Sunday, October 16, 2011

කුමාරිහාමි අක්කේ බලන්න දැන් මේක තේරෙනවද කියලා ...

Carl Linnaeus
මේකත් මම ලියන්න කියලා හිතං හිටිය එකක්.
සොබා සුමිතුරු වෙන්න මේකෙන් වැදගත්කමක් කෙලින්ම නෑ.
මොකද මේ දේ ලෝකෙට එන්න කලින් ඕන තරම් සොබා සුමිතුරෝ හිටිය ලොකේ.
ඒත් ඉතිං දෙයක් ඉගන ගන්න එක වටිනවනෙ.
මේ දේ ටිකක් දැන ගත්තොත් ශාක සහ සතුන් ගැන තියන ඉංග්‍රීසි දේවල් තේරුම් ගන්න ලේසි වෙයි චුට්ටක් විතර.
අපි හිතමු අපි ගහක් ගැන හා ඔන්න අඹ ගහ ගත්තා කියමු.
ඔන්න ගියා බ්‍රවුසර් එකට  ගිහින් ගැහුවා "Mango" කියලා.
ඊට පස්සෙ ආව මොකක් හරි එකක් විකිපීඩියා කියමු.
මෙන්න තියනවා නමක් Mangifera indica කියලා මේ මොකද්ද?


මේකට තමා කියන්නෙ ද්වි පද නාමය (Binominal Name) කියලා.
මේක ලෝකෙට හදුන්වා දුන්නෙ කැරොලස් වොන් ලිනේයස්.
ඔහොම තමා මම දන්නෙ, මේක උච්ඡාරණය කරන්න.
මෙන්න විකි පිටුව ගිහින් බලන්න.
කොහොම හරි ලිනේයස් ගෝලයෙක් ලංකාවටත් එවල තියනවා.
තන්බර්ජ් , මෙයාට ගරු කරන්න තමා අපි හැමෝම දන්න තන්බර්ජියා කියන ශාක ගණය නම් කරල තියන්නෙ.
මෙහෙම ලංකාවට විතරක් නෙවේ ලෝකෙ වටේටම ගෝලයො සෙට් එකක් යවල තියනව ලිනේයස්.
සමහරු ඒ රටවලදිම මැරිල ආය ඇවිත් නෑ.
ඉතිං එයාලගෙ වයිෆ්ලා ඇවිත් ලිනේයස්ට බැනලා "අපිව අනාථ කරා" කියලා.
ඒ නිසා ලිනේයස් ආය ගත්තෙ බැඳපු නැති ගෝලයෝ විතරලු.
ඉතිං ලිනේයස් මෙහෙම යවපු ගෝලයො ගෙනාපු ශාක සහ සත්තු වර්ග 11,000 ක් විතර නම් කරලා තියනවා.
එයා නම් කරපුවගෙ අග "L" අකුරක් තියනවා.
උදා: Mangifera indica .L - අඹ
       Anona muricata .L - කටු අනෝදා
       Balaenoptera musculus .L - නිල් තල්මහ
ඉතින් ගෝලයො ටික දුක් විඳලා එකතු කරපු ශාක හා සත්තු ටික නම් කරලා ලිනේයස් නම දාගත්තා.
එක ගෝලයෙක් එයා එකතු කරපුවා දුන්නෙ නෑ කියලා ලිනේයස්ට හෙනට මළ පැනලලු.
අද කාලෙත් මේක තියනවා, එක්කනෙක් හොයාගත්ත එකක් විස්තර කරල වෙන එක්කනෙක් නම දාගන්නවා.
මහ කැත වැඩ.
කොහොම වුනත් ලිනේයස් කරපු දේ නිසා ශාක සහ සතුන් වර්ගීකරණය පිළිවෙලක් වුනා.
ඔන්න ඔහොමයි නමක් තියන්නෙ.
1.ගණ නාමය
2.විශේෂ නාමය
මීට අමතරව තියෙන්න පුළුවන් උප විශේෂය.
එතකොට මැදින් තියෙන්න පුලුවන්.
අන්තිමට හරියටම කෑලි බෑලි ඔක්කොම දාපුවම පේන්නෙ මේ වගේ.


