මේ කුරුල්ලා කෑ ගහන සද්දෙ අහල තියනවද?
මේ කුරුල්ලා කෑ ගහන සද්දෙ මේ දවස් වල ටිකක් සුළබ වේගෙන එන නිසා දාන්න හිතුනෙ.
මේ ලියුම්කරු අතීතයෙ පුවත්පතකටත් මේ ගැන දැම්මා වගේ මතකයි.
"එතකොට අපි පොඩි ළමයි" :)
කොහොම වුනත් මේ කුරුල්ලා ඉස්සර පිට රටින් එන එකෙක් කියල තමා හිතන් හිටියෙ.
ඒ කියන්නේ සංචාරක පක්ෂියෙක්.
ඒත් දැන් එහෙම නෑ කියල මටත් නිසැකවම කියන්න පුළුවන්.
මේ කුරුල්ලත් ඉතින් කොහෙක්...
නිකං කොහා නෙවේ උකුසු කොහා (Common Indian Hawk Cuckoo - Hierococcyx varius)...
මූත් ඉතින් පවුලෙ නම්බුව තියන්න කරන්නෙ අනුන්ගෙ කූඩු වල බිත්තර දාන එක.
කොහා පවුලෙ (Family - Cuculidae) මහ කැත පුරුද්දක් මේක,
සමහර විට මේ හැදෙන බොරු පැටවු, අර අහිංසක කූඩුවේ අයිතිකාර අම්ම තාත්තටත් වඩා ලොකුයි.
මේ සත්තුන්ගෙ බිත්තර ගොඩක් වෙලාවට ඒ සතුන්ගෙ බිත්තර වල සමානයි,
ඒ නිසා ඒ අයට අඳුරගන්න බෑ,
ඒ වගේම මේ පැටවු ඉපදුනාම කරන්නේ කූඩුව අයිති අයගෙ බිත්තර ටික එළියට දාන එක තමා,
මේක තමා මේ කැත වැඩ කරන පවුලේ ගොඩක් අයගෙ ලක්ෂණේ,
මේ කුරුල්ලගෙ ධාරකයො අයිති වෙන්නෙ දෙමලිච්චන්ගේ ගණයට (Genus: Turdiodes) .
මම දැකල තියනව ලංකාවේ ඉන්න සුලබ දෙමලිච්චා (Common Babbler - Turdoides affinis) මේ කුරුල්ලගෙ පැටියෙක්ට කෑම කවනවා.
මුට මේ නම ඒ කියන්නෙ දාන්න හේතුවත් කියන්නම්,
සමහර විට දැන්ම තේරිලා ඇති,
ඒක තමා මුගෙ කෑගැහිල්ල,
මුගෙ පුරුද්ද තමා අඩු ශෘතියකින් අරඹල වැඩි ශෘතියකින් කෙලවර වෙන්න කට කැඩෙනකල් කෑගහන එක,
සමහර වෙලාවට හිනා යනවා මොක්ද සමහර ගායකයොන්ට වගේ මුටත් ශෘතිය ඉහලට ගියාම අන්තිම හරියෙ කියා ගන්න බෑ කැස්ස වගේ හැදෙනවා :)
මේ කෑගැහිල්ලට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නෑ,
එක පාරට මහ රෑටත් ඇහැරිල කෑගහනවා,
ඒ නිසා තමා මුට මොළේ උණ කුරුල්ලා කියන්නෙ,
කොහොම උනත් මේක කොච්චර කෑ ගැහුවත් ඉන්න තැනක් හොයාගන්න හරි අමාරුයි,
මාත් නොදන්න කාලෙ මට තිබුණෙත් අමුතු හැඟීමක් මූ ගැන,
මම හිතුවෙ මූ උකුස්සෙක් වෙන්නැති කියලා,
මොකද මුගෙ හඬේ උකුසු ලක්ෂණ තියන නිසා,
සමහර වෙලාවට උකුස්සොත් රෑට ඇහැරිලා කෑගහනවනෙ,
මට ඊයෙ රෑත් ඇහුනා,
ඉතින් ආය මූ කෑගහනව ඇහුණොත් බලන්න ටිකක් පෙනේවි කුරුළුගොයෙක්
(Shikra-Accipiter badius)වගේ කුරුල්ලෙක්.
