අපෙ ගෙදර පිටිපස්සෙ වැටක් තියනවා,
මේක ජීව වැටක් නෙවේ.
කොලපාට දැල් ගහපු යකඩ වැටක්.
මේකත් ජීව කරලා තීයන්නෙ අල වැල් (Dioscorea sp)සහ කෝවක්කා (Coccinia grandis) වැල්.
ඊට අමතරව මේකෙ තිබුනා ලංකා කඩල සහ මෑකරලුත්, දඹලත්.
දැන් නම් මෙහෙට පෑවිල්ල.
කෝවක්ක සහ අල විතරයි ඉන්නෙ.
![]() |
| කෝවක්කා මල |
අල මැස්සා කියන්නෙ ලස්සන සමනලයෙක්,
Yamfly -Loxura atymnus උට තියනවා සුලබ නොවන හැඩයක්.
Yam = අල Fly = මැස්සා
![]() |
| අල මැස්සා |
![]() |
| ලංකා කඩල වැල වලින් යුෂ බොන අල මැස්සො |
මෙයාගෙ ධාරක ශාකය තමා වැල් අල,
අල වැලේ ළපටිම කොටසෙ, ඒ කියන්නෙ දල්ලෙ ඇවිත් බිත්තර දානවා.
ඒකෙන් එලියට එනවා පොඩීම පොඩි දළඹුවෝ.
මේ අය තමා ලොකු වෙලා ලස්සන අල මැස්සෙක් වෙන්නෙ.
මම ලංකා කඩල හැදුවෙත් මේ අල මැස්සාටම තමා, ඌ ගොඩක් කැමතියි ලංකා කඩල වල පුරුක් වලින් එන යුෂය බොන්න,
ඒ කූඹි යාලුවොත් එක්ක.මම මේ සතාට ගොඩක් කැමතියි අපෙ ගෙදර ඉන්නව කියල දැන ගන්නත් කලින්.
මේ සතා වැඩියෙන්ම ලස්සන තටු දිගෑරගෙන අවුව තපිනකොට.
(එහෙම ෆොටෝ එකක් තියන්වද මන්දා මගෙ ගාව)
ඉතින් ගෙදර අල වැල් ටිකක් හදලා බලන්න.
අල මැස්සා එන්න පුළුවන්.
දැන් බලමු අපිට මේකෙන් ගන්න පුළුවන් දේවල්.
1.ජීව වැට- Live Fence
මේක මිනිස්සු අතරින් ඈත් වෙලා යන දෙයක් දැන්.
අවශ්‍යතාවක් නැතුවත් කොන්ක්‍රීට් වැටවල් දානවා.
මේ පින්තූරෙ තියන්නෙ එහෙම අවස්තාවක්.
අපෙ අත්තම්මලාගෙ ගෙදර සහ ඒ ඉස්සරහ ගෙවල් දෙකේම තිබුනෙ ජීව වැටවල්.
බට පඳුරු සහ ගඟවැරැල්ල (Phyllanthus myrtifolius) වලින් හැදුන.
ගඟවැරැල්ල කියන්නෙ හරිම ලස්සන ශාකයක්.
මේක ආවේණික ශාකයක්,
මෙහෙම වැටවල් වලට පාවිච්චි කරපු නිසා ඉබේම ආරක්ෂා වුනා හෙවත් හරිම විදිහට කියනව නම් සොබාවික පරිසරයෙන් පිට සංරක්ෂණය වුනා (Ex- situ conservation).
මේක නම් හවසට පුදුම සුවඳ හමනවා ඇහි.
ඒ ගස් වැල් හදලා.
මම වැටේ හැදුව මෑකරල් හැදුවෙ අපෙ බත් ලෑල්ලට එන ගිරවුන්ට කන්න.
උන් හරිම ලස්සනයි බත් කනකොට.
එතකොට අල වැල් හොඳ ආහාරයක්.
ඉදිරියට එන ආහාර හිඟ වලදී මේක ගොඩක් වැදගත් වෙයි,
කෝවක්කා දියවැඩියාවට හොඳ බෙහෙතක්, මැල්ලුම්, කැඳ වලට යොදාගන්න ඕන.
මේ ළඟදි අපෙ ගෙදරට ඒව ඉල්ලගෙන ආපු ගෑනු කෙනෙක් කීවෙ ඒක තුවාල වලටත් තලලා දානවා කියලා.
