Tuesday, December 20, 2011

සොඳුරු පරපුටුවත (එක) ...

ළඟදි ලියපු එකෙත් කතා නායකයා පරපුටුවෙක්,
මේත් පරපුටුවො ටිකක් ගැන තම ලියන්න යන්නෙ,
හැබැයි මේ අය සත්තු නෙවේ,
ගස්,
එකක් කීවට මේ ටයිප් කරන ගමන් මට හිතුනා මේක එකකින්ම ලියල වැඩක් නෑ කියල ඒ නිසා ඒ ගැන තව ඒවා ගැන ලිපි ටිකක් ලියන්න ඕනා,

මට මේව ගැන ලොකු දැනුමක් නෑ,
ඒත් මම මේ පරපුටු ගස් වලට හරි ආසයි මොකද මේව හරි ලස්සන ගස්,
ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව මේවගෙ.

මම මේ පරපුටුවො ජාතිය පළවෙනියට අල්ලල බැලුවෙ මම හිතන්නෙ පේරදෙණිය විස්සවිද්දියාලෙ ජිම් එක හරියෙදි.
ඒ අවුරුදු ගාණකට කලින්,
ඊට කලින් මේව මම දැකල තිබුනා ඒත් අල්ලල බලන්න බැරි වුනා,
ඒ නිසා මම හිතුවෙ මේවා ගස් මෙවේ මොකකින් හරි විසි කරපු කහ පාට නූල් කෑලි වගයක් කියල.
පස්සෙ තමා දැනගත්තෙ මේවා ගස් කියලා.
මේව බොහෝ විට  පූර්ණ පරපෝෂිතයො ( Fully Parasitic) ඒත් සමහරකට චුට්ටක් විතර ප්‍රභාසංස්ලේෂණය කරන්න පුළුවන්.
අයිති වෙන්නෙ බතල අයිති වෙන කුලයට (Family: Convulvulaceae),
ගණය: Cuscuta.

පොතේ හැටියට නම් මේවා වර්ග දෙකක් තියනවා ලංකාවේ,
Cuscuta chinensis සහ C.reflexa.
මේ C.reflexa ත් අර කීවා වගේ චුට්ටක් ප්‍රභාසංස්ලේෂණය කරන්න පුළුවන් එකක්ලු.
මේවා පරපුටු ජීවිතේර හැඩගැහිල තියනවා හොඳට, අනුන්ගෙ ඇගේ එල්ලිලා පෝෂණය උරාගන්න මේවට තියනවා ශෝෂක (Haustoria).
ඒ වගේම මේවගෙ බීජත් හොඳින් ප්‍රචාරණය වෙනව වගේම
මේවට වල් ගස් නිදිකුම්බා ගස් වල ඉඳන් වෙන ලොකු ගස් වලිනුත් පෝෂණය වෙන්න පුළුවන්.
කොහොම වුනත් මට නම් හිතෙන්නෙ මේ ගස් වලින් ගොඩක් දේවල්  ඉගෙන ගන්න පුළුවන්,
මට හිතෙන හැටියට මේ ගස් උපරිමෙන්ම දියුණු වෙලා තියනව අනුන්ගෙන් යැපෙන්න,
මේක මට නම් ලස්සන ගහක්.
පොඩ්ඩක් අන්තර්ජාලෙ හොයල බලන්න. 
මෙන්න විකි පිටුව
යටින්ම තියනවා විකි පිටුවෙන් ගත්ත පින්තූරයක්,
ඇත්තටම මමවත් දැකල නෑ මෙච්චර තදින් මේවගෙන් බැටකාපු ගහක්.
මට කාලෙකට කලින් අහන්න ලැබුනා මේවගෙන් ලංකාවේ වී වගාවට හානි වෙනවා සහ වල් නාශක වලට ඒවා මැරෙන් නෑ කියලා.
ඒ ගැන නම් මං දන්නෙ නෑ, ඒත් ගොයම් ගස් මේවට ඒතරම් දෙයක් වෙන්න නම් බෑ,
ආ කියන්න බැරි වුනානෙ මේවට කියන සිංහල නම තමා අගමුල නැති වැල් කඩ්ඩෙන් Dodder.

උඩින්ම තියන්නෙ මා විසින්ම ගන්නා ලද මම හරිම කැමති පින්තූරයක්,
මංදා ඉතින් මට ඒක හරි ලස්සනයි.


ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

3 comments:

  1. වටිනා ලිපියක් පුතා. මේ ශාඛවල ඖෂධීය ගුණයන් ද තිබෙනවා.

    ReplyDelete
  2. //උඩින්ම තියන්නෙ මා විසින්ම ගන්නා ලද මම හරිම කැමති පින්තූරයක්, මංදා ඉතින් මට ඒක හරි ලස්සනයි.//

    ඒක නම් ලස්සනයි මටත්...:D:D

    මෙහෙත් තියනවා ගෙවතු පුරා ලස්සන මල් එක්ක වැවෙන ඔය වගේ පඳුරු ජාති.

    මේ වගේ අනුන්ගෙන් පෝෂනය වෙන මිනිස්සුත් ඉන්නවා නේද?

    ReplyDelete
  3. මේ වගේ වැල් ජාති තියනව නේද තාප්ප වලත් වැවෙන. ටික කලක් ගියාම තාප්පත් විනාශ වෙනවා.

    පොඩ්ඩි කියනව වගේ සමහර මිනිස්සුත් ඉන්නව නේද අනුන්ගෙන් පෝෂනය වෙන .

    ReplyDelete