ගෙම්බො.....ඊයා....
මැඩියෝ චික් ඊයා..
අප්පිරියයි, සෙවලයි, මම නං බයයි.....මේ ගෙම්බන් ගැන මිනිස්සු සාමාන්‍යයෙන් කියන කතා...
ඒත් අපෙ කුමාරිහාමි අක්කා ගෙම්බෙක්ව හොයනවලු කරකාර බඳින්න.
ගෙම්බො මැඩියො මොක්කුද මේ?
මේ ඔක්කොම උභයජීවියෝ,
අයිතිවෙන්නෙ කියන Amphibia වර්ගයට.
මේ වර්ගය යටතේ තියන Lissamphibia උප වර්ගය යටතේ
ගෝත්‍ර 3 ක් තියනවා
ඒ තමා
Anura - සලමැන්ඩරයන්
Caudata -ගෙම්බන් සහ මැඩියන්
Gymnophiona-පණුගෙම්බන් හෙවත් හිරිදණ්ඩන්
කොහොම වුනත් ලංකාවේ මේ උඩින්ම කියපු සලමැන්ඩරයො නම් හොයාගෙන නෑ.
අනික් උන් නම් ඉන්නවා,
ඉන්න විශේෂ 109ක් විතර ප්‍රමාණයෙන් 87ක් විතරම ලංකාවට ආවේණිකයි.
ඒ අනුව ලංකාව ආසියාවෙ ඉහලම උභයජීවී විවිධත්වයක් තියන රටක් වුනත් කරදරත් වැඩිම රටක්.
කෘෂි රසායනික වනාන්තර විනාශ කිරීම හරහ ඇති වෙන වාසස්ථාන අහිමි වීම
නාගරීකරණය නිසා මේ සතුන් වඳ වෙලා යනවා.
ඒ වගේම සුද්දන්ගේ වැඩ නිසා පසුගිය ශතවර්ෂයේ තේ වගාවට කඳුකරය හෙළිකිරීම නිසා බොහෝ උභයජීවීන් වඳ වුනා.
මීට අමතරව ලෝකයේ උභයජීවීන් සියලු දෙනාටම ගෝලීය උණුසුම වැඩි වීම තදින්ම දැනෙනවා,
මොකද මේ සතුන් බොහොම සංවේදී සතුන් වීම නිසා.
මේ නිසා මේ සතුන්ගෙ නොයෙක් විකෘති ඇති වෙනවා.
![]() |
| http://itthing.com/weird-and-wonderful-animals |
මේ සතුන් ගැන මෑතකදී නිකුත් වුන හොඳම පොත තමා ආචාර්ය රොහාන් පෙතියාගොඩ සහ කැලුම් මනමේන්ද්‍ර ආරච්චි කියන දෙදෙනා නිකුත් කරපු පොත.මේක ආවට පස්සේ ලංකාවේ උභයජීවීන් ගණන ගොඩක් වැඩි වුනා,
ඒත් මම නම් අලුත් විශේෂ නම් කරන එක ගැන ඒතරම් වැදගත් දෙයක් කියල හිතන්නෙ නෑ.
![]() |
| http://www.thesundayleader.lk/archive/20060625/arts.htm |
මේ හිරිදණ්ඩො වර්ග තුනක් ඉන්නවා,එයින් එකෙක් වන කහ හිරිදණ්ඩා Icthyophis glutinosus නම් කරල තියන්නෙ අපෙ ලිනේයස් තමා මතකනෙ කතාව.
![]() |
| http://en.wikipedia.org/wiki/File:CaecilianNHM.png |
මේ අපෙ ගෙදර ළඟදි හම්බුන සතෙක්,
ඒත් මේ සතා මැරුණා මම හිතුව වගේම මොකද මේ සතා ගැබිණි සතෙක්,
හම්බෙනකොට පොඩ්ඩක් තුවාල වෙලා හිටියේ,
ඒත් ගැබිණි නිසා මැරෙන්න ඒ ටික ඇති.
![]() |
| Icthyophis pseudoangularis? |
ගෙම්බො කියන්නෙ ටිකක් රළු හමක් තියන වියලි ගතියට බර සතුන්
ඒත් මැඩියො කියන්නෙ සිනිදු හමක් තියන තෙතට පේන් සත්තු.
