Friday, December 30, 2011

දින තුනක් වුව


දින තුනක් වුව නොවැයුවේ ඇය
බොහෝ කල් ලෙස එය හැඟේ
වැයූ විට ගිටාරය ආයෙත්
දැනේ වෙනදා නැති රසක්



හිතවත් පාඨකයිනි,
මා ටික දිනක් විවේක ගත්තෙමි,
විවේකයට ගිය විට බ්ලොගය ගැන හොයන්න බැරි හෙයින් ඇනෝ කමෙන්ට් වැසීමට සිතුවෙමි,
මක් නිසාද යත් යම් ඇනෝවෙක් අනවශ්‍ය කමෙන්ට්ස් දැමුවොත් එයට පිළිතුරු දීමට මම නැති නිසාය :)
මා ගැන සොයා බැලූ හිතවතුන්ට ස්තූතියි ....




මේ මම අහල තියන ආසම හිතෙන ගිටාර් සෝලෝ එකක්...
අහල බලන්න,,,

ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

12 comments:

  1. ඕන දෙයක්‌ නැති වෙද්දි අගය වැඩිනෙ කොහොමත් නේද?

    ඒක තමා මාත් බැලුව මල්ලි කොහෙ ගිහින්ද කියල..

    අපිට ලබන වසරෙත් ඔයාගෙ හොඳ අදහස්‌ වලින් පිරුණු ලිපි කියවන්ට ලැබේවා ! නවවසරේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !!

    ReplyDelete
  2. හරි හරි දැන් ආයෙත් වැඩනෙ... එහෙනම් අලුත් රසයෙන් දෙමු වැඩක්

    ReplyDelete
  3. ස්තූතියි ගීත් අයියා...
    ටික දවසක් විවේක ගත්තා...
    ඔයාටත් එසේම වේවා!

    ලොකු ජෝන් මාමා:
    ඔව් අළුත් විදිහකට ලියන්න ඕන...
    ස්තූතියි නිතර ඇවිත් දිරිගන්වනවට..

    ReplyDelete
  4. ගිටාරයක් මටත් ඇතේ
    ඒකේ වැයුම මා නොදතේ
    ඉගෙනගන්ට ආස සිතේ
    ඒත් වෙලාවක් නොමැතේ :(

    ජය වේවා...!!

    ReplyDelete
  5. ඇත්නම් ගිටාරයක්
    අපහසු නැත ඉගෙනුම
    වැඩම කර කර ඉන්න විට
    වයන්න එය සැහැල්ලු වෙන්න...
    ස්තූතියි සුදු මැණිකේ නංගි!

    ReplyDelete
  6. මට ගිටාරයක් නැත
    වයන්නටද නොදනිමි
    නමුදු එහි
    වැයුමට ඉතා
    ආසාවෙන් සවන් දෙමි..

    ReplyDelete
  7. හ්ම්ම්....කමෙන්ට් කරන්ට පුලුවන් කියලා දැනගත්තේ දැනුයි මිහිරි.

    ඔහොම තමයි කැමති දේවල් ටික දවසකට නොදැක හිටියම.

    පොඩ්ඩිට නම් ඉතින් ගිටාර් ගහලා සිංදු කියලා එවන්ට කෙනෙක් ඉන්න හන්දා හොඳයි...:D

    ඔයාට පැතුම් ඉටුවෙන සුබ නව වසරක්....!!!

    ReplyDelete
  8. පුංචි කුමරිහාමි:
    ස්තූතියි,
    අහන්නට සතුටුයි ඔබත්
    කැමති බව ගිටාරයට
    මමත් කැමතිම දෙයක්
    මා සතුව දැන් තියන

    පොඩි කුමාරිහාමි ආර්යාව:
    ස්තූතියි...
    ඒකනෙ කියන්නෙ ටික දවසක් නැතත් ගොඩක් දැනෙනවා...
    හ්ම්ම් එක හොඳා...
    ඔබතුමියට නිදාගන්න කලින් සිංදුවක් අහන්න පුළුවන්...
    ඔබටත් එසේම වේවා!

    ReplyDelete
  9. දැන් දාල තියෙන බැක්‌ග්‍රවුන්ඩ් එක ගොඩක්‌ ලස්‌සනයි....

    ReplyDelete
  10. අළුත් අවුරෑද්දට බ්ලොගයට අළුත් ඇඳුමක් අන්දලා තියෙන්නේ. අගෙයි අගෙයි. :)

    ජය වේවා...!!

    ReplyDelete
  11. හැබෑට අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ඇඳලා නේද? හරිම ලස්සනයි.:D

    ReplyDelete
  12. ගීත් අයියා, සුදු මැණිකේ නංගි සහ පොඩි කුමාරිහාමි ආර්යාව:
    ස්තූතියි ස්තූතියි ස්තූතියි....
    ඊයෙ රෑ ඇන්දුවෙ මේක,
    මේක තාවකාලික ඇඳුමක්,
    පස්සෙ හොඳ එකක් අන්දනවා...

    ReplyDelete