Saturday, December 31, 2011

හැම හමුවීමකට .... නියමිත අවසානයක් ඇත්නම්.. මගේ පැතුම්!

අදත් හවසට ඉර බැහැල යාවි...
දෙදාස් එකොළහ ඉවරයි...
හෙට ලෝක සම්මතයෙන් අළුත් වසරක්.
ජීවිතේ තවත් දවසක් අද රෑ දොළහෙන් අවසන් වෙනවා...
මිනිස්සු මේ හැමදේම සමරනවා ගොඩක් ඉහළින්,
නත්තල ඉවර වුනා,
ඊට පස්සෙ නව වසර සැමරීම.
මෙහෙම සැමරීම් ගොඩක් ජීවිතේ.
මම හිත එකඟ කරගන්න බැරුව ඉන්න වෙලාවෙ නාන්න ගියා.
ඒ වෙලාවෙ මතක් වුණ සිංදුවක් බ්ලොගයෙ දාන්න හිතුවා.
සොබාව ගැන මගේ රුචිකත්වය එක්කම මගේ සංගීත රුචිකත්වයත් පාඨකයොත් එක්ක බෙදාගන්න හිතුනා මට.
හිතට ආපු සිංදුව මේක,
දක්ෂයන් තුන් දෙනෙකුගේ එකතුවක්,
ඉංග්‍රීසියෙන් "බ්ලෙස්ඩ් විත් අ එන්චාන්ටින්ග් වොයිස්" නදීක ජයවර්ධන
ඒ වගේම රැඩිකල් නදීක ගුරුගේ
සහ නමෙන් හුරු නැති චාමින්ද රත්නසූරිය.
බූන්දියෙන් හම්බුනා හොඳ විස්තරයක්.
තව අය මේ ගැන ලියල තියන නිසා මීට වඩා ලියන්නෙ නෑ අහල නැති අය අහල බලන්න..

කොහොම වුනත් මේ අවුරුද්දෙත් පරිසරයට ගොඩක් හානි වෙන්න ඇති,
ගොඩක් ගස් කැපුනා,
කැලෑ පාළුවෝ කැලෑ විනාස කරා,
සිංහරාජෙටත් ප්‍රශ්න වුනා,
මහවැලිය කැළඹුණා,
අලි ඇතුන් මැරුණා,
ඒ ලොකු ලොකු ඒවට අමතරව අපි ඔක්කොම එකතු වෙලා
මේ සුන්දර ශ්‍රී ලංකාවෙ සරුසාර මහපොළවට කොච්චර නම් කුණු දාන්න ඇති ද?
සැෂේ පැකට්, දත් බ්‍රෂ්, වතුර බෝතල්, ටොෆී කොල, කෑමට දාන තුනපහ ටික ආව පැකට්, වගේ ඒවගෙ ඉඳලා රබර් කාපට් වගේ තරමින් විසාල නොදිරන ඒව ඇතුළුව ඔක්කොම ටොන් ගාණක් වෙන කුණු මේ විදිහට පොළවට එකතු වෙන්න ඇති,
මොකද අපෙ රටේ තවම නිසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් පොදුවේ නැති නිසා.
ඒ වගේම මිනිස්සු භාවිතය අඩු කිරීම නොකළ නිසා ග්‍රොසරි බෑග් හෙවත් සිලි සිලි බෑ ටොන් ගාණක් එකතු වෙන්න ඇති මහ පොළවට,
source
සත්තු මැරෙන්න ඇති ගොඩක් ලන්ච් ෂීට් කාලා,
තවත් කුණු ගොඩක් ගංගා ඇල දොළ වල හැංගිලා ඇති,
තව කොටසක් මුහුදට යන්න ඇති,

තව කොටසක් රේල් පාරවල් මහපාරවල් දෙපැත්තෙ ඇති,
සමහර ඒවා කුණු කඳු වල උස වැඩි කරන්න ඇති,
source
මිනිස්සු කෘමිනාශක ලීටර් දහස් ගණන් ගහන්න ඇති,
source
තව මිනිස්සු නොදැනුවත්කම නිසා පුච්චපු ප්ලාස්ටික් පොලිතින්  වලිනුත් විෂ වායු ගොඩක් මේ වායුගෝලයටම එකතු වෙන්න ඇති,
ඒවා මේ බව දන්න සහ නොදන්න මිනිස්සු ඔක්කොගෙම පෙනහැලි වලින් ශරිරගත වෙන්න ඇති,
මිනිස්සු කොටසකගේ ඇඟේ මේ විෂ කැවිලා පෙවිලා ඒ විෂ වලින් සෛල විකෘති වෙලා පෙනහැලි පිළිකාවක ඇරඹුම සනිටුහන් වෙන්න ඇති.
source
මේ අතරේ මිනිස්සු වැඩට යන්න ඇති,
ළමයි ඉස්කෝලෙ යන්න ඇති,
දේශපාලන රැලි වලට යන්න ඇති,
ඒ ගිහිල්ලත් පොලිතින් කොඩි එල්ලන්ට ඇති,
මිනිස්සු කඩේ ගිහින් පාන් කෑල්ලක් පරිප්පුත් එක්ක කාල ඉන්න ඇති,
ඊට වඩා ලොකු ඒවාගෙන් කන්න ඇති,

ඒත් කීයෙන් කී දෙනාට ද මේ ලස්සන ශ්‍රී ලංකාව කුණු ගොඩක් විස ගොඩක් වෙලා තියනව කියල හිතුණෙ?
දැනුනේ? ඇහුනේ? පෙනුනේ?
ඉතින් මම පතනවා මිනිස්සු වැඩි වැඩියෙන් මේ ගැන හිතන්න පෙළඹේවා කියල හෙටින් මිනිස්සු අරඹන 2012 වසරෙදිවත්.
මිනිසුන්ගේ යහපත් ආකල්ප වැඩි වේවා, කාපු බීපු දේ ප්ලාස්ටික් ඇසුරුම පාර දිගට දාන එක වැරදියි කියල හිතේවා!
මගේ සහෝදර බ්ලොග් කරුවන්/ කාරියන් ද තව තවත් සොබාව රැක ගැනුමට පාඨකයන් දැනුවත් කරත්වා!
සොබාව රැක ගැන්ම ගැන කියන මිනිසුන් ගණන වැඩි වේවා!
අපි වගේ මේ ගැන දැනෙන මිනිසුන්ට සතුටු වෙන්න ලංකාවේ නිසි කසළ ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් ඇරඹේවා!
එලෙස ලීවේ මගේ පැතුම් ගොන්නෙන් ටිකකි...
එසේ නම් හෙට දිනය ඔබට වාසනාවන්ත දිනක් වේවා!
Source
මගෙන් තව පැතුම්
ලංකාවේ අනෙක් ජනතාව ද බ්ලොග්කරුවන් ද බලශක්තිය ඉතිරි කරත්වා

