරන්නෙ කොහොමද?
අපි ඒ ගහ බෝ කරගන්න ඕන.
ඒකට පටක රෝපනය වගේ ක්‍රම යොදාගන්නවා.
ඊට පස්සෙ මොකද කරන්නෙ,
අපි ඒ හදාගත්තු පැල ටික කැලෑ වල විතරක්ම හිටවලා ඒවා වටේට වැටක් ගහල තියාගෙන ඉන්න එකද?
නෑ පුළුවන් තරම් ගස් හදාගෙන ඒ ගස් වලින් ප්‍රයෝජනයක් ගන්නත් ඕන.
අපෙ රටේ තියනවා ලස්සන වනමල් ඒවා අපිට පුළුවන් දියුණු කරන්න ජාන තාක්ෂණය මඟින්.
නැතුව අපි ඒවගෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව තියාගෙන ඉඳල විතරක් වැඩක් නෑ.
දැන් බලන්න අපෙන් හොරකම් කරපු බිනර (Exacum trinervium sub sp macranthum), දැන් ඕලන්ද කාරයෝ ඒ ගහට පෙටන්ට් අරගෙන.
මේකට බලන්න අපේ දේශීය ගහ පෝච්චියක හදන්න පුළුවන් විදිහට දියුණු කරලා,


අපේ ගහයි ඒ ගහෙයි වෙනස බලන්න,
මේ ලින්ක් වල තව ඇති.
කියන්නෙ ජෛව මංකොල්ලය (Bio Piracy) කියලා.
හොරකම් කරලා ඒ මල් දියුණු කරලා ජාන තක්ෂණයෙන්,
ගිනි ගණන් වලට අපනයනය කරනවා ලෝකෙ පුරාම.
හොරකම වැරදියි.
ඒත් අපිටත් තිබුණා ඔය ටිකම කරන්න ලංකාවෙ.

තව තියනවා හොරකම් කරපුවා, මේත් එහෙම එකක් Impatiens repens ආයෙත් ඉතිං මම ම දීලා වැඩක් නෑනෙ ඔයාලම මේක අන්තර්ජාලෙ හොයල බලන්න කොච්චර ලස්සන මලක්ද කියලා.
මේකත් බිනර වගේම අපිට ආවේණික එකක් ඒත් සුද්දො හොරකම් කරා..
මොකද්දෝ රටක් කොහොඹ වලට පේටන්ට් ගන්න ගියා.
ඒත් ඉන්දියාව නඩු දාල ඒක ආය ගත්තා.
ඒ ඉන්දියාව.

අපිට වෙලාවකට පරිසරයට හානි කරන්න, වෙනස් කරන්නත් වෙනවා.
ඒකට කරන්න දෙයක් නෑ.
අන්තවාදී වෙන්නත් බෑ.
පොඩිම උදාහරණෙ අපෙ ගෙදර වල් ගහක් තියනවා, අපිට ඒකෙන් ගොඩක්කරදරයි නම් අපිට වෙනව ඒක ගලවන්න.
ගහක අත්තක් වහලෙට නැමිල තියනව නම් අපිට වෙනවා ඒක කපල අයින් කරන්න.
අපිට කියන්න බෑ හැම තැනම ලොකු ගස් , ගෙඩි හැදෙන ගස් විතරක් හදන්න කියන්න,
අපිට සිද්ද වෙනවා සමහර තැන් වල මල් ටිකකුත් හදන්න.
එහෙම නැතුව වැඩක් තියන් ඒවාම විතරක් හදන්න පුළුවන් නම් හොඳයි.
ඒත් මල් ගස් වලිනුත් වැඩක් තියන්වා,
ඒකත් ගහක්.
තව ලොකු ගණයේ උදාහරණයක්.
ඔන්න පේරාදෙණියෙ උද්භිද  උද්‍යානය තියනවා, අක්කර එකසිය පනහක් විතර,
කෙනෙක් කියනවා මේක මෙහෙම තියල හරියන් නෑ,
මේ මොනවද, මලුයි, තල් මාවතුයි, පිට රටින් ගෙනාපු නුග ගසුයි, තඩි පිට්ටනියි,
මේවා වැඩක් නෑ.
මේකෙ පිට්ටනි නැති කරල මෙතන හදන්න ඕන කැලයක් කියලා..
ඒක හරිද?
හරි යන් නෑ.
මොකද ලෝක සම්මතය එහෙම නෙවේ,
මිනිස්සු හැමෝම වගේ ලස්සන දේවල් වල ආසයි.
අනික ඒ දේවල් වලිනුත් සේවය වෙනවා,
ඒත් මම කියන් නෑ ඔක්කොම තැන් එහෙම විය යුතුයි කියලා,
එක එක තැන් එක එක විදිහට.
මම කියන් නෑ සිංහරාජ හරහා පාරක් කැපිය යුතුය කියල.
තමන්ට පුළුවන් නම් අවබෝධෙන් යුතුව වැඩක් කරන්න,
එතනයි වටිනාකම තියන්නෙ,
වල් ගහක් වුනත් ඒකත් සත්තුන්ට හරි වටිනවනෙ කියල ඉතුරු කරන්නත් පුළුවන්,
මේක මෙතන තියල බෑ, මේ දර්ශනය කැත වෙනවා, මෙතන මල් ගහක් හදන්න ඕන කියල ගලවන්නත් පුළුවන්,
ඒ නිසා අන්තවාදි වෙන්නවත් විනාස කරන්නවත් එපා.
හරි දේ කරන්න.
එතනිනුයි සැබෑ සොබා සුමිතුරෙක් බිහි වෙන්නෙ.