![]() |
| කුරුළුගොයා - Shikra |
![]() |
| උකුසු කොහා - Hawk Cuckoo |
මේ ෆොටෝ ටික ඔක්කොම දානවා,
මේව නම් එකක්වත් මගෙ නෙවේ,
අනුන්ගෙ,
මොකද මට මේ වගේ ඒව ගන්න තරම් කැමරාවක් නෑ,
ගත්ත කාලෙක මේවා රිප්ලේස් කරනවා.
![]() |
female brown throated sunbird feeding cuckoo nestling |
මේකා කොහොම එළියට එයිද මංදා...
කූඩුව පලාගෙන තමා එන්න වෙන්නෙ,
පවු අහිංසක පැණි කිරිල්ලි..
![]() |
| Jungle Babbler feeding Common Hawk Cuckoo |
![]() |
| a wren feeding cuckoo chick |
මම මේක ලිය ලිය ඉන්නකොට...
අම්මා කෑ ගහනව ඇහුනා,
මට හිතුන අම්ම වැටිල තමා කියලා..
වැටිල ඔලුව තුවාල කරගෙන,
මම ඇත්තටම බය වුනා,
ලේ ගලනව ඔලුවෙන්,
ඊට පස්සෙ බෙහෙත් ගේන්න ගියා,
එච්චරම ප්‍රශ්නයක් නෑ කීව ඩොක්ටර්,
හොඳ වෙලාවට ඔලුව පැලිල නෑ,
හම ඉරිල,
ඒත් මට බයයි අම්ම ගැන,
අපෙ අම්ම පවු.
ඒත් අම්මත් පරිස්සම් වෙනව මදි,
බෙහෙතක් හේතක් ගන්නෙත් නෑ,
ලෙඩක් නෑ,
ඒත් ටෙස්ට් කරගන්න කීවම අරවට මේවට ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් හංගනවා.
තව තව ඒවා තියනවා.
ඒව ලියන්න බෑ,
ඒත් මේවා අම්මා හිතන හැටි නිසා වෙන්නෙ.
අපෙ අත්තම්මත් මැරෙණකම්ම හරියට බෙහෙතක් ගත්තෙ නෑනෙ,
ඒක පවුලෙ ගොඩක් අයට ආරෙට ගියා,
ගෑණු දරුවොම 8ක්නෙ හිටියෙ අම්මගෙ පවුලෙ,
මේක ලීවේ අදමයි...
ඒ කියන්නෙ 15 වෙනිදා...






ඔය සත්තු දෙන්නවම මම දැකල තියනවා.....මම හිතුවෙ එයාල බිත්තර දාන්නෙ ''කපුටු කූඩුවල'' කියල.......අනේ පව් හරි අසාධාරනයි අර පුංචි කුරුල්ලන්ට.............
ReplyDeleteඔහේ ඉතින් වෙන්න දොස්තර නේ. කුරුල්ලා ගැන දැන ගත්තේ අදයි..
ReplyDeletedan kohomei ammata... wenada wagema unanduwen baluwa...
ReplyDelete(mage sinhala wada ne... sorry..!)
හොඳ විස්තරයක් මල්ලි...
ReplyDeleteමටත් තාම මෙයාගේ ෆොටෝ එකක් ගහන්න ලැබිල නැහැ
ලස්සන වැදගත් විස්තරයක් වෙනදා වගේම...ජය !!
ReplyDeleteA good post...
ReplyDeletePls look after your mum
බස්,කෝච්චි,ලොරි ඇතුලු වාහන වලින්(ඇයි දැන් ඇහෙන සින්දු) ඇහෙන ශබ්ද අහල හෙමබත් වෙලා ඉද්දි මෙ වගෙ හඬක් ඇහෙද්දි පුදුම සැනසීමක්,සතුටක්.
ReplyDeleteමටත් මෙකගෙ සද්දෙ අහද්දි බය හිතුන කොහෙන් කෙලවර වෙයිද කියල.
අම්මට ඉක්‌මන් සුවය! පතනව