Friday, December 16, 2011

මේක බලල නැති අය කියවන්න...



හැදින්වීම

ශ්‍රි ලංකාවේ, සබරගමු පලාතේ, රත්නපුර දිස්ත්‍රිකයේ පිහිටි පැරණිතම නගර සභාව බලංගොඩ නගර සභාව වන අතර දුරදක්නා නුවණින් යුතුව සැලසුම් සහගතව කරන කසළ කලමණාකරණය තුලින් 2012 වර්ෂය අවසන් වන විට බලංගොඩ නගරය නිල්ල පිරුණු, පරිසර හිතකාමි ආනනදණීය පුරවරයක් බවට පත්කිරිම එහි වර්තමාන නායකත්වයේ මුලික අරමුන වේ.
එදිනෙදා භාවිතයේ දි නොවැදගත් යැයි සිතා ඉවත ලන ඕනෑම ද්‍රව්‍යයක් කසළ ලෙස හදුන්වනු ලැබේ.මෙය වර්තමානය වන විට ලෝකයේ අනෙතුත් රටවල මෙන්ම ශ්‍රි ලංකාව ද මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක්ව පවතින අතර නාගරික පරිසරය තුල දෛනික එකතුවන කසළ නාගරික පරිසරයේ සුන්දරත්වය කෙලසයි. ඒ සදහා මිනිස් සංහතියේ නොමනා ක්‍රියාකාරිත්වය සෘජුවම බලපානු ලබයි. අප එදිනෙදා පරිහරණය කරන සැම දෙයක්ම ඉතා ඉක්මනින් හෝ පසුකාලිනව කසළ බවට පත්වේ. අද පුවත්පත් ගත්විට එය ඊලග දිනයේ කසළ බවට පත්වේ.දිනදර්ශනය ගත් විට ඊලග වර්ෂයේ කසළ බවට පත්වේ. වර්තමානය වන විට කසළ ප්‍රබල පාරිසරික ගැටළුක් මෙන්ම සමාජිය ගැටළුවක් ව පවති. එනම් ඊට පාරසරික මුහුණුවරක් මෙන්ම සමාජිය මුහුණුවරක් පවතින බව පැහැදිලිවේ. කසළ නොදිරන හා දිරන ද්‍රව්‍ය විවිධ ප්‍රතිශතයන්ගෙන් සමන්විත වේ. දිරන ද්‍රව්‍යයන් ක්ෂුද්‍ර ජිවි ක්‍රියාකාරිත්වය නිසා ජිර්ණයට පත්වන අතර නොදිරන දව්‍යයන් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගි කරගෙන නැවත නැවත ප්‍රයෝජනයට ගත හැක. එනම් ඊට ජිව විද්‍යත්මක මුහුණුවරක් මෙන්ම තාක්ෂණික මුහුණුවරක් පවතින බව මනාව පිළිඹිබු වේ. එනම් කසළ වලට පවත්නා පාරසරික හා සමාජිය මුහුණුවරත්, ජිව විද්‍යත්මක හා තාක්ෂණික මුහුණුවරත් මනාව සංකලණය කරමින් ඊට ආර්ථික මුහුණුවරක් ලබාදිමට හැකිය. මේ වග මනාව අවබෝධ කරගත්තෝ කසළ කලමනාකරණය කරමින් ආර්ථික වාසි උදාකරගනි.
බලංගොඩ නගරසභාවේ නායකත්වය මේවග මනාව අවබෝධ කරගන ඇති අතර එය මනාව ක්‍රියාවේ යොදවමින් සාර්ථක කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් පවත්වා ගනිමින් පවති.

