Wednesday, October 5, 2011

පියසටහන්.....


මගේ අහිංසක අම්මා අද මා සමඟ පංසලට ගියාය.
ඇය කිසි දිනක මහා පොෂ් කාන්තාවක් නොවූවාය.
ඇය ගැමි කාන්තාවක්ද නොවූවාය.
එහෙත් ඇය සංකරද නැත.
මම දැක ඇහි හොඳම කාන්තාවන් අතර අපේ අම්මාද සිටී.
සෑම අම්මෙක්ට මෙන්ම මගේ අම්මාටද මා කෙරෙහි බලවත් ස්නේහයක් තිබෙන බව මා දනිමි.
ඇය අර්ධ ගැමි කාන්තාවක් හෙයින්,
සිකුරාදා සරසවියට පියමණින වෙන්ට දොස්තර පුතා සමඟ පංසල් ගියේ එහෙයිනි.
ඈ මසකට වරක් පංසලට තෙල් බෝතලයක්, සුවඳ කූරු සහ ගිනි පෙට්ටි පූජා කරන්නීය.
අප ඒවාද ගෙවත්තෙන් නෙලාගත් දහස්පෙතියාද ගෙන පියමැන්නෙමු.


ඇයද සාමන්‍යය මවක මෙන් සියපුතු හොඳින් ඉගෙන ගෙන ඉහලට යනවාට බෙහෙවින් ප්‍රිය කළාය.
එහෙයින් ඇයට මාගේ විභාග ප්‍රතිඵල ඉතා ඉහල සතුටක් ගෙන ආවාය.
ඇයට වඩා මගේ අවංක අහිංසක අප්පච්චීද බෙහෙවින්ම සතුටු වූවාය.
මම චිත්‍රපටි වල දරුවන් පියවරුන්ට තුරුල් වෙනු දැක ඇත්තෙමි,
මටද එයට ආසා හිතෙයි.
එහෙත් මට එය හුරු නැත, මක්නිසාද යත් පිය සෙනෙහස අප්‍රකට එකක් වන නිසාය.
එහෙත් මා පියාට වඩා මවට ලෙංගතු වෙමි.
එනමුදු මගේ ප්‍රතිඵල ඇසූ අප්පච්චි මාව සතුටු කඳුලු වගුරමින් වැළඳ ගත්තේය.
කෙසේ වුවද මට කියන්නට ඇත්තේ මෙයයි.
ජීවිතය වේගයෙන් ගෙවී යමින් පවතී.
පාසල් ජීවිතය සිහිනයක් මෙන් ගෙවී ගියේය.
දැන් ජීවිතයේ අළුත් පරිඡ්චේදයක් පෙරලී ඇත.
මම සිකුරාදා එයට එක්වෙමි.
මෙතෙක් දවස් බ්ලොග් ලියූ මට එයට වෙලාව අඩු වෙනු ඇත.
මෙතෙක් දවස් මගේ අලුත් බ්ලොගයේ වෙනස් ලිපි වලට අදහස් දැක්වූ ඔබ සැමට මාගේ ස්තූතිය,
(මේවා ආදර \ විසුළු \ සංවේගජනක කතා ආදියට වඩා රසයෙන් අඩු විය හැක,
මට ඒවාද හොඳින් ලිවිය හැක.
එහෙත් ඒවාගෙන් වෙන යහපතට වඩා මෙය වටිනා හෙයින්,
මම මෙය කළෙමි.)
එසේම මට පෞද්ගලිකව උපකාර කළ සහ අදහස් දැක්වූ මගේ සොයුරු සොයුරියන්ටද මගේ ස්තූතිය වේවා.
සින්ඩි වල සියලු දෙනාටද ස්තූති වේවා,
එසේම මෙහි මුල කී අම්මාටද අප්පච්චීටද මේ බ්ලොගයේ යහපත උපහාර වේවා.
මෙයට උපකාර කළ මෙකී නොකී සියළු දෙනාටද ස්තූති වේවා.

නැවත් මුලට...
මම පන්සලට ගියෙමි.
පෙරදා දහම්පාසල් ගිය පන්සල දැන් නැත,
එය වෙනස් වී ඇත.
මමද වෘධ වී සිටිමි.
අපි පහන් දල්වා මල් පූජා කර නැවත් මාවත දිගේ ආවෙමු.
මම අම්මාගේ පිය සටහන් පයින් මඬිමින් ඈ පසුපස ආවෙමි.
ඇගේ අතේ එල්ලිගත් මම මේ මාවතේම අතීතයේ ඇයට වඩා බෙහෙවින් පොඩි එකෙක්ව ගිය හැටි සිහි කරෙමි.
අපි එදවස නැගූ පියවර යළි නැගිය නොහැක,
ඒවා අතීතයට එක්ව ඇත.
මම ඇගේ අත සෙනෙහෙන් අල්ලාගතිමි.
ඇය හාම පියවර තැබූවෙමි.
අප දෙදෙනාගෙන් කාගේ පියවර කලින් අවසන් වේවිදැයි මා නොදනිමි.
මේ අපගේ එක් තාවකාලික නැවතුමක් පමණි.