මුන් ඔක්කොගෙම හමේ ග්‍රන්ථි බහුලයි.
සමහර එවුන්ගෙ විෂ ග්‍රන්ති තියනවා.
ඒකයි බල්ලො ගෙම්බො අල්ලපුවම කෙල බේරෙන්නෙ.
ඒත් ලංකාවෙ මාරන්තික විෂ ගෙම්බො නෑ.
ඒත් ලෝකෙ ඉන්න විසකුරුම සතුන් අතරටත් මේ ගෙම්බො යනවා,
ඒ දකුණු ඇමරිකාවේ ඉන්න මැඩියො වර්ග.
මේ සතුන්ගෙ විෂ ආදිවාසින් විෂ ඊතල වලට ගන්නවා.
![]() |
| http://www.casarioblanco.com/poison-dart-frog.html |
මේ ඉන්නේ ලංකාවෙ ඉන්න ගෙම්බො සහ මැඩියො ටිකක්.
කුමාරිහාමි අක්කට පුළුවන් මේතනින් එක්කනෙක් තෝරගන්න,
සමහර විට කියන්න් බෑ හාදුවක් දුන්නොත් කුමාරයෙක් වෙයි :)
හැබැයි උඩ ඉන්න එකාට හාදුවක් දුන්නොත් නම් ඉතින් පරලොව තමා,
ඒකනෙ මේ වගේ විෂ සත්තු අනතුරු හැඟවීමේ පාටවල් දාගෙන ඉන්නෙ.
![]() |
| Duttaphrynus melanostictus - ගේ ගෙම්බා |
![]() |
| Pseudophilautus rus - මහනුවර පඳුරු මැඩියාමූ හොඳයි උඩරටනෙ .....මොකද කියන්නෙ කුමාරිහාමි අක්කෙ |
![]() |
| Adenomus kelaartii - කෙලාටිගේ කුරුගෙම්බා |
![]() |
| Hylarana temporalis - තඹවන් දියමැඩියා |
![]() |
| Euphlyctis cyanophlyctis |
![]() |
| Pseudophilautus pleurotaenia |
මේ කියන ගණයේ ඉන්න ඔක්කොම මැඩියො ටික ලංකාවට ආවේණිකයි.
මහනුවර එකා ගත්තේ අපෙ ගෙදරදි.
අනික් එකා මල්වත්තෙදි.
මහනුවර එකාගෙ වැඩේ රෑට කෙල්ලෙක් හොයාගන්න කෑ ගහන එකතමා.
කෙලාටිගේ කුරුගෙම්බා සහ තඹවන් දියමැඩියා මට හම්බුනේ මීමුරේ හරියෙදි.
මූත් ආවේණිකයි, ඒ වගේම දුර්ලබයි.
Euphlyctis cyanophlyctisහම්බුනෙත් නකල්ස් කලාපෙදි මූ නම් සුලබයි.
මගෙ ගෙඹි දැනුම දැන් හරිම අඩුයි (ඉස්සරත් අඩුයි සාපේක්ෂව )
ඒ නිසා ගොඩක් තොරතුරු ගත්තේ අන්තර්ජාලෙන්.
කොහොම වුනත් මේ සතුනුත් පරිසරයේ සමතුලිතතාවට වැදගත් නිසා ආරක්ෂා කරොත් හොඳයි.
ආ තව මට හිතුන ලංකාවෙ ඉන්න සත්තු ටිකක් හොයල දාන්න බලන්න ඔයාලට,
මගෙ ගාව පින්තූර නෑනෙ බාලා දාන්නම්,,, ඔහොම ඉන්න.
පිට රටවල් වල ගෙම්බොත් හුරතලේට ඇති කරනවනෙ.
