![]() |
1.Anonymous said...
සහෝදරයා අර්ධ පරිසර වේදියෙක් වගේ ගස්වලට විතරයි වගේ කරුණාවන්ත කම.අනාගතයේදී ඔබ මිනිසුන් වත් වර්ග කරලා තෝරාගත් අයට පමණක් ප්‍රතිකාර කරනවද ?අපි දන්නා විදිහට සැබෑ පරිසවේදියා ශාක හා සතුන්ට ආදරය කරුණාව දක්වන්නෙක්.කුසගින්නේ සිටින සතෙකුට කෑම ටිකක් නොදෙන ලෙස බ්ලොග් අඩවි වලින් පවා ප්‍රචාරය කරන ඔබ වැන්නෝ අනාගතය්දී මිනිසුන්ට කෙලෙස සලකවිදැයි සිතා ගත හැකිය. ඔබ කාඩ්බෝඩ් පරිසර වේදියෙකි.
2.Anonymous said...
පළමු ඇනෝවා වෙමි.සතුන් නිදැල්ලේ යැවීම,නිසිකලට එන්නත් නොදීම, කුඩා පැටවුන් තැන් තැන් වල අතරමන් කිරීම සම්බන්දව ඔබ කියා ඇති කරුණු සමග එකගවෙමි මගේ විරෝදය වුවේ බල්ලන්ට කෑම නොදී සිටීම සම්බන්දව ඔබ හිපොක්‍රටීස් දිව්රීම්ද සම්බන්ද කරගෙන කර ඇති ප්‍රකාශයටය.එය බෙහෙවින් අකාරුණික දෙයක් ලෙස සිතමි.ඒගැන මගේ මතය මෙයයි.ගල් යුගයේ ජීවත් වූ ඔබෙත් මගෙත් සහ අපි සැමගේම මී මුත්තන් විසින් බල්ලන් ගෘහ ආශ්‍රිත සතෙක් බවට පත් කරන ලදී.එදා සිට ඒ ගල් යුගයේ මිනිසාගේ ජීවිතය වෙනදට වඩා පහසු වෙන්නට ඇත.එසේම මිනිස් වර්ගයාගේ සීග්‍ර දියුණුව සහ ලොව පුරා මිනිස් වර්ගයාගේ පැතිරීමටද බල්ලාගේ දායකත්වය ලැබෙන්නට ඇත.මෙසේ වෙත්දී බල්ලාට උගේ සොභාවික පුරුදු අමතකව ගියේය.ප්‍රධාන වශයෙන්ම තමාගේ ආහාර දඩයමින් හෝ සපයා ගැනීමේ හැකියාව උගෙන් ඉවත් විය.අද අපි දකින්නේ මිනිසාගේ යහපත පිණිස තමාගේ සොභාවික හැකියාවන් ඉවත් කර ගත් බලු පරපුරේ වත්මන් සාමාජිකයන්ය.ඔවුනට තමන්ගේ වනගත සගයන්ට මෙන් තනිවම අහර සපයා ගත නොහැකිය.ඒ සදහා ඔවුනට මිනිසාගේ පිහිට පැතීම හැර අන් යමක් කල නොහැකිය.අතීතයේදී අපේ පුර්වගාමින්ට අමිල සේවයක් කල මේ සතුන්ට කරුණාව දයාව දැක්වීම අපට පැවරී ඇති වගකීමකි.ඔබ සිංහරාජ වනයේ ගස් ගෙම්බන් වඳව යාම ගැන සමනලුන් වඳව යාම ගැන කරදර වෙන බව දනිමි. එසේ නම් බල්ලන් වැඩිවීම සම්බන්දවද ඔබ කරදර වීම කුහක කමක් නොවේද?මොවුන් සියල්ලෝම සතුන් වෙති.තම වර්ගයා වැඩියෙන් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුනයි.සැබෑ පරිසර වේදියෙකු නම් කල යුත්තේ සොභා දහමේ රිද්මය නොනසා එයට පවතින්නට ඉඩ හැරීමය.අවසන් වශෙයෙන් අකාරුනිකත්වයේ පාඩම ඉගැන්වූ ඔබගේ ගුරුවරයා පිළිබඳව කණගාටු වෙමි
මුලින්ම කිව යුත්තේ මම මේ ලිපිය ලිවීමේදී බරපතල අඩුපාඩුවක් කර ඇති බවය.