Citrus grandis Var grandis .Osbeck 


හීං බෝවිටියා (Osbeckia ocrandra) අයිති ගණය නම් කරල තියන්නෙ මෙයාට ගරු කරන්න.
ලිනේයස් මෙයාගෙ බැචාලු.
මේවගේ ජීවී විශේෂ වර්ගීකරණයෙදී කොටස් වලට වෙන් කරලා තියනවා ඒවාගෙ බාහිර රූපාකාරය සහ ඒවගෙ වෙනත් ලක්ෂණ සලකල.
ශාකයක නම් මල්, කොල සලකල ඒ වගේ.
දැන් නම් මේකට ජාන වලත් සමානකම් අධ්‍යයනය කරනවා.


විශේෂයක් කියන්නෙ, ලිංගික ප්‍රජනනයෙන් සරු දරු පරපුරක් බිහි කරන්න පුළුවන් ජීවීන් කණ්ඩයකට.
දැන් ව්‍යාඝ්‍ර දෙනයි (Panthera tigris) සිංහයයි (Panthera leo) එකතු වෙලා පැටියෙක් හැදෙනවා ලයිගර් (Ligar) කියලා.
ඒකා වඳයි. ඒ නිසා විශේෂයක් වෙන්නෙ නෑ.


මේ වගේ විශේෂ තියනවනෙ, මේ වගේ විශේෂ වලත් සමාන ලක්ෂණ තියනවනෙ,
අන්න එහෙම විශේෂ එකතු කරලා හදනවා ගණයක් කියල එකක්.
ඒ වගේ ගණ එකතු කරල හදනවා කුලයක් (Family).
ඔහොම ඔහොම එකතු වෙලා ගෝත්‍ර, වංශ, වර්ග, රාජධානි හැදෙනවා.


ඔන්න ආයෙත් මුලට එමු.
මෙන්න තියනවා මේ ද්විපද නාම ලියන එකේ රීති.

1.ඉංග්‍රීසි අකුරු භාවිතය.
2.ගණ නම සහ විශේෂ නම් අතර ඉඩක් තැබීම.
3.ලියනකොට වචන දෙකට වෙන වෙනම යටින් ඉරි ගැසීම.
4.ටයිප් කරනකොට ඇල අකුරු භාවිතය.
5.ගන නමේ මුලකුර හැර අනික් සියලු අකුරු සිම්පල් අකුරින් ලියනවා.
6.ලතින් හෝ ලතින් ඌරුවට (හුරුවට ) නමක් යෙදීම.
  ලිනේයසුත් ගොඩක් ලතින් භාවිතා කරපු නිසා එයාගෙ නම ලත් හුරුවට වෙනස් කරාලු.
අපෙ රටේ තියනව ආවේනික ශාකයක්.
ඒක නම් කරා මහාචාර්ය එම්. ඩී දසනායකයන්ට උපහාර පිණිස.
මෙතුමා තමා ලංකාවෙ දැණට තියන ශාක විස්තර කරපු හොඳම පොත් පෙල වුන Flora Of Ceylon පොත් පෙල සංශෝධනයෙදි මුලසුන ගත්තෙ.
ඉතින් ලතින් හුරුව ගන්න දැම්මෙ කියල dassanayaka නෙවේ dassanayakei කියලා විශේෂ නාමයට.
බලන්න මේක හුරුද කියලා?
Gordonia dassanayakei 


තව ඉතින් එක ළඟ එක ගණයෙ විශේෂ දෙකක් ලියනව නම්,මුල්ම එකේ විතරක් ගන නම සම්පූර්ණයෙන් ලියල අනික්වට විතරක් ගන නාමයේ මුලකුර යොදලා තිතක් ලියල විශේෂ නම ලියනවා.

