මම හැමදාමත් ආසාවෙන් බලන ෆිල්ම් ටිකයි තියන්නෙ,
පොත් වුනත් එහෙමයි.
ඈත කාලෙ බලපුවගෙන් ආස "Some Birds Can't Fly" කියන එකට,
ඒක බලනකොට මම පොඩියි.
ඒත් මම හැමදාම ඒකේ තියන පරිසරයට ආස කරා.
මම හැමදාම කියනවා වගේ පරිසරය එක්කයි ළමා ජීවිතේ ගෙවන්න ඕන කියන එක තමා ඒකෙත් කියන්නෙ.
මේක හැමෝම බලල ඇති කියල මම හිතනවා, ඒනිසා මේක ගැන ලියල වැඩක් නෑ.
කියන්නෙත් ඒ වගේම එකක්.
ඒකත් බොහොම ප්‍රසිද්ධයි.
මේක නම් ලංකාවෙ ප්‍රසිද්ධ ද නැද්ද කියල දන්නෙ නැති නිසා ලියනවා.
මේකෙ නම "Fantastic Mr.Fox" හෙවත් හිංගලෙන් අරුම පුදුම නරි මහත්තයා.
ලෝකප්‍රකට ලේඛකයෙක්, රෝල් ඩාල්,
ඒතරම් පොත් ලියපු කෙනෙක් නෙවේ,
පොත් අතලොස්සක් ලියපු කෙනෙක්, චාලි සහ චොකලට් ෆැක්ටරිය (Charlie and the Great Glass Elevator), මමියෝ(Big Friendly Giant) ,සහ එතුමගෙ පොඩි කාලෙ ගැන ලියවුන පොතක්(Boy: Tales of Childhood ) මම කියවල තියනවා.
(සිංහල පරිවර්තන, මට එච්චර ඉන්ගිරිස් බෑනෙ පොත් කියවන්ට තරම් )
කොහොම වුනත් මේ කතාව නම් හරිම ලස්සනයි.
මේකේ ප්‍රධාන චරිතෙ නරියෙක්.
සෙසු චරිත් නරි හාමිනේ, නරි පැටියා, නරි බෑනා, නරියගේ යාළුවා පැසිපොව්වා,
බැජරයා.
මිනිස්සුන්ගෙන් බෝගිස්, බන්ස් සහ බීන්ස්.
මේකෙ තියන ප්‍රධානම කතාව තමා නරියා සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා ඒකෙන් නරියා දිනන එක.
මේකෙ තියනවා මිනිස්සු කොච්චර තමන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නනවද කියලා සතුන්ට සහ සොබාදහමට.
මම තවත් මේකෙ කැමති දෙයක් තමා මේකෙ සංගීතය.
මේක ගැන ලියන්න ගියොත් වෙනම පොස්ට් දෙක තුනක් ලියන්න වෙයි.
ඔයාලම ෆිල්ම් එක බලන්න.
මේ කතාවෙ ගොඩාක් දේවල් ගන්න තියනවා බලනකොට තේරෙයි.
කතාව කියල කුතුහලය නැති කරන්න බෑනෙ.
මේ ලේඛකයා පරිසරය ගැන, සාහිත්‍යය ගැන කොච්චර හිතල තියනවද කියලා තේරෙයි ෆිල්ම් එක බැලුවොත්.
කොහොම වුනත් මේ කතාව නම් හරිම ලස්සනයි.
මේකේ ප්‍රධාන චරිතෙ නරියෙක්.
සෙසු චරිත් නරි හාමිනේ, නරි පැටියා, නරි බෑනා, නරියගේ යාළුවා පැසිපොව්වා,
බැජරයා.
මිනිස්සුන්ගෙන් බෝගිස්, බන්ස් සහ බීන්ස්.
මේකෙ තියන ප්‍රධානම කතාව තමා නරියා සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා ඒකෙන් නරියා දිනන එක.
මේකෙ තියනවා මිනිස්සු කොච්චර තමන්ගෙ බලපුළුවන්කාරකම් පෙන්නනවද කියලා සතුන්ට සහ සොබාදහමට.
මම තවත් මේකෙ කැමති දෙයක් තමා මේකෙ සංගීතය.
මේක ගැන ලියන්න ගියොත් වෙනම පොස්ට් දෙක තුනක් ලියන්න වෙයි.
ඔයාලම ෆිල්ම් එක බලන්න.
මේ කතාවෙ ගොඩාක් දේවල් ගන්න තියනවා බලනකොට තේරෙයි.
කතාව කියල කුතුහලය නැති කරන්න බෑනෙ.