![]() |
| P.singu |
![]() |
| P.shramada |
2.හොඳ වෙබ් අඩවියක් -https://sites.google.com/site/srilankaamphibians/Home/introduction
3.http://www.iucnredlist.org/apps/redlist/details/58896/0
4.Chinese Giant Salamander - http://www.factzoo.com/amphibians/chinese-giant-salamander-worlds-largest-amphibian.html
4.Chinese Giant Salamander - http://www.factzoo.com/amphibians/chinese-giant-salamander-worlds-largest-amphibian.html
තවදෙයක් මෙන්න මේ බ්ලොගය ෆලෝ කරන්න හැමෝම,,,
අඩුගානෙ රටේ වෙන පරිසර හානි ටික දැනගන්නවත් පුලුවන් (මොකුත් කරන්න බැරි වුනාට)
Green Movement Blog
මේ ගෙම්බ ගැන දාන්න අමතක වුනානෙ Cane Toad ඒ කියන්නෙ උක් ගස් ගෙම්බා...
මූ නම් ඉන්නෙ ඕස්ත්‍රේලියාවෙම තමා...
අපෙ කුමාරිහාමි වගේම ඒ රටට ආගන්තුකයෙක්.
එත් දැන් රටටම මල ඇණයක් වෙලා.
මූ ගෙනල්ල තියන්නෙ උක් වගාවට කරදර කරන කුරුමිණියෙක්ගෙන් බේරෙන්න.
අන්තිමට ඌ කුරුමිණියා විතරක් නෙවේ රටේ ඉන්න කන්ට පුළුවන් හැම සතාම වගේ කන්න ගත්තා.
මේ ෆොටෝඅ එක බැලුවම තේරෙයි මුගෙ රඟේ.
ඔන්න කුමාරිහාමි අක්කෙ මුට එහෙම හාදු දුන්නොත් වධකයෙක් වගේ සුවාමියෙක් හම්බෙයි.
මූ විසයි...
ඒ නිසා අනික් සතුන්ගෙන් කරදරයක් නෑ..
ආණ්ඩුවෙන් දැන් මූව මරන්න හෙණ ගේමක් දෙනවලු.
හොඳ වැඩේ සොබා දහමට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න ගියාම ඔහොම වෙනවා..
අඩුගානෙ රටේ වෙන පරිසර හානි ටික දැනගන්නවත් පුලුවන් (මොකුත් කරන්න බැරි වුනාට)
Green Movement Blog
මේ ගෙම්බ ගැන දාන්න අමතක වුනානෙ Cane Toad ඒ කියන්නෙ උක් ගස් ගෙම්බා...
මූ නම් ඉන්නෙ ඕස්ත්‍රේලියාවෙම තමා...
අපෙ කුමාරිහාමි වගේම ඒ රටට ආගන්තුකයෙක්.
එත් දැන් රටටම මල ඇණයක් වෙලා.
මූ ගෙනල්ල තියන්නෙ උක් වගාවට කරදර කරන කුරුමිණියෙක්ගෙන් බේරෙන්න.
අන්තිමට ඌ කුරුමිණියා විතරක් නෙවේ රටේ ඉන්න කන්ට පුළුවන් හැම සතාම වගේ කන්න ගත්තා.
මේ ෆොටෝඅ එක බැලුවම තේරෙයි මුගෙ රඟේ.
ඔන්න කුමාරිහාමි අක්කෙ මුට එහෙම හාදු දුන්නොත් වධකයෙක් වගේ සුවාමියෙක් හම්බෙයි.
මූ විසයි...
ඒ නිසා අනික් සතුන්ගෙන් කරදරයක් නෑ..
ආණ්ඩුවෙන් දැන් මූව මරන්න හෙණ ගේමක් දෙනවලු.
හොඳ වැඩේ සොබා දහමට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න ගියාම ඔහොම වෙනවා..
![]() |
| http://www.convictcreations.com/animals/canetoad.html |
පොඩ්ඩක් හොයල බලන්න...
















ලංකාවේ ගෙම්බො ජාති 87 ක් ඉන්නව නං පොඩි කුමාරිහාමිට කෝම හරි ලංකාවෙන් එකෙක් අල්ල ගන්න බැරි වෙන්නැහැ.
ReplyDeleteගෙම්බො ගැන හොඳ විස්තරයක්.
ReplyDeleteගෙම්බො කිව්වම මතක් උනේ ලඟදී ඉඳම් අපේ ගෙදරත් ගෙම්බ්බෙක් පැල පදියම් වෙලා . මට හිතෙනවා ආරක්ෂාව පතාගෙන ආපු ගෙම්බෙක් වෙන්නැති.
