![]() |
| Picture:Ciumpy's snapshots |
සීතල හුළං ජනෙල් උඩින් ගෙදරට එන්නේ
රෑ කළුවරේ ආකාසෙන් බිංදු වැටෙන්නේ
කකුල් දෙකත් සීතල වී ටිකක් රිදෙන්නේ
පොරෝණාව අත වැනුවට යන්නට බෑනේ
![]() |
| Department of Botany University Of Peradeniya |
පළවෙනි වර ලිව්වේ මෙඩ්ඩෙක් වෙන්න නොවේ
හිතේ තිබුනේ පේරා බොටැනියම තමා
ඒත් අනේ වෙන්ට වෙදෙක් හිතුනා පස්සේ
කොරා ඉතින් දෙවනි පාර ආයෙත් ඒ ඇල්
කවුද හිතුවේ මෙහෙම දෙයක් වේවි කියාලා
බයෝ රසායනේ සමඟ පිසියො ඇවිල්ල
සැරින් සැරේ ඩී අයි එස් හොල්මන් කරලා
එක පාරයි තාම කැපුවෙ මැරුණ මාමලා
![]() |
| Image Source |
මේද අම්ල කාබොක්සිල් බජවු දාන්නේ
එහෙන් මෙහෙන් හන්තානත් ඔමරි පාන්නේ
ඒ මදිවට මේ දින වල හොඳට වහින්නේ
වැස්ස වුනත් කැලේ පනින්ටමයි හිතෙන්නේ
මොළේ සෛල විකාරයෙන් පල්ස් යවන්නේ
අනාගතේ ගැන හිතලා මඤ්ඤං වෙන්නේ
අනේ අපොයි මෙහෙම වෙතැයි කවුදැයි හිතුවේ
වෙදෙක් නෙවේ මොකෙක් වුනත් පට්ට දුකක්නේ
අම්මපල්ල වෙදෙක් වීම පට්ට අමාරුයි
ඒ හින්දා වෙද්දුන් හට ගරු කළ යුතු වෙයි
කොහොම වුනත් මට නම් දැන් නිදන්ට හිත යයි
ඒ වුනාට හිතේ බයට නිදන්නට බයයි
![]() |
| Image Source |
අනාගතෙත් දුකම තමා මං දන්න ලෙස
කීවොත් මහ රෑක වුව බඩවල් පැලිය යුත
පිනක් නිසා කොහොම වුනත් වෙදෙක් වෙන්ට වෙයි
අනේ ඉතින් එතකං මට මේ කට්ට තමයි
(ඒත් ඉතින් වෙලාවක මොකටද කියල හිතෙයි
ගහක් කොලක් හිටවන් පාඩුවෙ සිටුම හොඳයි
මේ අදහස එක අතකට වැරදි නැති හැඩයි
ඒත් ඉතින් දැන් ආපහු යෑම බොරු තමයි)
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com




වැස්සයි, සීතලයි එක්ක මිහිරිට කවි සිතුවිලි පහල වෙලා තියෙන්නේ...:))
ReplyDeleteහපොයි අර බඩක් කපලා එලියට ඇදලා ගන්නේ මොකක්ද? දැක්කාම බයත් හිතෙනවා.
අමාරු තමයි දැන් ඉතින් මොනවා කරන්ටද? කොහොමහරි අර ඔයා කියලා තියනවා වගේ 'කට්ට කාගෙන' ඉන්ට...:D
අර උඩ පින්තූරේ ඉන්න අසරණයා දැක්කාම නම් දුක හිතෙනවා.
හපොයි මම දැනුයි දැක්කේ මේක ලියලා තියෙන්නේ කාන්තිටනේ. D:D:D
ReplyDeleteහොඳයි. ලස්සනයි. ඔයාම මේක තව සැරයක් ලියන කොට තව ලස්සන වෙනවා.
ReplyDeleteජීවිතයේ වැඩි හරියක් දුකමයි ඇත්තෙ
ReplyDeleteඑය අප හැම දෝතට අරගෙන උපදින්නෙ
වෙදෙක් වෙන්ට ඔබ හට මා අසිරි පතන්නෙ
මල්ලියෙ මෙ කාන්ති කව්දැයි පවසන්නෙ
මම හැමදාම ඔබට කියනවා වගේ දුක දිනා ජය ගන්න. එයටම ශක්තිය ඔබට ඇත. වෙදුන් අතර වෙදෙක් වෙන්න. මුදල අප පසුපස එනවා. මුදල් පසුපස යායුතු නැහැ. වන ප්‍රේමය දිගටම තබා ගන්න. වෙදෙක් වුනාට පසු ඉන් ප්‍රයෝජන ගන්න හැටි මම කියා දෙන්නම්, නොමැරී සිටියොත්. මැරුනොත් ඔබට ඒ සියල්ල ලැබෙන්න සලස්වනවා නියතයි. ඔබ මට ගැලපෙන මිනිසා බව මම හොදින්ම තේරුම ගෙනයි ඉන්නේ.
ReplyDelete.
ReplyDeleteරජෙක් උනත් මොටද අනේ ලෙඩෙක් උනෝතින්
වෙදෙක් වෙන්නේ පිනට අනේ මේවා පෙර පින්
අපි නං ඉතිං බිට් එකක්, බයිට් එකක් එක්ක පාඩුවේ ඉන්නවා
ReplyDeleteකවිත් ලියන්න පුලුවන් ඈ
ReplyDeleteඔබට සුභ පතනවා සහෝදරයා. රැල්ලේ සිටින තවත් එක් වෛද්‍ය වරයෙක් වෙනවා වෙනුවට, ඔබ යා යුතු මග ඔබටම පැහැදිලි ඇති.
ReplyDeleteස්තූතියි ඉඳුනිල් අයියා...
ReplyDelete