Saturday, October 15, 2011

ජමනාරං


මම රෝස ගහකුයි ජමනාරං ගහකුයි ගෙනාවා.
මේ පැල ගත්තේ ඉස්කෝලෙ වැඩේට ගස් ගත්ත තැනකිං.
ඉස්කෝලෙ ගස් ටික බලන්න ගිය වෙලාවක ඒවට වතුර දාලා පේරා පැත්තෙ යන්න හිතුනා.
මගදි වෙලා යනව කියල මතක් වෙලා පැල කඩේ ගාවින් බැහැල පැල ගත්ත.
මට ඉස්සර ඉදල ආසාවක් තිබුනා ජමනාරං ගහක් හදාගන්න.
ඒත් හරි ගියේ නෑ.
අන්තිමට ගත්ත ඔන්න.
කොහොම හරි ඔන්න ගස් දෙක උස්සගෙන ගෙදර ආවා.


ගෙදර ඇවිත් රෝස ගහ නම් හිටෙවුවා මගෙ තැඹිලි, සහ ලේ රතු පාට රෝස ගස් දෙක තියන තැන.
මට ඕන එතන පොඩි මල් උයනක් කරන්න.
දැන් එතන රෝස ගස් හතරක් තියනවා බද්ධ කොරපුවා.
බද්ධ නැති එව්වා දෙකයි.
එව්වත් බද්ධ කොරන්ට ඕන.
ඔන ඉතිං රෝස පැලේ නම් හිටෙවුවා,
ඒත් ජමනාරම හදන්න ගියාම තමා ඔළුව අවුල් වෙන්නෙ,
හැමදම එන ප්‍රශ්නෙ තැනක් හොයා ගැනීම.

ගේ වටේටම වත්ත වටේ කරක් ගහලත් තැනක් හොයාගන්න බැරි වුනා.
සමහර තැන් වල අප්පච්චි හදපු ගස්, කෙහෙල් ගස්,එක්කො වහලෙට ළඟ වැඩියි.
ඒ නිසා අන්තිමට ඔලුව කුරුවල් වෙලා නතර වුනා, ගහ ගෙනාපු දවසෙම හදන්න බැරි වුනා.
ඉතින් ගස හැදීම කල් ගියා.
අප්පච්චි ආවා අප්පච්චි කියපු තැන මටත් කලින් හිතුනා ඒත් එතන හරි යන් නෑ.
දොඩම් ගහත් එතනමයි.
ඒ නිසා අන්තිමට මම තීරණය කොරා ඒක දඹල මැස්ස යට හදන්න.
තව ටික කාලෙකින් ඒක අයින් වෙනවනෙ.
ඔන්න අපෙ අම්ම මට හොඳ අදහසක් දුන්නා,
(මට මතක් වුනේ නෑනෙ අප්පා )
අම්ම කීව ඕක කැම්පස් යන පළවෙනි දවසෙ හදන්න කියලා.
ඉතිං මම කලින් දවසෙ වල කපලා, පොහොර දාල ලෑස්ති කරල තියලා තිබ්බා.
පහුවදා උදේ කැම්පුස් යන්ට කලියෙන් පැලේ ඉන්දලා ගියා.
07-10-2011
හරි සතුටුයි.
පස්සෙ මම මේක මගෙ රෙදි බෑග් ෆොටෝ දුන්න යෙහෙළියට කීවම එයා කීව අපරාදෙ කියලා.
මං කීව ඉතින් පරක්කු වුනාට කමක් නෑ, දැන්වත් හිටවන්න කියලා.
කොහොම හරි අම්මට පිං සිද්ද වෙන්ට ඒ වැඩෙත් අනුස්මරණීය විදිහට කරගත්තා.
මගෙ යෙහෙළිය පැලයක් හැදුවද මංදා.
කොහොම වුනත් කියන්න තියන්නෙ මේ වැඩේ ඉස්සර ඉදල ප්‍රචලිතයි,
ඒ කියන්නෙ මොකක් හරි විශේෂ දවසක් සිහිවෙන්න ගස් හදන එක.
ඒත් මමත් කියනවා ඒකම.
ඔයාලගෙත් උපන්දින වගේ දේවල් වලට ගස් හැදුවොත් ගොඩාක් වටිනවා.
ගහක ප්‍රයෝජන ගොඩයිනෙ.
අපෙන් පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා අපි හදන ගස්.

