Saturday, October 22, 2011

රෑට ඔබ සෙනෙහෙන් ඇවිදින් මා හද පුබුදයි....


කැලේට පායපු හඳ වාගේ ලස්සනයි,
කියන කියමන අපි ගොඩක් අය අහල තියනවා.
ඒත් කීයෙන් කීදෙනාද ඒක අත්විඳල තියන්නෙ?

මගේ යහළුවන් 7 දෙනෙකු, දවස් 7ක දැවැන්ත ගවේෂණ චාරිකාවක නිරත වූහ.
හන්තානේ සිට හෝටන් තැන්න දක්වා සිරිලක අති සුන්දර මධ්‍යය කඳුකරයේ නොදුටු සුන්දරත්වය අත්විඳින්නට සහෝදරත්වය සහ එකමුතුකමින් යුතුව අවම පහසුකම් යටතේ  සිදු කරන මේ 7Day Hike එකට සහභාගි වීම මගේ කුඩා කල සිටම සිහිනයක් විය.
එහෙත් මගේ සොහොයුරන් එයට සහභාගි වුනත් මට අධ්‍යයන කටයුතු නිසා එයට සහභාගි වීමට නොලැබුණි.
එය අතරතුර නුවණ් බණ්ඩාර සොයුරා ගත් එක් ඡායාරූපයකට මම දුටු වනම බෙහෙවින් ආදරය කළෙමි.
එහි කැලේට පෑයූ සඳත් තාරුකා පිරි අම්ඹරය සටහන් වී තිබිණි.
එය බෙහෙවින් පැහැදිළි නැත එහි සුන්දරත්වය ඇත්තේ එතැනය.
රෑ අහස තුරු ගොමු අතර සිට දකින විට ඔවුන් ශිෂ්ටාචාරයෙන් ඈත්ව මිනිසුන්ගෙන් ඈත්ව ඉන්නට ඇත.
අඳුරු ගුප්ත වනය මැද නොපෙනෙන සියුම් සිරුරු ඇති ආත්මභාවයන්ද වනසතුන්ද ගහකොළද මැද තරුණ සිතකට මේ අහස යට වූ සුන්දර පරිසරය කෙතරම් සොඳුරුව පෙනෙන්නට ඇත්ද?

සීතල සුළඟ ගෙල ළඟ දැවටෙන විට දැණෙනන කිතිය,ඇස් සනහාලන රාත්‍රිය තණපෙත්තන්ගේත් වෙනත් කුඩා ප්‍රාණීන්ගේත් මියැසි සැණකෙළිය ඔවුන් අත්විඳින්නට ඇත, එය කවදා නම් ගෙදර සිට විඳින්නද.
මට මේ දේවල් ලියන විට සිහි කරන විට සිතෙන්නේ මේ හැල්මේ දුවන ජීවිතයට පයින් ගසා දමා වන පෙතට පෙම් බඳින්නටය.
ඔවුන් ඉමක් නොපෙනෙන සුන්දරත්වයට පියමණිනු දුටු මට පුදුම ආසාවක් ඇති විය.
අපි තැපැල්පත් මුද්‍රණය කරන විට මම එසැනින්ම මේ පහත ඇති පින්තූරය තේරුවෙමි.



මිනිසා සොබාදහමේ සුන්දරත්වය වටහාගෙන එයට පෙම් බඳින්නට නම් මෙවන් සුන්දරත්වයක් අත්විඳියයුතුමය.
එවිට ඇතිවෙන හැඟීම් වචන දහස් ගණනකින්වත් වෙනත් ක්‍රමයකින්වත් ඇති කළ නොහැක.
ස්කූල් වෑන් වල ශිෂ්‍යත්ව පන්ති වල හිර වී ඇති ළමාවියත්
ටියුෂන් වලටත් පාඩම් වලටත් හිරවී ඇති තාරුණ්ය්‍යයේ ජවයත්,
විශ්වවිද්‍යාල තුල අසහනයෙන් පෙළෙන තාරුණ්‍යයත් මෙවන් සුන්දරත්වය සෙවීමට උනන්දු කළ යුතුය.
මේ පහතින් ඇත්තේ විශ්වවිද්‍යාලයේ අපෙ බැචෙක් හොස්ටල් එකේ සිට ගත් පින්තූරයකි.

Thisara Lakmal Senarathna
මට මෙය දුටුවනම එය බෙහෙවින්ම සොඳුරුව පෙණිනි.
එසේම මට ලොකු සතුටක් දැණුනි, මක්නිසාද යත් තරුණයන්ට සොබාවයේ ඇති සොඳුරුබව විඳීමට හැකි බව දැණුන නිසාය.

රාත්‍රියද දහවලද උදෑසනද සවසද ගිණි අවුවද වැස්සද සීතලද උණුසුමද සොබාවයේ සොඳුරුබවේ කොටස් වන බව අප සියළු දෙනාම වටහාගත යුතුය.
එය වටහාගෙන ඒ සුන්දරත්වයද ආදරයද විඳිය යුතුය, සොබා සුමිතුරු විය යුතුය,
අපතේ යන දියබිඳ සොබාවයේ සම්පතක් බවත් එය ඉතිරි කළ යුතු බවත් අප වටහාගත යුතුය.
අප පොලිතීන් යළි භාවිතා කළොත් අපෙන් වත් සොබාවයට වෙන හානිය අඩු වන බව සිහි කළ යුතුය.
එවිට අපට ඉබේම කඩයට හෝ පොළට යන විට මල්ලක් ගෙන යෑමටත්,
කොහේ හෝ වතුර කාන්දුවක් දකින විට එය නැවැත්වීමටටත් සිතෙනු ඇත.
සොබාදම් මවට ඇති පෙම දිනෙන් දින දළුලා වැඩී යන්නේ එවිටයි.