එනම් අපේ ගුරුතුමා අපට කීවේ අපේ පීඨයේ සිටින දඩාවතේ යන බල්ලන්ට කෑම දෙන්න එපා යැයි කියලා පමණි.
ඔහු අපට පාරේ හෝ ගෙදරට එන දඩාවතේ යන බල්ලන්ට කන්න දෙන්න එපා යැයි නොකීවේය.
මෙයට හිපොක්‍රටීස්ගේ ප්‍රතිඥාව ගාවා ගැනීමද මා කළ තවත් වරදකි.
එය යෙදුවේ අප කියූ දෙය මහා බරපතල දෙයක් නොවූවද එය ද වැදගත් නිසාය.
එනිසා ඇනෝවා කියූ දෙයෙහි යම් සාධාරණත්වයක් ඇත, මක් නිසාද යත් ඔහුට මා කීවේ දත්ත වලින් අඩක් පමණක් වන නිසාය.
මේ වූ අඩුපාඩුවට මගේ ගුරුවරයාගෙන් මට සමාව ලැබේවා.
පළමුව අපේ පීඨයේ බල්ලන්ගෙන් මිනිසුන්ට වන කරදර ගනිමු.
1.අපට වාඩි වීමට ඇති විවෘත ශාලාව බල්ලන් ඔවුන්ගේ මූලස්ථානය කරගෙන ඇත.
ඔවුන් එහි අප කෑම කන පාඩම් කරන මේස මතත්,
අප වාඩි වෙන පුටු වලත් නිදාගනී.
මොවුන් පිරිසිදු බල්ලන් නොවන බව තේරුම් ගන්න.
2.බල්ලන් මේ ස්ථානය ඇතුළු අනෙක් සියළු ස්ථාන වල සිටිමින් පොරකන විට එය මහත් කරදරයකි
ඔවුන් දේශන ශාලා අසල පොරකන විට අපට එය බාධාවකි.
3.බල්ලන් අනවසරයෙන් දේශන ශාලා වලට ඇතුල් වීමද කරදරයකි.
4.තවද වෙලාවකට ඔවුන් එලවන විට ඔවුන් තම අයිතිය පෙන්වීමට බිරීමද ගෙරවීමද කරන අතර,
එයින් පසුව ඔවුන් අපව හැපීමට ද ඉඩ ඇත.
5.බල්ලන් පමණක් නොව පූසන් නිසාද පණු රෝග, ජලභීතිකාව, දද කුෂ්ට වැනි බොහෝ රෝග ඇති විය හැක.
6.පිළිවෙලකට තිබිය යුතු වැදගත් දෙයක් සිද්ධ වන පරිසරයක මෙවන් අපිරිසිදු හොරි හැදුන පොරකන බල්ලන් සිටීම අශෝබනය.
ඔවුන්ගේ මළ මෙන්ම ඔවුන්ද පරිසරය අපවිත්‍ර කරයි.
මේ නිසා මේ බල්ලන් අපගේ පීඨයෙන් ඉබේටම ඉවත් කිරීමට හැරීම අප සැමගේ වගකීමකි.
බල්ලන් මැරීම, ඔවුන්ට පහරදීම හෝ වෙනත් පීඩාවක් නොකර ඔවුන්ට ආහාර නොදී ඔවුන් විසින්ම අප පීඨය හැරයෑමට ඉඩ හැරීම ඉතා සුදුසුය.
මෙහි වරදක් නැත.