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Friday, December 30, 2011

දින තුනක් වුව


දින තුනක් වුව නොවැයුවේ ඇය
බොහෝ කල් ලෙස එය හැඟේ
වැයූ විට ගිටාරය ආයෙත්
දැනේ වෙනදා නැති රසක්



හිතවත් පාඨකයිනි,
මා ටික දිනක් විවේක ගත්තෙමි,
විවේකයට ගිය විට බ්ලොගය ගැන හොයන්න බැරි හෙයින් ඇනෝ කමෙන්ට් වැසීමට සිතුවෙමි,
මක් නිසාද යත් යම් ඇනෝවෙක් අනවශ්‍ය කමෙන්ට්ස් දැමුවොත් එයට පිළිතුරු දීමට මම නැති නිසාය :)
මා ගැන සොයා බැලූ හිතවතුන්ට ස්තූතියි ....




මේ මම අහල තියන ආසම හිතෙන ගිටාර් සෝලෝ එකක්...
අහල බලන්න,,,

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Friday, December 23, 2011

අනුන්ගේ ඒවා 3කුත් එක්ක 60 පැනල...

Image source 

අනුන්ගේ වැදගත් එවුවා හැර අනික් එවුවා හෙවත් මගේ ස්වෝත්සාහයෙන් සිය කැමැත්තෙන් වන් මෑන් ෂෝ එකක් ලෙස කළ බ්ලොගයේ 60 වෙනි පෝස්ට් එක මේකයි.
ඔක්කොම එක එක එවුවා දානවනෙ මේ වගේ වෙලාවල් වලට,
මට දාන්න තියන්නෙ ඉතින් ඇවිත් ගියාට ස්තූතියි කියල තමයි.

මේ හැම පෝස්ට් එකක්ම පාහේ යම්කිසි වටිනාකමකින් යුක්ත එකක් යැයි මගේ දැනුමේ හැටියට සිතේ.
මිනිසුන් ටික දෙනෙක් හෝ මේ බ්ලොගයෙන් යම් කිසි ඉන්ස්පයර් වීමක් ලැබුවා නම් මට එය ලොකු සතුටකි.
මම හිතන විදිහට එහෙම අය ටික දෙනෙක්වත් ඇති.
මට අවැසි වුනේ හුදෙක් ගස් ගැන සතුන් ගැන හෝ දැනුම ගොඩ ගැසීම නොව පරිසරයට ඇත්තටම යහපතක් වෙන දෙයක් කිරීමට මිනිසුන් නැඹුරු වෙන මගකට මිනිසුන් යොමු කිරීමය.
ඒ දෙය යම් පමණකින් හෝ වෙන්නේ යැයි  දැනෙන විට සෑහෙන තෘප්තියක් ඇති වේ.
යම් දිනක මේ බ්ලොගය ලියන එක නවතා ඉසිඹුලන කල්හී මට මෙය කියවා තෘප්තියක් ලැබීමට හැකි වෙනු ඇත.
මගේ සමහර විශ්වවිද්‍යාල සගයන් සහ සගියන් මෙය උනන්දුවෙන් කියවනු දැකීමද මට සතුටකි,
වෙන මොනවා හෝ හොයන වෙලාවේ ෆේස්බුක් යන වෙලාවේ මේ බ්ලොගයට ඇවිත් සොබාවට ටිකක් හෝ ළං වෙන එක හොඳ දෙයක්යැයි මට සිතේ.

එහෙත් මට උවමනාකරන දේ තවම හොඳින්ම සිදු වී ඇත්දැයි මම නොදනිමි,
ඇත්තටම එහෙම වේදැයි මම දන්නේත් නැත,
මට උවමනාකරේ සොබාව ගැන කිසිම දෙයක් නොදන්න අලුත්ම හිත් ටිකක් වෙනස් කිරීමය,
එහෙත් මෙය ලියන මේ මොහොතේදි මට හිතෙන්නේ අප සැවොම සොබවේම නිමැවුම් නිසා අපි හැමටම සොබාව ගැන වැලලුන හො සෙනෙහසක් ඇති බවය.
එය ගොඩ ගැනුමයි කළ යුත්තේ.

කෙසේ වුවද බොහෝ දෙනා සිය අදහස මෙහි ලිය නොගිය ද,
ඒ පාඨකයින්ට ද යම් හෝ හැඟීමක් ඉපදෙන බව මම දනිමි.


මගේ කැළෑ මිතුරන්ගේ පවුල් වල උදවිය පවා මෙය කැමැත්තෙන් කියවන වග කියන හෙයින් අන් අය ගැන ඉබේටම සිතිය හැක.

මොකුත් ලියන් නෑ කියල හිතුවට ඉබේම හෙන හෑල්ලක් ලියවී ඇත,
එය කරුණාවෙන් ඉවසන මෙන් ඉල්ලමි.
මේ අවස්තාවෙදී මට වඩා පැරණි  සියළු බ්ලොග් කරුවන් දුන් උපකාර ගෞරවයෙන් සිහි කරමි.
(නම් ලිස්ට් එකක් දාන්න ගියා කෙළවරක් නෑ වගේ)
එහෙනම් ඇති හෑල්ල.

දැන් මට දාන්න ඕනම වුන එක දමමි,
සතුන් ගැන අප සිතිය යුත්තේ කෙසේද?
බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන හැටියට තිරිසන් සතුන් අයිති වෙන්නේ තිරිසන්  අපායට.
අපට සමනළුන් කුරුල්ලන් සහ මාළුවන් කොච්චර පාට පාටින් සතුටින් ඉන්නවා පෙනුනද අහස උසට නිදහසේ පියඹනවා පෙනුන ද,
ගී කියනව ඇසුන ද,
සතුන් අයත් වෙන්නේ සතර අපායෙන් එකකටය.
ඔවුන් විඳින සැපක් නැත,
වැස්සට තෙමෙමින් අවුවට කරවෙමින් කෑම නැතුව බඩගින්නේ සීතලේ සිටිමින් ද ඔවුන් බෙහෙවින් දුක් විදියි.
තුවාලයක් වුනොත් එය පණුවො ගසා කැලෑවක් ඇතුලේ පණුවො ගසා මැරුණත් උන්ට කියන්න කවුරුත් නැත,
හුරතල් මුව පැටියෙක් කොතරම් නිදහස්වට ලස්සනට පෙනුන ද ඔවුන් තුල නිතරම ඇත්තේ මරණ බය.
අත්තක් කැඩුණත් බිය වේ ඔවුන්.
ලස්සනට පෙණෙන සමහර සතුන් කන්නේ අසූචිය,
ඔවුන් අප පහකරන මුත්‍රා බොයි,
උදාහරන ලෙස මීට කලින් පෝස්ට් එකේම උත්තර ඇත.
ලස්සන සමනලයින් බොන්නේ අසූචි වල යුෂයි.

