කාලෙකට පස්සෙ නුවර ගියා,
දැන් ඉතින් ටවුන් එකට යන්න වෙන්නෙ නෑනෙ වෙනද වගේ,
උදේ 8ට පටන් ගත්තම ලෙක්චර් ඉවරවෙන්නෙ 4.15ට,
ඉතින් ඉක්මනට දුවගෙන ගෙදර එන්න ඕන,
අද කාලෙකින් නුවර ගියා,
ඒ කැම්පස් එකේ පැදුරට ප්‍රැක්ටිස් කරන්න,
(ඒත් ඉතින් මම පුදුම බයෙන් ඉන්නේ ෆවුන්ඩේෂන් මොඩියුල් එක ගැන,
අප්‍රේල් 2 එක්සෑම්)
මොනව වුනත් මගේ සංසාර පුරුද්දක් ද කොහෙද මගෙ හිත ඉක්මනට ඇවිස්සෙනවා,
මගේ හිතේ වැරැද්දක් ද මංදා,
මේ සොබාව හරි පුදුමයි,
මගේ හිතට අතීතයේ මතක ගේනවා,
හිත අතීතයට දුවන් යනවා,
මගෙ ජීවිතේ තවම කොටයි,
ගොඩක් අත්දැකීම් නෑ,
මෙතෙක් කල් ගෙවපු ජීවිතේ වරදක් නෑ,
සුන්දර මතක ටිකක් තියනවා,
මට අද මතක් වුනා අපේ කෑම්ප් එක,
ඒ කියන්නෙ අපේ වාර්ෂික ගවේෂණ කඳවුර...
මම පොඩි එකා කාලෙ ඉඳලම ගියපු එකනෙ,
මම එතකොටත් හරි ආසාවෙන් හිටියෙ,
මට මතකයි මම කෑම්ප් ගිහින් ඇවිත් කියපු හැටි ගෙදර අයට ඒ අත්දැකීම,
පස්සෙ මමත් YES එකට සම්බන්ධ වුනාට පස්සෙ දිගටම කෑම්ප් ගියා,
අපි ඔක්කොටම කාලෙකට කැලෑ පිස්සුව තද වෙනවා,
අහස ලස්සන් වෙනකොට,
අව්ව සනීපෙට රස්නියට දැනෙනකොට,
ගස් වැල් කොලපාට වෙනකොට,
සංවහන ධාරා උඩනගිනකොට හිතට අමුතු ගතියක් එනවා,
"මචං කෑම්ප් එකක් කරන්න ආසයි!"
අපි එකිනෙකාට කියාගන්නවා,
මේ පාර කෑම්ප් එකක් කරොත් යන්න හමෙබ්යිද දන්නෙ නෑ මේ වැඩත් එක්ක,
අපෙ කෑම්ප් එක ගොඩක් වැදගත් දෙයක් වුනා කියල මට හිතෙනවා,
මොකද මමත් මේ වයිල්ඩ් ලයිෆ් ගැන දේවල් ඉගෙන ගත්තෙ ඒකෙන්,
දැනටත් කොහෙන් හරි වයිල්ඩ් ලයිෆ් වලට සම්බන්ධ මනුස්සයෙක් හම්බුනොත් කොහෙන් හරි YES එකට සම්බන්ධ වෙලා තියනවා ගොඩක් වෙලාවට.
ඉතින් මම ඒකට හැමදාම ස්තූති කරනවා එකට.
අපෙ බ්ලොග් ලෝකයෙස් ප්‍රසිද්ධ Buzz Radio ප්‍රියා අයියත් සර්පයො ගැන ලියල තිබ්බ මං දන්නෙ නෑ එයා අපේ සංගමයට සම්බන්ධයි කියල,
ඒත් නිකමට බැලුවම එයත් අපෙ සංගමේට සම්බන්ධ වෙලා ඉඳල තියනවා.
ඉතින් මං හිතුවා නිකමට මට මතක් වුන නිසා මේ ෆොටෝ ටිකක් දාන්න.ඊට අමතරව මේ ෆොටෝ ටිකත් දාන්නම්,
මේව හම්බුනේ අහම්බෙන් වෙබ් එකේ මොකක් හරි හොයනකොට,
ආහ් ගම්මිරිස් ගැන හොයනකොට,
මේ වගේ ෆොටෝ බලන්න මම හරිම කැමතියි,
අමුතු ගුප්ත බවක් දැනෙනවා,
ජීවිතේ කොච්චර පුදුම ද?