පිංතූරෙ මගෙ නෙවේ කැමරාවක් තියනව කේබල් එකක් නෑ.
හම්බුනාම මගෙ එකක් දානවා.

Thursday, October 13, 2011

පොඩි එකාව ලොකු ඉස්කොලෙකට දාගන්න ඕන....



මා පසුගිය ලෝක ළමා දිනයේදී අපේ අම්මා උගන්වන පාසැලට ගියේ එහි දුප්පත් පොඩිවුන්ට ළමා චිත්‍රපටියක් පෙන්වීමටය.
ජාතිකයේ ගිය පුංචි ඉත්තෑවා (The Little Hedgehog) චිත්‍රපටිය අවම පහසුකම් යටතේ වුව සාර්ථකව පෙන්වා අසීමිත සතුටක් භුක්ති විඳිමට හැකි විය.
මගේ අදහස වූයේ Fantastic Mr. Fox පෙන්වීමට වුවත්,
එය පසුව සාකඡ්චා මඟින් Robots බවටද ජනතාවගේ ඉල්ලිම මත පුංචි ඉත්තෑවා බවටද පත්විය.

අම්මාගේ පාසල දුප්පත් එකකි.
මගේ මුල්ම පාසල වූයේද පොඩි එකකි, මම අම්ම සමඟ ඒ පාසලට ගියේ මහගෙදා ළඟම පාසල එය වූ හෙයින් සහ අම්මා එහි උගැන්වූ කළ නිසාය.
(අපෙ අම්මා හැමදාම ගියේ පොඩි දුප්පත් ළඟපාත් පාසල් වලටය, ඒ නිසා අපිට කරදරයක් නැතුව ඉඳීමේ වාසනාව උදා විය )
එහෙත් මට එහේදී වැටහුන දෙය නම් දරුවෙකුට ඉගෙනීමට සුදුසුම පරිසරයක් ඇත්තේ ගමේ බවයි.
උකුස්සා - Crested Serpent Eagle
දෙමලිච්චා - Seven Sisters/ Common Babler 
ආදී පක්ෂීන්ගේ නාදය පරිසරය සුන්දර කරමිනි තිබිණි.
පාසලට පහල මායිමේ කුඩා දිය පහරක්ද, වෙල් යායක්ද විය.
ඒ දිය පහර මට නම් කුඩා වුවත් සුන්දර විය,
එහි ගස් පර්ණාංග (Tree Ferns - Cyathea sp)පවා තිබිණි.
එතැනද ආක්‍රමණික ශාක තිබුණද, මට සිතුනේ අතීතයේ මේ පෙදෙස් වල කෙතරම් සුන්දරත්වයක් තිබෙන්නට ඇත්ද යන්නයි.

