Friday, December 23, 2011

අනුන්ගේ ඒවා 3කුත් එක්ක 60 පැනල...

Image source 

අනුන්ගේ වැදගත් එවුවා හැර අනික් එවුවා හෙවත් මගේ ස්වෝත්සාහයෙන් සිය කැමැත්තෙන් වන් මෑන් ෂෝ එකක් ලෙස කළ බ්ලොගයේ 60 වෙනි පෝස්ට් එක මේකයි.
ඔක්කොම එක එක එවුවා දානවනෙ මේ වගේ වෙලාවල් වලට,
මට දාන්න තියන්නෙ ඉතින් ඇවිත් ගියාට ස්තූතියි කියල තමයි.

මේ හැම පෝස්ට් එකක්ම පාහේ යම්කිසි වටිනාකමකින් යුක්ත එකක් යැයි මගේ දැනුමේ හැටියට සිතේ.
මිනිසුන් ටික දෙනෙක් හෝ මේ බ්ලොගයෙන් යම් කිසි ඉන්ස්පයර් වීමක් ලැබුවා නම් මට එය ලොකු සතුටකි.
මම හිතන විදිහට එහෙම අය ටික දෙනෙක්වත් ඇති.
මට අවැසි වුනේ හුදෙක් ගස් ගැන සතුන් ගැන හෝ දැනුම ගොඩ ගැසීම නොව පරිසරයට ඇත්තටම යහපතක් වෙන දෙයක් කිරීමට මිනිසුන් නැඹුරු වෙන මගකට මිනිසුන් යොමු කිරීමය.
ඒ දෙය යම් පමණකින් හෝ වෙන්නේ යැයි  දැනෙන විට සෑහෙන තෘප්තියක් ඇති වේ.
යම් දිනක මේ බ්ලොගය ලියන එක නවතා ඉසිඹුලන කල්හී මට මෙය කියවා තෘප්තියක් ලැබීමට හැකි වෙනු ඇත.
මගේ සමහර විශ්වවිද්‍යාල සගයන් සහ සගියන් මෙය උනන්දුවෙන් කියවනු දැකීමද මට සතුටකි,
වෙන මොනවා හෝ හොයන වෙලාවේ ෆේස්බුක් යන වෙලාවේ මේ බ්ලොගයට ඇවිත් සොබාවට ටිකක් හෝ ළං වෙන එක හොඳ දෙයක්යැයි මට සිතේ.

එහෙත් මට උවමනාකරන දේ තවම හොඳින්ම සිදු වී ඇත්දැයි මම නොදනිමි,
ඇත්තටම එහෙම වේදැයි මම දන්නේත් නැත,
මට උවමනාකරේ සොබාව ගැන කිසිම දෙයක් නොදන්න අලුත්ම හිත් ටිකක් වෙනස් කිරීමය,
එහෙත් මෙය ලියන මේ මොහොතේදි මට හිතෙන්නේ අප සැවොම සොබවේම නිමැවුම් නිසා අපි හැමටම සොබාව ගැන වැලලුන හො සෙනෙහසක් ඇති බවය.
එය ගොඩ ගැනුමයි කළ යුත්තේ.

කෙසේ වුවද බොහෝ දෙනා සිය අදහස මෙහි ලිය නොගිය ද,
ඒ පාඨකයින්ට ද යම් හෝ හැඟීමක් ඉපදෙන බව මම දනිමි.


මගේ කැළෑ මිතුරන්ගේ පවුල් වල උදවිය පවා මෙය කැමැත්තෙන් කියවන වග කියන හෙයින් අන් අය ගැන ඉබේටම සිතිය හැක.

මොකුත් ලියන් නෑ කියල හිතුවට ඉබේම හෙන හෑල්ලක් ලියවී ඇත,
එය කරුණාවෙන් ඉවසන මෙන් ඉල්ලමි.
මේ අවස්තාවෙදී මට වඩා පැරණි  සියළු බ්ලොග් කරුවන් දුන් උපකාර ගෞරවයෙන් සිහි කරමි.
(නම් ලිස්ට් එකක් දාන්න ගියා කෙළවරක් නෑ වගේ)
එහෙනම් ඇති හෑල්ල.