කුමාරිහාමි අක්කෙ දැන් බලන්න දැන් මේක තේරෙනවද කියලා.
මේ තියන ගණයත් නම් කරේ ලිනේයස් ඒ නිසා ඒකටත් "L" දාලා.

Family : Rutaceae 

Genus: Citrus L.

A. Citrus aurantifolia (Christm. & Panzer) Swingle - දෙහි

B. C.grandis (L.) Osbeck
 1.var. grandis 
  ජම්බෝල

2.var. racemosa (Roem.) B. C. Stone 
   True grapefruit


මෙහි ඇත්තේ මම දන්නා ඒවා සහ උපුටාගත් ඒවාගේ සම්මිශ්‍රණයක් බව කරුණාවෙන් සලකන්න.

11 comments:

  1. ඇත්තටම Gordonia ceylanica කියන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
  2. සයුරි අක්කෙ,
    ඒක ලංකාවට ආවේණික, තේ කුලයට අයිති ශාකයක්.
    මේක තෙත් කලාපයේ තමා වාර්තා වෙන්නෙ.
    සිංහල නම මිහිරිය.

    ReplyDelete
  3. මිහිරි,

    දැන් නම් හොඳටම තේරුනා. ගොඩාක් ස්තූතියි. තේරෙන්නේ නැති දේවල් මේ විදියට තෝරලා දෙන අය හැම තැනම ඉන්නවානම් ජීවත්වෙන එක කොච්චර ලේසිද කියලත් හිතුනා. පුදුම දැනුමක්නේ අප්පා. ඔක්කොටම වඩා හොඳ ගුරුවරයෙක්.

    මාතෘකාව දැක්කාම ටිකක් ගැස්සිලා ගියා...:D:D:D

    ReplyDelete
  4. වටිනා විස්තරයක්. මෙන්න මේකයි බ්ලොග් අවකාශයෙන් සිදු විය යුත්තේ.
    ඔබ දන්නවද ලිනෙයස්ට වඩා සෑහෙන ඈත කාලෙකත් මේ විදියටම ශාඛ නාම කරනයක් තිබිලා තියනවා. මට දැනට මේක ගැන ලියන්න බැහැ. මම ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් ලියනවා. ඒක පබ්ලිෂ් වුනාම ලියන්නම්.

    ReplyDelete
  5. අදයි දැනගත්තේ ගොඩක් විස්තර....ස්තුතියි බෙදා හදා ගත්තට....

    ReplyDelete
  6. නියම.. ග්‍රේට් බ්ලොග්...

    ReplyDelete
  7. හරි අපූරුයි ...මිහිරි ..

    ReplyDelete
  8. මා දන්නා අන්දමට නම් තේ ගස අයිති කුලයට කියන්නෙ කැමීලියා Camelia කියලයි. Gardonica යන නම Thaeceae යන පවුලට (family) අයිති බව වශයෙන් හඳුන්වන්නෙ. සිංහලෙන් සුදු කූඩලු වශයෙන් හඳුන්වන්නෙ (Gardonica ceylonica) . මේ ශාක වර්ග අතරෙ වෙනස්ක් තියෙනව. මම වැරදි වෙන්න පුලුවන්.. Gardonica ceylonica කියන්නෙ මගේ අදහසේ හැටියට ඉතා විශාල දැනුමක් ඇති මහාචාර්යවරයෙක්.

    ReplyDelete
  9. nice lesson,hoda guruwarayekuge lakshana thiyanawa.man hithanne e obe guruthumiyage lakshanath wenna one.
    obe hekiyawath unanduwath godak age karanawa.
    (den thamai pahu una lipi kiyawanna lebune :) )

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගෙ ගුරුතුමිය හරිම හොඳ කෙනෙක්.
      ඔබට බොහොම ස්තූතියි කාලෙකින් හරි ඇවිත් කියෙව්වට.

      Delete