Tuesday, October 4, 2011

දෙස්පළුවෝ නළුවෝ සහ එළුවෝ .....


මම මේ ටිකකට කලින් ගියා සාලෙට,
අම්මා බලනවා මිණිපුර හටන.
ටෙලි කියන්නෙ රියැලිටි නෙවේ තමා,
ඒකෙ පෙන්නන්නේ හීනයක්,
අදාල තිරරචකයා මවපු.
ඒක ඔය වගේ නාට්‍යයකදී නම් බොහෝ විට සමාජෙ දකින් දේ එකතු කරලා තමා ලියන්නෙ.
එතකොට දෙස්පලුවගෙ ගෙදර සරසනවා ඉටිකොල වලින් වැහෙන්න.
හතරවටේ පොලිතින්.
ඕක තමා රියැලිටිය.
ඒත් ඉතින් මේකෙ ඉන්න දෙස්පලුවා හොඳ පාට් එකනෙ රඟපාන්නෙ (රොජර්)
එහෙම එකේ අපෙ කලාකරුවන්ට තිබුනා මෙච්චරම සුදු චරිතෙ සොබාසුමිතුරුත් කරන්න.
ඔය පොලිතීන් ටික රඟපෑවත් අන්තිමට මොකද වෙන්නෙ බොහෝ විට?
ඒවා විසික් කරලා දාන එක.
එතකොට පරිසරේට කහල එකතු වෙනවා නොදිරන.
තව මම නාට්ටියක දැක්කා එක මනුස්සයෙක් කතා කරන ගමන් වතුර දානවා ගහකට.
වතුර පිරිල ඉතිරිලා යනවා,
ඒ මනුස්සයා නිකරුනේ වතුර දානවා.
මේකත් කොච්චර අපරාධයක්ද?
සුද්දන්ගෙ පරිසර පත්තර වල තියනව "හරිත ඡන්දය" (Green Vote) කියල එකක්.
මේකෙන් කියන්නෙ සොබා සුමිතුරු දෙස්පලුවොන්ට ඡන්දෙ දෙන්ට කියල.
කණගාටුයි කියන්න මම අහල දැකලා තියන විදිහට ඔය ඉහල පෙළේ දෙස්පලුවො එක්කනෙක්වහ් සොබාසුමිතුරු අය නෙවේ.
ඒත් මම මේ ළඟදි ගියපු යටියන්තොට ප්‍රාදේශීය සබාව සහ අන්තර්ජාලෙදි දැකපු බලංගොඩ නගරසභාව 
(එහි බ්ලොගය)ඉහලින්ම පරිසරේ රකිනවා,
මට පුදුම සතුටු හිතුනා ඒවා දැකලා.
අපේ ප්‍රාදේශීය සභාවලට එන අය මේවා කරන්නෙ නෑනෙ කියලා දුක හිතුනා.
කොහොමවුනත් කලාකාරයෝ මේක බලනවා නම් හෝ මේක බලන අය කලාකාරයෝ අදුරනවා නම් කියන්න මේ දේ ගැන.
ඔවුන් ජනතාවට මීට වඩා පණිවිඩ දිය යුතුයි පරිසරය රකින එක ගැන.
මෙන්න බලන්න කලාකරුවන්ට කළහැකි දේවල්...
මම මගේ කලාකාර යාලුවොන්ට මේක පෙන්නුවා.
අපෙ රටෙත් මෙහෙම ඒවා දකින්න ලැබුනොත් මට කියන්න.
අඩුගානෙ එකෙන්වත් අපිට සොබාසුමිතුරු දෙස්පලුවෙක් බලන්න දෙන්න කියලා.
එතකොට මිනිස්සු දැනගනීවි අපිත් මීට වඩා පරිසරයට ආදරේ කෙනෙක්ට ඡන්දය දිය යුතුයි කියලා.
ගස් ගල් වලට අතවර කරලා නම් ගහලා විකාර "නො" කරන
ශබ්ද දූෂණේ කරලා සල්ලි පුච්චන රතිඤ්ඤා "නො" දාන,
ගංගා ඇලදොල වල නම ගහපු පොලිතීන් බෝඩ් "නො" ගහන,
අය අපි ඉල්ලන්ට ඕන.
මෙහෙම තමන්ගෙ සල්ලි විනාස කරන මිනිස්සු පත් වුනාම ජනතාවගෙ සල්ලි ඉතුරු කරයිද?
එතකොට දෙස්පලුවොන්ටත් සොබාසුමිතුරු වෙන්න වෙයි.
වැරදිලාවත් දෙස්පලුවෙක් මේක බලනව නම් මේ ගැන හිතල බලන්න.
මේකෙ හෙඩිමට එළුවෝ දැම්මෙ ශබ්ද රසය රකින්න.
ඒත් ඉතින් දැන් නැතත් ඉස්සර මේ දෙස්පළුවෝ බිත්ති වල හිනා වෙලා පරිසරේ ලස්සන කනකොට එළුවෝ ඇවිත් පළුවෝ ටික කෑවනෙ.
අම්මප ඇත්තට මට හිතුන දවසක් පළුවෙක් දැකලා මේ මනුස්පයා කොච්චර නම් අමාරුවෙන්ද මෙච්චර කට ඇදෙනකම් හිනා වෙන්ට ඇත්තෙ කියලා.
(මෙහිදී මම මිණිපුර හටන යනුවෙන් පැහැදිලිව දැක්වූයේ මෙය මඩක් නොවන නිසා බව කරුණවෙන් සලකන්න

