Sunday, December 18, 2011

පරිසරවේදියා මියගියා... දිනපොතේ තිබුනා...

බොහෝවිට මේ යන විදිහට ගෝඩෝනියා කියන කැලෑ පිස්සා ගැනත් මෙහෙම තම ලියන්න වෙන්නෙ.
මේ පින්තූරේ ගැනත් වචනයක්.
මේක මම ආසම පින්තූරයක්.
ගත්තෙ නකල්ස් වලදි.
මේ පින්තූරේ මට ගොඩක් හැඟීම් දෙනවා.

මට මතක විදිහට මේකෙ ෆොටෝෂොප් නෑ.
අමුම අමු පරිසර සුන්දරත්වය.

තවමත් නකල්ස් වල මම යන්න ආසම තැනක් එතන,
ළඟදි බාගෙට ගිහින් ආවා.
කලින් යනකොටත් මෝඩයො එතන හොයාගෙන කන්ද උඩ බීලා කාලා කුණු දාලා තිබුනා.
මේ පාර යනකොට ගෝනෙක් හරි වෙන සතෙක් හරි පුච්චගෙන් කාපු සලකුණු තිබුණා.

මේ තියන ගස් නම් යුකැලිප්ටස්,
ඕස්ත්‍රේලියාවෙන් ගෙනාපු එව්වා.
ලංකාවෙ පරිසරේට ඇති හොඳක් නෑ මේවගෙන්.
කොහොම වුනත් පින්තූරෙ ලස්සනයිනෙ ඒ නිසයි මම මේක දැම්මෙ. 

(මගෙ ඔළුව අවුල් වෙලා වගේ හිත එකඟ වෙන්නෙ නෑ :/
මොනව කරන්න ද මංදා...
බ්ලොග් එකේ නිකං පෝස්ට් එකක් දාන්න බෑනෙ,
ඒ නිසා දානවා මගෙ පරණ ලියවිල්ලක්.)


පාඨකයාට මෙතන කොච්චර ලස්සන තැනක් ද කියල දැන ගන්න මේ ෆොටෝ දාන්න හිතුවා.
දැන් මෙහෙ මල් අඩුයිලු, අපි කලින් යනකොට නම් මල් ගොඩක් තිබුනා.
ඇත්තටම මාව පිස්සු වට්ටපු තැනක්,
මේ වගේ තැනකට ගිහින් කොහොම වනසනව ද කියල මට හිතාගන්න අමාරුයි,
කවුරුවුනත් මහ කැත හිත් ඇති මිනිස්සු.

7 comments:

  1. කුරුළු කිචි බිචිය හරිම ලස්සනයි. ආසාවෙන් අහන් ඉන්න පුළුවන්. හිත මහ පුදුම දෙයක්.

    ReplyDelete
  2. මගේ පරිසර ළිපියට පාදක උනෙත් ඔතනමයි. ඒ සුන්දරත්වයනම් තහනම් කරන්න ඕන. නැත්නම් තද නීතී දාන්න ඕන..

    ReplyDelete
  3. අපේ සම'හරක්' මිනිස්සු සුන්දරත්වය කියලා දෙයක් දන්නෙත් නෑ, නැත්නම් මෙහෙම බීලා මේ තැන් නාස්ති කරන්නේ නෑ!

    ReplyDelete
  4. ඔව් ළහිරු.. මොනව කොරන්න ද ඉතින්....
    ස්තූතියි ඇවිහ් හිතට එන දේ ලියල ගියාට...

    ReplyDelete
  5. මොනවා කරන්නද මෙහෙමවත් සුන්දරත්වය විඳිනවා ඉස්සරහර වෙන්නෙත් ඕකම නෙ

    ReplyDelete
  6. තමන් විදපු සුන්දරත්වය ආයෙ එතැනට එන අයට විදින්ට ඉතුරු කරන්නැතුව විනාශ කරන එක නම් මහා කැත වැඩක්‌.

    පින්තූර ටික නම් මාර ලස්‌සනයි.

    අපො හිත නේද? තෙරුම් ගන්ට අමරුම දේනෙ.

    ReplyDelete
  7. ස්තූතියි ලොකු ජෝන් මාමට සහ ගීත් අයියට...
    මොනව කරන්නද අපෙ රටේ පරිසරේ ගැන දුකයි...
    අපරාදේ මෙච්චර වටින පරිසරයක් වනසන්නෙ..

    ReplyDelete