අපි ඊයෙ කතා කරා පොඩි එවුන් කොහොමද සොබා සුමිතුරු කරන්නෙ කියලා.
අපිට පුළුවන් පරිසරේ නිරීක්ෂණය කරන්න ළමයින්ට කියල දෙන්න.
එතකොට ළමයි තුල ඇති වෙන අනවශ්‍ය බයවල් නැති වෙනවා.
මේක ළමයින්ට දෙන අනවශ්‍යය දේවල් වෙනුවට කාලය ගත කරන්න හොඳ විනෝදාංශයක් කරන්නත් පුළුවන්.
මොකද සමහර ළමයි පොඩි පොඩි සත්තුන්ටත් බයයි.
කොච්චර ලස්සන වුනත් සමනල්ලුන්ටත් බයයි.
ඒකට කියනව Lepidophobeia කියල ඉංගිරිසියෙන්.
ඒ වගේ ළමයි බිහිවෙන එක වලක්වන්න අපිට පුලුවන්.
මේ වගේ ගෙවත්තෙ ඉන්න දළඹුවෙක් කොහොමද කාගෙන කාගෙන යන්නෙ කියල පෙන්නන්න.
ඕන්නම් බත් කන්ට හොර ළමයෙක් ඉන්නව නම් කියන්න,
"පේනවද පුතේ මේ දළඹු පැංචා ඉක්මන්ට ඉක්මන්ට කන හැටී.
මෙයා ගොඩක් කෑම කාල ඉක්මනට ලස්සන සමනලයෙක් වෙනවා"
කියලා.
ඒත් ඉතින් පොඩි එකා පිළිගන්නෙ නැත්තන් පොඩි එකාට දළඹුවා සමනළයෙක් වෙන හැටි පෙන්නන්න.
එතකොට පොඩි එකාට ජීවන චක්‍ර ගැන ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ඕනෙ නෑ අලුතින්.
මේ අපේ ගෙදර උගුරැස්ස පැලේ හැදුන කියන
Common Leopard (Phalantha phlantha)
සමනලයගෙ දළඹුවෙක්.
මෙයා ලංකාවෙ සුළබ සමනලයෙක්.
ගෙදර පොඩි උගුරැස්ස පඳුරක් හදාගත්තොත් කෙලවරක් නැතුව එයි.
![]() |
| මෙන්න උදේ ඉදන් කාන්තාවො ටික බිත්තර දාන්ට පොරකාපු හැටි... |
දැන් උගුරැස්ස බද්ධ පැලත් තියනවා, ඒවා ඉක්මනට පීදෙනවා ඇති.
ඒ වගේම අපි අගය කරන්න ඕන මේ වගේ වස විස නැති දේශීය පලතුරු.
ඇත්තට මේ දළඹුවෝ මෙච්චර වේගෙන් කන්නෙ ඉක්මන්ට ලොකු වෙන්න ඕන නිසා.
කාලා කාලා ශක්තිය ගබඩා කරගන්නවා කෝෂ අවස්ථාවෙදි පාවිච්චියට ගන්න.
ඒ මොකද මේ සත්තුන්ට තියන අනවශ්‍ය බිය වෙලාවකට හරි කරදරයක් වෙනවා සහ සතුන්ටත් හානියක් වෙනවා.
මම හොඳටම දන්න කෙනෙක් ඉන්නව එයා මකුළුවොන්ට ගොඩක් බයයි (Arachnophobia).
ඒ නිසා කාමරේට මකුළුවෙක් ආවොත් උගෙ පණ ගැන හිතන්නෙත් නැතුව කොස්සෙන් හරි මොකෙන් හරි තල්ලු කරලා ඒ සතාව එලවනවා.
ඒකෙන් එයාට පවුත් සිද්ද වෙනවා අනවශ්‍ය කලබලත් ඇති වෙනවා.
අපි ළමයින්ට කියල දෙන්න ඕන සෑම ජීවිතයකටම නොමැරී ජීවත් වීමේ සමාන අයිතියක් තියනව කියලා.
මේ දේවල් මඟින් අපිට පුළුවන් සොබාසුමිතුරු, ක්‍රියාශීලී, හොඳ නිරීක්ෂණ හැකියාවක් තියන ළමයි බිහිකරන්න.

හරිම වටින ආරම්භයක් අපේ පැටවුන්ට මේ සටහන අපේ පැටවු දෙන්නත් ගොඩාක් ආසාවෙන් කියෙව්වා ..ස්තුතියි මේවන් සොදුරු දිශාවක් ගැන ලියන සටහන් පෙළ වෙනුවෙන් ..