බළන්ගොඩ නගර සභාවේ කසළ කලමණාකරන ව්‍යාපෘතියේ ඓතිහාසික පසුබිම

වර්ෂ 1939 දී සර් හෙන්ඩිරි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිනියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසාවේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩ් නමින් ආරම්භ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 10දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9ක් විශේෂ කොමසාරිස්වරයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණි විරසිංහ මැතිතුමා විසින් වන අතර නිත්‍ය පදිංචි ජනගහනය 23,220 වන අතර වර්ග කිලෝමිටර 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 35,000 පමණ ජනතාවගේ මුලික පහසුකම් සලසන ආයතනයකි. අද වනවිට ස්ථීර කර්යය මන්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

විශේෂ සිදුවීම්

වර්ෂයසිදුවීම
2000
  • වර්ෂ 2000 වන වීට කුඩා පරිමානයේ කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබුනි.
  • සදුදා දිනයේ දි සතිපොළේ එකතුවන කසල පමණක් කොම්පෝස්ට් සැදිමට යොදා ගෙන ඇත.
  • නගරයේ දෛනිකව එකතුවන අනෙකුත් කසළ නාගරික අධිකාරියේ ඉඩමකට බැහැර කරිම.
  • ප්‍රධාන මහජන පරික්ෂක නිමල් මහතා බළංගොඩ නගර සබාවට පැමිණිම.
  • නාගරික අධිකාරියේ ඉඩමකට කසළ බැහැර කිරිම තහනම් කිරිම.
  • දෛනිකව එකතු වන මෙ.ටො. 10 ක පමන වන කසළ මාර්ගය දෙපස ගොඩ ගසමින් කසළ කලමණාකරන ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට නිලධාරින් කටයුතු කලහ.
2001
  • පාර දෙපස වු කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය (leachat) කානු පද්ධතිය ඔස්සේ කුඹුරු වලට එකතු විම හේතුකොටගෙන ප්‍රථම මහජන උද්ඝෝෂණ ඇතිවිය.
  • ඉන් අනතුරුව වෑස්සෙන අපවිත්‍ර වු ජලය කුඹුරු වලට එකතුවීම වැලැක්විම සදහා අපවිත්‍ර වු ජලය එකතු වන ටැංකියක් ඉදිකරන ලදි. පසු කාලිනව එය තවදුරටත් වැඩිදියුණු කලේය.
2002
  • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කලමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපැවේය
  • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කලමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපැවේය
  • 2002 ඔක්තෝම්බර් මාසයේ කසළ කලමනාකරන ව්‍යාපෘතිය පුද්ගලිකකරණය සදහා ටෙන්ඩර් කරන ලදි.
  • 2002 නොවැම්බර් 01 දා පුද්ගලික ආයතනයට පවරන ලදි.
  • පුද්ගලික ආයතනය මගින් සේවකයන්ගේ දෛනික වේතනය කපාහැරිම නිසා සේවකයන් ව්‍යාපෘතියෙන් ඉවත්විම.
  • 2002 නොවැම්බර් 14 දින දෙවන මහජන උද්ඝෝෂණය බළංගොඩ නගරසභාව වෙත එල්ල විය.
  • බළංගොඩ නගරසභාව නැවත කසළ කලමනාකරණ ව්‍යාපෘතිය තම අතට පත්කරගන ක්‍රියාත්මක කලේය.
2003
  • 2003 වසර මුලදි සේවකයින් නැවත ව්‍යාපෘතිය හා එක් විම සිදුවිය.
  • දෛනිකව එකතුවන කසළ දිරණ හා නොදිරණ ලෙස වර්ග කිරිම සිදුකරන ලදි.
  • කසළ වෙන් කිරිමේදී ප්‍රතිචක්‍රිය කල හැකි ද්‍රව්‍ය වෙන වෙනම වර්ග කිරීම සිදුකරනු ලැබිය.
  • කාබනික පොහොර සැදිමට යොදාගන්නා විවෘත ලුප ක්‍රමයේ (open windrow system ) කසළ ගොඩවල ප්‍රමානය අඩි 5×12 දක්වා කුඩා කරන ලදි.
2004
  • 2003 දි නව මුහුණු වරකින් ආරම්භ කල ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට කරගන යන ලදි.
  • පොහොර අලෙවි කරගැනිමේ ගැටලුවකට මුහුණ දිමට සිදුවිය.
  • නිෂ්පාදිත පොහොර ලොරියක පටවා ගත් නිමල් මහතා බෙදාහැරිමේ හා අලෙවි නියෝජිතයෙකු ලෙස ක්‍රියාකරමින් ජංගම අලෙවි සේවාවක් පවත්වා ගෙන ගියේය.
2005
  • කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථකව සිඳුකර‍ගෙන යමින් සාර්ථක අලෙවියෙන් වාර්තාගත ආදායමක් ඉපැයුවේය.
  • කසළ කලමනාකරණ ව්‍යාපෘතිය පවත්වාගන යාම සදහා ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවෙන් ඉඩමක් ලබාදිම.