මාත් ඔහේ ඉන්න ඇරිය . ඉඳල ඇති උනාම යාවිනේ. පොකුණ ලඟට වෙලා ඔහේ ඉන්නවා බලාගෙන.
හොඳ විස්තරයක්...
ReplyDeleteමමත් මෙයාලගේ ජායාරුප ගන්න ටිකක් උනන්දුයි
මෙයාලගේ විස්තර මතක තියා ගන්න තමයි ටිකක් අමාරු
අපිට වැඩිය මේ ලිපිය ගොඩක් වටින්නේ වළව්වේ පොඩි කුමාරිහාමිට තමයි.... :))
@ ගිම්හානී
ReplyDeleteකිස් එකක් දීල බැලුවනම් හරි. කවුද දන්නේ හොඳ බර තියෙන කුමාරයෙක්ද කියලා..
ගෙබි කකුල් රස කෑමක් නේද..? ඒ සඳහාම ගෙම්බො හදන තැන් ලංකාවෙත් තියෙනවා මයේ හිතේ..
ශා ගෙම්ම්බො ගැන තව හොයන්න හිතුනා මෙක දැක්කම
ReplyDelete@ Gimhani ඔය ගෙම්බා රත්තරන් බඩු ගිලින ගෙම්ම්බෙක් හෙම නෙමෙයි නේද ?
Chordata යන්න Caudata ලෙස නිවැරදි විය යුතුයි.
ReplyDelete@මාතලන් අය්ය
ReplyDeleteමමනම් කවදාවත් බර අනුව එහෙම කරන කෙනෙක් නෙමේ . එහෙම කරයි තමයි මට ගොඩාක් ආදරේ කරන ගෙම්බෙක් වෙනුවෙන්නම්.
ගෙම්බෝ ගැන මෙච්චර කියෙව්වේ අදමයි. මිහිරිට පින්සිද්ධවෙච්චාවේ. අර ඔයාලගේ ගේ ලඟ ඉඳලා ගත්තු උඩරට ගෙම්ඹා නම් හොඳයි වගේ. පොඩ්ඩි උම්මා දුන්නු හැටියේ එයා කුමාරයෙක් වෙනබවට පොරොන්දුවෙලා තියෙන්නේ. ඒ හන්දා බයවෙන්ට දෙයක් නෑ.
ReplyDeleteදැන් ඉතින් මිහිරි අඳුනන කකුල් දෙකේ ගෙම්ඹෝ ටික 29 දාට වලව්වට එවන්ට....:D:D:D
//ගෙම්බෝ මැඩියෝ සලමැන්දරයෝ සහ කුමාරිහාමි//
ReplyDeleteමේ ඔක්කොම එක ගොඩටද වැටෙන්නේ??? :D:D:D
ගෙම්බො ගැන අපිව දැනුවත් කරාට ස්‌තූතියි.වහින්ට කිට්‌ටුව ගෙම්බො කෑගහද්දි තමා ලස්‌සන.
ReplyDeleteමට නං අප්පිරියයි ගෙම්බන් ...
ReplyDeleteඅම්මෝ ඇති යන්තම්....හොඳ වෙලාවට මං ගෙම්බා ගැන තවම කොහේවත් ලියවෙලා නෑ...
ReplyDeleteනොදුටු ලොවක් අයියා :
ReplyDeleteමමත් ඉස්සර අප්පිරියයි.
ස්තූතියි.
වැලි මැඩියා:
ඔබතුමාගෙ බ්ලොගයක් හොයාගන්නවත් නෑනේ?
අනේ ඔව් ලැජ්ජාවෙ බෑ එක එක්කෙනාගෙ ඒවා කියව කියව කොමෙන්ට්ස් කර කර ඉන්නවා මිසක් ලියන්න තාම බැරිඋනා...
ReplyDeleteගිහින් බලන්න
http://www.desert-frog.blogspot.com/
කමක් නෑ වැලි මැඩියෝ...
ReplyDeleteමම නම් දන්නව වැලි මැඩිය ගැන ඒත් ඔයා ලියල දාන්න ඌ ගැන
ඉතාමත් වැදගත් ලිපියක්
ReplyDelete