මේ ලේඛකයා පරිසරය ගැන, සාහිත්‍යය ගැන කොච්චර හිතල තියනවද කියලා තේරෙයි ෆිල්ම් එක බැලුවොත්.
මේක ගැන ලියන්න හිත හිත එනකොට තවත් ලියන්න ඕන කියලා හිතුනා දෙයක්.
අපි සොබාවික පරිසරයේ ඉන්න සත්තු කූඩු කරගෙන ඉන්න එක බොහොම වැරදියි.
ලංකාවෙ දේශීය කුරුල්ලො, දඬු ලේන්නු ඇති කරන්න තහනම් වුනත් සමහරු මේ සත්තු ඇති කරනවා.
මේක මහ පවු වැඩක්.
කවදාවත් දන්න කියන කෙනෙක්ට මේ වගේ පවු වැඩ කරන්න දෙන්න එපා.
මම දන්න ගෙදරක් තියනවා ඒ ගෙදර ඉන්න ගිරවට අවුරුදු විසි ගානක් (20ගානක්) වෙනවලු.
ඉතිං හිතල බලන්න සතෙක් පොඩිම පොඩි කූඩුවක හිරකරල අවුරුදු විසි ගානක් තිබ්බම?
උට කොහොම දැනෙනවා ඇද්ද?
ඒ නිසා මේ වගේ දේවල් කරන අය ඉන්නව නම් ඒක තේරුම් කරල දෙන්න.
මේක මහම මහ පවු කාර වැඩක්.
හැමෝම ඉගෙන ගන්න ඕන නිදහසේ සොබාවික පරිසරේ ඉන්න සතුන් දැකලා උන්ගේ ලස්සන විඳ ගන්න.
උදාහරණෙකට මට කාලයක් ආසාවක් තිබුණා ගිරවෙක් හදන්න (ඒත් කූඩු කරල නෙවේ, කරේ තියාගෙන ඉන්න එකෙක් )
ඒත් මගේ වාසනාවට එකෙක් හම්බුන් නෑ.
දැන් මම දන්නවා සොබාවික පරිසරේ ඉන්න සතුන් දිහා බලල සතුටු වෙන්න.
අපෙ ගෙදරට ගිරවු ඇවිත් බත් කාල යනවට මම හරිම ආසයි.
එතකොටයි උංව ලස්සන වැඩි.
![]() |
හරී පොතේ Pdf එක හම්බුනා... කියවල බලන්න ඕන,,, ඒත් ඉතිං Pdf කියවන්න හිතෙන්නෙ නෑනෙ පොත් තරම්,


මේ ෆිල්ම් එකේ සංගීතය මටත් අල්ලලා ගියා, ෆිල්ම් එකත් මරු..
ReplyDeleteමුල ලිංක් දෙක බ්ලොගර් එකටනෙ යන්නේ..
මමත් පොඩි කාලේ ලේනෙක් හැදුවා ඇගේ තියාගෙන.කූඩුවක් තිබුනෙ නෑ...දවසක් මූට මීයෙක් ඇටෑක් කරා ගෙදර අල්මාරියක් අස්සෙ යන්න ගිහිල්ල...ටික දවසකින් මගේ "සුදූ" මාව දාලා ගියා...එදා ඉදන් අද වෙනකං මම සත්තු ඇතිකරේ නෑ....
ReplyDeleteසත්තු කූඩු කරන්නෙ මොන හිතකින්ද මන්ද . ඊට වඩා කොච්චර ලස්සනද උන්ට නිදහසේ ඉන්න දීල එයාලගෙ ඉරියව් නරඹන එක ..
ReplyDeleteඅද මම දැක්ක තාප්පයක් උඩ ලේන්නු වගයක් එක්ක ගිරවෙක් මොනවාදෝ කනවා. කොච්චර ලස්සන දර්ශනයක්ද ...
ඔබ කියවා තිබෙනවාද මේ පොත. නැතිනම් ඔබට අධ්‍යන වැඩ වැඩි වෙන්න කලින් හොයාගෙන කියවන්න. පේරා ආර්ට් පැක් එකේ පුස්තකාලේ තියනවා. ඔබට ඉතා වටිනා පොතක් වෙයි. KNUT HAMSUN - Groth of The Soil.
ReplyDeleteසත්තු කුඩු කරන හදන එකටනං මමත් කැමති නෑ,,
ReplyDeleteජය..
අපේ ගෙදරත් බව්වෙක් ඉන්නව දැන් වයස අවරුදු 14 ක් (බලු ආයුෂ වලින් බැලුවොත් මටත් වඩා නාකිය්) උගේ ජීවිත කාලෙම කවදාවත් බැඳල හිටියෙ නැහැ.
ReplyDelete