මගේ බ්ලොගය සොබාව ගැන කතා කරන නිසා මට මොන සහිත්‍යයද යැයි ඔබට සිතෙනවාදැයි නොදනිමි.
ඒත් මේ ලිපියද කවුරුන් හරි කියවනු ඇත.
තවත් බ්ලොගයක් පවත්වා ගැණීම අපහසු නිසා මම මෙහිම මෙවන් දේද දමමි.
මට මේ බ්ලොගයේ ලිපි වර්ග දෙකකට බෙදීමට අවශ්‍යය වුවත් මම ඒ ක්‍රමය නොදනිමි.
මා කලින් කී පරිදි මට රසවිඳීමට මහා සුන්දර පරිසරයක් තිබුණේ නැත.
එහෙත් තිබුණු පරිසරය කොතරම් සුන්දරද?
මා හිතන පරිදි මට උපතින්ම ගෙන ආ කැලෑ උණක් ඇත.
එය හැමෝටම හැදෙන්නේ නැත.
එය නැති අය වෙලාවකට මා වැනි සොබාවට වසඟ වූ අය දකින්නේ පිස්සන් ලෙසය.
උදාහරණයකට මා යුධ පුහුණුවට ගිය දින වල මට සැමදා දැක පුරුදු තෙත් කලාපයේ පරිසරය වෙනුවට වියලි කලාපය රස විඳීමට ලැබුණි.
මා කරේ ඒ පරිසරයේ සිටි ඉන්ද්‍ර නීල පියාපත් ඇති ඕක් බ්ලූ සමනලයන් පසු පස යෑම හෝ ගස් වැල් කුරුල්ලන් දෙස බැලීමය.
ඇත්තෙන්ම ඒ කටුක පරිසරය චිත්‍රපටියක් මෙන් මායාකාරීය,
මට හැකි වුනොත් එය ඔබට අසන්නට දෙමි.
එහිදී මට ලැබුණු කාඩ් එක "බොළඳා" යන්නයි.
එයට නම් තවත් හේතු විය.
එය මෙතැන විස්තර නොකරමි.
තවද එක් සමයක් මා සා.පෙළ කරන කල,
එක්තරා කොල්ලෙකු පණ්ඩිතයෙක් මට "ගස් මාමා" යැයි නමක් පට බැන්දේය.
එය ඔහුට ලැබුණ අයුරු මම නොදනිමි.
(මටද තරහව ඇති වේ, මම ඔහුට සහ ඔහුගේ මිතුරාට ඉන් පසු කතා කලේ නැත, අද වන තෙක්.
ඒ අර නම කීම නිසාම නොව ඔහුගේ අනෙකුත් චර්යාද මට අල්ලන්නේ නැති නිසාය.)
එහෙත් මට ඒ වන විටද සම වයස් අය අතුරින් මා තරම් ගස් වැල් ගැන විද්‍යාත්මකව දැන සිටි කෙනෙක් නැතැයි මම සිතුවෙමි.
එය ටිකක් ලොකු වැඩි පුරසාරමක් නම් මා තව වසර දෙකක් එය ඉදිරියට ගෙන එමි.
එවිටවත් එය සාධාරණ වෙනු ඇත.
මා කුඩා කල බසයේ යන විට අම්මාට වට පිට පෙන්නමි අම්මාගෙන් මොකක් හරි දැක්ක විට අම්මා "ඔව්" කියයි,
එහෙත් පසුව මට අම්මා හැම විටම එය නොදැක්ක බව වැටහිනි.
අම්මා සාධාරණය අම්මාට මට තරම් කැලෑ උණක් නැත,
අනික මම ඒ වන විට තරමක් ලොකුය.
ඒ නිසා මා පෙන්නන හැමදේ ගැනම බල බල යෑමට අම්මට නොහැකිය.
මම මේ ළඟදී සති දෙකකට පමණ පෙර ඒ පාරේ යන විටද අම්මට මොකක් හරි පෙන්වූයෙමි.