දැන් මට දාන්න ඕනම වුන එක දමමි,
සතුන් ගැන අප සිතිය යුත්තේ කෙසේද?
බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන හැටියට තිරිසන් සතුන් අයිති වෙන්නේ තිරිසන්  අපායට.
අපට සමනළුන් කුරුල්ලන් සහ මාළුවන් කොච්චර පාට පාටින් සතුටින් ඉන්නවා පෙනුනද අහස උසට නිදහසේ පියඹනවා පෙනුන ද,
ගී කියනව ඇසුන ද,
සතුන් අයත් වෙන්නේ සතර අපායෙන් එකකටය.
ඔවුන් විඳින සැපක් නැත,
වැස්සට තෙමෙමින් අවුවට කරවෙමින් කෑම නැතුව බඩගින්නේ සීතලේ සිටිමින් ද ඔවුන් බෙහෙවින් දුක් විදියි.
තුවාලයක් වුනොත් එය පණුවො ගසා කැලෑවක් ඇතුලේ පණුවො ගසා මැරුණත් උන්ට කියන්න කවුරුත් නැත,
හුරතල් මුව පැටියෙක් කොතරම් නිදහස්වට ලස්සනට පෙනුන ද ඔවුන් තුල නිතරම ඇත්තේ මරණ බය.
අත්තක් කැඩුණත් බිය වේ ඔවුන්.
ලස්සනට පෙණෙන සමහර සතුන් කන්නේ අසූචිය,
ඔවුන් අප පහකරන මුත්‍රා බොයි,
උදාහරන ලෙස මීට කලින් පෝස්ට් එකේම උත්තර ඇත.
ලස්සන සමනලයින් බොන්නේ අසූචි වල යුෂයි.

සමහර සතුන් අසූචි දුටු විට එය කෑමට දුව යන්නේ "එතනම කනවා එතනම කනවා"
යන අදහසිනි.
Image source
ඒ නිසා සත්ව ලෝකය යනු සුගතියක් නොවන බව සිහි තබා ගත යුතුය.
එහෙයින් සතුන්ට ආදරය කිරීමට නොයන්න ඔවුන්ට අනවශ්‍යය ලෙස වසඟ වෙන්නට නොයන්න,
එහෙත් ඔවුන්ට බෙහෙවින්ම අනුකම්පා කරන්න.
සතුන් විඳින දුක ගැන සිත ඔවුන් ගැන  අනුකම්පා  කරන්න,
ඒ සතුන් අතර ඔබේ පෙර ජීවිතයේ අම්මා හෝ අප්පච්චී සිටිය හැක.
ඔබ ලැබූ ජීවිතයේ වටිනාකම ගැන සිහි කරන්න,
පවුකම් කිරීම නිසා මිනිසුන් මරණින් මතු මේ තිරිසන් අපායට යන්නේ යැයි සිතෙන විට ඔබට මේ ලැබූ දුර්ලබ මිනිස් ජීවිතයේ වටිනාකම සිහි වේවි,
එවිට රහමෙරට හෝ වෙනත් පවුකකම් වලට යටවී සිටී නම් ඔබ,
ඔබට එයින් මිදෙන්නට සිතේවි.
Image source
තිරිසන් අපායට වැටුනොත් ආය ගොඩ ඒමක් ගැන සිතීම උගහටය,
ඔවුන්ට ඔබට මට මෙන් සිත මෙහෙයවිය නොහැක,
ඔබේ සුරතල් පුසා දෙස බලන්න,
ඌ කොච්චර සුරතල් වුව ද උට මීයන් මැරීම වරදක් යැයි තේරෙන්නේ නැත,
Image source
මෙලෙස සතුන්ට පිනක් රැස් කිරීම ගැන තේරෙන්නෙ නැත,
පව තේරෙන්නේත් නැත.
එහෙත් අද ඔබ ඒ අවාසනාවන්ත තත්වයෙන් මිදී සිටී ඒ නිසා ජීවිතයෙන් නිසි ප්‍රයෝජන ගන්න,
ඔබ මගෙන් දැන් අසාවි මම මොකට ද එහෙනම් මේ සත්තු ගැන කිය කිය බ්ලොග් ලියන්නෙ කියලා...
එයට හේතු තිබේ...
1.මම ද තවම ඉහත කී දෙය සම්පූර්ණයෙන්ම වටහාගෙන නැති නිසා.
2.පරිසරය සුරැකීම අප සැමට වැදගත් නිසා.
සොබාදහම රැකිය යුත්තේ ඇයි?
ඒ අප සැමට ජීවත් වීමට මේ සොබාදහම අවැසි නිසාය,
සොබා දහමේ සමබරතාවයට මේ සතුන් වැදගත් නිසාය.
එනිසා මම හැකි සැම විටම ඔබට මේ හරහා පින් කරගැනීම ගැන ද කියමි.
මෙය මට බෙහෙවින් අනතුරුදායකය එහෙත් මෙය මගේ වගකිමක් නිසා කීවෙමි.
මම දෙවන වර ඒලෙවල් කර වෙදෙක් වෙන මගට ඒමට එක හේතුවක් වුනේ මෙයයි.
නැත්නම් මට පහසුවෙන්ම උද්භිද විද්‍යාඥයෙක් වෙන මගට යන තිබිණි.
එහෙත් එයින් රැස් වෙන පින මිනිසෙක් සුව කිරීමෙන් ලැබෙන පිනට අඩුය.
එනිසා මම එය අත්හැරියෙමි.
මගේ එක්තරා යාළුවෙක් සිටියේය ලකින් ඔහු නොදුටුවෙමි,
ඔහු උපරිම කැලෑ පිස්සෙකි,
එහෙත් ඔහු බුදු දහම විශ්වාස නොකරේය,
(මම උපතින් ආ පමණින් අප බෞද්ධ විය යුතු යැයි නොකියමි )
එහෙත් ඔහු උපතින් බෞද්ධයෙකි,
ඔහුගේ තර්ක මට මතක නැත,
එහෙත් ඔහු කීවේ ඔහුට උකුස්සෙක් වීමට ආසා යැයි කියාය.
(මට ද ඔය ආසාව පොඩි කාලේ තිබුණි, ඒ උඩ සිට බිම බැලීමට පුළුවන් නිසාය)ඔහුට එය වැරදි වග තේරුම් කිරීමට මට බැරි විය,
කෙසේ වුව ද ඔහු ඉතා හොඳ මිනිසෙකි,
මම මේ කතාව කීවේ ඔබට එවන් අදහස් තිබේ නම් දුරුකරන්න යැයි කීමා.
සතුන් කරේ දාගැනීම හෝ උංට ලවු කිරීමට නොයන්න,
ඔවුන්ට අතිශයින් අනුකම්පා කරන්න,
ඔවුන්ට කෑම දීම පිනකි එවන් දේ බුද්ධිමත්ව කරන්න.
බලු ප්‍රශ්නය මෙන් කරගන්න එපා.
සතුන් මරන්න ඔවුන් පීඩාවට පත් කරන්න එපා.
ඉතින් ස්තූතියි කියෙවුවාට.
ලිපිය සෑහෙන දික් විය Sorry.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

