දෙදාස් එකොළහ ඉවරයි...
හෙට ලෝක සම්මතයෙන් අළුත් වසරක්.
ජීවිතේ තවත් දවසක් අද රෑ දොළහෙන් අවසන් වෙනවා...
මිනිස්සු මේ හැමදේම සමරනවා ගොඩක් ඉහළින්,
නත්තල ඉවර වුනා,
ඊට පස්සෙ නව වසර සැමරීම.
මෙහෙම සැමරීම් ගොඩක් ජීවිතේ.
මම හිත එකඟ කරගන්න බැරුව ඉන්න වෙලාවෙ නාන්න ගියා.
ඒ වෙලාවෙ මතක් වුණ සිංදුවක් බ්ලොගයෙ දාන්න හිතුවා.
සොබාව ගැන මගේ රුචිකත්වය එක්කම මගේ සංගීත රුචිකත්වයත් පාඨකයොත් එක්ක බෙදාගන්න හිතුනා මට.
හිතට ආපු සිංදුව මේක,
දක්ෂයන් තුන් දෙනෙකුගේ එකතුවක්,
ඉංග්‍රීසියෙන් "බ්ලෙස්ඩ් විත් අ එන්චාන්ටින්ග් වොයිස්" නදීක ජයවර්ධන
ඒ වගේම රැඩිකල් නදීක ගුරුගේ
සහ නමෙන් හුරු නැති චාමින්ද රත්නසූරිය.
බූන්දියෙන් හම්බුනා හොඳ විස්තරයක්.
තව අය මේ ගැන ලියල තියන නිසා මීට වඩා ලියන්නෙ නෑ අහල නැති අය අහල බලන්න..
කොහොම වුනත් මේ අවුරුද්දෙත් පරිසරයට ගොඩක් හානි වෙන්න ඇති,
ගොඩක් ගස් කැපුනා,
කැලෑ පාළුවෝ කැලෑ විනාස කරා,
සිංහරාජෙටත් ප්‍රශ්න වුනා,
මහවැලිය කැළඹුණා,
අලි ඇතුන් මැරුණා,
ඒ ලොකු ලොකු ඒවට අමතරව අපි ඔක්කොම එකතු වෙලා
මේ සුන්දර ශ්‍රී ලංකාවෙ සරුසාර මහපොළවට කොච්චර නම් කුණු දාන්න ඇති ද?
සැෂේ පැකට්, දත් බ්‍රෂ්, වතුර බෝතල්, ටොෆී කොල, කෑමට දාන තුනපහ ටික ආව පැකට්, වගේ ඒවගෙ ඉඳලා රබර් කාපට් වගේ තරමින් විසාල නොදිරන ඒව ඇතුළුව ඔක්කොම ටොන් ගාණක් වෙන කුණු මේ විදිහට පොළවට එකතු වෙන්න ඇති,
මොකද අපෙ රටේ තවම නිසි ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් පොදුවේ නැති නිසා.
ඒ වගේම මිනිස්සු භාවිතය අඩු කිරීම නොකළ නිසා ග්‍රොසරි බෑග් හෙවත් සිලි සිලි බෑ ටොන් ගාණක් එකතු වෙන්න ඇති මහ පොළවට,
![]() |
| source |
තවත් කුණු ගොඩක් ගංගා ඇල දොළ වල හැංගිලා ඇති,
තව කොටසක් මුහුදට යන්න ඇති,
තව කොටසක් රේල් පාරවල් මහපාරවල් දෙපැත්තෙ ඇති,
සමහර ඒවා කුණු කඳු වල උස වැඩි කරන්න ඇති,
| source |
![]() |
| source |
ඒවා මේ බව දන්න සහ නොදන්න මිනිස්සු ඔක්කොගෙම පෙනහැලි වලින් ශරිරගත වෙන්න ඇති,
මිනිස්සු කොටසකගේ ඇඟේ මේ විෂ කැවිලා පෙවිලා ඒ විෂ වලින් සෛල විකෘති වෙලා පෙනහැලි පිළිකාවක ඇරඹුම සනිටුහන් වෙන්න ඇති.
