Sunday, October 16, 2011

මාර ගස් ගැන මාර කතාවක් - මොකද්ද සංරක්ෂණය ?

මම මේක ලියන්ට ගොඩක් කල් හිත හිත හිටියා.
ඒත් ලියන්ට බැරි වුනා.
ඒත් මට ඊයේ ඒක මතක් වුනා මගෙ ලිපියකට ලියපු අදහක් නිසා.
ඒක දාපු සහෝදරයට  ගොඩක් ස්තූතියි.
කොහොම වුනත් මට කියන්න තියන ගොඩක් එව්ව ලියන්ට ඕන.

ඉස්සල්ලාම මට කියන්න තියන්නෙ මම මේ විෂය ගැන ඩිප්ලෝමාවක්වත් නැති කෙනෙක් කියලා.
මම තවම පොඩි කොල්ලෙක්.
ඒ නිසා කෙනෙක්ට අහන්න පුළුවන් ඔයාට මොකද්ද තියන සුදුසුකම මේක ලියන්න කියල.
ඒකට දෙන්න තියන උත්තරේ මට ඕන හින්දා මම ලියනවා, එකට සුදුසු කමක් ඕන නෑනෙ,
කැමති නැත්තං බලන්න එපා.
වැරැද්දක් තියනව නම් ප්‍රසිද්ධියේ හරි කියන්න කියල.
ඊළඟට අහයි ඔය මේ කියන ඒවා ඔක්කොම කරනවද කියලා...
කියන්න ලෙසියි කරන්න ආමාරුයි කියයි.
දැනට නම් දාපු ඒවා ඔක්කොම වගේ කරන ඒවා.
ඒත් මට හිතුනොත් මම කරන්නෙ නැති එකක් වුනත් දානවා.
මොකද මම කොළඹ තට්ටු ගෙදරක පොඩි කෑල්ලක කුළියට ඉන්නව නම්,
මට මේ කියනව වගේ ජමනාරං නෙවේ රෝස ගහක් වුනත් හදන්න අමාරු වෙන්න පුළුවන්.
ඒ වගේම වෙලාව මදි වෙන්න පුළුවන්.
ඒත් මේක කියවන කෙනෙක් ඉන්න පුළුවන් දැවැන්ත වත්තක් තියන ඒකෙ නිවී හැනහිල්ලේ ගස් 1000ක් වුනත් හිටවන්න පුළුවන්.

උදාහරණයක් විදිහට මට ඇත්තටම ආසයි මාර ගහක් හදන්න.
ඉතින් ඒකට මට කොහොමටවත් ඉඩ නෑ.
ඒත් මට පුළුවන් මට ආසයි කියල දාන්න,
සමහරවිට මේක කියවල කෙනෙක් මාර ගහක් හදයි.
මට ආස එහෙම එකක් හදල ඒකෙ ඕකිඩ් වර්ග, කඩුපුල් හැදෙනවා බලන්න, තව ගහ යට රවුමට වාඩි වෙන්න තැනක් හදන්න.

ෆොටෝ හොයනකොට මතක් වුනේ මම හතේ අටේ ඉන්නකොට අපි හැම වෙලේම බලන්නෙ ගහක් යට පන්තියක් ඇරෙන්ජ් කරගන්න.
මට මතකයි ඒක යට ඉන්නකොට පිළලිච්චො (Pale Billed Flower Peckers) කෑගහපු හැටි, සහ පිළිල (Dendrophthoe spp)ගෙඩි වැටිලා තිබුණ හැටි.
ඒක තිබුණේ ජෑම් සහ අඹ ගහක් යට.
මට හිතෙන්නෙ ගස් යට අධ්‍යාපනෙත් ඉගනීමට ඇතුලත් කරන්න ඕන.
යුධ පුහුණුවත් නියමම ගස් යට අත්දැකීමක්.

මාතලේ සිට එකේ යනකොට මාර ගස් වල මේවා පිරිලා තිබුණා.
ඒත් සංවර්ධනේ මුවාවෙන් ඒ ගස් කපනවා දැන්.