එවිට මට ඒ කතාව මතක් වී අම්මාට කීවෙමි අම්මා සිනාසුනාය. (මා ඒ කාලයේම අම්මාට "අම්මා බොරුවට නේද දැක්කා කීවෙ" යැයි කියා ඇත)
කෙසේ වුවද ඒ පාර දැන් වෙනස් වී ඇත,
මා කුඩා කල යාළුවෙකු සමඟ ප්‍රථම වරට මාළු ඇල්ලු දිය පාර කොන්ක්‍රීට් ගොඩකින් කැත කර ඇත.
මා ඇල්ලු මාළුවා වැලි ගොවුවෙකි(දැන් මැගේ දැනුමට අනුව ඌ බොහෝ විට Spotted Loach කෙනෙක් විය හැක) මම ඌ ගේ පිටිපස වූ ටැන්කියට දැමූවෙමි.
මට ඒවන විට මේ වර්ගයේ මාළුන්ට ගලා නොයන ජලයේ සිටිය නොහැකි බව නොවැටහුනි.
(මා එවිට දෙකේ හෝ තුනේ පන්තියක සිටියෙමි.)
ඌ පසුදින මියගොස් සිටියේය.
ඔහු සමඟ කොට්ටම්බා ඇහිලූ ගස කපා දමා ඇත.
අපි වතුර ගත් නල ළිඳ පමණක් ඉතිරිය.
මම එයින් වතුර බීවෙමි.
එය තවම හොඳට ඇත.
එය දැන් එතැන නැත, එතන කොන්ක්‍රීට් ළිං බට වැඩපොලකි.
මගේ යාළුවාද පසුදාක මට හමු විය,
ඔහු වෙනස් වී ඇති අයුරු නොකීමම හොඳය.
අනිත්‍යයතාවට හසු නොවන්නේ කුමක්ද?
අතීත කතා ලියන්න ගියොත් එය මටද කෙල්වර කරගත නොහැකි වනවා ඒ නිසා එය මෙතනින් නවතමි.
අපූ මට වඩා බෙහෙවින්ම කැලෑ උණ කාරයෙක්ය.
අපි දෙන්නාම උපන්ගේ කැලෑ පිස්සෝය.
එහෙත් ඔහු සුන්දරම සුන්දර ගැමි නොදියුණු පරිසරයක උපත් ලැබුවේය.
අවුරුදු ගණනාවක දුක් කම්කටොළු වලටද ඔහුගේ කැලෑ පිස්සුව හොඳ කිරීමට නොහැකි විය.
(මම එය හොඳ කරගැනීමට යත්න දරමි,එහෙත් තවම බැරි වුනි, සොබා මවට මා වැනි පුතෙක් පුංචි දෙයක් පෙන්නා හුරතල් කර වඩා ළයේ හොවා ගැනීම ඉතා පහසුය, ඒ නිසා ඒ පිස්සුව කවදා නම් සුව වේදැයි මම නොදනිමි.)
ඔහුටද මට මෙන්ම යාළුවෝ විසුළු කරෝය,
ඔහු ගස් වැල් ගැන විස්තර ලියන විට උඹට නම් පිස්සු කීවෝය.
අපුගේ ක්‍රියාකලාපය තේරුණේ බෙහෙවින්ම සුළු පිරිසකටය.
තවද මමද අපූ මෙන්ම තරු පිරි අහසට බෙහෙවින්ම ප්‍රිය කළෙමි.
මම ක්ෂීරපථය පෙණෙන සුන්දර ස්ථාන දැක ඇත්තේ එක වරක් පමණි.
මට ඒ අත්දැකීම වසර 6කට පමණ පසුත් තවමත් සිත මිහිරෙන් පුරවන එකකි.