19 comments:

  1. ජීවිතයේ අළුත් පරිඡ්චේදයේ නිසි ඵල නෙලා ගෙනැවිත් මෙලෙසින් අපේ මිනිසුන්ට සෙත සලසන බව මට විශ්වාසයි ..

    හෘදයාගම සුභ පැතුම් සමඟින් ඉල්ලීමක් කරමි ..හැකි වෙලාවක මේ සොඳුරු ලොව ගැන ..මෙබඳු සුන්දර දේ අපට දෙන්න ..ගිනි ගන්නා සිත සනහාලන්නට ...

    ReplyDelete
  2. හැකි නම් මේ තීම් එක වෙනස් කරන්න
    ඇස් වලට අමාරුයි ......

    කෙහෙල් කොළය වෙනුවට තද පසුබිමක් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි

    ReplyDelete
  3. subha pathum dr....:)) puluwan welawata liyanna..api balagena innawa!!

    ReplyDelete
  4. මිනිසෙකු සතු සුන්දරම මතකය යලි අවදි කලාට ස්තුතියි!!!! බොහොම පින් !!!

    ReplyDelete
  5. සුභ පැතුම් මිත්‍රයා!

    ReplyDelete
  6. ස්තූතියි නිශාන්ත සර්,
    මම උත්සාහ කරනවා,,,

    ස්තූතියි නෙරංජි අක්කා
    ස්තූතියි ප්‍රේම්

    වැප්, අහෝ සමාවුව මැනව,
    මම ඔබේ අදහසට අනුව මෙයට සුදුසු ඡායාරූප දමා බැලුවත් වැඩේ හරි ගියේ නැත.
    පසුව වෙන ඒවාඅද ටෙස්ට් කර බලන්නම්,
    ස්තූතියි,
    මෙම ඡායාරූපය මාගත් එකක් නිසා තීමයද මට හිමිය,
    ඒ නිසා එය මටම ආවේනිකය.
    ස්තූතියි.

    ReplyDelete
  7. ස්තූතියි සබිත් සහ විදුර...

    ReplyDelete
  8. රටම දිනන යහපත් වෛද්‍යවරයෙක් වෙන්න හදපිරි සුභ පැතුම්...........!!!

    ජය වේවා....:)

    ReplyDelete
  9. සුභ පැතුම්...මමත් ගියා අතීතෙට...

    ReplyDelete
  10. හරිම සංවේදී අදහස් ටිකක්.... ජය වේවා......

    ReplyDelete
  11. සංවේදී අදහස්. බෙදාහදාගත්තට ස්තුතියි.

    ReplyDelete
  12. ලොකු සතුටක් වගේම දුකකුත් ඇතිකල ලිපියක් ..
    …ඔබේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා !
    …ඔබ හොඳ දොස්තර මහත්තයෙක් වේවි . ජය පතනවා මුළු හදවතින්ම .

    ReplyDelete
  13. පුතේ උඹට බුදු සරණයි...!!!

    ReplyDelete
  14. මගේ ඇස කියවන්න,
    ගිම්හානි අක්කා,
    සහ මාතලන් මාමා,
    මේ ඔක්කොටම බොහෝම ස්තූතියි.
    බුදු සරණයි!

    ReplyDelete
  15. ඔබට සුභ පතමි.හැකිවිට ලියන්න.අපි ඇවිල්ල යන්නම්. පුලුවන්නම් පරණ කෙහෙල් කොලේම පසුබිමට දාන්න.

    ReplyDelete
  16. මමත් අපෙ වැප්ගේ ඉල්ලිමට වෙන එකක් දැම්ම,
    බහුතරය කොළ පාටට කැමතියිලු,
    ඒ නිසා ආය කොලේ දැම්මා.
    ස්තූතී නමක් නැති.

    ReplyDelete
  17. ජය වේවා!!!!!!!!!!!ඔබ හොඳ දොස්තර මහත්මයෙක් වේවි!එය කිව යුතු නැත.මගෙත් සුභ පැතුම් මෙසේ එක් කරමි

    ReplyDelete
  18. බොහොම ස්තූතියි කැහිබෙල්ලෝ,
    මට බ්ලොගය පවත්වාගෙන යෑමට උදවු දෙනවාටත් ගොඩක් ස්තූතියි.
    ඔයාටත් සුබ පතනවා.

    ReplyDelete