ඒ වගෙම පැරණි කවියෝ කාන්තාවන්ගෙ (ඉස්සර කාලෙ හිටපු)
තොල් දැකලා ඒ ගෙඩි විලියෙන් ඇඹරෙනවා කීවනෙ.
ඒවා හරිම ලස්සනයි රතු පාටයි ඉදුනම, මල් හරි ලස්සනයි සුදු පාටයි,
මේ වැල අප්පච්චි ගෙනත් හිටෙවුවෙ, මේවා අපෙ පැත්තෙ නෑ.
2.දේශීයත්වයට නැඹුරු වීම.
මේ උඩින් කියපු ඔක්කොම ඒවා තමා,
අල, කොල, කරල් ගෙදරදිම ලබා ගන්න පුළුවන් අපේ දේශීය ඒවම.
ඉඩකඩ අඩු කෙනෙක්ට වගා කරන්න හොඳ තැනක්.
3.ජෛව විවිධත්වය වැඩි කරගැනීම.
මේ දෙවල් මගින් අපිට වගේම සතුන්ටත් ආහාර සහ වාසස්ථාන ලැබෙනවා.
![]() |
| වඳුරු මෑ |
![]() |
| Common Cerulean |
![]() |
| අළුත උපන් Common Cerulean කෙනෙක් |
![]() |
| අවර |
මේකට එකතු කරන්න පින්තූර හොයන්න පරිගණකේ පීරද්දි හම්බුනේ මේ අන්තිම ෆොටෝ ටික.
උඩම තියන්නෙ වඳුරු මෑ (Mucuna puriens) , වැටේ මුල්කාලීන සාමාජිකයෙක්.
අවර (Canavilia gladiata) කියන්නෙ මුල්ම සාමාජිකයද කොහෙද,
වඳුරු මෑ වැල හොඳට සරුවට හැදෙනවා, මල් හරිම ලස්සනයි.
ඒත් ඉතින් මේ දෙකම අපිට කන්ට අමාරුයි.
වඳුරු මෑ අපෙ මහ වෙදනාගෙ කැමති ක්ෂේත්‍රයට අදාලයි.
Common Cerulean (Jamides celeno ) කියන්නේ මේ වඳුරු මෑ වල බිත්තර දාන්න ආපු සමනලයෙක්.
මෙයා නම් ගොඩක් සුළබයි. මෑ කරල්, බෝංචි වගේ රනිල ශාක බොහොමයක බිත්තර දානවා.
කොහොම වුනත් සමනල්ලු ඉන්න එක ලස්සනයිනෙ.
අන්තිමට පස්සෙ දාන්නම් කියල හිටිය එකකුත් දාන්නම් කියල හිතුවා.
ආය දාන්න හම්බුනේ නැත්තං.
පොඩි ළමයි එක්ක මේ වගේ වැටක් ගාව හිටියත් ගොඩක් දේවල් කියල දෙන්න පුළුවන් පරිසරේ ගැන.
මේ ඉන්නෙ පනින මකුළුවෙක් (Jumping Spider) මේ අය දැල් බඳින්නෙ නෑ,
හැංගිලා ඉඳලා පහරදීම හෙවත් ගරිල්ලා පහරදීම් තමා කරන්නෙ.
(සමනලයා ඉස්සල්ලා එකාම තමා, මේ ඉන්නෙ කෝවක්කා වැලේ.)
ඒ අනුව පේනවා පොඩි දෙයකින් කොච්චර නම් ජෛව විවිධත්වය වැඩි වෙනවද කියලා.
මේක දිග වැඩි වුනාද මංදා...
කමක් නෑ.
මේ අර කලින් එක වගේම ඊටත් වඩා දිග එකක්නෙ.
කියවූ ඔබ සැමට වඩා ගෙදර වැටේ මෑකරල් වැලක් හදන්න සිතූ ඔබ සැමට ස්තුතියි.
විශේෂ ස්තූතිය වඳුරු මෑ වල විද්‍යාත්මක නම කියාදුන් ආචාර්ය අසංග සංජීව විජේතුංග සර් ට.











අසාවෙන් කියෙව්වා...මමත් ඔය වවන වැඩේටනම් හරි කැමතියි. බත් ලෑල්ලට ඇවිත් කෑම කන කුරුල්ලෙක් දැක්කමත් මටනම් හරිම සතුටක් දැනෙන්නේ..