සමහරවිට මේවගෙ ඔබත් ඇති,
අහම්බෙන් හම්බුන මේ ෆොටෝ වල තවත් අහම්බයක් වුනා,
ඒ තමා මගේ ගිටාර් සර් මේ ෆොටෝ එකක හිටිය සර්ට පෙන්නන්න ඕන,
බලන්න ජීවිතේ හැටි,
සමහරවිට මේ ෆොටෝ වල ඉන්න මිනිස්සු මැරිලත් ඇති,
මේකෙ ඉන්න අළුත් බැඳපු ජෝඩුව දැන් බැඳලා අවුරුදු 16ක් වෙනවා,
ඒ වගේම මේකෙ ඉන්න පොඩි ළමයි දැන් ලොකු එවුං,
මේ පොල් ගස් මදින්න දැන් ඉන්නවද මංදා,
මේ ලව් කරන කපල් එක දැන් බැඳල ඇති,
ඉස්කෝලෙ ගිය ළමයි දැන් ලොකු ඇති,
මේ ගොයම් හිටවන ගෑනු කෙනා දැන් මොනව කරනව ඇත් ද?
සමහර විට මේ විදේශිකයා නුවර ආපු වෙලාවේ අපෙ මැරුණ ලොකු අම්මවත් දකින්න ඇති,
මේ අය නුවර ඉන්නකොට මම ගෙදරට වෙලා අම්ම ඉස්කෝලෙ ඇරිල එනකං ඉන්න බලාන ඉන්න ඇති,
කලින් දාපු කවි පංතිය කියවන්න...
ඔහොමයි ජීවිතේ හැටි...
මේ ෆොටෝ ඔක්කොම ටික බලන්න කැමති නම්,
මේවගෙ අයිතිකරුවා Konstantin Milenkovic මහත්මයා.
මම ඔහුට ස්තූති කරා මේ දේවල් එකතු කරගෙන ඉඳන් අන්තර්ජාලෙට එකතු කරාට.
Me:
Hello Mr Milenovic,
I'm from Sri Lanka,
I met with your photos suddenly in web,
They are so nice,
I love old pictures,
specially because I was born in 1990, it's a uncaught beauty of past,
I enjoyed your photos a lot....
Thanks for uploading them,
I'll write about them in my website,
I'm from Sri Lanka,
I met with your photos suddenly in web,
They are so nice,
I love old pictures,
specially because I was born in 1990, it's a uncaught beauty of past,
I enjoyed your photos a lot....
Thanks for uploading them,
I'll write about them in my website,
Mr Konstantin Milenkovic :
Great to hear from you. I did the fotos on a 3 weeks journey through your Island in 1994, which I enjoyed very much. Since that time a lot must have changed in your country. Isn't it that nice any more?
Best Regards
Konstantin
Konstantin
Me:
Do you remember Kandy?
I'm from Kandy,
Yes of course, it’s changed as rest of the world,
Now more urbanized,
More dirt, More Polythene & more plastic etc,
Life style is more complex,
That’s why I like old pics, when you were here I was just 4,
So it’s a curious and magical experience to me,
It’s also a new country to me which is never reachable again,
Thank you for sharing your pics with us, they are so valuable to us….
myideasgordoniaceylanica.blogspot.com/
This is my blog You can see two pics of kandy now,
Mountain Hanthana and Kandy lake.
Thanks,
May you live long…… (Ayubowan)
I'm from Kandy,
Yes of course, it’s changed as rest of the world,
Now more urbanized,
More dirt, More Polythene & more plastic etc,
Life style is more complex,
That’s why I like old pics, when you were here I was just 4,
So it’s a curious and magical experience to me,
It’s also a new country to me which is never reachable again,
Thank you for sharing your pics with us, they are so valuable to us….
myideasgordoniaceylanica.blogspot.com/
This is my blog You can see two pics of kandy now,
Mountain Hanthana and Kandy lake.