එහෙම ගහක තිබිලා මට හම්බුන ඕකිඩ් එකක් මේක Acampe praemosa.
මේක සුලබයි.
ඒත් වටිනවා. 
ඒත් මම මේ බ්ලොග් එක ලියනවා.
මොකද ඒ දේ කරන්න බැරි වුනත් මම ඒ දේ කරන්න ආස නිසා.
මට කොහොමත් මේක ලියන එකෙන් තෘප්තියක් තියන්ව ලොකු.
මොකද මම දන්න තරමින් මේ වගේ සිංහල බ්ලොග් එකක් නෑ.
අනික මට ඉස්සර ඉඳලා ආසාවක් තිබුණා ලියන්න,
ඉස්සල්ලම විදුසර, අපේ සංගමේ "යොමුව" වගේ ඒවට ලීවා.
පස්සෙ ෆේස්බුක් ලීවා.
ඊට පස්සෙ හදිසියෙම බ්ලොග් දැකල බ්ලොගයක් හැදුවා.
මට ප්‍රශ්නයක් නෑ ගොඩක් ෆලෝව'ස්ලා හෝ කමෙන්ට්ස් නෑ කියලා.
කියවන අයගෙන් එක්කනෙක් හරි ආසාවෙන් මේක කියවල ටැප් එකක් හරි නිකරුණේ ඇරල තියනකොට ඒක වහල යයිනෙ,
පාරේ නිකරුණේ පත්තු වෙන ලයිට් එකක් හරි නිවයිනෙ.
අඳුරේ ඉදගෙන ඒකට ශාප කර කර ඉන්නෙ නැතුව වඩා එක ඉටි පහනක් හරි දල්වන එක වටිනවා ලුනෙ.
මම දැන් වෙන ක්ෂේත්‍රයකට අදාලව ඉගනීම කරාට, මගෙ ඉස්සර සිහිනය වුනේ උද්භිද විද්‍යාව හදාරන්ට.
මට ඒකට අවස්තාව ආව මගෙ පළවෙනි උසස් පෙළ උත්සාහයෙදි.
මට මෙහෙම ආසාවක් ඇති වෙන්න හේතුව මම ඒ පැත්තෙං ගොඩක් ඉහලට ගියපු අයට ආසා කිරීම සහ,
සොබාවට ඇති නොනිම් ආසාව.
මගේ ආසාව වුනේ ආචාර්ය සිරිල් විජේසුන්දර වගේ කෙනෙක් වෙන්න.
ඉතින් මගෙ හීනේ වුනේ පේරා සයන්ස් ෆැක් එක.
ඉතින් පළවෙනි පාරම ඒකට උඩින්ම යන්න චාන්ස් එකක් ආවා.
ගිය අවුරුද්දෙ ජූලි පළවෙනිදා මට එහෙට එන්න කියල ලියුමකුත් ආවා.
ඒත් මම හිතුවා මෙහෙම,
මේ දේවල් කරනවට වඩා අහිංසක මනුස්සයෙක්ට බෙහෙත් ටිකක් දෙන එක, පිහිට වෙන එක හොඳයි කියලා.
ඒක ලොකු පිනක්.
මට මේ සිතුවිල්ල උපද්දවන්ට උපකාර කරේ මගේ භෞතික විද්‍යාව ගුරුවරයා.
ඒ සර් කීවා නිකං පුළුවන්කම තියාගෙන සයන් යන්නෙපා කියලා.
ඉත්ං සර්ට පිං සිද්ද වෙන්න මම අද පේරා මෙඩි ෆැක් එකේ.
සයන්ස් එකට තවම ආසයි ඉතිං.
ඒත් කමක් නෑ මේකෙන් මිනිසුන්ට යහපතක් කරන්න බලනවා.
ඔය ඇති ඒ ගැන.
කොහොම වුනත් මම විවෘතයි ප්‍රශ්න වලට.
මම දැන් සංරක්ෂණේ ගැනත් ලියනවා කමක් නෑ දිග වැඩි වුනාට.

සංරක්ෂනය කියන්නෙ පරිසරේ කිසිම දෙයක් ප්‍රයෝජනේට ගන්නෙ නැතුව කිසිම දෙයක් වෙනස් කරන්නෙ නැතුව කැලෑවල් වටේ බැමි ගහල, සත්තුන්ට යන්ට බැරි වෙන්න එකට උඩින් දැලකුත් ගහල මිනිස්සුන්ට ඒකට යන්ට තහනම් කරනවා කියන එක නෙවේ.
වර්තමානයේ ජීවත් වෙන පරපුර උපරිම ප්‍රයෝජනයක් ගන්මින්, මතු පරපුරටත් ඉතුරු කරමින් කරන භාවිතයක්.