පාසලේ පොඩිවුන්ට කන වැකෙන්නේ මේ කුරුළු ගී හඬයි,
පෙනෙන්නේ මේ සුන්දර පරිසරයයි.
මම දිනක් දුටුවේ (සවස 3ත් පසුවී )නුවර සිට අපි සිටින තැනටත් වඩා එනම් රුපියල් විසි දෙකකටත් වඩා බොහෝ දුර යන පෙර පාසල් ළමයෙකි.
ඔහුව වඩාගෙන ඔහුගේ අම්මා ඔහුට පොඩි පහරක් දුන්නේය.
ඒ ක්‍රීම් පාට ජාත්‍යන්තර පෙරපාසල් ඇඳුමකින් සැරසී සිටි දරුවා නොනවත්වා අඬන හෙයිනි.
මේ දරුවා උදේ 6 පමණ සිටම මේ පෙර පාසලේ ඉන්නට ඇතැයි මට සිතුනි.
අනේ මේ දරුවාට කොයින්ද පරිසරය දකින්න අහන්න  හෝ ඒ නැතත් අම්මා හෝ වැඩිහිටියන් සමඟ ඉන්නට අවස්ථාවක්?
අනේ මම කෙතරම් වාසනාවන්ත්දැයි මට සිතුනි.
ඇත්තට මට පොඩි කාලයේම නගරයේ ලොකු පාසලකට යෑමට නොලැබීම මගේ වාසනාවකැයි මට සිතේ.
අපෙ අම්මා මාව පෙර පාසල් යැවුවේද නැත, ඒ වෙනුවට මාව පාසලට ගෙන ගොස් එක වසරේ පන්ති වල තැබුවාය.(මෙය නම් ගුරු පුතෙක් වීමේ ප්‍රතිලාභයකි)
පාසල් යෑමට පෙරම අම්මා මට පාඩම් කියා දුන්නාය.
මට දැන් හිතෙන්නේ දැන් මගේ හිතට එන මේ සොබාව කෙරෙහි උපදින පෙම, අපේ අම්මාට පින් සිද්ද වෙන්ට ආව දෙයක් බවය.
ඇත්තටම මම තවමත් මගේ පළමු පාසලට පෙම් කරමි.
මට වසර ගණනාවක සිට සිතෙන්නේ එය බැලීමට යායුතු බවය, එහෙත් එය තවමත් කරගත් හැකි නොවිය.
ඒ පාසල ගැන සුන්දර මතක තවම මගේ හිතේ ඇත.
ඒවා පසුව ලියමි.
කෙසේ වෙතත් මට හිතෙනා පරිදි ගම තරම් දරුවෙකුට ඉගනීමට සුදුසු තැනක් තවත් නැත.
නොනවතින තරඟය සහ පහසුකම් විෂමතාව එයට බාධා කරත්.
මට හිතෙනා හැටියට, ළමයාගේ දියුණුවට පාසලම බලනොපායි.
පරිසරය රසවිඳින්නට හෝ අම්මා, අත්තම්මා ඇසුරේ සිටීමට හෝ නොහැකි නම් කුමටද මහ පාසැල් වලට ගොස්?
අන්තිමට ඉතුරු වෙන්නේ ටවුමේ දූවිල්ලට සහ ඝෝෂාවටත්, උදේ සිට පාසල් වෑන් හෝ බස් වල නිදි කිර කිර ගිය දරුවෙක් පමණක් වීමට ඉඩ වැඩිය.
පාසල් සහ ආකල්ප යන දෙකම තවත් දියුණු වූ විට.
සුන්දර දරුවන් තව තවත් බිහි වෙනු ඇත.

(මගේ පැරණි ලිපියක මගේ සොබා පෙම වැඩුමට අම්මාගේ දායකත්වයට තවත් එක්කිරීමට මතක් වී අමතක් වූ එකක් එක් කරමි.
අපෙ අම්මා සහ මම ඉස්සර බොහෝ කැමති රෑට ලයිට් යනවාටා.
ඒ පාඩුවේ අහස බැලීමටය.
දිනක් මම එක වසරේ හෝ ඊටත් අඩු වයසේදී එක් දිනක් ලයිට් ගිය විට,
අම්ම මා සමඟ ගොස් කදිම සඳ ඇති රැයක් පෙන්වූවා මට තවම මතකය්.
එවිට ගේ ළඟ චීන තණකොල පඳුරු දෙසට සර්පයෙකු ඇදී යනවා දුටු අපි බයවීමු.
ඒත් ඒ පඳුරු වලට අපි පොල්ලකින් ගැසූ බව මතකය.
හොඳ වෙලාවට ඌ මැරෙන්නට නැතුව ඇතැයි මම සිතමි මොකද උගේ නැට්ටවත් එවිට තියන්නට නැතුව ඇත.
එහෙම වුනා නම් අත්දැකීම කැත වේ.
දැන් මගේ දැණුමට අනුව ඌ දැක්වූ චර්යාවට අනුව ඌ අහිංසකයෙකි.)