අපේ ගෙදර වහලය මට හැමදාම කරදරයක් විය,
මට ලොකූ අහසක් බැලීමට තිබුණ බාධකය එය විය.
මට වහලයේ නිදාගෙන අහස බැලීමට ඕනෑ විය.
එහෙත් එය කිරීම නොහැකි විය, අපේ වහලය අනතුරුදායකය.
අරණකට පෙම්බැඳි සත්‍යවරණ අපි මෙන් උපන්ගේ කැලෑ පිස්ස්කෙ නොවූයේය.
ඔහු සොබවේ මායාවට අසු වී වශීකෘත වූයෙකි.
එහෙත් ඔහු අපට වඩා එක අතකට වාසනාවන්තය එක අතකට අවාසනාවන්තය.
වාසනාවන්ත වූයේ පොත තුල ගෙවූ ඔහුගේ අවුරුදු හයක කෙටි ජීවිතයේ ඔහු ඇති තරම් සොබාව වින්ද නිසාය.
ඔහු අවාසනාවන්ත වූයේ ඒ සොබාවම ඔහුගේ මැදිහත් වීම මැද විනාස වී ගිය නිසාය.
ජීවිතයේ ඉතිරි කාලය ඔහු ඒ ගැන සිතමින් පසුතැවිලි වුනේ ඒ නිසාය.
යුගල ප්‍රසාද්ද අමුතු ආකාරයේ උපන්ගේ කැලෑ පිස්සෙකි.
ඔහුට තිබුණ උණ අපිටත් වඩා (වෙසෙසින්ම මට වඩා)
ශ්‍රේෂ්ටය, ඔහුට ඕනෑ වුනේ අනුන්ගේ හෝ බිමක ගස් වැල් හිටවීමය.
මට ගස් වැල් හිටවීමේ උණ උපතින්ම ආවත් අනුන්ගේ හෝ බිමක් එයට හමු වුනේ නැත.
අම්මාද ඇගේ උරුමය සහොදර පෙම නිසා නාස්තිකාරයෙකුට පවරා මගේ උරුමය නැති කළාය.
එහෙත් මට සිතෙන්නෙ දැන් මම අනුන්ගේ හෝ තැනක ගස් සිටවිය යුතු බවය.
එහෙත් මගේ හිතේ ඇති සකෙලෙස් බව නිසාදෝ ඒ ගස් වලට දිගු කලකින් හෝ යන කලදසාව ගැන හිතෙන විට ගස් සිටුවීමට ඇති ආසාව උකටලී බවට පෙරලෙයි.
විභූතිභූෂණ අප සියළු දෙනාටම වඩා කැලෑ පිස්සෙක්, දක්ෂ කලා කරුවෙකි.
මම ඔහුගේ පොත් තරම් විශිෂ්ට නවකතා කියවා නැතැයි දැන් දැන් මට සිතෙයි.
ඒ තරම් ඒවා සාරවත්ය.
එහෙත් ඔහුගේ එක් උපමාවක් මමද කලින් වෙන ආකරයකට ලියා ඇති බව මට නැවත් ඒ පොහ් කියවන විට වැටහුනි.
මට සිතුණේ සොබාවට පෙම්බඳින හැමටම එකම අයුරකට දෙයක් පෙනී යා හැකි බවය.
එය විස්තර කිරීමට අප සිටින කාල්ය හෝ දේශය බලපාන්නේ නැත.
කෙසේ වුවද මම ඔහුගේ ළඟින්වත් තියන්නට නොහැක.
ඔහුගේ ලියමන් කියවන විට මට සිතෙන්නෙ එක්කෝ ඔහු හිතාමතාම මේවා මේ තරම් සුන්දරව ලීවා කියාය.
ඔහුගේ ලිවීමේ රහස් මට ටිකක් හෙලි වී ඇත.
ඔහු කිසිදාක ඔහු බෙංගාලයේ සිට ලියූ ඒ කතා වල රහස් දශක ගණනාවකට පසු ලංකාවේ කොල්ලෙකු තේරුම් ගනීවියැයි කිසිදා නොසිතන්නට ඇත.