Thanks,
May you live long…… (Ayubowan)
සොලොස් වසකට පෙර නුවර
දුටුව විට මට
හැඟේ මායා බවද ගුප්තව,
නොදුටු ඒ රට
නොහැක මට එහි යෑමට,
මා සිඟිතිය එවිට,
කාලය ඉක්ම ඇත යලි එය යළි නොම හැරේ,
විදෙස් මිනිසා ගත් මලේ සේයා
තවම නොපරය
දිළේ රතුවන් ලෙසින් තාමත්
දිය නානා කතුන්ද
ජංගියක් ඇඳි සිඟිත්තිය
ඉරුණු කර ඇති ඇගේ අක්කා
මොවුන් අද නැත
කුමක් වුනිද ඔවුන් හට?
හිරුද ගිළුණා
දහස් ගණනින්
දිනද මාස ද ඉක්මුනා,
අහෝ අරුමෙකි ජීවිතය නම්
හැමදාම අතීතයට යයි....
---------------------------------------------------------------------------
The Mountain
මේක ගැන ඉතින් වැඩි දෙයක් කියන්න ඕන නෑ,
ඔයාලම බලන්න...
කොච්චර ලස්සන ද මේ ලොකේ?
ඒත් මිනිස්සු තණ්හාව නිසා මේ ලෝකෙ වනසනවා...
අපෙ රටත් දවසින් දවස විනාස වෙනවා,
ඔබට මතක නම් හිතල බලන්න දැන් ජීවිත සංකීර්ණ වෙලා තියන හැටි,
1994 ඉදන් අවුරුදු 16ක් ගෙවිල දැන්,
හිතන්න අපෙ රටේ සමාජයට සහ පරිසරයට වුන දේවල්,
ඔබටම වුන දේවල්,
සමහර විට ඒ ඔබේ සුන්දරම කාලෙ වෙන්න ඇති මගේ වගේ...
අපි මේ සුන්දර ලෝකය රැකගන්න බලමු...
ඉතින් පුළුවන් නම් ඔබේ වටිනා කාලයෙන් විනාඩි තුනක් වැය කරල මේ වීඩියෝව බලන්න...
ඒ වගේම බලන්න අර ෆොටෝ වල 1994 දි ලංකාවේ මාළු ඔතල දීලා තියන්නෙ මොනවගෙද කියල...
හිතන්න ගොඩක් දේවල් තියනව ඒ ෆොටෝ වල ජීවිතය ගැන...
සහ පරිසරය ගැන,
පොලිතින් ප්ලාස්ටික් ටොන් කීයක් නම් එකතු වෙන්න ඇති ද?
අනේ අපෙ රට දුකයි මට...
ඒත් ඉතින් ජීවිතේ කොහොමත් දුකයිනෙ... මේවා අමතර දුක්...
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com











ඔබේ බ්ලොග් එක අමුතුම ආරයක්.හරිම අගෙයි.ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි තීර්ථ යාත්‍රිකයා...
Deleteමට මතක විදිහට ඔබතුමා මගෙ මුල්ම ෆලෝව කෙනෙක් ස්තූතියි...
//මිනිස්සු කොච්චර කෝක් බොන්න ඇති ද?//
ReplyDeleteකෝක් කළවන් කරගෙන බීපුව......
අපොයි ඔව් ඒක ඇත්ත... සුද්දො පුරුදු කරා අපෙ මිනිස්සු බීවා...
Deleteඅර වීඩියෝ එක හරිම ලස්සනයි. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට.
ReplyDeleteබොහොම ස්තූතියි ඔබටත් ඇවිත් බලල කමෙන්ට් කරල ගියාට....
Deleteපරිසරය වනසන්නේ මිනිස්සු නැතුව මාළු ඔතලා දෙන එක නෙවෙයි. මිනිස්සු හදන්න ඕන දරුණු නීතී හරි ගෙනත්. පරණ පින්තූර බලන එක මගෙත් විනෝදාංශයක්
ReplyDeletehttp://www.flickr.com/photos/29960098@N04/5732705245/in/set-72157626321700297
Deleteමං කීවෙ මෙන්න මේ ෆොටෝ එක ගැන...
