Tuesday, September 6, 2011

යාළුවෝ දෙන්නගේ කතාව...


ඔන්න එකමත් එක කාලෙක යාලුවො දෙන්නෙක් හිටියා...
මේ දෙන්නම කසාද බැඳලා එක ලග ඉඩම් දෙකක් අරන් පදිංචි වුනා..
ඉතින් ටික කාලෙකින් මේ දෙන්නටම ලස්සන දරු පැටවු දෙන්නෙක් හම්බුනා,
දෙන්නම දඟකාර කොලු පැටවු...
ඉතින් දෙන්නම හරිම ආදරෙන් හැදුනා,
එක අප්පච්චි කෙනෙක් තුසිත අනිත් කෙනා ලලිත්,
ඉතින්  තුසිතයි ලලිතුයි හොඳ යාලුවො වුනාට අදහස් ජීවන රටාව ටිකක් වෙනස්.
තුසිත වෙලාවකට පුතා කොච්චර ඇඬුවත් සමහර දේවල් අරන් දෙන්න බෑ කියනවා,
වෙලාවට ලලිත් නම් හරි දුකයි,
මොකද තුසිතගෙ පොඩි එකත් එයගේ පොඩි එකා වගෙම වයසෙ නිසා,
ඒත් කවදාවත්ම ලලිත් නම් පොඩි පුතා ඉල්ලන ඒව දෙන්න බෑ කිවෙ නෑ.

ඉතින් ලලිත් ටවුන් එකට ගියොත් අඩුම ගානේ සෙල්ලම් බඩු දෙකක් වත් අරන් එනවා.
එන අතරමගදි පොඩි එකාගේ වැඩේ ඒවගේ රස බලන එක තමා.
පොඩි එකා අඬනකොට ලලිත් කරන්නේ කොල්ල වැඩියෙන්ම ආසවෙන් කටේ ඔබාගත්ත සෙල්ලම් බඩුව ළමයගේ අතට දෙන එක.
එතකොට පොඩි එකත් අඬන එක නවත්තල සෙල්ලම් බඩුව කටේ ඔබා ගන්නවා.


ඒත් තුසිත නම් ළමය ඉල්ලන ඉල්ලන දේ දුන්නේ නෑ,
සෙල්ලම් බඩු ඉල්ලුවත් ඒව දුන්නේ නෑ,
ළමයට වෙන මොනව හරි, පලතුරක්, කොළයක්, කුරුම්බැට්ටි මැසිමක් දීලා සනස ගත්තා.
සෙල්ලම් කරන්න අලුත් දේවල් හොයල දුන්නා,
ඉතින් දරුවත් ගහ කොලට ආදරේ කරන කෙනෙක් වුනා.

ඔන්න ඉතින් නොදැනීම කාලය ගත වුනා,
දැන් ලලිතුයි තුසිතයි වයසයි..
දරුවො ලොකුයි,
අනේ දැන් තමා හොඳම ටික.
ඔන්න ඉතින් නොදැනීම කාලය ගත වුනා,
දැන් ලලිතුයි තුසිතයි වයසයි..
දරුවො ලොකුයි,
අනේ දැන් තමා හොඳම ටික.

ලලිත්ගෙ දරුවට මොනවදෝ ලෙඩ නිතරම,
එයා කියන දෙයක් අහන්නෙත් නෑ,
දෙමවුපියන්ට හරිම කරදරයි,
එයාට රස්සවක් නෑ,
ඉතින් වත්තෙ වගා කරන්නම් කියල වත්තට ගියාම එකත් නිසරු වෙලා,
හැමතනම ප්ලාස්ටික් පොලිතීන්,
මේව එකතු වෙලා තියන්නෙ කෙලවරක් නැතුව ගෙනාපු ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිසා.
මේ ලෙඩත් ඒව නිසා කියල දොස්තර මහත්තය කීව,

ඒත් ඉතින් තුසිතගේ පුතාට නම් සරුයි,
එය රස්සාවක් කරන ගමන් අප්පච්චිත් එක්ක එකතු වෙලා
තමන්ගේ වත්ත වගා කරනවා.
වත්තෙ ප්ලාස්ටික් අඩුයි,
එයාගෙන් අම්ම අප්පච්චිට කරදරත් අඩුයි.
මොකද එයා පොඩි කාලේ ඉඳලම පුරුදු වුණානේ පහසුවෙන් පෝෂණය වෙන්න.
කොහොම හරි අන්තිමට තුසිතගේ පුතාට ලස්සන දරුවො ටිකක් ලැබුනා,


එයාලා සතුටින් ජීවත් වුනා,
ඒත් ලලිත්ට නම් එයාගේ මුණුපුරු මිණිපිරියන්ගේ හුරතල් බලන්න බැරි වුනා.
අන්තිමට ලලිත්ගේ  පුතා ලලිත්ට බැන්නා,
"ඔයා තමා මේ සේරටම මුල" කියලා.