ReplyDeleteබොලේ ඔය කියපු කට්ටියගෙන් වැඩි හරියක් මම දැකලා තියෙනවා. අදනෙ නම් දැන ගත්තෙ. ජය!
ReplyDeleteඑළ කිරි විස්තර ටිකක්නේ....තව තව ලියන්න ....ජය වේවා !!
ReplyDeleteඔබ නම් හරි සූරයෙක්. මම හරිම කැමතියි ඔබ වැනි අයට. ඔව් මගේ ක්ෂෙත්‍රයට සම්බන්ධ එක් ශාඛයක් තමයි වඳුරු මෑ. ඉතාම හොඳ ධාතු පෝෂකයක්. මේවා නිකම්ම ගන්න බැහැ විස මැරිය යුතුයි. ඒ ගැන වෙලාවක කථා කරමු. ඔබේ බ්ලොග් එකනම් අගෙයි.
ReplyDeleteආදරණීය මිත්‍රයා හැමදාම වගේ අදත් ඔබ අපූරු ලිපියක් එක් කරල තියනවා. පරිසරය වෙනුවෙන් ඔබ කරන මේ සේවය ඉතා ඉහළින් අගය කරන අතර ඔබෙ බ්ලොගයට හා ඔබට මං සුභ පතනවා..
ReplyDeleteමේ වගේ බ්ලොග් වලින් පරිසරයේ වටිනාකම මිනිසුන්ට කියල දෙනව පමණක් නොවෙයි, චූටී දෙයක ලොකු කතාවක් තියෙන බවත් වටහා දෙනවා.
ReplyDeleteහරිම ආසාවෙන් කියවන්න හිතෙන ලිපි. මාත් හරිම ආසයි මේ එලවළු වගාවට. පොඩි ගෙවත්තක් මටත් තියනවා ..බොහොම අමාරුවෙන් වටේටම තාප්පෙ යන්න කලින් මගෙ ජීව වැට ආරක්ෂා කරගත්තා. ඒක තද කොළ පාට බට ගස් විශේෂයක්.ඒ කොටස ඉතුරු කරල අනිත් හරියෙනම් වටේටම තාප්පෙ දාන්න උනා.
ReplyDeleteඔව් මල්ලි, පුලුවන්නම් සත්තු ගැන පෝස්ට් එකකුත් දාන්නකෝ. ලංකාවේ ඉද්දි බත් දැම්මට දැන්නම් දාන්න වෙලා තියෙන්නේ සුරියකාන්ත ඇට වගේ ඇට වර්ග. නාන්න එකකුත් තියලා තියෙන්නේ (මම හදලා නෙමෙයි, කඩෙන් ගෙනත්) ඒත් උන් කනවා මිසක් වැඩිය නාන්නේ නැහැ වගේ.
ReplyDeleteඑතනට ලෙන්නුත් එනවා.කොළ කන්න හා පැටව් එහෙමත් එනවා :)
ග්‍රීෂ්ම කාලෙට වගේ ඕකෙ නාන එක වැඩි වෙයි.
ReplyDeleteසත්තු ගැන එකක් දාන්නම්කො.
ඔහෙ ඉන්න ලේන්නු හරි ලස්සන ලොකු එවුන්නෙ, උං බයත් නෑ ඒතරම්,
හාවො කොහෙන්ද?
ඒක තමා..දැන් නම් සීතලට නාන්නේ නැතුව ඇති :) ඔව් අර අයිස් ඒජ් එකේ හිටපු ජාතියේ ලේන්නු තමයි ඉන්නේ. තව චිප් මන්ක් ලත් ඉන්නවා. හාවෝ නම් මෙහේ හැම තැනම ඉන්නවා මල්ලි. උන් බෝ වෙනවා වැඩි උනාම මිනිස්සුන්ට අවසර දෙනවලු දඩයම් කරන්නත් :(
ReplyDeleteතව තව ලියන්න ....ජය වේවා !!
ReplyDeleteසයුරි අක්කෙ
ReplyDeleteආහ් එහෙමත් එකක්ද?
ඇමරිකාවත් හොඳ රටක් ඉතින් ...
මෙහෙත් හාවො ඉන්නව ඒත් රෑටනෙ එන්නෙ.
දැන්නම් නැතුව ඇති බල්ලො නිසා.
ස්තූතියි කේසී