භාවිතය අඩුකිරීම - Reduce
අපට කළ හැකි දේවල් .02
අපි හැමෝම විලාසිතා වලට ආසයි,
එක එක විදියට කොන්ඩෙ පීරන්ට ඇඳුම් අදින්න ආසයි.
ඉතින් මේ දේවලුත් සොබාසුමිතුරු විදියට කරන්න තියනව නම්?
ඒක තවත් හොඳයි.
මම මේ ළඟදි තරුණ ගෑණු ළමයි ගොඩක් සහභාගි වුන උත්සවේකට ගියා.
එතනදි මට ගොඩක් සතුටු හිතෙන දෙයක් දකින්න ලැබුනා.
ඒක තමා ඒ ගෑණු ළමයි ගොඩක් කපු රෙදි වලින් මහපු බෑග් අරගෙන ඇවිත් තිබුනා, ඒවා හරිම වර්ණවත්, මට නම් හරිම ලස්සනයි.
ඉතින් ඒක දන්නෙ නැතුව වුනත් කරන්නෙ කොච්චර පරිසරයට හිතකර දෙයක්ද?
සාමාන්‍යය බෑග් එකක් ගත්තොත් ඒක් ගොඩක්ම හැදිලා තියන්නෙ නොදිරන දේවල් වලින්.
ඉතින් තවත් මේ වගේ දේවල් තියනවා.
ඇත්තට ඉස්සර මිනිස්සුන්ට දැන් වගේ රෙක්සින් වත් නයිලෝන්වත් තිබුනේ නෑනෙ.
ඉතින් මේ වගේ දිරණ දෙයකින් තම අවශ්‍යය දේවල් හදාගන්න ඇත්තෙ.
රෙදි වුනත් ශරීරෙට ගොඩක් පහසු කපු (Cotton), හණ (Linen) වගේ දේවල් වලින් කරපු ඒව අඳින එක තමා.
මේවා ගොඩක් වෙලාවට එන්නෙ Casual Wears විදියට, ඒ නිසා සාමාන්‍යයයෙන් Packing කියලා පොලිතීන් කුණුකන්දරාව නැතුව හිතට බරක් නැතුව ගෙදර අරගෙන යන්නත් පුළුවන්.
ඉතින් සොබාසුමිතුරු විලාසිතාවක් ආඩම්බරෙන් කරලා ඔයාලගෙ යාළුවන්ටත් කියන්න ඒකෙ වටිනාකම ගැන.
අපිට පුළුවන් ආපහු යන්න පරිසරයට.
Back To The Nature!
දැනට නම් මේවගෙ ෆොටෝ හම්බුනේ ටිකයි.
තව ඉතින් ඔයාලා හොයාගන්න.
(තවම සොබාසුමිතුරු විලාසිතා කරන කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් ගන්න ගියේ නෑ, ඒක කරන්න ගිහින් ගුටි කන්න වෙයිද දන්නෙ නෑනෙ! )


it is good idea for all of us. we can plan our future fashion.
ReplyDeleteYes sir we must try, let see what we can do :)
ReplyDeletethanks