දැන් නම් හම්බෙන්නෙ පොලිතින් මල්ලක්නෙ...
නීති ඉතින් සාමාන්‍යය මිනිස්සුන්ට විතරනෙ,
ඒකයි ප්‍රශ්නේ...
මට ඉතින් ගොඩක් නෑ බලන්න...
එහෙනම් අපි දෙන්නම එක අතකට එකයි...
94 දී මගේ වයස අවුරුදු 21 යි.ඒකාලයේ නුවර නගරය අපේ රජදහන වගේ.නොබලපු ෆිල්ම් එකක් නැහැ.සල්ලි මදිකම නිසා පේරාදෙණියේ තුසිත ෆිල්ම් හෝල් එකට රේල් පාරදිගේ නුවර ඉදන් පයින් යනවා.එදා එහෙම ගිය අය අතරින් සමහරු මියගිහින්,තවත් අය විදේශ ගතවෙලා.කාලය විසින් කොතරම් දේවල් වෙනස් කරනවද?
ReplyDeleteස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට...
Deleteඔහොම තමා ජීවිතේ හැටි...
"කාලය මැවු වෙනසක අරුමේ"
ඔබට මේ ඇල්බම් එක එහෙනම් හුරු ඇති....
කැමරාව මිනිසා විසින් සොයා ගත් විශිෂ්ඨටම නිර්මානයක් විදියට ලෝකය හඳුන්වන්නේ,මිනිසෙක්ව අතීතයට ගෙනියන්න පුලුවන් එකම උපකර්ණය ඒක නිසා!පුදුමයක් නෙවෙයි නේද?
ReplyDeleteඔව් ඒක ඇත්ත සබිත්...
ReplyDeleteඒත් ඊටත් වඩා හොඳ ෆුල් එච්ඩී කැමරාවක් සහ ඉවර වෙන්නෙ නැති මෙමරි කාඩ් එකක් තියනවා හැමෝටම,
ඇස් දෙකක් සහ සිතක්...
ස්තූතියි...
කාලය කී දෙනක් අපිට මුණගැස්සුවද,කී දෙනෙක්ව අපේ ජීවිත වලින් ඈත් කෙරෙව්වද,1994 කියද්දි මට මතක් වෙන්නෙ මගේ තාත්තාව. එයා නැති වුණේ ඒ වසරෙ පෙබ:04.
ReplyDeleteමාත් හිටපු ගමන් අපේ පරණ ෆොටෝ ඇල්බම් පෙරලලා බලනව පරණ ෆොටෝ බලද්දි නම් හිනාත් යනව.
ස්තූතියි මල්ලි..මෙ ෆොටෝ ටිකයි විඩියො එකයි අපිත් එක්ක බෙදා ගත්තට.
ඒකෙත් හැටි නේද අයියා?
Deleteහරි පුදුමයි...
ඔයාගෙ තාත්තට සැපවත් ජීවිතයක් ලැබේවා...
ඔයා වගේ පුතෙක් (දෙන්නෙක්) ලැබුන එක ගැන තාත්තා සතුටු වෙන්නැති...
ඔව.් ගොඩක් සතුටු හිතිලා.ඒ වගේම අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් දුක් කරදරත් විදල අපි දෙන්නා නිසා.මොකද අසනීප වෙද්දිත් දෙන්නම අසනීප වෙනවලු.
Deleteආ තව එකක්.කාලය කරපු ලොකුම ලොකු හොඳ දෙයක් තමා මල්ලිව හදුන ගන්ට ලැබීම.
ස්තූතියි අයියා...
Deleteඅර ගිටාර් ගහමින් සිංදු කියන්නේ ඔයාද? :D
ReplyDeleteමගෙ ගිටාර් එකේ අණ්ඩක් තියනව ඔතන,,,
Deleteමං නෑ,
මම තිරයෙන් වම් පැත්තෙ :)
ඔය කෝක් ඇඩ් එකේ විදියට පීස කන්න ගිහින් ඇඟේ හලාගෙන අපි චොර උන හැටි මතක් උනා! :D
ReplyDeleteහෙ හේ මක්කැයි වුනේ?
ReplyDelete