ඒත් තුසිතගේ පුතා දැන් හොඳ පරිසරවේදියෙක්.

====================================
මේ කතාව ලියන්න හිතුනේ බස් එකේ එනකොට දැක්ක ලලිත් වගේ කෙනෙක් නිසා.
පොඩි එකත් රස කර කර ප්ලාස්ටික් හාවෙක් කනවා.
දරුවගේ තාත්තත් ඒකට උදවු දෙනවා.
මට හරිම දුකයි.
කොහොම හරි මං තරුණ තාත්තට කීව ඔය වැඩේ කරන්න එපා,
ළමය ලෙඩ වෙයි කියලා.
(හෙණම අමාරුවෙන් කීවේ ඒ ටික, හිතල හිතල අන්තිමට නොකියම බැරි තැන හිත හදාගෙන කීව.
ඒ අයියා නම් හොඳ මනුස්සයා අහගෙන හිටියා,කීවට පස්සෙ නම් පට්ටම සතුටුයි හොඳ වැඩක් කරා කියලා.
මොකද මං පුදුම දුකෙන් හිටියෙ ඒ පොඩි එකා දිගටම මේවා කෑවොත් වෙන දේ ගැන හිතලා.)

කොහොම වුනත් පොඩ්ඩක් හොයල බැලුවොත් පෙනේවි මේ ප්ලාස්ටික් කොච්චර විසද කියල.
ඒ නිසා හතුරෙක්ගේ ළමයෙක්ටවත් මේ වගේ සෙල්ලම් බඩු දෙන්න එපා.
නැත්තං අපි ආදරේට කියල ළමයින්ට විස කවල තියෙයි.
පුළුවන් තරම් සොබාවික දේවලට ළමයි හුරු කරන්න,
ඉස්සර ළමයිත් හොඳට හැදුනනෙ ඕව නැතුව.
ළමයින්ට ඕනවට වඩා මහා ලොකු සෙල්ලම් බඩු තොගයක් අරන් දුන්නොත් වෙන්නෙ ඒ ළමයගේ ආසවල් වැඩි වෙන එකයි ළමය ලොකු වෙනකොට එයා නිසා හැදුන කුණු ගොඩකුත් ලොකු වෙන එක විතරයි.


(දත්ත හංගන්න ඕන නෑ ඒ නිසයි කියන්නේ,
සෞඛ්‍යට හිතකර ප්ලාස්ටික් තියනවලු ඒත් ඒවා මිලාධිකයි. ඒ වගේම කොහොමද අපි ඒක විස්වාස කරන්නේ ? නූතන විද්‍යාව කියන එක හරිම අස්ථීර දෙයක්නෙ)


විශේෂයෙන්ම ප්ලාස්ටික් වල ඇති නම් PVC සහ Pthalates යන

රසායන සෞඛ්‍යට අහිතකරය.
මීට අමතරව ප්ලස්ටික් වල ඇති 
යන සංඝටකද සෞඛ්‍යයට ඉතා අහිතකරය.
ප්ලාස්ටික් වල අහිතකර ප්‍රතිවිපාක ටිකක්,
  • පිළිකා කාරක අඩංගු වීම.
  • වකුගඩු වල ආබාධ.
  • ප්‍රජනක පද්ධතියේ ආබාධ.
  • ස්නායු පද්ධතියේ ආබාධ
  • හදවතේ සහ පෙනහලු වල අපහසුතා.
(මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න )






3 comments:

  1. Relax your body,
    relax your mind
    and feel happy that we have got this opportunity
    to experience metta, loving-kindness.
    feel the area around your heart:
    can you see yourself as your best friend?
    can you really feel it, from your heart?
    can you feel your human body as your best friend?
    can you feel your human mind as your best friend?
    ...... And can you feel your ordinary human life...
    as your best friend?..................

    ReplyDelete