8 comments:

  1. Good advice for every one,
    Keep up,

    ReplyDelete
  2. ස්තූතියි නමක් නැති,

    ඔබ නොදු‍ටු ලොවක්.....
    හික් හික්,, මචං කෙහෙල් කොල හොඳයි ඉතින් එළුවොන්ටත් සෞඛ්‍යයට හිතකරයි නොවැ

    ReplyDelete
  3. කළාකරුවෝ... හෙහ්... හෙහ්.. පුලුවන්නම් පෝර්මිට් එකක් අරන් ගහක් දෙකක් කපාගනියි. ජනතාවට ආදරේ කරන එක කළාකරුවයි හිටියේ. ඒ ගුණදාස කපුගේ. අනික් උන් ඔක්කොම ආදරේ බඩට.

    ReplyDelete
  4. කලාකරුවො ගැන නම් කියල වැඩක් නෑ,
    ඒකට වෙනම බොලොග් එකක් හදන්ට වෙයි.
    ස්තූතියි මාතලන් මාමේ

    ReplyDelete
  5. කලාකරුවෝ, එතකොට දෙස්පලුවො, මේ හැම දෙනාම හදන්නේ ජනතාව අන්දන්න. හැබැයි ඔය කාටත් තෙරෙන්නේ නැහැ. ජනතාව කවදා නමුත් තේරුම් ගන්නවා. එදාට මුන්ට යන්න වෙන්නේ රෙදි නැතුව. ඒත් මේ මහ පොලව අප අවට ගස කොල නැති වෙන්න්නෙ නැහැ. ඒ තමයි මේ ලෝක ස්වභාවය.

    ReplyDelete
  6. මේකයි වෙද මහත්තයෝ ප්‍රශ්නෙ,
    ඕවා මිනිස්සුන්ට තේරුම් යනකොට වෙන්ට ඕන හරිය වෙලා තියෙයි,
    මෙහෙමවත් මිනිස්සුන්ට කියන්න බලන්න ඕන අපි හැමෝම

    ReplyDelete
  7. ඔස්ට්‍රේලියාවෙ තියෙනව "ග්‍රීන්ස්" කියල දේශපාලන පක්ෂයක්. (අනෙක් බටහිර රටවලත් තියෙනව ඇති.) ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රධාන අරමුණ රට තුල පමණක් නෙමේ ලෝකෙම සොබා දහම රැක ගැනීම. සෑහෙන්න බලපෑම් කරනවා ජපනුන්ගේ තල්මසුන් ඝාතනයට එරෙහිවත්. කවදාවත් ප්‍රධාන පක්ෂයක් වුනේ නැතත්, ප්‍රධාන පක්ෂ වලට තීරණ ගැනීමෙදී සෑහෙන්න බලපෑම් කරන්න තරම් බලගතුය්.

    ReplyDelete