සමහර සතුන් අසූචි දුටු විට එය කෑමට දුව යන්නේ "එතනම කනවා එතනම කනවා"
යන අදහසිනි.
Image source
ඒ නිසා සත්ව ලෝකය යනු සුගතියක් නොවන බව සිහි තබා ගත යුතුය.
එහෙයින් සතුන්ට ආදරය කිරීමට නොයන්න ඔවුන්ට අනවශ්‍යය ලෙස වසඟ වෙන්නට නොයන්න,
එහෙත් ඔවුන්ට බෙහෙවින්ම අනුකම්පා කරන්න.
සතුන් විඳින දුක ගැන සිත ඔවුන් ගැන  අනුකම්පා  කරන්න,
ඒ සතුන් අතර ඔබේ පෙර ජීවිතයේ අම්මා හෝ අප්පච්චී සිටිය හැක.
ඔබ ලැබූ ජීවිතයේ වටිනාකම ගැන සිහි කරන්න,
පවුකම් කිරීම නිසා මිනිසුන් මරණින් මතු මේ තිරිසන් අපායට යන්නේ යැයි සිතෙන විට ඔබට මේ ලැබූ දුර්ලබ මිනිස් ජීවිතයේ වටිනාකම සිහි වේවි,
එවිට රහමෙරට හෝ වෙනත් පවුකකම් වලට යටවී සිටී නම් ඔබ,
ඔබට එයින් මිදෙන්නට සිතේවි.
Image source
තිරිසන් අපායට වැටුනොත් ආය ගොඩ ඒමක් ගැන සිතීම උගහටය,
ඔවුන්ට ඔබට මට මෙන් සිත මෙහෙයවිය නොහැක,
ඔබේ සුරතල් පුසා දෙස බලන්න,
ඌ කොච්චර සුරතල් වුව ද උට මීයන් මැරීම වරදක් යැයි තේරෙන්නේ නැත,
Image source
මෙලෙස සතුන්ට පිනක් රැස් කිරීම ගැන තේරෙන්නෙ නැත,
පව තේරෙන්නේත් නැත.
එහෙත් අද ඔබ ඒ අවාසනාවන්ත තත්වයෙන් මිදී සිටී ඒ නිසා ජීවිතයෙන් නිසි ප්‍රයෝජන ගන්න,
ඔබ මගෙන් දැන් අසාවි මම මොකට ද එහෙනම් මේ සත්තු ගැන කිය කිය බ්ලොග් ලියන්නෙ කියලා...
එයට හේතු තිබේ...
1.මම ද තවම ඉහත කී දෙය සම්පූර්ණයෙන්ම වටහාගෙන නැති නිසා.
2.පරිසරය සුරැකීම අප සැමට වැදගත් නිසා.
සොබාදහම රැකිය යුත්තේ ඇයි?
ඒ අප සැමට ජීවත් වීමට මේ සොබාදහම අවැසි නිසාය,
සොබා දහමේ සමබරතාවයට මේ සතුන් වැදගත් නිසාය.
එනිසා මම හැකි සැම විටම ඔබට මේ හරහා පින් කරගැනීම ගැන ද කියමි.
මෙය මට බෙහෙවින් අනතුරුදායකය එහෙත් මෙය මගේ වගකිමක් නිසා කීවෙමි.
මම දෙවන වර ඒලෙවල් කර වෙදෙක් වෙන මගට ඒමට එක හේතුවක් වුනේ මෙයයි.
නැත්නම් මට පහසුවෙන්ම උද්භිද විද්‍යාඥයෙක් වෙන මගට යන තිබිණි.
එහෙත් එයින් රැස් වෙන පින මිනිසෙක් සුව කිරීමෙන් ලැබෙන පිනට අඩුය.
එනිසා මම එය අත්හැරියෙමි.
මගේ එක්තරා යාළුවෙක් සිටියේය ලකින් ඔහු නොදුටුවෙමි,
ඔහු උපරිම කැලෑ පිස්සෙකි,
එහෙත් ඔහු බුදු දහම විශ්වාස නොකරේය,
(මම උපතින් ආ පමණින් අප බෞද්ධ විය යුතු යැයි නොකියමි )
එහෙත් ඔහු උපතින් බෞද්ධයෙකි,
ඔහුගේ තර්ක මට මතක නැත,
එහෙත් ඔහු කීවේ ඔහුට උකුස්සෙක් වීමට ආසා යැයි කියාය.
(මට ද ඔය ආසාව පොඩි කාලේ තිබුණි, ඒ උඩ සිට බිම බැලීමට පුළුවන් නිසාය)ඔහුට එය වැරදි වග තේරුම් කිරීමට මට බැරි විය,
කෙසේ වුව ද ඔහු ඉතා හොඳ මිනිසෙකි,
මම මේ කතාව කීවේ ඔබට එවන් අදහස් තිබේ නම් දුරුකරන්න යැයි කීමා.
සතුන් කරේ දාගැනීම හෝ උංට ලවු කිරීමට නොයන්න,
ඔවුන්ට අතිශයින් අනුකම්පා කරන්න,
ඔවුන්ට කෑම දීම පිනකි එවන් දේ බුද්ධිමත්ව කරන්න.
බලු ප්‍රශ්නය මෙන් කරගන්න එපා.
සතුන් මරන්න ඔවුන් පීඩාවට පත් කරන්න එපා.
ඉතින් ස්තූතියි කියෙවුවාට.
ලිපිය සෑහෙන දික් විය Sorry.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

සමනල්ලු සළබයෝ සහ ඒ මැද එවුං....


සමනළුන් ගොඩක් දෙනා කැමති සතුන්ය.
සාමාන්‍යයෙන් මොවුන් වර්ණවත්බවත් සියුමැලිබවත් සංඛේතකිරීමට උපමාකරයි.
ක්ලැරන්ස් මහතා රම්‍යාගේ නෙතුසැලීම රන්සමනලයන් ඉගිලෙන්නා සේයැයි කියන්නේය.
"රන් සමනලයින් ඉගිලෙනු දැක මට
අගෙ නෙත් පියලිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැදවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා. ."
මෑතකාලීන ගීත වල සළබයන් ගැන සඳහන් වේ

මෙයද මා ප්‍රිය කරන ගීතයකි
"රඟධරයා මහද නුඹේ
රඟන සිත් ඕවිල්ලේ
සිඳු පරදා කන්ද පාමුල ගංගාධාරයේ
රන් සළබ රැඟුමක් රඟමු අපි
රන්දේහිනී"
නදීක ගුරුගේ ගේ තනුවට කිත්සිරි ජයසේකර මේ ගීය ඉතා සුන්දරව ගයයි,
අහල නැති අය හොයගෙන අහන්න...
සමනළයන් ගැන කවුදෝ පෝස්ට් එකක් දමා ඇති වග මම දැක්කා වගේ මතකය,
මම ඉතින් කැලෑ කොල්ලා නිසා එවුවා හෝ සිංදු දැමීම මට අයිති දෙයක් නොවේ,
එහෙයින් මම මාතෘකාවට බසිමි.