ඇත්තෙන්ම මෙය ඉතා සොබාසුමිතුරු සත්ත්ව - මිනිස් ගැටළු විසඳුමකි.
නමක් නැති පාඨකයාණනි..
මම ඔබේ අදහස් වලින් සමහරකට පමණක් එකඟ නොවෙමි.
එකඟ වෙන ඒව වැඩි නිසා එකඟ නොවෙන ටික පමනක් දමමි.
"සහෝදරයා අර්ධ පරිසර වේදියෙක් වගේ ගස්වලට විතරයි වගේ කරුණාවන්ත කම.අනාගතයේදී ඔබ මිනිසුන් වත් වර්ග කරලා තෝරාගත් අයට පමණක් ප්‍රතිකාර කරනවද ?
සතෙකුට කෑම ටිකක් නොදෙන ලෙස බ්ලොග් අඩවි වලින් පවා ප්‍රචාරය කරන ඔබ වැන්නෝ අනාගතය්දී මිනිසුන්ට කෙලෙස සලකවිදැයි සිතා ගත හැකිය. ඔබ කාඩ්බෝඩ් පරිසර වේදියෙකි.
ඔබ සිංහරාජ වනයේ ගස් ගෙම්බන් වඳව යාම ගැන සමනලුන් වඳව යාම ගැන කරදර වෙන බව දනිමි. එසේ නම් බල්ලන් වැඩිවීම සම්බන්දවද ඔබ කරදර වීම කුහක කමක් නොවේද?මොවුන් සියල්ලෝම සතුන් වෙති.තම වර්ගයා වැඩියෙන් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුනයි.සැබෑ පරිසර වේදියෙකු නම් කල යුත්තේ සොභා දහමේ රිද්මය නොනසා එයට පවතින්නට ඉඩ හැරීමය.අවසන් වශෙයෙන් අකාරුනිකත්වයේ පාඩම ඉගැන්වූ ඔබගේ ගුරුවරයා පිළිබඳව කණගාටු වෙමි"
කෙසේ වුවද මේ අදහස දත්ත අඩු වීම නිසාම වූවකැයි මම සිතමි.
ඔබගෙ නිර්භය විවේචනය මම අගය කරමි.
ඔබ සම්බන්ධ වූ ලිවීම මම මෙයින් නවතමි.
ඔබට බොහොම ස්තූතියි.
මින් ඉදිරි ලිපියට ඔබ දැක්වූ යහපත් කරුණුද ප්‍රයෝජනයට ගනිමි.
මේ අදහස් ටික මා කලින්ම ලිවීමට සිටි දෙයකි.
ඔබ කී පරිදිම බහුතරයක්ම පාරිසරික ප්‍රශ්න ඇති වී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියා නිසාය.
මේ සතුන්ට මිනිසුන් කර ඇත්තේ අපරාධයකි.
ඔවුන් ඇති කර ඔවුන් පැටවුන් දැමූ විට හන්දියක හෝ පන්සලක දමා යෑම කැත වැඩකි.
මේවා සියල්ල සමහර මිනිසුන්ගේ මෝඩ නැහැදුනු ක්‍රියා නිසා සිදුවේ.
මෙය නතර කිරීම මිනිසාගේ වගකීමකි.
බල්ලන් පමණක් නොව වෙනත් සතුන් ගැන කීමට ඇත්තේද එයමය.
දැන් බල්ලන්ට වූ අසාධාරණය පැත්තකින් තබමි.
මගේ අතේ මදුරුවෙක් කයි, ඌ ඩෙංගු රෝගය පතුරන එකෙක් බව මම හොඳින්ම දනිමි.
එහෙත් මම ඌ නොමරමි,
ඒ සතුන් මැරීම පවක් නිසාය.
එහෙත් මම "මොවුන් සියල්ලෝම සතුන් වෙති.තම වර්ගයා වැඩියෙන් ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුනයි.සැබෑ පරිසර වේදියෙකු නම් කල යුත්තේ සොභා දහමේ රිද්මය නොනසා එයට පවතින්නට ඉඩ හැරීමය."