  • මේ ඔස්සේ යමින් ජාතික ඵලදායිතා තරගයේ දී පලාත් පාලන අංශයේ දිවයිනෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදි.
  • බළංගොඩ නගර මධ්‍යයේ ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගැනිමේ මධ්‍යස්ථානය ඉදිකිරිමේ වැඩකටයුතු ආරම්භ කිරිම.
  • කාබනික පොහොර අලෙවියෙන් උපයා ගත් ධනය යොදාගනිමින් බොබි කැට් (Boby cat) යන්ත්‍ර මිලදි ගන්නා ලදි.
2006
  • නැවත වර්ථමාන සභාපති නිමල් ගාමිණී වීරසිංහ තේරී පත් වීම.
  • ඉන් පසු සබරගමුව පළාත් සභාවෙන් ලැබුන රු.මිලියන 02 න් මිලියන 01 උපයෝගී කරගෙන ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ දෙවන මහලේ වැඩ අවසන් කිරීම හා දෙවන මහලේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
  • ඉතිරි මිලියන 10 ක් වියදමින් Bob Cat යන්ත්‍රයක් ලබා ගැනීම. (Bob cat යන්ත්‍රය 29,75000.00 ක් වටිනාකමක් ඇති වාහනයක් වු අතර ලක්ෂ 10ක් ගෙවා එය මිල දී ගෙන ඉතිරි 19.75000 මාස 06 ක් තුල වාරික 03 කින් ගෙවා ලබා ගැනීමට කටයුතු කරන ලදී.)
2007
  • පලාත් සභා හා පළාත් පාලන අමාතළ්‍යංශයෙන් ලැබුන රු. ලක්ෂ 05 යොදාගෙන කසල කළමණාකරණ මධ්‍යස්ථානයේ දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරිම සඳහා අඩි 60ක් දිග අඩි 25 ක් පළල ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී.
2008
  • පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයෙන් ලැබුන රුපියල් ලක්ෂ 05 ක්ද නගර සභාවෙන් ලැබුන රුපියල් ලක්ෂ 03 ක් ද යොදාගෙන ලක්ෂ 08 ක වියදමින් රත්නපුර බලංගොඩ බලගහමුල මංසංදියේ දිරා නොයන අපද්‍රව්‍ය මිලට ගැනීමේ සම්පත් පියසක් ඉදිකර විවෘත කිරීම
  • විවෘත කරන දිනයේදී පාසැල් 17 ක මුලිකත්වයෙන් කසල ‍පොළක් පැවැත්වු අතර මෙදින කසල පොළට ටොන් 4ක දිරා නොයන අපද්‍රව්‍ය එකතු වූ අතර ඒවා අලෙවි කිරීමෙන් රුපියල් 22000.00 ක ආදායමක් උපයන ලදී.මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම ගරු පරිසර හා ස්වාභාවික අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා විසින් සිදු කරන ලදී.
2009බලංගොඩ නගර සභාවට අඩු පාඩුවක්ව පවතින මල අපද්‍රව්‍ය ප්‍රතිකර්ම පද්ධතියක් පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයෙන් ලැබුනු මිලියන 3.8 ක් හා නගර සභාවෙන් මිලියන 03 ක් ද යොදා සකස් කරන ලදී.
මෙම පද්ධතිය මගින් දිනකට මල අපද්‍රව්‍ය (waisht soil) ලීටර් 10,000 ක් පිරිසිදු කිරීමට භාජනය කරන අතර මෙම ක්‍රමවේදය පහත අංශයන්ගෙන් සමන්විතය.
  1. Receiving Tank
  2. Sedemedativn Two Tank
  3. Water Treatment Plant
  4. Dry Bed.
මෙම ක්‍රමවේදය මගින් දිනකට පිරිසිදු කරන ජලය ලීටර් 6000ක් නැවත කොම්පෝස්ට් ව්‍යාපෘතිය‍ට ප්‍රයෝජනයට ගනී.එසේම මසකට night soil යොදාගෙන කාබනික පොහොර කි.ග්‍රෑ.5000 ක්ද නිපදවීමට මෙය ‍යොදා ගනී.එසේම පාසැල් ආශ්‍රිතව දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයේන් ලැබුන රුපියල් මිලියන 01 ක් ද,ලර්න් ඒෂියා ආයතනයෙන් රු.30,000.00 ක් ද, පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජාතික ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් 255,000.00 ක් ද නගර සභාවෙන් රුපියල් ලක්ෂ 3 ක්ද යොදාගනිමින් නගරයෙන් ‍‍තෝරාගත් පාසල් 05 ක
එනම් :
  1. ර/ඇග්නස් බාලිකා විද්‍යාලය
  2. ර/බුද්ධ ජයන්ති විද්‍යාලය
  3. ර/විද්‍යාලෝක විද්‍යාලය
  4. ර/සී.සී.දෙමළ විද්‍යාලය
  5. ර/‍ජෙයිලානි මුස්ලිම් ජාතික පාසල
යන පාසැල් වල සම්පත් කේන්ද්‍ර 05ක් සකස් කර විවෘත කිරීම. මෙම සම්පත් කේන්ද්‍ර මගින් දිරා නොයන අපද්‍රව්‍ය වර්ග 16 ක් මිලදී ගැනීමට සැලැස්වීම.මෙම ද්‍රව්‍ය කෙලින්ම මුදල් දී මිල දී ගන්න අතර ලකුණු ලබා ගැනීමේ ක්‍රමයක්ද සකස් කර ඇත.
2010
  • නිවාස මට්ටමින් කසල කිරීමේ වැඩ සටහනක් හදුන්වා දීම.
  • කසල බද්ද එකතු කිරීම විධිමත් කිරීම.
  • දිරා යන කසල වෙන් වෙන් වශයෙන් එකතු කිරීම.