14 comments:

  1. හිතට වදින ලිපියක් මල්ලි...
    අපි ගොඩ දෙනෙක් තේරුම නොගත්ත සහ නොගන්න සත්‍යය මේකයි

    ReplyDelete
  2. ස්තූතියි ලොකු පුතා අයියා...
    මටත් මේ සත්‍ය තවම හරියට තේරෙන් නෑ,
    මම කැමතියි මටත් මේව මතක් කරන්න කවුරුහරි ඉන්නවනම්.

    පොඩිකුමාරිහාමි ආර්යාව:
    ස්තූතියි...
    සත්තුන්ව අතේදුරින් තබා ගැනීම වඩා හොඳය්,
    නැතං අපිට උං ගැනම හිත හිත ඉන්න වෙයි.
    ඒක හොඳ දෙයක් නෙවේ.
    මිනිසුන්ටත් එය අදාලය,
    ඒත් මං ඒකටත් එපා කීවොහ් මට පිස්සෙක් කියල මිනිස්සු කියාවි.

    ReplyDelete
  3. 60 පැන්න වෙලාවෙ Godonia ට මගේ සුභපැතුම් .......

    කවදාවත් හිතට නොදැනුන දෙයක් ගැන හිතන්න ගත්තා ලිපිය කියවද්දි.
    මම සතුන්ට කැමතියි. හිතාගෙන හිටියෙ මම සතුන්ට ආදරෙයි කියල. දැන් දැනෙනව මට තියෙන්නෙ සතුන් ගැන අනුකම්පාවක් කියල.ඒ දැනුම දැන් දියුනු කර ගන්න පුලුවන් මට.
    ස්තුතියි මෙවන් වටිනා අදහස් බෙදා දෙනවාට....

    ReplyDelete
  4. හැට පැන්න ගොඩෝනියාට සුභ පැතුම්!!

    ReplyDelete
  5. ඔබගේ බ්ලොග් එකේ මුල සිටන් සිටි කෙනෙක් විදියට ලොකු සතුටක් දැනෙනවා.
    අපි ඔබගෙන් බොහෝ දේවල් දැනගත්තා . සොබා දහමට ආදරය කරන කෙනෙක් වශයෙන් මා ඔබව අගය කරනවා. ඉදිරියටත් හැකි සැම අවස්ථාවකම ඉන්නවා ඔබ සමග.

    ජය පතනව !