"Mage profile pic 1 elada?... Mama you ge blog 1 piyasathan kiyewwata passe man gawa thiyagena hitapu me 4to 1 damma. thnx mathakaya awadi karanawata. you ta AL iwara wenakam thibuna senahasa mata grade 6 walin nethiuna. ekai godak ma duka hithune. dan unath gedara giyuath weda wdi nisa hariyata katha karannawath welawak ne. dan gedara yanneth mas 1 ta sarayak wage."

මේ මගේ මිතුරෙක් පිය සටහන් කියවා එවූ පණිවිඩයකි.
මේ කියන ෆොටෝ එක ඔහු සහ ඔහුගේ අම්මා එකට ඉන්න එකකි.
ඔහුටද ගම හැර ශිෂ්‍යත්වයෙන් නුවර එන්න විය.
එහි වරදක් නැත.
එහෙත් මට හිතෙන්නේ මගේ යාළුවා පවු කියාය,
6 වසරේ පොඩි එකෙක් ගෙදර හැර තනියම නාදුනන පළාතක සිටීම
ඒ ළමයාගේ හිතට කුමන අයුරක දෙයක් ගෙනාවාදැයි මම නොදනිමි.
මේ දේවල් ගැන අපි සිතනවාට වඩා ගැඹුරට සිතිය යුතුය.
අවසන් වශයෙන් මම අපූව නැවත් ඇදගමි.
මේ අපූ චින්තනයෙන් (විභූති භූෂණයන් නිමැවූ)
බිඳකි
287 සහ294 පිටුවල සිට ඉදිරියට කියවන්න..
මේ එක් කොටසකි.
"මේ එක් දින රාත්‍රියේ අපූට සිතුණේ ඔහු කාජල්ට ලොකු අසාධාරණයක් කරන බවය.
කාජල්ගේ වටිනාකම මිල කළ නොහැකි ළමා වියේ දී ඔහු කොන්ක්‍රීට් හා සිමෙන්හි වලින්ද බාර්ඩ් කොම්පඇනියේ පෙටන්ට් ගල් වලින්ද බඳින ළද සිපිරිගෙයක සිරකොට තබා ගෙන ඔහුගේ ළපටි උනන්දු සහගත සිහින මවන ළමා මනස විචිත්‍රභාවයෙන්  තොට පහත් අනුභූතියකින් පුරවා තැබීම අවිචාරවත් ක්‍රියාවකි.
වනගත පෙදෙස් වල ඇති සුන්දරත්වය, ගංඟාවල මුණු මුණුව, කුරුළු කූජන, සඳ එළිය තැනිතලාවේ සිරියාව දකින්ට ලැබෙනවා පමක් නොව,
හිත මිතුරන් සමඟ සැප දුක බෙදාගැනීමක්වත් ඔහුට අත්දකින්ට නොලැබේ."

චින්තානි විභූති භූෂණයනි
ඔබලාටබෙහෙවින්ම තුති,
මට සිතුණු දේවල් ඔබලාගේ කෘති වල වඩා සුන්දම වූ අයුරින් ලීවාට.

(මෙය ලිවීමට සිතට ආවේ පොත යළි කියවීමට පෙරය.
මම පොත් තුනම රෑ 1.30 පමණ වන තෙක් අහැරගෙන කියවා ඉවර කරගත්තේ පෙරේදාද කොහෙද මයෙ හිතේ.)


Tuesday, October 11, 2011

අපූ, මම, සත්‍යවරණ යුගලප්‍රසාද් විභූති භූෂණ සහ සොබාව...

විභූති භූෂණ ගැන මා පට්ට ගසනවා වැඩිද මම නොදන්නෙමි.
මගේ බ්ලොගය සොබාව ගැන කතා කරන නිසා මට මොන සහිත්‍යයද යැයි ඔබට සිතෙනවාදැයි නොදනිමි.
ඒත් මේ ලිපියද කවුරුන් හරි කියවනු ඇත.
තවත් බ්ලොගයක් පවත්වා ගැණීම අපහසු නිසා මම මෙහිම මෙවන් දේද දමමි.
මට මේ බ්ලොගයේ ලිපි වර්ග දෙකකට බෙදීමට අවශ්‍යය වුවත් මම ඒ ක්‍රමය නොදනිමි.