අපි හිතමු දැන් මොකක් හරි ගස් වර්ගයක් තියනවා ඒක දුර්ලභයි, ඒ වුනාට ලීය ගෘහ භාණ්ඩ හදන්න නියමයි.
අපි ඒ ගහ සංරක්ෂණේ කරන්නෙ කොහොමද?
අපි ඒ ගහ බෝ කරගන්න ඕන.
ඒකට පටක රෝපනය වගේ ක්‍රම යොදාගන්නවා.
ඊට පස්සෙ මොකද කරන්නෙ,
අපි ඒ හදාගත්තු පැල ටික කැලෑ වල විතරක්ම හිටවලා ඒවා වටේට වැටක් ගහල තියාගෙන ඉන්න එකද?
නෑ පුළුවන් තරම් ගස් හදාගෙන ඒ ගස් වලින් ප්‍රයෝජනයක් ගන්නත් ඕන.
අපෙ රටේ තියනවා ලස්සන වනමල් ඒවා අපිට පුළුවන් දියුණු කරන්න ජාන තාක්ෂණය මඟින්.
නැතුව අපි ඒවගෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව තියාගෙන ඉඳල විතරක් වැඩක් නෑ.
දැන් බලන්න අපෙන් හොරකම් කරපු බිනර (Exacum trinervium sub sp macranthum), දැන් ඕලන්ද කාරයෝ ඒ ගහට පෙටන්ට් අරගෙන.
මේකට බලන්න අපේ දේශීය ගහ පෝච්චියක හදන්න පුළුවන් විදිහට දියුණු කරලා,


අපේ ගහයි ඒ ගහෙයි වෙනස බලන්න,
මේ ලින්ක් වල තව ඇති.
කියන්නෙ ජෛව මංකොල්ලය (Bio Piracy) කියලා.
හොරකම් කරලා ඒ මල් දියුණු කරලා ජාන තක්ෂණයෙන්,
ගිනි ගණන් වලට අපනයනය කරනවා ලෝකෙ පුරාම.
හොරකම වැරදියි.
ඒත් අපිටත් තිබුණා ඔය ටිකම කරන්න ලංකාවෙ.

තව තියනවා හොරකම් කරපුවා, මේත් එහෙම එකක් Impatiens repens ආයෙත් ඉතිං මම ම දීලා වැඩක් නෑනෙ ඔයාලම මේක අන්තර්ජාලෙ හොයල බලන්න කොච්චර ලස්සන මලක්ද කියලා.
මේකත් බිනර වගේම අපිට ආවේණික එකක් ඒත් සුද්දො හොරකම් කරා..
මොකද්දෝ රටක් කොහොඹ වලට පේටන්ට් ගන්න ගියා.
ඒත් ඉන්දියාව නඩු දාල ඒක ආය ගත්තා.
ඒ ඉන්දියාව.

අපිට වෙලාවකට පරිසරයට හානි කරන්න, වෙනස් කරන්නත් වෙනවා.
ඒකට කරන්න දෙයක් නෑ.
අන්තවාදී වෙන්නත් බෑ.
පොඩිම උදාහරණෙ අපෙ ගෙදර වල් ගහක් තියනවා, අපිට ඒකෙන් ගොඩක්කරදරයි නම් අපිට වෙනව ඒක ගලවන්න.
ගහක අත්තක් වහලෙට නැමිල තියනව නම් අපිට වෙනවා ඒක කපල අයින් කරන්න.
අපිට කියන්න බෑ හැම තැනම ලොකු ගස් , ගෙඩි හැදෙන ගස් විතරක් හදන්න කියන්න,
අපිට සිද්ද වෙනවා සමහර තැන් වල මල් ටිකකුත් හදන්න.
එහෙම නැතුව වැඩක් තියන් ඒවාම විතරක් හදන්න පුළුවන් නම් හොඳයි.
ඒත් මල් ගස් වලිනුත් වැඩක් තියන්වා,
ඒකත් ගහක්.
තව ලොකු ගණයේ උදාහරණයක්.
ඔන්න පේරාදෙණියෙ උද්භිද  උද්‍යානය තියනවා, අක්කර එකසිය පනහක් විතර,
කෙනෙක් කියනවා මේක මෙහෙම තියල හරියන් නෑ,
මේ මොනවද, මලුයි, තල් මාවතුයි, පිට රටින් ගෙනාපු නුග ගසුයි, තඩි පිට්ටනියි,
මේවා වැඩක් නෑ.
මේකෙ පිට්ටනි නැති කරල මෙතන හදන්න ඕන කැලයක් කියලා..
ඒක හරිද?
හරි යන් නෑ.
මොකද ලෝක සම්මතය එහෙම නෙවේ,
මිනිස්සු හැමෝම වගේ ලස්සන දේවල් වල ආසයි.
අනික ඒ දේවල් වලිනුත් සේවය වෙනවා,
ඒත් මම කියන් නෑ ඔක්කොම තැන් එහෙම විය යුතුයි කියලා,
එක එක තැන් එක එක විදිහට.
මම කියන් නෑ සිංහරාජ හරහා පාරක් කැපිය යුතුය කියල.
තමන්ට පුළුවන් නම් අවබෝධෙන් යුතුව වැඩක් කරන්න,
එතනයි වටිනාකම තියන්නෙ,
වල් ගහක් වුනත් ඒකත් සත්තුන්ට හරි වටිනවනෙ කියල ඉතුරු කරන්නත් පුළුවන්,
මේක මෙතන තියල බෑ, මේ දර්ශනය කැත වෙනවා, මෙතන මල් ගහක් හදන්න ඕන කියල ගලවන්නත් පුළුවන්,
ඒ නිසා අන්තවාදි වෙන්නවත් විනාස කරන්නවත් එපා.
හරි දේ කරන්න.
එතනිනුයි සැබෑ සොබා සුමිතුරෙක් බිහි වෙන්නෙ.