    ReplyDelete
  6. මේක නිතර බැළුවත් ලියන්නෙ නැත්තෙනං තරහටමයි. මම ඔය බෝල වලට කැමති නෑ. ඒත් ලියන දේ හොඳයිනෙ. ඒ නිසා දිගටම ඔහොම යං. සුභ පැතුම්!

    ReplyDelete
  7. අනෙ අප්පෙ කොච්චර දෙයක්‌ද මෙ අවුරුද්ද ගෙවෙන්ට තියෙද්දි හැට පිරුනු එක.මගෙන් උණුසුම් සුබ පැතුම්.
    ඔයාගෙ බ්ලොග් එක බලලා පරිසරයට තිබුණු ඇල්ම වැඩි කරගත්තු අයගෙ ගොඩෙ මාත් ඉන්නව.ඒක මම කියන්නෙ බොහෝම සතුටින්.
    අපිට කියවල රසවිදින්ට්‌,පරිසරය ගැන අලුත් දේවල් දැන ගන්ට්‌ තව තවත් බොහෝ දේවල් ලියන්ට ශක්‌තිය ලබේව ! ජය වේව !!

    ReplyDelete
  8. අපිත් ආසාවෙන් කියවනවා ...

    ReplyDelete
  9. @Gordonia ceylanica
    ඇයි මම තරහ වෙලාද කියල ඇහුවේ. තරහ වෙන්නෙ මොනාටද ? තේරුම් ගන්න අපහසුයි මට.

    ReplyDelete
  10. නෑ ඉතින් මම අක්කට මට මේල් එකක් දාන්න කියල කීවට දැම්මෙ නෑනේ දැන් ගොඩ දවසක්ම ඒකයි...
    තරහ නැත්තං එච්චරයි....

    ReplyDelete
  11. සුදු මැණිකෙ නංගි:
    ස්තූතියි...
    ඔය වගේ කතා නම් ගොඩක් තියනවා.
    කැමති නම් බලන්න මම ලින්ක් එකක් දෙන්නම්,
    අපිටත් වෙන්න බැරි නෑ ඒව.
    මට සතුටක් ඔයාල වගෙ කීපදෙනෙක් හරි අපේ ෆැක් එකෙත් ඉන්න එක ගැන.
    අනුකම්පාව මගෙ ලඟත් තියන්ව ඒක ඇත්ත, තියෙන්න ඕන ඒක,,,
    ඒත් අවශ්‍යය විට,
    ඔයත් හොඳට පාඩම් වැඩ කරන්න....

    ReplyDelete
  12. අන්න හොඳයි. බින්දු වලට වඩා කොලේ බොහොම අගෙයි! ස්තූතියි අපි ගැන හිතුවට.

    ReplyDelete
  13. මීට ඉස්සර ඇවිල්ලා ගියත් කොමෙන්ට් කරන්නෙ නම් පලවෙනි වතාවටද කොහෙද....වෙනස් විදියකට සිතිවිල්ලක්..මම කැමතියි එ විදියට හිතන්න..

    ReplyDelete
  14. ඔයා හොඳටම අවුල් නේද?

    සොබා දහම ගැන මෙච්චර කතා කරන කෙනෙක්, ඒ අස්සේම කියනවා සත්තු කරට ගන්න එපාලු. ඔයාගේ සොබා දහමට තියෙන ලවු එකත් නිකන් ශෝ එකට පෙන්නන එකක් වගෙ නේ?

    ඒ අස්සෙ බුද්ධාගමත් පටලෝගෙන මෙලෝ තේරුමක් නැති වල් බූත ලියනවා. ඔයාගෙ සොබා දහම ගැන පොර ටෝක්ස් එක්කම බුද්ධාගමත් ෆ්‍රී දෙනව එකට කලවම් කරල ඈ?

    මේ ලිපිය Epic Fail එකක්. මේ ලිපියෙන් පෙන්නන එකම වැද්ගත් කරුණ තමයි, ඔයාට පාරිසරික මතවාදයක් බ්ලොග් එකකින් මිනිස්සු අතරට හරියට ගෙනියන්නේ කොහොමද කරන්නේ කියල අබ ඇටේකවත් දැනුමක් නෑ කියන එක. දෙවැනි එක , මේකට ආගමක් ඈඳා ගැනීමම සදාචාරත්මක නෑ කියන එකවත් ඔයාට තේරෙන්නේ නැහැ. බොහොම ස්තුතියි මගෙ කාලේ නාස්ති කලාට.


    තව එකක්,

    බලෙන් මිනිස්සුන්ට සද්ද අස්සවන එකත් මාර නෝන්ඩි වැඩක්. මේ වගෙ වැඩ මෙච්චර කල් කලේ අර ශත පනහේ ගොසිප් බ්ලොග් කාරයෝ.

    ReplyDelete