මා කලින් කී පරිදි මට රසවිඳීමට මහා සුන්දර පරිසරයක් තිබුණේ නැත.
එහෙත් තිබුණු පරිසරය කොතරම් සුන්දරද?
මා හිතන පරිදි මට උපතින්ම ගෙන ආ කැලෑ උණක් ඇත.
එය හැමෝටම හැදෙන්නේ නැත.
එය නැති අය වෙලාවකට මා වැනි සොබාවට වසඟ වූ අය දකින්නේ පිස්සන් ලෙසය.
උදාහරණයකට මා යුධ පුහුණුවට ගිය දින වල මට සැමදා දැක පුරුදු තෙත් කලාපයේ පරිසරය වෙනුවට වියලි කලාපය රස විඳීමට ලැබුණි.
මා කරේ ඒ පරිසරයේ සිටි ඉන්ද්‍ර නීල පියාපත් ඇති ඕක් බ්ලූ සමනලයන් පසු පස යෑම හෝ ගස් වැල් කුරුල්ලන් දෙස බැලීමය.
ඇත්තෙන්ම ඒ කටුක පරිසරය චිත්‍රපටියක් මෙන් මායාකාරීය,
මට හැකි වුනොත් එය ඔබට අසන්නට දෙමි.
එහිදී මට ලැබුණු කාඩ් එක "බොළඳා" යන්නයි.
එයට නම් තවත් හේතු විය.
එය මෙතැන විස්තර නොකරමි.
තවද එක් සමයක් මා සා.පෙළ කරන කල,
එක්තරා කොල්ලෙකු පණ්ඩිතයෙක් මට "ගස් මාමා" යැයි නමක් පට බැන්දේය.
එය ඔහුට ලැබුණ අයුරු මම නොදනිමි.
(මටද තරහව ඇති වේ, මම ඔහුට සහ ඔහුගේ මිතුරාට ඉන් පසු කතා කලේ නැත, අද වන තෙක්.
ඒ අර නම කීම නිසාම නොව ඔහුගේ අනෙකුත් චර්යාද මට අල්ලන්නේ නැති නිසාය.)
එහෙත් මට ඒ වන විටද සම වයස් අය අතුරින් මා තරම් ගස් වැල් ගැන විද්‍යාත්මකව දැන සිටි කෙනෙක් නැතැයි මම සිතුවෙමි.
එය ටිකක් ලොකු වැඩි පුරසාරමක් නම් මා තව වසර දෙකක් එය ඉදිරියට ගෙන එමි.
 එවිටවත් එය සාධාරණ වෙනු ඇත.

මා කුඩා කල බසයේ යන විට අම්මාට වට පිට පෙන්නමි අම්මාගෙන් මොකක් හරි දැක්ක විට අම්මා "ඔව්" කියයි,
එහෙත් පසුව මට අම්මා හැම විටම එය නොදැක්ක බව වැටහිනි.
අම්මා සාධාරණය අම්මාට මට තරම් කැලෑ උණක් නැත,
අනික මම ඒ වන විට තරමක් ලොකුය.
ඒ නිසා මා පෙන්නන හැමදේ ගැනම බල බල යෑමට අම්මට නොහැකිය.

මම මේ ළඟදී සති දෙකකට පමණ පෙර ඒ පාරේ යන විටද අම්මට මොකක් හරි පෙන්වූයෙමි.
එවිට මට ඒ කතාව මතක් වී අම්මාට කීවෙමි අම්මා සිනාසුනාය. (මා ඒ කාලයේම අම්මාට "අම්මා බොරුවට නේද දැක්කා කීවෙ" යැයි කියා ඇත)