9 comments:

  1. මම නම් මැෂින් එක ඕපන් කරපු ගමන් ඔයාගේ බලොග් එක තම බලන්නේ. එච්චරටම ගන්ඩ දේවල් මට තියෙනවා ඔයාගේ බලොග් එකේ. ඔයා කරන්ට කියන දේවල් වලින් හොදක් වෙන්නේ ඒක කරන අයටමය් . ඉතින් ඔයාට ඒ කියන හැම දේම කරන්ට බැරි උනත් අනුන් ගැන ,සොභාව ධර්මය ගැන හිතල කියන එකම කොච්චර හොඳ දෙයක්ද. දිගටම ලියන්න අපි බලන් ඉන්නවා. ජය වේවා!!

    ReplyDelete
  2. දිගටම ලියන්න. එකක් ඔබේ තෘප්තිය සඳහා. අනෙක කෙනෙකු හෝ දැණුවත් කිරීමට.

    ReplyDelete
  3. මගෙත් ලොකු අසාවක් තියන්වා නුග ගහක් හදන්න....

    ReplyDelete
  4. Youth Exploration Society Of Sri Lanka-YES
    ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
  5. මම ඔයාගෙ blog1කට ආවෙ අර සර්පයො ගෙන තිබ්බ දවසෙ ඉදලා .ඉතින් හොදයි කියල හිතුනා කියවනව :D

    ReplyDelete
  6. ඇත්තටම අපේ රටේ දේවල් වලට අනිත් අය පේටන්ට් ගන්න එක වලක්වන්න බැරිද?ජාන ගැන අධ්‍යනය කරලා අපිට ඒවාට පේටන්ට් ගන්න බැරිද?

    ReplyDelete
  7. පේටන්ට් ගැනීම කියන්නෙ ලොකු ක්‍රියාදාමයක්,
    ඒ වගේම ඒකට ලොකු කාලයක් සහ වියදමක් යනවා.
    අනික පේටන්ට් ගන්න අදාල ශාකයෙන් නිෂ්පාදනයක් කරන්න ඕන.
    මමත් හරියටම මේ දේවල් ගැන දන් නෑ,
    හොයාගෙන දන්න බලන්නම්,,,
    ස්තූතියි කැහිබෙල්ලො

    ReplyDelete
  8. හරි හරි,හොයගෙන දාන්න,අනිත් අය අන්තිමට අපේ රටේ ඒක දේශිය ශාක වලටත් අනිත් අය පේටන්ට් ගන්නකන් අපි උඩබලාගෙන ඉන්න වේ,මුකුත් දන්නෙ නැතුව ඉදිවි අපි ඒ වෙනකන්ම.ඒ අතින් බලද්දි අපේ දැනුම හරි අඩුයි නේද?

    ReplyDelete
  9. කැහිබෙල්ලො,
    ඔව් ඒක ඇත්ත,
    දැනුම අඩු ඕවට තමා,
    ඕන නැති ඒවට නම් තියනවා,
    බලමු හොයල දාන්නම්,
    ඒත් මිනිස්සු දැනුවත් වුනාටම මදි මේ වගේ දේවලට....

    ReplyDelete