මම රෝස ගහකුයි ජමනාරං ගහකුයි ගෙනාවා.
මේ පැල ගත්තේ ඉස්කෝලෙ වැඩේට ගස් ගත්ත තැනකිං.
ඉස්කෝලෙ ගස් ටික බලන්න ගිය වෙලාවක ඒවට වතුර දාලා පේරා පැත්තෙ යන්න හිතුනා.
මගදි වෙලා යනව කියල මතක් වෙලා පැල කඩේ ගාවින් බැහැල පැල ගත්ත.
මට ඉස්සර ඉදල ආසාවක් තිබුනා ජමනාරං ගහක් හදාගන්න.
ඒත් හරි ගියේ නෑ.
අන්තිමට ගත්ත ඔන්න.
කොහොම හරි ඔන්න ගස් දෙක උස්සගෙන ගෙදර ආවා.
ගෙදර ඇවිත් රෝස ගහ නම් හිටෙවුවා මගෙ තැඹිලි, සහ ලේ රතු පාට රෝස ගස් දෙක තියන තැන.
මට ඕන එතන පොඩි මල් උයනක් කරන්න.
දැන් එතන රෝස ගස් හතරක් තියනවා බද්ධ කොරපුවා.
බද්ධ නැති එව්වා දෙකයි.
එව්වත් බද්ධ කොරන්ට ඕන.
ඔන ඉතිං රෝස පැලේ නම් හිටෙවුවා,
ඒත් ජමනාරම හදන්න ගියාම තමා ඔළුව අවුල් වෙන්නෙ,
හැමදම එන ප්රශ්නෙ තැනක් හොයා ගැනීම.
ගේ වටේටම වත්ත වටේ කරක් ගහලත් තැනක් හොයාගන්න බැරි වුනා.
සමහර තැන් වල අප්පච්චි හදපු ගස්, කෙහෙල් ගස්,එක්කො වහලෙට ළඟ වැඩියි.
ඒ නිසා අන්තිමට ඔලුව කුරුවල් වෙලා නතර වුනා, ගහ ගෙනාපු දවසෙම හදන්න බැරි වුනා.
ඉතින් ගස හැදීම කල් ගියා.
අප්පච්චි ආවා අප්පච්චි කියපු තැන මටත් කලින් හිතුනා ඒත් එතන හරි යන් නෑ.
දොඩම් ගහත් එතනමයි.
ඒ නිසා අන්තිමට මම තීරණය කොරා ඒක දඹල මැස්ස යට හදන්න.
තව ටික කාලෙකින් ඒක අයින් වෙනවනෙ.
ඔන්න අපෙ අම්ම මට හොඳ අදහසක් දුන්නා,
(මට මතක් වුනේ නෑනෙ අප්පා )
අම්ම කීව ඕක කැම්පස් යන පළවෙනි දවසෙ හදන්න කියලා.
ඉතිං මම කලින් දවසෙ වල කපලා, පොහොර දාල ලෑස්ති කරල තියලා තිබ්බා.
පහුවදා උදේ කැම්පුස් යන්ට කලියෙන් පැලේ ඉන්දලා ගියා.
07-10-2011
හරි සතුටුයි.
පස්සෙ මම මේක මගෙ රෙදි බෑග් ෆොටෝ දුන්න යෙහෙළියට කීවම එයා කීව අපරාදෙ කියලා.
මං කීව ඉතින් පරක්කු වුනාට කමක් නෑ, දැන්වත් හිටවන්න කියලා.
කොහොම හරි අම්මට පිං සිද්ද වෙන්ට ඒ වැඩෙත් අනුස්මරණීය විදිහට කරගත්තා.
මගෙ යෙහෙළිය පැලයක් හැදුවද මංදා.
කොහොම වුනත් කියන්න තියන්නෙ මේ වැඩේ ඉස්සර ඉදල ප්රචලිතයි,
ඒ කියන්නෙ මොකක් හරි විශේෂ දවසක් සිහිවෙන්න ගස් හදන එක.
ඒත් මමත් කියනවා ඒකම.
ඔයාලගෙත් උපන්දින වගේ දේවල් වලට ගස් හැදුවොත් ගොඩාක් වටිනවා.
ගහක ප්රයෝජන ගොඩයිනෙ.
අපෙන් පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා අපි හදන ගස්.
පිංතූරෙ මගෙ නෙවේ කැමරාවක් තියනව කේබල් එකක් නෑ.
හම්බුනාම මගෙ එකක් දානවා.



මමත් ගිය සැරේ එළවලු හැදුවා.පායන කාලේ ඉවර වෙලා දැන් වහිනව.ඔන්න ආය පැල පිස්සුව ගහල තියෙන්නෙ.මල් පෝච්චි,බෑග්ස් එකතු කරනව.පැල හොයනව.ඔයාගෙ පැලවල පින්තූර ටිකකුත් දැම්මනම් හොදයි.