මගේ පරණ එවුවාගේද සමනල්ලු ගැන ඇත.
ඒ මෙවුව්වාය.

සමනළයන් අයිති වන්නේ Lepidoptera ගෝත්‍රයටය මේ නමෙන් මොවුන්ගේ ලක්ෂණ විදහා දක්වයි.
 Lepido = ශල්ක Ptera= තටු එනම් කොරපොතු සහිත අත්තටු ඇති සතුන්ය.
ඇත්තෙන්ම මේ සතුන්ගේ අත්තටු වල ශල්ක හෙවත් කොරල ඇත,
සමනල්ලු ඇල්ලු විට පිටි ගෑවෙනවා යැයි කියන්නේ මේ කොරල ගෑවෙන විටය.
සමනලයා වගේ අනික් එකා සළබයාය,
ඒත් සමහරු සමනලයා සහ සළබයාගේ වෙනස නොදනිති,
ඒ සඳහා මම පොඩි වගුවක් දාමි.


සමනළුන්
 සළබයන්
1.වහල ඉන්නකොට අත්තටු දෙක ලම්බකව තියාගන්න පුළුවන්
එහෙම බෑ, ෆ්ලැට් ඒකියන්නෙ අත්තටු දෙක පොළවට සමාන්තරව තමා තියන්නේ

2.ස්පර්ශක (Antenna)
ගදා හැඩැතියි ඒ කියන්නේ බේස්බෝල් බැට් වගේ


ස්පර්ශක පිහාටු වගේ බෙදිල තියනව

3.සාමාන්‍යයෙන් කෙට්ටු පෙනුමක් තියන්නේ

සාමාන්‍යයෙන් මහත පෙනුමක් තියනවා

4.දවල්ට තමා ඇක්ටිව්

වැඩියෙන් රෑට තමා ඇක්ටිව් ඒත් දවල්ට ඇක්ටිව් එවුනුත් ඉන්නවා (Day Moths)

5.ලොම් ගතිය අඩුයි

ලොම් වැඩියි

6.වේගෙන් පියාඹන්න පුළුවන්

ටිකක් හෙමීට යන්නේ (තඩි නිසා)



තව ඉතින් කරුණු ඇති මට මතක් වුන ටික තමා මේ දැම්මෙ ක්ෂෙණිකව.
පළවෙනි කරුණ:
1.සමනළයා Common Palmfly - Female 


2.සළබයා



3.සමනළයා -Common Sailor
මතක තියාගන්න සමහර සමනල්ලු ඉන්නවා උන් සාමාන්‍යෙන් ඉන්නෙත් අත්තටු දෙක පොළවට සමාන්තරව තියාගෙන.
 සමනල්ලු සහ සළබයොන්ට අමතරව අතරමැද තව එවුන් ටිකක් ඉන්නවා,
ඒ තමා හෙස්පො කියන්නෙ (මේක අපි දාපු නමක්)
මේ අය අයිති වෙන්නේ Hespariidae කියන කුළයට.
මේ අයගෙ ලක්ෂණ තමා
මෙවුවා
  • තඩි ඔළුව
  • තඩි ඇස්
  • වේගෙන් පියාඹන එක ;හිටපු ගමන් හෙන වේගෙන් පියඹලා යන නිසා මුංට කියනවා Skippers & Darts කියලා
  • දිග ශුණ්ඩාවක් (ඒ කියන්නෙ පැණි බොන එක ) තියනවා, මේක ඇඟටත් වඩා දිගයි.
  • වැහුවම ත්‍රිකෝණ පෙනුමක් තියන එක.

Psyche 
(තව මුංගෙ පවුලෙම සෙට් එකක් ඉන්නව කියල උං ඉතින් ෆ්ලැට්ම තමා)
A Skipper
                                         Water Snowflat
ඇත්තටම මට නම් මේ අය ගැන වැඩි දැනුමක් නෑ,මොකද මේ අයගෙ ගොඩක් අය ඉන්නවා හරි අමාරුයි අඳුනාගන්න,
සමනල්ලු ගැන නම් ටිකක් දන්නවා.
දැන් මේ අයගේ කෑම ගැන ගත්තොත්
මල්පැනි ෆෘට් ජූස් වගේම මේ වගේ ඒවත් බොනව සමනල්ලු වගේම හෙස්පො සහ සළබයොත්.
ඒ කියන්නේ දියරමය ඒවා.යට බලන්නකෝ ඔවුවත් ඉතින් බොනව තිරිසන් අපායනේ.

ලංකාවේ සමනල්ලු වර්ග 244ක් විතර ඉන්නවා.
මම හරියටම අළුත් ගණන නම් දන්නෙ නෑ,
මම හිතන විදිහට මේකට තව අළුතින් එකෙක් එකතු වෙන්න ඕන.
සමනල්ලු වගේ නෙවේ සළබයො හරියටම ඉන්න වර්ග ගණන නම් කියන්න නම් කවුරුත් දන්නෙ නැතුව ඇති.
මේ අතරින් 20ක් ලංකාවට ආවේණිකයි.
මුං ගැන දාල ඉවර වෙන්නෙ නෑ වගේ ඒ නිසා මම දාන්නම් ලංකාවේ තඩිම එකා සහ පොඩිම එකෙක්.
(මේකෙ තව ගොඩක් එව්වා අඩු විය හැක, ඒ ගැන සමාව අයදිමි වෙලාවට අනුව ලියමි.)
තව ඉතින් මුංට තියන තර්ජන,
  • නාගරීකරණය
  • වාසස්ථාන හෙවත් කැලෑ අහිමි වීම
  • ඒ නිසා දළඹුවො කන ගස් අඩු වීම
  • කෘෂි රසායන භාවිතය
තඩිම එකා - Ceylon Birdwing



පොඩිම එකා - Tiny Grassblue
 Yellow Palm Dart  
ඔන්න ඔහෙ මේකත් දානවා.
මේකත් මට හෙන කාලයක් අද දක්වම ගොඩක් ලස්සනට පේන ෆොටො එකක්.
ඒ නිසාම මම මේකෙ ෆොටො එකක් අයියට දුන්න බත් ඩේ එකට.
(පොඩි එකා ෂුවර් නැත,මූ වගේ දෙන්නෙක් ඉන්නවාය.මේකා අයිති පවුලද මතක තියාගන්න අමාරු පවුලකි.(Family-Lycanidae)
මම ළඟදි වැදගත් ලිපියක් ලියන්න ඉන්නවා පුළුවන් වුනොත් ලියන්නම්.