ReplyDeleteඅපිත් කියෙව්වා .අපිත් හරි ආසයි.මං දැනටමත් අපේ ගස්වලට එන සමනලයො අඳිනවා ...පොතක් හදන්න ..මේ ගැන තවත් කියවන්න ආසයි
ReplyDeleteනිශාන්ත sir :
ReplyDeleteසර්ගේ දරුවො දෙන්න නම් හොඳ අඩිපාරක යනවා.
එහෙම තමා ළමයි හදන්න ඕන.
ඒක දෙමවුපියොන්ගෙත් වගකීමක්.
දිනිතියි මිතිලියි :
ඔය දුවල දෙන්නා සමනල්ලු ඇදලා බ්ලොග් එකට දාන්න.
මම උන්ගේ නම් කියන්නම්.
ඕන දෙයක් තියනව නම් අහන්න.
හොඳ අදහසක් යාලුවා මමත් ඇත්තටම පරිසරයට ආදෙර් කරන්න පුරුදු උෙන් අපේ අම්ම මම පොඩිකාෙල් ඔය වැනි දෑ කියල දීපු නිසා තමයි
ReplyDeleteGood post.
ReplyDeleteමගේ ගෙදර කොන්ක්‍රීට් වහලය උඩ ලොකු පෝච්චි වල පලතුරු ගස් හිටුවල තියනවා.ඒ අතරේ ඔබ කියූ උගුරැස්ස ගස් කීපයක් තියනවා.ඒවාට දැන් වයස අව්රුදු දෙකක් ඇති හොඳට පළ දරනවා. ඔබ කිවූ සමනලුන් ගැන සොයා බලන්නම්.මේ ගස් සිටවීමෙන් මම බලාපොරොත්තු වුනේ නිවස තුලට තාපය කාන්දු වීම අඩු කිරීමටයි
ReplyDeleteමේක නියමයි. බලමු කෙදිනක හෝ ඔබ හමු වුවොත් ඉතා වටිනා, දුර්ලභ, ඖෂධ කීපයක් දෙන්නම්,
ReplyDeleteඔව් බුවෝ... මටත් මතකයි අපෙ අම්මා නිස ලැබුන දේවල්... ස්තූතියි.
ReplyDeleteබින්දි අක්කා ස්තූතියි.
නමක් නැති:
ස්තූතියි.
ඇත්තද?
සතුටුයි.
එහෙම ගෙවතු තියනව සමහර රටවල නියම වන වදුළු වගේ.
බලන්න, ඒත් උස වැඩි නිසා සමනල්ලු එන් නැද්ද දන් නෑ.
වෙද ගෙදර මහ වෙදනා :
වෙදමහත්තයගෙන් උදවුවක් ඕන පොඩි වැඩකට.
මේ බ්ලොග් එකටම සම්බන්ධ.
මම ඊයක් එවන්නම්.
දෙන්ටකො බලන්න හම්බුනොත්.
ලෝ සියල්
ReplyDeleteගස් වැල්
ගුණ ගයන ඔබ තුමාට
නැනෝ(චුට්ටන්) ඔවදනක්
ඇමීබාවෙක් තරම්
අරූ මූ යන වදන්
ලස්සන කපයි
ඔබ ආදරේට
කිව්වත්
ලොකු ලොකු උදවිය වුවත්
එවදන් වහරත්
ඔබ වැනි තරුනෙක්
උගුලේ නොවැටිය යුත්
Dhayal Bathee:
ReplyDeleteමහතාණනි
තුති පුදමි සෙනෙහෙන්
පෙන්වූවාට කුඩා වුව වරදක්
ඔබ දෙටුය නිසැකෙන්ම
මට වඩා වැඩියෙන්
එහෙයින් අරූය මූය යන වදන්
පසෙකලා මැනවින්
යෙදූවෙමි එයායැයි මෙයා යන වදනත්,
එතකුදු වුවද
කියමි මම නොබියව
ඌයැ අරූය යන වදන්
සුලබ නොවේදෝ හෙලේ?
දිවි මකුළුවො වගේ පවුලෙ මැරයො ටික ඇරෙන්න මංකුළු පැංචිගෙ නෑදෑයින්ගෙනුත් ගොඩාක් අය හරිම අහිංසකයි..ඒත් මිනිස්සු හරිම බයයි අහිංසක මකුළුවන්ටත්.තේකනම් හරිම අසාධාරණයි... :(
ReplyDeleteඒකනෙ කියන්නෙ මකුළු පැංචි,
ReplyDeleteපවුලෙ මැරයො ඉන්නකොට පවුලටම ඔහොම කැත නමක් එනවා,,
මොනව වුනත් ඇත්ත කතාව කීවොත් මම නම් දිවිමකුළුවෙක් සජීවීව දැකල නෑ තාම.
උනුත් දැන් දුර්ලබ වෙලා නොවැ,
ස්තූතියි