ReplyDeleteඔයා දාල තියන ලින්ක්ස් දෙක ආය පොඩ්ඩක් බලන්න.හරියට වැඩද කියල.
ReplyDeleteහොඳ වැඩක් ගෝර්ඩ් මල්ලි,...මේ ඔයා උඩින් දාල තියන පින්තුරේ තියෙන්නේ ජම නාරං නෙමෙයි නේද?
ReplyDelete1.අනේ නදී අක්කෙ ගොඩක් ඉස්තූති තමා කියන්න වෙන්නෙ,
ReplyDeleteමම ලින්ක් දැම්මට හරිද බැලුවෙ නෑනෙ.
කොහොමද වැරදුනෙ.. :?
අනෙ මංදා...
අපිටත් වහින්ට වගේ ඒත් අහස අපිව රවට්ටනවා වගෙ..
බලමු වැස්සොත් හොඳයි.
මට කැමරාවක් නෑ.
මල්සරාගෙ එක්න් තම පිංතූර ගන්නෙ.
2.ජමනාරංම නං නෙවේ මටත් පේන්නෙ,
මගෙ එකක් දානවා මං ඕක මාරු කරලා..
ඉන්නකෝ බලං..
ඉස්තූතියි..
මගෙ එක කැඩිලා.
මං දාන්නම්කො.
ආදර්ශමත් ක්රියාවක්! ජය!
ReplyDeleteඋපන්දිනේ දවසට ගහක් හිටවන එකනම් මරු.වටෙම ඉන්න උන්ට බෝතල් අරන් දෙන්වට වඩා ඒක කොච්චර හොදද....
ReplyDeleteස්තූතියි විසිතුරු සහ කේසී
ReplyDeleteඔව් ඉතින් කට්ටිය දාන්නෙ බෝතල් පාටිනෙ උපංදිනේට.
Looks like you have to sacrifice a few bigger trees to create a patch which gets direct sunlight before planting those light loving plants. Easier said than done!
ReplyDeleteNo I didn't want to remove bigger plants to create such a place.
ReplyDeleteBecause that place was reserved for gardening for a long time.
And there were no big trees in our land when we settle down here.
There were a big sadikka tree, It was cut down by ECB.
So don't assume things without knowing anything.
And also planting flowers is also a essential thing.
Some times we will have to remove plants to place new ones.
That's the way of world.
Thank you.
ජමනාරං - ජම්බෝල කියන්නේ දෙකම එකක් ද?
ReplyDeleteමම නම් මහන්සිවෙලා ඇස් රිදෙන, වෙලාවට දුවගෙන එන්නේ මෙතනට ඇස් සනසලා, හිත නිවාගන්ට. අද එනකොට රෝස මලුත් එක්ක, ජමනාරං...
ReplyDeleteමොන තරම් අපූරුද?
බොහොම හොඳ ආදර්ශයක්. මම අපේ මේ දැනට ඉන්න ඉඩම ගත්තු මුල් කාලෙම කලේ වත්තේ පලතුරු පැල සිටවපු එක. අද ඒවයේ පල නෙලනව මම.. හරි සතුටුයි ගෙදරම හැදුනු අලුත් පලතුරු අපි කන්නෙ...නාරම් ගස් 4 තියනව. කවදාවත් කෘථීම බීම බොන්නෙ නෑ අපි..හැමෝම උත්සාහ ගන්න ඕන හැකි අයුරින් ප්රයෝජනවත් පැලයක් සිටුවන්න අනාගත පරපුර වෙනුවෙන්...
ReplyDeletegrapefruit කියන්නේ ජම්බෝල,
ReplyDeleteMandarin කියන්නේ ජමනාරං. එහෙමද?...:D
නෑ Grape Fruit වෙනයි.ඒව රස අඩුයි.
ReplyDeleteජම්බෝල රස වැඩියි.
ඒව රස අඩුයි.
ජම්බෝල රස වැඩියි.
මේවා එකම විශේෂයක උප විශේෂ.
ඒ කියන්නෙ චූට්ටක් වෙනස්.
මෙන්න පොතේ තියන විදිහ
Citrus grandis (L.)
1.var. grandis
E:true pomelo, pummelo, shaddock
S:ela-jambola, jambola, jambu-naran, rata-jambola,
sudu-jambola
2.var. racemosa (Roem.)
E:true grapefruit
Var = variety
Citrus reticulata
E:mandarin, tangerine
S:heen-naran, jambu-naran, konda-naran, naran
Var දැම්මම දිග නම එන්නෙ
Citrus grandis grandis = ජම්බෝල
Citrus grandis racemosa = Grape Fruit
ආදී වශයෙන්
තේරුනැයි කුමාරිහාමි අක්කෙ?
//තේරුනැයි කුමාරිහාමි අක්කෙ?//
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්....මම හිතන්නේ....:)
කන එක ලේසී මේ නම් මතක තියා ගන්නවට වඩා. ඔයා මතක තියාගන්ට. ඕන උනාම අපි ඔයාගෙන්ම අහගන්නම්...:D:D:D