අනේ අපේ ප්‍රාදේශිය සභාවත් මෙහෙම වෙනවනම්....
යටියන්තොට එකත් මෙහෙමයි..
මේවගෙ මූලික වියදම දැන් හම්බකරගෙන ඉවරයි,
මේවා අපිත් ඉල්ලන්න ඕන දේශපාළුවන්ගෙන්...
මෙතනින් මුළු එක කියවන්න..
මෙවන් ඇත්තෙන්ම පරිසරයට දෙයක් කරන දේශපාලන ආයතන වලට මගේ ගෞරවණීය ආචාරය...
මෙවන් ආයතන දිනෙන් දින දියුණු වේවා!

මම කැමතියි පාඨකයාගේ අවධානය මෙන්න මේ පේළි දෙකට යොමු කරවන්න,
මේකෙ තේරුම තමා මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ,
මේ මිනිස්සු මැදිහත් වුනේ නැත්තං මේ වැඩේ හරියට නොවෙන්න තිබුණා,
මේ වැඩේදි දේශපාලකයො වගේම ජනතාවත් නිසි ලෙස කටයුතු කරා තියනවා.

01."පාර දෙපස වු කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය (ලේචට්) කානු පද්ධතිය ඔස්සේ කුඹුරු වලට එකතු විම හේතුකොටගෙන ප්‍රථම මහජන උද්ඝෝෂණ ඇතිවිය"

02. "2002 නොවැම්බර් 14 දින දෙවන මහජන උද්ඝෝෂණය බළංගොඩ නගරසභාව වෙත එල්ල විය."