කෙසේ වුවද ඒ පාර දැන් වෙනස් වී ඇත,
මා කුඩා කල යාළුවෙකු සමඟ ප්‍රථම වරට මාළු ඇල්ලු දිය පාර කොන්ක්‍රීට් ගොඩකින් කැත කර ඇත.
මා ඇල්ලු මාළුවා වැලි ගොවුවෙකි(දැන් මැගේ දැනුමට අනුව ඌ බොහෝ විට Spotted Loach  කෙනෙක් විය හැක) මම ඌ ගේ පිටිපස වූ ටැන්කියට දැමූවෙමි.
මට ඒවන විට මේ වර්ගයේ මාළුන්ට ගලා නොයන ජලයේ සිටිය නොහැකි බව නොවැටහුනි.
(මා එවිට දෙකේ හෝ තුනේ පන්තියක සිටියෙමි.)
ඌ පසුදින මියගොස් සිටියේය.
ඔහු සමඟ කොට්ටම්බා ඇහිලූ ගස කපා දමා ඇත.
අපි වතුර ගත් නල ළිඳ පමණක් ඉතිරිය.
මම එයින් වතුර බීවෙමි.
එය තවම හොඳට ඇත.
තවද ඒ මගේම කුඹුක් ගසක් මුල පුංචි ලස්සන ළිඳක් විය.
එය දැන් එතැන නැත, එතන කොන්ක්‍රීට් ළිං බට වැඩපොලකි.
මගේ යාළුවාද පසුදාක මට හමු විය,
ඔහු වෙනස් වී ඇති අයුරු නොකීමම හොඳය.

අනිත්‍යයතාවට හසු නොවන්නේ කුමක්ද?
අතීත කතා ලියන්න ගියොත් එය මටද කෙල්වර කරගත නොහැකි වනවා ඒ නිසා එය මෙතනින් නවතමි.