ආහ් තව එකක් දාන්න දැන් මතක් වුනේ...

සියළු ජායාරූප වල අයිතිය කතෘ වන ගෝඩෝනියා සිලැනිකා සතුය.
gloriosa90@gmail.com

Tuesday, December 20, 2011

දුක තමා කාන්ති...

Picture:Ciumpy's snapshots
සීතල හුළං ජනෙල් උඩින් ගෙදරට  එන්නේ
රෑ කළුවරේ ආකාසෙන් බිංදු වැටෙන්නේ
කකුල් දෙකත් සීතල වී ටිකක් රිදෙන්නේ
පොරෝණාව අත වැනුවට යන්නට බෑනේ
 Department of Botany University Of Peradeniya
පළවෙනි වර ලිව්වේ මෙඩ්ඩෙක් වෙන්න නොවේ
හිතේ තිබුනේ පේරා බොටැනියම තමා
ඒත් අනේ වෙන්ට වෙදෙක් හිතුනා පස්සේ
කොරා ඉතින් දෙවනි පාර ආයෙත් ඒ ඇල්

කවුද හිතුවේ මෙහෙම දෙයක් වේවි කියාලා
බයෝ රසායනේ සමඟ පිසියො ඇවිල්ල
සැරින් සැරේ ඩී අයි එස් හොල්මන් කරලා
එක පාරයි තාම කැපුවෙ මැරුණ මාමලා
Image Source
මේද අම්ල කාබොක්සිල් බජවු දාන්නේ
එහෙන් මෙහෙන් හන්තානත් ඔමරි පාන්නේ
ඒ මදිවට මේ දින වල හොඳට වහින්නේ
වැස්ස වුනත් කැලේ පනින්මයි හිතෙන්නේ

මොළේ සෛල විකාරයෙන් පල්ස් යවන්නේ
අනාගතේ ගැන හිතලා මඤ්ඤං වෙන්නේ
අනේ අපොයි මෙහෙම වෙතැයි කවුදැයි හිතුවේ
වෙදෙක් නෙවේ මොකෙක් වුනත් පට්ට දුකක්නේ

අම්මපල්ල වෙදෙක් වීම පට්ට අමාරුයි
ඒ හින්දා වෙද්දුන් හට ගරු කළ යුතු වෙයි
කොහොම වුනත් මට නම් දැන් නිදන්ට හිත යයි
ඒ වුනාට හිතේ බයට නිදන්නට බයයි

Image Source
අනාගතෙත් දුකම තමා මං දන්න ලෙස
කීවොත් මහ රෑක වුව බඩවල් පැලිය යුත
පිනක් නිසා කොහොම වුනත් වෙදෙක් වෙන්ට වෙයි
අනේ ඉතින් එතකං මට මේ කට්ට තමයි

(ඒත් ඉතින් වෙලාවක මොකටද කියල හිතෙයි
ගහක් කොලක් හිටවන් පාඩුවෙ සිටුම හොඳයි
මේ අදහස එක අතකට වැරදි නැති හැඩයි
ඒත් ඉතින් දැන් ආපහු යෑම බොරු තමයි)

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

සොඳුරු පරපුටුවත (එක) ...

ළඟදි ලියපු එකෙත් කතා නායකයා පරපුටුවෙක්,
මේත් පරපුටුවො ටිකක් ගැන තම ලියන්න යන්නෙ,
හැබැයි මේ අය සත්තු නෙවේ,
ගස්,
එකක් කීවට මේ ටයිප් කරන ගමන් මට හිතුනා මේක එකකින්ම ලියල වැඩක් නෑ කියල ඒ නිසා ඒ ගැන තව ඒවා ගැන ලිපි ටිකක් ලියන්න ඕනා,

මට මේව ගැන ලොකු දැනුමක් නෑ,
ඒත් මම මේ පරපුටු ගස් වලට හරි ආසයි මොකද මේව හරි ලස්සන ගස්,
ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව මේවගෙ.

මම මේ පරපුටුවො ජාතිය පළවෙනියට අල්ලල බැලුවෙ මම හිතන්නෙ පේරදෙණිය විස්සවිද්දියාලෙ ජිම් එක හරියෙදි.
ඒ අවුරුදු ගාණකට කලින්,
ඊට කලින් මේව මම දැකල තිබුනා ඒත් අල්ලල බලන්න බැරි වුනා,
ඒ නිසා මම හිතුවෙ මේවා ගස් මෙවේ මොකකින් හරි විසි කරපු කහ පාට නූල් කෑලි වගයක් කියල.
පස්සෙ තමා දැනගත්තෙ මේවා ගස් කියලා.
මේව බොහෝ විට  පූර්ණ පරපෝෂිතයො ( Fully Parasitic) ඒත් සමහරකට චුට්ටක් විතර ප්‍රභාසංස්ලේෂණය කරන්න පුළුවන්.
අයිති වෙන්නෙ බතල අයිති වෙන කුලයට (Family: Convulvulaceae),
ගණය: Cuscuta.

පොතේ හැටියට නම් මේවා වර්ග දෙකක් තියනවා ලංකාවේ,
Cuscuta chinensis සහ C.reflexa.
මේ C.reflexa ත් අර කීවා වගේ චුට්ටක් ප්‍රභාසංස්ලේෂණය කරන්න පුළුවන් එකක්ලු.
මේවා පරපුටු ජීවිතේර හැඩගැහිල තියනවා හොඳට, අනුන්ගෙ ඇගේ එල්ලිලා පෝෂණය උරාගන්න මේවට තියනවා ශෝෂක (Haustoria).
ඒ වගේම මේවගෙ බීජත් හොඳින් ප්‍රචාරණය වෙනව වගේම
මේවට වල් ගස් නිදිකුම්බා ගස් වල ඉඳන් වෙන ලොකු ගස් වලිනුත් පෝෂණය වෙන්න පුළුවන්.
කොහොම වුනත් මට නම් හිතෙන්නෙ මේ ගස් වලින් ගොඩක් දේවල්  ඉගෙන ගන්න පුළුවන්,
මට හිතෙන හැටියට මේ ගස් උපරිමෙන්ම දියුණු වෙලා තියනව අනුන්ගෙන් යැපෙන්න,
මේක මට නම් ලස්සන ගහක්.
පොඩ්ඩක් අන්තර්ජාලෙ හොයල බලන්න. 
මෙන්න විකි පිටුව
යටින්ම තියනවා විකි පිටුවෙන් ගත්ත පින්තූරයක්,
ඇත්තටම මමවත් දැකල නෑ මෙච්චර තදින් මේවගෙන් බැටකාපු ගහක්.
මට කාලෙකට කලින් අහන්න ලැබුනා මේවගෙන් ලංකාවේ වී වගාවට හානි වෙනවා සහ වල් නාශක වලට ඒවා මැරෙන් නෑ කියලා.
ඒ ගැන නම් මං දන්නෙ නෑ, ඒත් ගොයම් ගස් මේවට ඒතරම් දෙයක් වෙන්න නම් බෑ,
ආ කියන්න බැරි වුනානෙ මේවට කියන සිංහල නම තමා අගමුල නැති වැල් කඩ්ඩෙන් Dodder.