![]() |
| source |
ළමයි ඉස්කෝලෙ යන්න ඇති,
දේශපාලන රැලි වලට යන්න ඇති,
ඒ ගිහිල්ලත් පොලිතින් කොඩි එල්ලන්ට ඇති,
මිනිස්සු කඩේ ගිහින් පාන් කෑල්ලක් පරිප්පුත් එක්ක කාල ඉන්න ඇති,
ඊට වඩා ලොකු ඒවාගෙන් කන්න ඇති,
ඒත් කීයෙන් කී දෙනාට ද මේ ලස්සන ශ්‍රී ලංකාව කුණු ගොඩක් විස ගොඩක් වෙලා තියනව කියල හිතුණෙ?
දැනුනේ? ඇහුනේ? පෙනුනේ?
ඉතින් මම පතනවා මිනිස්සු වැඩි වැඩියෙන් මේ ගැන හිතන්න පෙළඹේවා කියල හෙටින් මිනිස්සු අරඹන 2012 වසරෙදිවත්.
මිනිසුන්ගේ යහපත් ආකල්ප වැඩි වේවා, කාපු බීපු දේ ප්ලාස්ටික් ඇසුරුම පාර දිගට දාන එක වැරදියි කියල හිතේවා!
මගේ සහෝදර බ්ලොග් කරුවන්/ කාරියන් ද තව තවත් සොබාව රැක ගැනුමට පාඨකයන් දැනුවත් කරත්වා!
සොබාව රැක ගැන්ම ගැන කියන මිනිසුන් ගණන වැඩි වේවා!
අපි වගේ මේ ගැන දැනෙන මිනිසුන්ට සතුටු වෙන්න ලංකාවේ නිසි කසළ ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් ඇරඹේවා!
එලෙස ලීවේ මගේ පැතුම් ගොන්නෙන් ටිකකි...
එසේ නම් හෙට දිනය ඔබට වාසනාවන්ත දිනක් වේවා!
![]() |
| Source |
මගෙන් තව පැතුම්
ලංකාවේ අනෙක් ජනතාව ද බ්ලොග්කරුවන් ද බලශක්තිය ඉතිරි කරත්වා
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com







හොඳ ලිපියක් මිහිරි. 2012 දීවත් මිනිස්සු වැඩියෙන් අපේ පරිසරය ගැන මීට වඩා හොඳින් කල්පනා කරනවා ඇති කියලා මාත් හිතනවා.
ReplyDeleteඔයාගේ සියලුම බලාපොරොත්තු ඒ විදියටම ඉටුවෙන වාසනාවන්ත නව වසරක් මම හද පත්ලෙන්ම ප්‍රාර්තනා කරනවා...:D
ඔබට සහ ලෝවැසි සැමට ...සාමය සතුට නිරෝගී සුව පිරි සුබ නව වසරක් වේවි...
ReplyDeleteගෙවුණු අවුරුද්දට වඩා ලබන අවුරුද්දෙ අපේ රට ගැන, පරිසරය ගැන හිතුවොත් සුබ වෙන්නෙ මුලු අනාගතයමයි..අලුත් අවුරුද්දෙ පරිසරය ගැන සුබවාදී ආකල්ප වැඩි වැඩියෙන් අපේ රටෙ මිනිසුන්ගෙ සිත් තුල ජනිත වෙවා!
ReplyDeleteමල්ලිට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙව!!
කතාවනම් සම්පූර්ණ ඇත්ත.හැම මිනිසෙක්ම හිතන්නෙ තමන්ගෙ ජීවිතය ගැන විතරයි.හැබැයි එහෙම හිතන්නෙ නැතුව මිනිස්සු ජීවත් වෙනවනම් මේ ශ්‍රී ලංකාව කොච්චර සුන්දර රටක් වෙයිද?ඒක කොහොම වුනත් කෝඩුකාරයත් ඔයාට සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteමෙවැනි වටිනා ලිපි වලින් පිරිස දැනුවත් කරන මල්ලීට සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDelete