Friday, December 23, 2011

සමනල්ලු සළබයෝ සහ ඒ මැද එවුං....


සමනළුන් ගොඩක් දෙනා කැමති සතුන්ය.
සාමාන්‍යයෙන් මොවුන් වර්ණවත්බවත් සියුමැලිබවත් සංඛේතකිරීමට උපමාකරයි.
ක්ලැරන්ස් මහතා රම්‍යාගේ නෙතුසැලීම රන්සමනලයන් ඉගිලෙන්නා සේයැයි කියන්නේය.
"රන් සමනලයින් ඉගිලෙනු දැක මට
අගෙ නෙත් පියලිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැදවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා. ."
මෑතකාලීන ගීත වල සළබයන් ගැන සඳහන් වේ

මෙයද මා ප්‍රිය කරන ගීතයකි
"රඟධරයා මහද නුඹේ
රඟන සිත් ඕවිල්ලේ
සිඳු පරදා කන්ද පාමුල ගංගාධාරයේ
රන් සළබ රැඟුමක් රඟමු අපි
රන්දේහිනී"
නදීක ගුරුගේ ගේ තනුවට කිත්සිරි ජයසේකර මේ ගීය ඉතා සුන්දරව ගයයි,
අහල නැති අය හොයගෙන අහන්න...
සමනළයන් ගැන කවුදෝ පෝස්ට් එකක් දමා ඇති වග මම දැක්කා වගේ මතකය,
මම ඉතින් කැලෑ කොල්ලා නිසා එවුවා හෝ සිංදු දැමීම මට අයිති දෙයක් නොවේ,
එහෙයින් මම මාතෘකාවට බසිමි.

මගේ පරණ එවුවාගේද සමනල්ලු ගැන ඇත.
ඒ මෙවුව්වාය.

සමනළයන් අයිති වන්නේ Lepidoptera ගෝත්‍රයටය මේ නමෙන් මොවුන්ගේ ලක්ෂණ විදහා දක්වයි.
 Lepido = ශල්ක Ptera= තටු එනම් කොරපොතු සහිත අත්තටු ඇති සතුන්ය.
ඇත්තෙන්ම මේ සතුන්ගේ අත්තටු වල ශල්ක හෙවත් කොරල ඇත,
සමනල්ලු ඇල්ලු විට පිටි ගෑවෙනවා යැයි කියන්නේ මේ කොරල ගෑවෙන විටය.
සමනලයා වගේ අනික් එකා සළබයාය,
ඒත් සමහරු සමනලයා සහ සළබයාගේ වෙනස නොදනිති,
ඒ සඳහා මම පොඩි වගුවක් දාමි.


සමනළුන්
 සළබයන්
1.වහල ඉන්නකොට අත්තටු දෙක ලම්බකව තියාගන්න පුළුවන්
එහෙම බෑ, ෆ්ලැට් ඒකියන්නෙ අත්තටු දෙක පොළවට සමාන්තරව තමා තියන්නේ

2.ස්පර්ශක (Antenna)
ගදා හැඩැතියි ඒ කියන්නේ බේස්බෝල් බැට් වගේ


ස්පර්ශක පිහාටු වගේ බෙදිල තියනව

3.සාමාන්‍යයෙන් කෙට්ටු පෙනුමක් තියන්නේ

සාමාන්‍යයෙන් මහත පෙනුමක් තියනවා

4.දවල්ට තමා ඇක්ටිව්

වැඩියෙන් රෑට තමා ඇක්ටිව් ඒත් දවල්ට ඇක්ටිව් එවුනුත් ඉන්නවා (Day Moths)

5.ලොම් ගතිය අඩුයි

ලොම් වැඩියි

6.වේගෙන් පියාඹන්න පුළුවන්

ටිකක් හෙමීට යන්නේ (තඩි නිසා)



තව ඉතින් කරුණු ඇති මට මතක් වුන ටික තමා මේ දැම්මෙ ක්ෂෙණිකව.
පළවෙනි කරුණ:
1.සමනළයා Common Palmfly - Female 


2.සළබයා



3.සමනළයා -Common Sailor
මතක තියාගන්න සමහර සමනල්ලු ඉන්නවා උන් සාමාන්‍යෙන් ඉන්නෙත් අත්තටු දෙක පොළවට සමාන්තරව තියාගෙන.
 සමනල්ලු සහ සළබයොන්ට අමතරව අතරමැද තව එවුන් ටිකක් ඉන්නවා,
ඒ තමා හෙස්පො කියන්නෙ (මේක අපි දාපු නමක්)
මේ අය අයිති වෙන්නේ Hespariidae කියන කුළයට.
මේ අයගෙ ලක්ෂණ තමා
මෙවුවා
  • තඩි ඔළුව
  • තඩි ඇස්
  • වේගෙන් පියාඹන එක ;හිටපු ගමන් හෙන වේගෙන් පියඹලා යන නිසා මුංට කියනවා Skippers & Darts කියලා
  • දිග ශුණ්ඩාවක් (ඒ කියන්නෙ පැණි බොන එක ) තියනවා, මේක ඇඟටත් වඩා දිගයි.
  • වැහුවම ත්‍රිකෝණ පෙනුමක් තියන එක.

Psyche 
(තව මුංගෙ පවුලෙම සෙට් එකක් ඉන්නව කියල උං ඉතින් ෆ්ලැට්ම තමා)
A Skipper
                                         Water Snowflat
ඇත්තටම මට නම් මේ අය ගැන වැඩි දැනුමක් නෑ,මොකද මේ අයගෙ ගොඩක් අය ඉන්නවා හරි අමාරුයි අඳුනාගන්න,
සමනල්ලු ගැන නම් ටිකක් දන්නවා.
දැන් මේ අයගේ කෑම ගැන ගත්තොත්
මල්පැනි ෆෘට් ජූස් වගේම මේ වගේ ඒවත් බොනව සමනල්ලු වගේම හෙස්පො සහ සළබයොත්.
ඒ කියන්නේ දියරමය ඒවා.යට බලන්නකෝ ඔවුවත් ඉතින් බොනව තිරිසන් අපායනේ.

ලංකාවේ සමනල්ලු වර්ග 244ක් විතර ඉන්නවා.
මම හරියටම අළුත් ගණන නම් දන්නෙ නෑ,
මම හිතන විදිහට මේකට තව අළුතින් එකෙක් එකතු වෙන්න ඕන.
සමනල්ලු වගේ නෙවේ සළබයො හරියටම ඉන්න වර්ග ගණන නම් කියන්න නම් කවුරුත් දන්නෙ නැතුව ඇති.
මේ අතරින් 20ක් ලංකාවට ආවේණිකයි.
මුං ගැන දාල ඉවර වෙන්නෙ නෑ වගේ ඒ නිසා මම දාන්නම් ලංකාවේ තඩිම එකා සහ පොඩිම එකෙක්.
(මේකෙ තව ගොඩක් එව්වා අඩු විය හැක, ඒ ගැන සමාව අයදිමි වෙලාවට අනුව ලියමි.)
තව ඉතින් මුංට තියන තර්ජන,
  • නාගරීකරණය
  • වාසස්ථාන හෙවත් කැලෑ අහිමි වීම
  • ඒ නිසා දළඹුවො කන ගස් අඩු වීම
  • කෘෂි රසායන භාවිතය
තඩිම එකා - Ceylon Birdwing



පොඩිම එකා - Tiny Grassblue
 Yellow Palm Dart  
ඔන්න ඔහෙ මේකත් දානවා.
මේකත් මට හෙන කාලයක් අද දක්වම ගොඩක් ලස්සනට පේන ෆොටො එකක්.
ඒ නිසාම මම මේකෙ ෆොටො එකක් අයියට දුන්න බත් ඩේ එකට.
(පොඩි එකා ෂුවර් නැත,මූ වගේ දෙන්නෙක් ඉන්නවාය.මේකා අයිති පවුලද මතක තියාගන්න අමාරු පවුලකි.(Family-Lycanidae)
මම ළඟදි වැදගත් ලිපියක් ලියන්න ඉන්නවා පුළුවන් වුනොත් ලියන්නම්.

ආහ් තව එකක් දාන්න දැන් මතක් වුනේ...

සියළු ජායාරූප වල අයිතිය කතෘ වන ගෝඩෝනියා සිලැනිකා සතුය.
gloriosa90@gmail.com

4 comments:

  1. අර වගුව හරිම පැහැදිලියි. තේරුම් ගන්ටත් ලේසියි. සමනලුන් ගැන ගොඩාක් ඉගෙන ගත්තා. ස්තූතියි.

    සිංදුවල ලින්ක් දැම්මා නම් තමා හොඳ.

    කවුද මේ කැලෑ කොල්ලා?

    එකක් අමතක වෙලා. ඒ තමා සමනල් හාදු....:D:D:D

    ReplyDelete
  2. වැදගත් ලිපිය පුළුවන් උනොත් නෙමෙයි. කොහොම හරි දාන්න.

    ReplyDelete
  3. ලොකු පොඩි හැමෝටම වැදගත් ලිපියක්‌.
    දැන් සමනලුන්,සලබයින් දිහා තේරුමක්‌ ඇතුව බලන්ට පුලුවන්.
    හැමදාම වගෙ මල්ලිට ගොඩක්‌ පින්.
    මෙ දැනුවත් කිරීම් වලට.

    වැඩෙ කියන්නෙ දැන් ළමයින්ට සමනලයෙක්‌වත් බලන්ට වෙලාවක්‌ තියෙනවද කියලයි.

    ReplyDelete
  4. පොඩි කුමාරිහාමි ආර්යාව:
    ඔන්න ඔබතුමියගෙ ඉල්ලීම ඉටු කොරා.
    ලින්ක් දැම්මා අහල බලන්නකෝ.
    කැළෑකොල්ලා ඉතින් වෙන කවුද? :) අහවලා තමා...
    සමනල් හාදුව කියන එකේ තේරුම මම දන්නෙ නෑ :/
    ස්තූතියි...

    මාතලන් මාමා:
    ස්තූතියි,
    දාන්ට ඕන,
    ඒක වැදගත් ලිපියක් සත්තු ගැන තමා ඒත් වෙනස්...

    ගීත් අයියා:
    ස්තූතියි...
    හැම්දාම ඇවිත් අපව දිරිමත් කරනවට (අපව කීවට මාව )

    ReplyDelete