යන මතයට මෙතැනදී විරුද්ධ වෙමි.
මදුරුවා ද සතෙකි ඌද බෝවීමට කැමති නිසා අපි උට බෝ වීම පිණිස ගේ වටේට වතුර බාල්දි පුරවා තැබීම නොකළ යුතුය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති දේ නිසි පරිදි බැහැර කිරීම මගින් මා මෙන් සතුන් මැරීම පවක් යැයි නොසිතන කෙනෙක්ට වුව අනාගතයේ මදුරුවෙක් තැලී පොඩි වෙන ලෙස පහර දීම හෝ මදුරු කීටයන් පිරි පොල් කටුවක් පෙරලා උන් ටික මැරීමට සිදු වීමෙන් වැලකිය හැක.
මදුරුවාද බඩගින්නේ සිටින සතෙකු යැයි කියා රෑට මදුරු දැලක් නැතුව නිදා ගැනීමද මට කළ නොහැක.
දැන් මදුරුවාගේ කතාවෙන් බලු කතාවට ගත හැකි සබැඳිය බලමු.
බල්ලාට ද කෑම දීම පිනකි.
එහෙත් උට කෑම දීමට සුදුසු තැන් ඇත.
ගෙදරට හෝ අප ඉන්න ආයතනයට ඔවුන්ගෙන් කරදර නම් එතැන කෑම දීම නුසුදුසුය.
එසේ නම් මහින්ද මාමා ගේ ගෙදර ද, ගල්කිස්ස මහ හෝටලයේ ද, අම්බුළුවාවේ රජගෙදර ද,තානාපති කාර්යාල වලද, ඉස්පිරිතාල වලද උන්ට කෑම දීම කිරීම කළ හැක,
එහෙත් එය නුසුදුසුය,
ඒ නිසා එය සිදු නොකරයි.
මේ ලෙස පරිසරට එරෙහිව සමහර දේවල් කිරීමට සිදු වේ,
සතුන් ගැන පමණක් නොව ගස් ගැන ද එසේය.
සමහර තැනක ගසක් කපා පාරක් හෝ පොදු යහපතක් වෙන දෙයක් සැදීම හෝ ගෙදරක් තැනීම කිරීමේ වරදක් නැත.
(එහෙත් ඒ ගස නොකපා පුළුවන් නම් හොඳය )
එහෙත් මම අපේ රටේ හයි වේ සෑදීම, නුවර එළියේ සහ නුවර ගුවන් තොටුපල සෑදීම, වැව් වලට ප්ලේන් බෑම ආදිය අනුමත නොකරමි.
ලිපිය ලිවීමට ගෙදර ආගමන් වෙලාව වැය කළ නිසා මට මහන්සිය ඒ නිසා මම මෙය කෙටියෙන් අවසන් කරමි.
පසුව යමක් ඇත්නම් යළි ලියමි.
කෙටියෙන් මට කීමට ඇත්තේ සියළු දේ නිසි අවබෝධයකින් කළ යුතු බවය.
පරිසරය ගැන ද එසේමය,
එසේ නොකළ විට වෙන්නේ පරිසර අන්තවාදීන් හෝ පරිසර පිස්සන් බිහි වීමය.
පරිසර හානි වලට විරුද්ධ වීම ද අවබෝධයෙන් පිළිවෙලට කළ යුතුය, නැත්නම් වෙන්නේ පහත සිදුවීම වැනි ඒවා සිදු වීමය.
මම මීට වඩා විස්තර නොකරමි.
![]() |
| http://latimesblogs.latimes.com/gossip/2010/09/lady-gaga-meat-dress-made-of-real-meat.html |
![]() |
| http://www.tonic.com/p/a-brief-history-of-naked-protests/ |
අන්තර්ජාලයේ මඳක් සොයා බලන්න මේ මම ගැසූ සෙවුම් පදය.
Lady Gaga Beef
Green Peace Naked
මෙවන් විකාර අපේ රටට තවම ඇවිත් නැත,
ඒ ගැන සතුටුය,
බඩතඩියෙකුගේ චීන පිළිම අවබෝධයකින් තොරව තබාගෙන ලොව අසාහය පුද්ගලයෙකුට ගරහා පවු පුරවාගන්න මිනිසුන් සිටින දහමින්ම පෝෂණය වූ රටක් වූ අප රටේ මෝඪ මිනිසුන්ට මෙවන් විකාරවත් හිතට නො ඒවා!
සොබාසුමිතුරු යෝජනා:
මම ද බල්ලා පමණක් නොව වෙනත් සතුන් පවා බඩගින්නේ සිටින විට කෑම දී ඇත්තෙමි.
එමෙන්ම මම ද සතුන්ට කෑම දීම ප්‍රිය කරමි.
ඒ නිසා මම ලේනුන්ට සහ කුරුල්ලන්ට බත් කන්න ලෑල්ලක් සාදා ඇත්තෙමි.
බල්ලන්ට පූසන්ට නම් ගෙදර කෑම දීමක් සිදු නොකරමි,
එහෙත් පාරකදී හෝ වෙන තැන් වල නම් දී ඇත.
මම කූඹියන්ට පවා කෑම දීම ප්‍රිය කරමි.
මම උන්ට කෑම කෑල්ලක් දී ඔවුන් එය උස්සාගෙන යන හැටි බලා සිටීමට ප්‍රිය කරමි.
ඔබලාත් එය කර බලන්න,
එය මහත් ආශ්වාදජනක දෙයකි.
අවසාන වශයෙන් ඇනෝවාට කිසි අපහාසය කෙරුමට නොසිතූ බවත් කිසි අමනාපයක් නැති බවත් ලියා තබමි.
Top Picture: Link
Speacial Comment:
Gimhani said...
වෙදනා සමග එකඟයි. ඔහුට කියන්න උවමනා කල දේ මමනම් අවබෝද කරගත්ත කලින් ලිපියෙන්ම. ඒත් විවේචන ඕන.. පරේ ගිය බලු පැටියෙකුට කන්න දෙන්න ගිහින් උන අනුවේදනීය කතාවක් මටත් තියෙනවා. එකම බලු පැටියට මාත් ඔහුත් කන්න දුන්න. ඒත් ඔහු අද ජීවතුන් අතර නැ .. රේබීස් රෝගයෙන් මිය ගියා.. මම කන්න දාලා දුවල එනව නිතරම . ඒත් ඔහුව හපල තියනව . පොඩි බලු පැටිය කියල ගනන් අරගෙන නැ. කාටවත් කියලත් නැ.
අවසාන වශයෙන් ඇනෝවාට කිසි අපහාසය කෙරුමට නොසිතූ බවත් කිසි අමනාපයක් නැති බවත් ලියා තබමි.
Top Picture: Link
Speacial Comment:
Gimhani said...
වෙදනා සමග එකඟයි. ඔහුට කියන්න උවමනා කල දේ මමනම් අවබෝද කරගත්ත කලින් ලිපියෙන්ම. ඒත් විවේචන ඕන.. පරේ ගිය බලු පැටියෙකුට කන්න දෙන්න ගිහින් උන අනුවේදනීය කතාවක් මටත් තියෙනවා. එකම බලු පැටියට මාත් ඔහුත් කන්න දුන්න. ඒත් ඔහු අද ජීවතුන් අතර නැ .. රේබීස් රෝගයෙන් මිය ගියා.. මම කන්න දාලා දුවල එනව නිතරම . ඒත් ඔහුව හපල තියනව . පොඩි බලු පැටිය කියල ගනන් අරගෙන නැ. කාටවත් කියලත් නැ.





.jpg)