තවදුරටත් මේ ආයතනය ගැන කියවා සතුටු වෙන්න...
1.බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

9 comments:

  1. ඇත්තටම ලංකාවේ හැම ආයතනයක්ම මේ වගේ වගකීමෙන් වැඩ කරනවනම් ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන එක අසීරු දෙයක් නොවෙයි, නැත්නම් ඉතින් වෙන්නේ ආසියාවේ අයිස්චර්ය වෙන්න. මොකද ගොඩක් අය කරන්නේ තමන්ගේ වගකීම් අමතක කරලා අයිස් ගහන එකනේ. :)

    බ්ලොගයට අලුතින් ඇඩ් වෙලා තියෙන ගැජට් එක නියමයි. උදේ පාන්දරක ගස් පිරුනු ලස්සන තැනකට ගියා වගේ දැනුනා....:)

    ජය වේවා...........!!

    ReplyDelete
  2. මම ආසාවෙන් බලන බ්ලොග් එකක් එළකිරි මචන් කීප් ඉට් අප්... :පී

    ReplyDelete
  3. ඇපෙන් බේරෙන්න වගේ බතරමුල්ලේ කසල කන්ද, පස් වලින් යට කරලා දාලා, එතන හැදුවා වෙළද පොළක්... හැබැයි එතනට යන්නේ නහය නැති මිනිස්සු! ඊට හපන් වැස්ස දවසට පළාතම සුවදයි!ඔක්කොටම හපන් මහරගම-නාවින්න කුණුගොඩ! කොළබ නගරයේ මේ වගේ ව්‍යාපෘති නොකෙරෙන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම!

    ReplyDelete
  4. යුතුකමක් ඉටුකරල...ස්තුතියි මේ ලිපිය පලකලාට...
    නියම "මහත්මයෙක්" පාලනය කරන තැනක්....
    මෙවැනි උත්තමයන් ගැන විස්තර නොදන්නා අය දැනුවත් කර අගය කල යුතුමයි.

    (ඔබතුමා මගෙන් අහනවා කිව්ව දේ මට ආවෙ නැහැනෙ. ඊයක් එවන්න nmpdesertfrog@gmail.com)

    ReplyDelete
  5. මෙ යහපත් කටයුත්ත සිදු කරන සැමට මාගේ ආචාරය.

    අළුත් ගැජට්‌ එක නම් නියමයි.

    ReplyDelete
  6. නීතිවලින් පනත් වලින් නෙවෙයි මේවා ඒ ඒ දේශපාලකයන්ගේ ආකල්ප තුලින් එන්න ඕන දේවල්!

    ReplyDelete
  7. මමත් බලංගොඩ නගර සභාවේ කසල කළමනාකරණ වැඩපිළිවෙල, නිතර දකින කෙනෙක්. ඔබ කියන දේ ඇත්ත, ඔවුන්ගේ වැඩ පිළිවෙල තිරසාර විශිෂ්ට එකක්.මාර්ග සැලසුම්ද ඇතුල්ව නගර සැලැස්මත් එසේම විශිෂ්ටයි.

    අනිත් උන්ට හෙන ගහලද? මහ නගර සභාවක් වන රත්නපුර නගර සභාව කසල බැහැර කරන්නේ නගරයට යාබද උස් කඳුකර වනාශ්‍රිත පරිසරයකට. අසල්වාසීන් අවම නිසා විරෝධයත් අවමයි. ඒත් පාරිසරික බලපෑම ඉතා හානිකර විය යුතයි.

    ReplyDelete
  8. මමත් දැක්කා ඔයගොල්ලන්ගේ බ්ලොග් එක,නියම වැඩක්....

    ReplyDelete
  9. හොඳ දේ අගය කරමු. බලන්ගොඩ නගර සභාවට ජය වේවා.අපේ ප්‍රාදේශීය සභාව බංග වේවා

    ReplyDelete