උඩින්ම තියන්නෙ මා විසින්ම ගන්නා ලද මම හරිම කැමති පින්තූරයක්,
මංදා ඉතින් මට ඒක හරි ලස්සනයි.


ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

Sunday, December 18, 2011

පරිසරවේදියා මියගියා... දිනපොතේ තිබුනා...

බොහෝවිට මේ යන විදිහට ගෝඩෝනියා කියන කැලෑ පිස්සා ගැනත් මෙහෙම තම ලියන්න වෙන්නෙ.
මේ පින්තූරේ ගැනත් වචනයක්.
මේක මම ආසම පින්තූරයක්.
ගත්තෙ නකල්ස් වලදි.
මේ පින්තූරේ මට ගොඩක් හැඟීම් දෙනවා.

මට මතක විදිහට මේකෙ ෆොටෝෂොප් නෑ.
අමුම අමු පරිසර සුන්දරත්වය.

තවමත් නකල්ස් වල මම යන්න ආසම තැනක් එතන,
ළඟදි බාගෙට ගිහින් ආවා.
කලින් යනකොටත් මෝඩයො එතන හොයාගෙන කන්ද උඩ බීලා කාලා කුණු දාලා තිබුනා.
මේ පාර යනකොට ගෝනෙක් හරි වෙන සතෙක් හරි පුච්චගෙන් කාපු සලකුණු තිබුණා.

මේ තියන ගස් නම් යුකැලිප්ටස්,
ඕස්ත්‍රේලියාවෙන් ගෙනාපු එව්වා.
ලංකාවෙ පරිසරේට ඇති හොඳක් නෑ මේවගෙන්.
කොහොම වුනත් පින්තූරෙ ලස්සනයිනෙ ඒ නිසයි මම මේක දැම්මෙ. 

(මගෙ ඔළුව අවුල් වෙලා වගේ හිත එකඟ වෙන්නෙ නෑ :/
මොනව කරන්න ද මංදා...
බ්ලොග් එකේ නිකං පෝස්ට් එකක් දාන්න බෑනෙ,
ඒ නිසා දානවා මගෙ පරණ ලියවිල්ලක්.)


පාඨකයාට මෙතන කොච්චර ලස්සන තැනක් ද කියල දැන ගන්න මේ ෆොටෝ දාන්න හිතුවා.
දැන් මෙහෙ මල් අඩුයිලු, අපි කලින් යනකොට නම් මල් ගොඩක් තිබුනා.
ඇත්තටම මාව පිස්සු වට්ටපු තැනක්,
මේ වගේ තැනකට ගිහින් කොහොම වනසනව ද කියල මට හිතාගන්න අමාරුයි,
කවුරුවුනත් මහ කැත හිත් ඇති මිනිස්සු.

Friday, December 16, 2011

මේක බලල නැති අය කියවන්න...



හැදින්වීම

ශ්‍රි ලංකාවේ, සබරගමු පලාතේ, රත්නපුර දිස්ත්‍රිකයේ පිහිටි පැරණිතම නගර සභාව බලංගොඩ නගර සභාව වන අතර දුරදක්නා නුවණින් යුතුව සැලසුම් සහගතව කරන කසළ කලමණාකරණය තුලින් 2012 වර්ෂය අවසන් වන විට බලංගොඩ නගරය නිල්ල පිරුණු, පරිසර හිතකාමි ආනනදණීය පුරවරයක් බවට පත්කිරිම එහි වර්තමාන නායකත්වයේ මුලික අරමුන වේ.
එදිනෙදා භාවිතයේ දි නොවැදගත් යැයි සිතා ඉවත ලන ඕනෑම ද්‍රව්‍යයක් කසළ ලෙස හදුන්වනු ලැබේ.මෙය වර්තමානය වන විට ලෝකයේ අනෙතුත් රටවල මෙන්ම ශ්‍රි ලංකාව ද මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක්ව පවතින අතර නාගරික පරිසරය තුල දෛනික එකතුවන කසළ නාගරික පරිසරයේ සුන්දරත්වය කෙලසයි. ඒ සදහා මිනිස් සංහතියේ නොමනා ක්‍රියාකාරිත්වය සෘජුවම බලපානු ලබයි. අප එදිනෙදා පරිහරණය කරන සැම දෙයක්ම ඉතා ඉක්මනින් හෝ පසුකාලිනව කසළ බවට පත්වේ. අද පුවත්පත් ගත්විට එය ඊලග දිනයේ කසළ බවට පත්වේ.දිනදර්ශනය ගත් විට ඊලග වර්ෂයේ කසළ බවට පත්වේ. වර්තමානය වන විට කසළ ප්‍රබල පාරිසරික ගැටළුක් මෙන්ම සමාජිය ගැටළුවක් ව පවති. එනම් ඊට පාරසරික මුහුණුවරක් මෙන්ම සමාජිය මුහුණුවරක් පවතින බව පැහැදිලිවේ. කසළ නොදිරන හා දිරන ද්‍රව්‍ය විවිධ ප්‍රතිශතයන්ගෙන් සමන්විත වේ. දිරන ද්‍රව්‍යයන් ක්ෂුද්‍ර ජිවි ක්‍රියාකාරිත්වය නිසා ජිර්ණයට පත්වන අතර නොදිරන දව්‍යයන් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගි කරගෙන නැවත නැවත ප්‍රයෝජනයට ගත හැක. එනම් ඊට ජිව විද්‍යත්මක මුහුණුවරක් මෙන්ම තාක්ෂණික මුහුණුවරක් පවතින බව මනාව පිළිඹිබු වේ. එනම් කසළ වලට පවත්නා පාරසරික හා සමාජිය මුහුණුවරත්, ජිව විද්‍යත්මක හා තාක්ෂණික මුහුණුවරත් මනාව සංකලණය කරමින් ඊට ආර්ථික මුහුණුවරක් ලබාදිමට හැකිය. මේ වග මනාව අවබෝධ කරගත්තෝ කසළ කලමනාකරණය කරමින් ආර්ථික වාසි උදාකරගනි.
බලංගොඩ නගරසභාවේ නායකත්වය මේවග මනාව අවබෝධ කරගන ඇති අතර එය මනාව ක්‍රියාවේ යොදවමින් සාර්ථක කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් පවත්වා ගනිමින් පවති.

බළන්ගොඩ නගර සභාවේ කසළ කලමණාකරන ව්‍යාපෘතියේ ඓතිහාසික පසුබිම

වර්ෂ 1939 දී සර් හෙන්ඩිරි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිනියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරම්භ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 10දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9ක් විශේෂ කොමසාරිස්වරයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණි විරසිංහ මැතිතුමා විසින් වන අතර නිත්‍ය පදිංචි ජනගහනය 23,220 වන අතර වර්ග කිලෝමිටර 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 35,000 පමණ ජනතාවගේ මුලික පහසුකම් සලසන ආයතනයකි. අද වනවිට ස්ථීර කර්යය මන්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

විශේෂ සිදුවීම්

වර්ෂයසිදුවීම
2000
  • වර්ෂ 2000 වන වීට කුඩා පරිමානයේ කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබුනි.
  • සදුදා දිනයේ දි සතිපොළේ එකතුවන කසල පමණක් කොම්පෝස්ට් සැදිමට යොදා ගෙන ඇත.
  • නගරයේ දෛනිකව එකතුවන අනෙකුත් කසළ නාගරික අධිකාරියේ ඉඩමකට බැහැර කරිම.
  • ප්‍රධාන මහජන පරික්ෂක නිමල් මහතා බළංගොඩ නගර සබාවට පැමිණිම.
  • නාගරික අධිකාරියේ ඉඩමකට කසළ බැහැර කිරිම තහනම් කිරිම.
  • දෛනිකව එකතු වන මෙ.ටො. 10 ක පමන වන කසළ මාර්ගය දෙපස ගොඩ ගසමින් කසළ කලමණාකරන ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට නිලධාරින් කටයුතු කලහ.
2001
  • පාර දෙපස වු කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය (leachat) කානු පද්ධතිය ඔස්සේ කුඹුරු වලට එකතු විම හේතුකොටගෙන ප්‍රථම මහජන උද්ඝෝෂණ ඇතිවිය.
  • ඉන් අනතුරුව වෑස්සෙන අපවිත්‍ර වු ජලය කුඹුරු වලට එකතුවීම වැලැක්විම සදහා අපවිත්‍ර වු ජලය එකතු වන ටැංකියක් ඉදිකරන ලදි. පසු කාලිනව එය තවදුරටත් වැඩිදියුණු කලේය.
2002
  • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කලමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපැවේය
  • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කලමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපැවේය
  • 2002 ඔක්තෝම්බර් මාසයේ කසළ කලමනාකරන ව්‍යාපෘතිය පුද්ගලිකකරණය සදහා ටෙන්ඩර් කරන ලදි.
  • 2002 නොවැම්බර් 01 දා පුද්ගලික ආයතනයට පවරන ලදි.
  • පුද්ගලික ආයතනය මගින් සේවකයන්ගේ දෛනික වේතනය කපාහැරිම නිසා සේවකයන් ව්‍යාපෘතියෙන් ඉවත්විම.
  • 2002 නොවැම්බර් 14 දින දෙවන මහජන උද්ඝෝෂණය බළංගොඩ නගරසභාව වෙත එල්ල විය.
  • බළංගොඩ නගරසභාව නැවත කසළ කලමනාකරණ ව්‍යාපෘතිය තම අතට පත්කරගන ක්‍රියාත්මක කලේය.
2003
  • 2003 වසර මුලදි සේවකයින් නැවත ව්‍යාපෘතිය හා එක් විම සිදුවිය.
  • දෛනිකව එකතුවන කසළ දිරණ හා නොදිරණ ලෙස වර්ග කිරිම සිදුකරන ලදි.
  • කසළ වෙන් කිරිමේදී ප්‍රතිචක්‍රිය කල හැකි ද්‍රව්‍ය වෙන වෙනම වර්ග කිරීම සිදුකරනු ලැබිය.
  • කාබනික පොහොර සැදිමට යොදාගන්නා විවෘත ලුප ක්‍රමයේ (open windrow system ) කසළ ගොඩවල ප්‍රමානය අඩි 5×12 දක්වා කුඩා කරන ලදි.
2004
  • 2003 දි නව මුහුණු වරකින් ආරම්භ කල ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට කරගන යන ලදි.
  • පොහොර අලෙවි කරගැනිමේ ගැටලුවකට මුහුණ දිමට සිදුවිය.
  • නිෂ්පාදිත පොහොර ලොරියක පටවා ගත් නිමල් මහතා බෙදාහැරිමේ හා අලෙවි නියෝජිතයෙකු ලෙස ක්‍රියාකරමින් ජංගම අලෙවි සේවාවක් පවත්වා ගෙන ගියේය.
2005
  • කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථකව සිඳුකර‍ගෙන යමින් සාර්ථක අලෙවියෙන් වාර්තාගත ආදායමක් ඉපැයුවේය.
  • කසළ කලමනාකරණ ව්‍යාපෘතිය පවත්වාගන යාම සදහා ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවෙන් ඉඩමක් ලබාදිම.
  • මේ ඔස්සේ යමින් ජාතික ඵලදායිතා තරගයේ දී පලාත් පාලන අංශයේ දිවයිනෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදි.
  • බළංගොඩ නගර මධ්‍යයේ ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගැනිමේ මධ්‍යස්ථානය ඉදිකිරිමේ වැඩකටයුතු ආරම්භ කිරිම.
  • කාබනික පොහොර අලෙවියෙන් උපයා ගත් ධනය යොදාගනිමින් බොබි කැට් (Boby cat) යන්ත්‍ර මිලදි ගන්නා ලදි.
2006
  • නැවත වර්ථමාන සභාපති නිමල් ගාමිණී වීරසිංහ තේරී පත් වීම.
  • ඉන් පසු සබරගමුව පළාත් සභාවෙන් ලැබුන රු.මිලියන 02 න් මිලියන 01 උපයෝගී කරගෙන ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ දෙවන මහලේ වැඩ අවසන් කිරීම හා දෙවන මහලේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
  • ඉතිරි මිලියන 10 ක් වියදමින් Bob Cat යන්ත්‍රයක් ලබා ගැනීම. (Bob cat යන්ත්‍රය 29,75000.00 ක් වටිනාකමක් ඇති වාහනයක් වු අතර ලක්ෂ 10ක් ගෙවා එය මිල දී ගෙන ඉතිරි 19.75000 මාස 06 ක් තුල වාරික 03 කින් ගෙවා ලබා ගැනීමට කටයුතු කරන ලදී.)
2007
  • පලාත් සභා හා පළාත් පාලන අමාතළ්‍යංශයෙන් ලැබුන රු. ලක්ෂ 05 යොදාගෙන කසල කළමණාකරණ මධ්‍යස්ථානයේ දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරිම සඳහා අඩි 60ක් දිග අඩි 25 ක් පළල ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී.
2008
  • පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයෙන් ලැබුන රුපියල් ලක්ෂ 05 ක්ද නගර සභාවෙන් ලැබුන රුපියල් ලක්ෂ 03 ක් ද යොදාගෙන ලක්ෂ 08 ක වියදමින් රත්නපුර බලංගොඩ බලගහමුල මංසංදියේ දිරා නොයන අපද්‍රව්‍ය මිලට ගැනීමේ සම්පත් පියසක් ඉදිකර විවෘත කිරීම
  • විවෘත කරන දිනයේදී පාසැල් 17 ක මුලිකත්වයෙන් කසල ‍පොළක් පැවැත්වු අතර මෙදින කසල පොළට ටොන් 4ක දිරා නොයන අපද්‍රව්‍ය එකතු වූ අතර ඒවා අලෙවි කිරීමෙන් රුපියල් 22000.00 ක ආදායමක් උපයන ලදී.මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම ගරු පරිසර හා ස්වාභාවික අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා විසින් සිදු කරන ලදී.
2009බලංගොඩ නගර සභාවට අඩු පාඩුවක්ව පවතින මල අපද්‍රව්‍ය ප්‍රතිකර්ම පද්ධතියක් පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයෙන් ලැබුනු මිලියන 3.8 ක් හා නගර සභාවෙන් මිලියන 03 ක් ද යොදා සකස් කරන ලදී.
මෙම පද්ධතිය මගින් දිනකට මල අපද්‍රව්‍ය (waisht soil) ලීටර් 10,000 ක් පිරිසිදු කිරීමට භාජනය කරන අතර මෙම ක්‍රමවේදය පහත අංශයන්ගෙන් සමන්විතය.
  1. Receiving Tank
  2. Sedemedativn Two Tank
  3. Water Treatment Plant
  4. Dry Bed.
මෙම ක්‍රමවේදය මගින් දිනකට පිරිසිදු කරන ජලය ලීටර් 6000ක් නැවත කොම්පෝස්ට් ව්‍යාපෘතිය‍ට ප්‍රයෝජනයට ගනී.එසේම මසකට night soil යොදාගෙන කාබනික පොහොර කි.ග්‍රෑ.5000 ක්ද නිපදවීමට මෙය ‍යොදා ගනී.එසේම පාසැල් ආශ්‍රිතව දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයේන් ලැබුන රුපියල් මිලියන 01 ක් ද,ලර්න් ඒෂියා ආයතනයෙන් රු.30,000.00 ක් ද, පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජාතික ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් 255,000.00 ක් ද නගර සභාවෙන් රුපියල් ලක්ෂ 3 ක්ද යොදාගනිමින් නගරයෙන් ‍‍තෝරාගත් පාසල් 05 ක
එනම් :
  1. ර/ඇග්නස් බාලිකා විද්‍යාලය
  2. ර/බුද්ධ ජයන්ති විද්‍යාලය
  3. ර/විද්‍යාලෝක විද්‍යාලය
  4. ර/සී.සී.දෙමළ විද්‍යාලය
  5. ර/‍ජෙයිලානි මුස්ලිම් ජාතික පාසල
යන පාසැල් වල සම්පත් කේන්ද්‍ර 05ක් සකස් කර විවෘත කිරීම. මෙම සම්පත් කේන්ද්‍ර මගින් දිරා නොයන අපද්‍රව්‍ය වර්ග 16 ක් මිලදී ගැනීමට සැලැස්වීම.මෙම ද්‍රව්‍ය කෙලින්ම මුදල් දී මිල දී ගන්න අතර ලකුණු ලබා ගැනීමේ ක්‍රමයක්ද සකස් කර ඇත.
2010
  • නිවාස මට්ටමින් කසල කිරීමේ වැඩ සටහනක් හදුන්වා දීම.
  • කසල බද්ද එකතු කිරීම විධිමත් කිරීම.
  • දිරා යන කසල වෙන් වෙන් වශයෙන් එකතු කිරීම.





