Monday, December 12, 2011

කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පා තිය තිය..

මේ හග්ගල දි හම්බුන ගස් ටිකක්.
පළවෙනි එක කැමීලියා මල් Camellia japonica.
මේවා හරි ලස්සනයි.
ගෝඩෝනියාගේ ළඟම නෑයෙක් කැමීලියා එකම පවුලෙනෙ.
හරි ලස්සනයි.
ඒත් සුවඳ නම් නෑ.

ඒත් අන්තර්ජාලෙත් තියනවා සුවඳයි කියලා..
මගෙ නහයෙ වරදක්ද දන්නෙ නෑනෙ.
කැමීලියා තේ ගස් වල ලේ නෑයො.
ඒ කියන්නෙ තේ වල නම Camellia sinesis.
ඒත් තේ සහ මේ කැමීලියා යන දෙන්නම පිට රටින් ආපු අය.
ලංකාවෙ මුල ඉදන් හිටිය කැමීලියා Camellia kissi .




ඊළඟට රට අත්තන Angel's trumpet ,
මේ ගහත් අත්තන වගේම විස අඩංගු එකක්.
මේවත් පිට රට ඉඳන් ආවේ,
එච්චර වැදගත් නෑ තමා,
ඒත් මේ පැත්තෙ මෙහෙම ගෙඩි හැදෙන්නෙ නෑ,
මං හිතන්නෙ සීතල මඳි ඇති.
මේ මල් දැකල ඩාවින්චි කීවලු මේකෙනුත් පැනි බොන්න හමිං බර්ඩ් කෙනෙක් පරිණාමය වෙලා ඇති කියලා.
එහෙම එකෙක් ඉන්නව.
ඒත් මම නම් පරිණාමය පිළිගන්නෙ නෑ.

Brugmansia suaveolens
Sword Billed Humming Bird
ඊළඟට සිංකෝනා ගහ,
මේක තමා මැලේරියාවට බෙහෙත් කරන්න ගන්න ක්විනීන් හදන්න පාවිච්චි කරන ගහ,
මේකත් ලංකාවට හඳුන්වා දුන්න එකක්.
කෝපි වගේම සිංකෝනා වගාවත් අසාර්ථක වුනාලු.
Cinchona sp




ආය හග්ගල ගියොතින් මේ ගසුත් බලල එන්න

14 comments:

  1. කැමීලියා වර්ග ගොඩාක් තියනවා ඒ වගේම ලස්සන පාට වලින්....සුදුපාට එක හරීම ලස්සනයි....තව තනි මල් වශයෙනුත් පොකුරු වශයෙනුත් තියනවා.....රෝසමල් වගේම නෙලුම්මල් වගේ පිපෙන කැමීලියාත් මෙහෙ තියනවා...(ලංකාවෙ නම් නෙවේ.)

    ReplyDelete
  2. ඒ සිංදුවත් මල් වගේම ලස්සනයි. මගේ ප්‍රියතම ගායකයෙක්..

    ReplyDelete
  3. ලස්සන හැම මලම සුවද නෑ
    සුවද හැම මලම ලස්සන නෑ
    සමහර මල් සුවදත් නෑ ලස්සනත් නෑ
    ඒත් සමහර මල් ලස්සනයි ඒ වගේම සුවදයි

    ජය වේවා................!!!

    ReplyDelete
  4. කැමීලියා මල් සිංදුවට ආස වුණාට.. අදනෙ දැක්කෙ කැමිලියා මලක්..!

    ගොඩක් වටින තොරතුරු..

    ස්තූතියි ඔබට.. :)

    ReplyDelete
  5. sinduwen ahuwata mokada Kameelia mal 4to 1kakin hari dekke adamai :)

    ReplyDelete
  6. කැමීලියා මල් මෙහෙත් තියනවා. ලස්සන මල. අපූරු තොරතුරු. :D

    ReplyDelete
  7. මලනම් හරිම ලස්සනයි . සුවඳ නෑති නිසා බඹරු එන්නේ නෑද්ද ?

    ReplyDelete
  8. මේකත් නිකන් උදභිතඋද්‍යානයක් වගේනේ...

    ReplyDelete
  9. මල නම් ගොඩක්‌ ලස්‌සනයි.දැන් ඒ සින්දුව අහද්දි මල්ලිවත් මතක්‌ වෙයි.

    ReplyDelete
  10. වසිලිස්සාDecember 13, 2011 at 8:31 AM

    කැමෙලියා මල ගැන අහල තිබුනට, මේ මලත් දැකල තිබුනට අදයි දැනගත්තේ මේ තමයි කැමෙලියා කියල .වටිනා පොස්ට් එකක්

    ReplyDelete
  11. කැමීලියා පිපෙන්නෙ වසන්ත කාලෙට.....දැන් ශීත කාලෙ....ඔයාට ගූග්ල් එකෙන් තමා බලන්න වෙන්නෙ.......

    ReplyDelete
  12. වසිලිස්සා:
    අද දැනගත්තනෙ :)
    දැන් දන්නවනේ...

    වින්චැට් කිරිල්ලි:
    මල් පිපුනම ඇරගෙන එවන්න...

    ReplyDelete
  13. //ඒත් මම නම් පරිණාමය පිළිගන්නෙ නෑ// අැයි ඒ??

    ReplyDelete
  14. මොකද මිනිසා කවදාවත් වානරයෙක්ගෙන් පරිණාමය වෙන්න බැරි නිසා,
    අනික බුදු දහමේ පැහැදිළිව සඳහන් වෙනවා මිනිසා ඇති වෙන ආකාරය,
    විද්‍යාත්මකවත් පහදන්න පුළුවන්,
    ශාක සහ අනික් සතුන් පරිණාමය වෙනවද මංදා...
    කොහොම වුනත් ලොකේ වෙන ගොඩක් දේවල් අපි අථ්ර්‍කතනය කරන්නෙ හරි විදිහට නෙවේ,
    ඒකයි විද්‍යාව දවසින් දවස වෙනස් වෙන්නෙ...

    ReplyDelete