අහඹු ලෙස මතක් වූ චින්තා ලක්‍ෂමියනි ඔබ නොවන්නට මට ඒ රහස් හෙලි නොවන්නේය, ඔබට අනේක වාරය තුති.
කෙසේ වෙතත් මට සිතෙන පරිදි මා ලෞකිකත්වය ලියැවුන පොත් වලින් වෙනත් පොත් ටිකකට මේ තරම් පිස්සු වැටේ යැයි මට නොසිතේ.
පැය දෙකක් හෝ එක හමාරක් එකදිගට ටයිප් කළ ලිපිය දිග වැඩිදයි නොදනිමි.
එහෙත් මට මේ ගැනම බ්ලොගයක් ලිවිය හැකියැයි මට හැඟේ.
විභූතිභූෂණයනි ඔබටත් අනේක වාරයක් තුති.
අවසන් වශයෙන් මම ළඟදී සිතීමට සිතුනු සිදුවීමකින් කතාව නවතමි.
බාලාංශයේ ළමයෙක් ලංගම බසයක් ගියර් පෙට්ටිය ළඟ අසුනේ යමින් සිටියේය.
අහෝ වාහන, දුම් රොටු, දූවිලි, බැනර්, බෝඩ් පිරි පරිසරය දකිමින් උදේ පාන්දර ගමේ සිට පාසලට යන හවස ක්ලාස් යන තෙරපෙන ළමයා කිසිදාක අපි මෙන් කැලෑ උණ කාරයෝ වෙයිද?



මෙහෙම උණක් හැමෝටම හැදෙනවානම් කොයි තරම් හොඳද? මේ ලියන ශෛලියට මම හරිම කැමතියි...
ReplyDeleteමම ගොඩක් වෙලාවට විනෝද චාරිකා යන්න කැමති ලස්සන ස්වභාවික පරිසරයකට. ඒ ගිහිපු හැම වතාවෙම මමවත් අපේ කට්ටිය කිසිම කෙනෙක්වත් අපි බැහැර කරන පොලිතින් ආදී දේවල් දාලා එන්නෙ නෑ. අනිවාර්යයෙන්ම අපේ බෑග් එකක දාගෙන ආපහු ගේනවා.
ReplyDeleteපරිසරය ගැන අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නයි ඕන! අපි තව කැලෑ උණ කාරයෝ බෝ කරමු!
කැලෑ උණ...... අපූරු යෙදුමක්. හොඳ සටහනක්.
ReplyDelete(මේ ටෙම්ප්ලේට් එක නිසා කියවන්න නම් ටිකක් අපහසුයි. ඇසට වෙහෙසකරයි)
මගෙත් පරන යාළුවෙක් හිටියා ඔය වගේ...මිනිහට කැහිපිත්තං හොයලා දෙන්නං කියලා මට ඕකේ එක අකුරක් අඩු කරලා අනික් උන් කාඩ් එකකුත් ගැහුවා..කොහොම හරි මිනිහා මම දීපු අර පැලේ පැල කරලා ඇත්තටම ඒක වැලක්..අපිට ජෙලි වගේ කෑමක් හදලා දුන්නා පස්සේ කාලෙක...කැහිපිත්තං කොටලා මිරිකලා ෆිරිජ් එකේ දාලා ගත්තම හරියට ජේලි වගේ....
ReplyDeleteඅද මුල් වතාවට මේ පැත්තේ ආවෙ.පෝස්ට් එක කියවන්න වෙලාවක් නෑ..විභූතිභූෂණගේ නම දැකලයි කමෙන්ට් කරනනේ.එච්චරට ආසයි මම එයාගේ පොත්වලට.දිගටම මේ පැත්තේ එන්න බලන්නම්.