අනේ අපේ ප්‍රාදේශිය සභාවත් මෙහෙම වෙනවනම්....
යටියන්තොට එකත් මෙහෙමයි..
මේවගෙ මූලික වියදම දැන් හම්බකරගෙන ඉවරයි,
මේවා අපිත් ඉල්ලන්න ඕන දේශපාළුවන්ගෙන්...
මෙතනින් මුළු එක කියවන්න..
මෙවන් ඇත්තෙන්ම පරිසරයට දෙයක් කරන දේශපාලන ආයතන වලට මගේ ගෞරවණීය ආචාරය...
මෙවන් ආයතන දිනෙන් දින දියුණු වේවා!

මම කැමතියි පාඨකයාගේ අවධානය මෙන්න මේ පේළි දෙකට යොමු කරවන්න,
මේකෙ තේරුම තමා මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ,
මේ මිනිස්සු මැදිහත් වුනේ නැත්තං මේ වැඩේ හරියට නොවෙන්න තිබුණා,
මේ වැඩේදි දේශපාලකයො වගේම ජනතාවත් නිසි ලෙස කටයුතු කරා තියනවා.

01."පාර දෙපස වු කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය (ලේචට්) කානු පද්ධතිය ඔස්සේ කුඹුරු වලට එකතු විම හේතුකොටගෙන ප්‍රථම මහජන උද්ඝෝෂණ ඇතිවිය"

02. "2002 නොවැම්බර් 14 දින දෙවන මහජන උද්ඝෝෂණය බළංගොඩ නගරසභාව වෙත එල්ල විය."

තවදුරටත් මේ ආයතනය ගැන කියවා සතුටු වෙන්න...
1.බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

පුළුවන් කෙනෙක් මේක පරිවර්තනේ කොරල දාන්ට...




























The Boy & The Apple Tree


හා මෙන්න සුදු මැණිකේ එවල ලින්ක් එකක්...
හිංගල වර්ෂන් එක එවල...
කියවල බලන්න...