අපූ මට වඩා බෙහෙවින්ම කැලෑ උණ කාරයෙක්ය.
අපි දෙන්නාම උපන්ගේ කැලෑ පිස්සෝය.
එහෙත් ඔහු සුන්දරම සුන්දර ගැමි නොදියුණු පරිසරයක උපත් ලැබුවේය.
අවුරුදු ගණනාවක දුක් කම්කටොළු වලටද ඔහුගේ කැලෑ පිස්සුව හොඳ කිරීමට නොහැකි විය.
(මම එය හොඳ කරගැනීමට යත්න දරමි,එහෙත් තවම බැරි වුනි, සොබා මවට මා වැනි පුතෙක් පුංචි දෙයක් පෙන්නා හුරතල් කර වඩා ළයේ හොවා ගැනීම ඉතා පහසුය, ඒ නිසා ඒ පිස්සුව කවදා නම් සුව වේදැයි මම නොදනිමි.)
ඔහුටද මට මෙන්ම යාළුවෝ විසුළු කරෝය,
ඔහු ගස් වැල් ගැන විස්තර ලියන විට උඹට නම් පිස්සු කීවෝය.
අපුගේ ක්‍රියාකලාපය තේරුණේ බෙහෙවින්ම සුළු පිරිසකටය.
තවද මමද අපූ මෙන්ම තරු පිරි අහසට බෙහෙවින්ම ප්‍රිය කළෙමි.
මම ක්ෂීරපථය පෙණෙන සුන්දර ස්ථාන දැක ඇත්තේ එක වරක් පමණි.
මට ඒ අත්දැකීම වසර 6කට පමණ පසුත් තවමත් සිත මිහිරෙන් පුරවන එකකි.
අපේ ගෙදර වහලය මට හැමදාම කරදරයක් විය,
මට ලොකූ අහසක් බැලීමට තිබුණ බාධකය එය විය.
මට වහලයේ නිදාගෙන අහස බැලීමට ඕනෑ විය.
එහෙත් එය කිරීම නොහැකි විය, අපේ වහලය අනතුරුදායකය.
අරණකට පෙම්බැඳි සත්‍යවරණ අපි මෙන් උපන්ගේ කැලෑ පිස්ස්කෙ නොවූයේය.
ඔහු සොබවේ මායාවට අසු වී වශීකෘත වූයෙකි.
එහෙත් ඔහු අපට වඩා එක අතකට වාසනාවන්තය එක අතකට අවාසනාවන්තය.
වාසනාවන්ත වූයේ පොත තුල ගෙවූ ඔහුගේ අවුරුදු හයක කෙටි ජීවිතයේ ඔහු ඇති තරම් සොබාව වින්ද නිසාය.
ඔහු අවාසනාවන්ත වූයේ ඒ සොබාවම ඔහුගේ මැදිහත් වීම මැද විනාස වී ගිය නිසාය.
ජීවිතයේ ඉතිරි කාලය ඔහු ඒ ගැන සිතමින් පසුතැවිලි වුනේ ඒ නිසාය.
යුගල ප්‍රසාද්ද අමුතු ආකාරයේ උපන්ගේ කැලෑ පිස්සෙකි.
ඔහුට තිබුණ උණ අපිටත් වඩා (වෙසෙසින්ම මට වඩා)
ශ්‍රේෂ්ටය, ඔහුට ඕනෑ වුනේ අනුන්ගේ හෝ බිමක ගස් වැල් හිටවීමය.
මට ගස් වැල් හිටවීමේ උණ උපතින්ම ආවත් අනුන්ගේ හෝ බිමක් එයට හමු වුනේ නැත.
අම්මාද ඇගේ උරුමය සහොදර පෙම නිසා නාස්තිකාරයෙකුට පවරා මගේ උරුමය නැති කළාය.
එහෙත් මට සිතෙන්නෙ දැන් මම අනුන්ගේ හෝ තැනක ගස් සිටවිය යුතු බවය.
එහෙත් මගේ හිතේ ඇති සකෙලෙස් බව නිසාදෝ ඒ ගස් වලට දිගු කලකින් හෝ යන කලදසාව ගැන හිතෙන විට ගස් සිටුවීමට ඇති ආසාව උකටලී බවට පෙරලෙයි.
විභූතිභූෂණ අප සියළු දෙනාටම වඩා කැලෑ පිස්සෙක්, දක්ෂ කලා කරුවෙකි.
මම ඔහුගේ පොත් තරම් විශිෂ්ට නවකතා කියවා නැතැයි දැන් දැන් මට සිතෙයි.
ඒ තරම් ඒවා සාරවත්ය.
එහෙත් ඔහුගේ එක් උපමාවක් මමද කලින් වෙන ආකරයකට ලියා ඇති බව මට නැවත් ඒ පොහ් කියවන විට වැටහුනි.
මට සිතුණේ සොබාවට පෙම්බඳින හැමටම එකම අයුරකට දෙයක් පෙනී යා හැකි බවය.
එය විස්තර කිරීමට අප සිටින කාල්ය හෝ දේශය බලපාන්නේ නැත.
කෙසේ වුවද මම ඔහුගේ ළඟින්වත් තියන්නට නොහැක.
ඔහුගේ ලියමන් කියවන විට මට සිතෙන්නෙ එක්කෝ ඔහු හිතාමතාම මේවා මේ තරම් සුන්දරව ලීවා කියාය.
ඔහුගේ ලිවීමේ රහස් මට ටිකක් හෙලි වී ඇත.
ඔහු කිසිදාක ඔහු බෙංගාලයේ සිට ලියූ ඒ කතා වල රහස් දශක ගණනාවකට පසු ලංකාවේ කොල්ලෙකු තේරුම් ගනීවියැයි කිසිදා නොසිතන්නට ඇත.
අහඹු ලෙස මතක් වූ චින්තා ලක්‍ෂමියනි ඔබ නොවන්නට මට ඒ රහස් හෙලි නොවන්නේය, ඔබට අනේක වාරය තුති.
කෙසේ වෙතත් මට සිතෙන පරිදි මා ලෞකිකත්වය ලියැවුන පොත් වලින් වෙනත් පොත් ටිකකට මේ තරම් පිස්සු වැටේ යැයි මට නොසිතේ.
පැය දෙකක් හෝ එක හමාරක් එකදිගට ටයිප් කළ ලිපිය දිග වැඩිදයි නොදනිමි.
එහෙත් මට මේ ගැනම බ්ලොගයක් ලිවිය හැකියැයි මට හැඟේ.
විභූතිභූෂණයනි ඔබටත් අනේක වාරයක් තුති.

අවසන් වශයෙන් මම ළඟදී සිතීමට සිතුනු සිදුවීමකින් කතාව නවතමි.
බාලාංශයේ ළමයෙක් ලංගම බසයක් ගියර් පෙට්ටිය ළඟ අසුනේ යමින් සිටියේය.
අහෝ වාහන, දුම් රොටු, දූවිලි, බැනර්, බෝඩ් පිරි පරිසරය දකිමින් උදේ පාන්දර ගමේ සිට පාසලට යන හවස ක්ලාස් යන තෙරපෙන ළමයා කිසිදාක අපි මෙන් කැලෑ උණ කාරයෝ වෙයිද?