ReplyDeleteඔය උණ නම් හොදකර ගන්ඩ එපා මචො.
ReplyDeleteහී හී,
ReplyDeleteබලමුකො කේසී,
ස්තූතියි.
මගේ යාළුවා හිටියේ රත්මලානේ සොයියා ෆ්ලැට් එකේ..ඔය වැල හොයා ගත්තේ කළුතර උක්ගල්බඩ කියන දිහාවෙන්...මම හෙන ගේමක් දීලා ඔය හොයා ගත්තේ..ගම් පලාත්වලනං මම හිතන්නේ ඕන තරං ඇති.....
ReplyDeleteඅපි කැවේ සීනි දාලා...රසයි...නිකන් ජේලිම තමයි....
බොහොම ස්තුතියි විස්තර වලට
මොන ලෙඩේ හොඳ උනත් මල්ලිගේ . මේ උණ නම් හොඳ වෙන්ට එපා...
ReplyDeleteඅපූරු ලිපියක්.. ඔය උණ මටත් තියන නිස වෙන්නැති ඔය අත්දැකීම් වලට සමාන අත්දැකීම් ගොඩක් මටත් තියෙන්නෙ. කොහොම උනත් උඹ වගේ කෙනෙක් එක්ක එකතු වෙල වඩ කරන්න ලැබුණ එක ගැන මම ආඩම්බර වෙනවා. උඹට වගෙම මටත් මේ ටිකේ ටිකක් වැඩ. Free වෙච්ච ගමන් අපේ වැඩේ කරමු.
ReplyDeleteඅපූරුයි මිත්‍රයා.. ඔබ සමඟ වඩ කිරිමට ලැබීම මට ආඩම්බරයක්. මටට් ඔය උණ ටිකක් විතර තියනවා. අත්තෙන්ම අපූරු ලිපියක්.. ස්තූතියි.
ReplyDelete1.ස්තූතියි නොදුටු ලොව,
ReplyDeleteමාත් හදාගෙන කාල බලන්න ඕන,
පුළුවන් නම් හදන හැටි දෙන්න.
මම ආසයි ඔයාගෙ මිත්‍රයා හඳුනාගන්න,
මේ පැත්තෙ ඇවිත් යන්න කියන්න.
2.ගීත් අයියා ස්තූතියි
3.මල්සරෝ ස්තූතියි මචං
ඔය උණ නැති කර ගන්න එපා!! ඔයා ලස්සනට ලියනවා,එක්කෙනෙක්ගේ හරි අකාල්ප හොඳ උනොත් ඒක ලොකු ජයග්‍රහනයක්,මට හැමදාම පයිප්පයක් හයියෙන් ඇරලා වතුර අපතේ යන්න ගියොත් මේ බ්ලොගය මතක් වෙලා ආයි කරාමය වහනවා,තව මං වගේ අය ඇති,දිගටම පවත්වාගෙන යන්න,ජය වේවා!!!!!!!!!!
ReplyDeletePardon me for writing in English. When I was reading this I found that you are repititively thanking Vibuthibushan and Chintha Laxmi. Well, they deserve it. I love the way of describing the environment it those Bengali books. I believe that Chintha Laxmi managed to give the same feeling via her writing. But at the same time I feel regret about her as she's not alive anymore. Good luck dude. Glad to see a sensitive environment lover in this artificial society.
ReplyDeleteදැන්ම හදිස්සි වෙන්න එපා සහෝදරයා!
ReplyDeleteඔව් ඔව් දැම්ම ගහන්නෙ නෑ,
ReplyDeleteඋදේම ගිහිල්ලා ඕව කරොත් ඉත්\ඉන් සොරිම තමා...
හෙමීට ගහනවා.
එක්කො අහු වෙන්නෙ නැති වෙන්න ගස්සවනවා.
ස්තූතියි සහෝදරී,,
අපි පස්සෙ වැඩ ගොඩක් කරමුකෝ.