23th Oct  @ 3.50 pm 
අපොයි අද නම් පිස්සු ඩබල් නෙවේ ට්‍රිබල් නෙවේ ඊටත් වඩා වැඩි බල් එකක් වෙලා වගේ,
අද නිකං දවස් පුදුම ලස්සන මැජික් පෙන්නනවා,
අනේ මංදා,
හරි යන්නෙ නෑ, කොහෙ හරි යන්ටම වෙනවා.....
අනේ දෙවියනේ මට වුන වියෝයා....
මගේ හිතත් කැලේ පැනල ගියෝයා....




14 comments:

  1. උඹ වගේම මමත් අපේ සත් දින ගවේෂණ චාරිකාව යන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ. කොහොම හරි මේ පාරනම් යන එක යනවමයි. අපේ කණ්ඩායමට උඹත් ඉන්නම ඕනේ.. අපි ගිහිං අපේ අයියලටත් වඩා ලස්සනට රෑ අහස දකිමුකෝ...

    ReplyDelete
  2. මමත් ගිහිල්ලා තියෙනවා ඔහිය ස්ටෙශන් එකෙන් බැහැලා පයින් හොර්ටන් ප්ලේස් වලට....දවස් 3 .....හරියට විනෝද උනා ....එන ගමන් බැස්සේ පට්ටිපොළ ට , එදා රෑ ස්ටේශන් එකේ නිදාගත්තේ...පස්සේ දන්නේ ඒක තමයි ලංකාවේ උසම ස්ටේසම කියලා....

    ReplyDelete
  3. තව ටික දවසක් යනකොට අපිත් කැලෑ ගතවෙලා ඉඳීද දන්නෙත් නෑ අර ලස්සන පින්තූර දැකලා...:D

    ReplyDelete
  4. 1. අඩේ මල්සරෝ මොකද කියන්නෙ?
    ලබන සතියෙ මානා කැලෑවකට හරි ගිහින් හඳ බලමුද?
    අඩේ තවත් නම් ඉවසන් ඉන්න බෑ බං.
    අනේ මන්දා යන්ට නම් ආසයි,
    කැම්පුස් හරහට හිටියි ඒත්....

    2.ඔබ නොදු‍ටු ලොවක්.....
    අපෙ කට්ටියත් ඔතන ඉඳල තියනවා,
    පට්ටිපොල මහ හොල්මන් ප්ලේස් එකක්ලු,

    3.කුමාරිහාමි අක්කා:
    ඔයා නම් ඉඳීද මංදා ඒත් මේ මට නම් කැලේ පැනීමේ ආසාව උග වෙලා තියන්නෙ

    ReplyDelete
  5. අනෙ මන්දා මටනම් දැන් ඇවිදින්න යන්න බෑ වගෙ මම හිතන්නෙ වයසට වෙන්න ඇති ළමයින් එක්ක ගෙදර ඉන්න තමයි හිත කොහොමටත් 30ට කලින් යන තැනක ගිහින් එන එකයි ඇත්තෙ.

    ReplyDelete
  6. සොබාදම් මවට තිබෙන ඇල්ම,ආදරය තව තවත් වැඩි වෙන විදියට තව තවත් ලිපි ලියන ඔබට ගොඩාක්‌ පින්......

    ReplyDelete
  7. අද නං පෝස්ට් එක කියෝල ඉවර වුනාට පස්සෙ, වතුර බිංදු මතු වුනේ

    ReplyDelete
  8. නිතර අදහස් නොදක්වුවාට ඔබේ ලිපි කියවමි.මාද ගහට කොළට ඇල්ම ඇත්තෙකි.ඔබට හැකිනම් අපේ රටේ දුර්ලභ ශාක විශේෂ ගැන ලිපි පලකරන මෙන් ඉල්ලමි.ප්‍රබන්ධ කතා විශාල ගණනක් ගෙතී ඇති මල් මධාරා ගස ගැන තොරතුරු ටිකක් ඉදිරි පත් කරන ලෙස ඉල්ලමි.

    ReplyDelete
  9. ලොකු ජෝන් මාමා:
    අනේ මන්දා වෙන්ටැති,
    ඒත් ඉතින් පවුල් වුනත් කැලේ පනින පිස්සුව හොඳ වෙන් නෑ ඒක තියන මිනිසුන්ට...
    ස්තූතියි,

    නිරීක්ෂක මහත්තයා:
    හි හී හොඳයි එහෙනම් :)
    ස්තූතියි....

    ගීත් අයියා:
    ස්තූතියි...

    නමක් නැති:
    ඔබට බොහොම ස්තුතියි.
    මම ඔය ගස හඳුනමි,
    එහෙත් විද්‍යාත්මකව නොහන්ඳුනමි.
    මම හොයාගෙන දාන්නම්,
    අලි සම්බන්ධව කතාවක් අහල තියනවා.

    ReplyDelete
  10. හොල්මං මොකුත් මතක නෑ..අපි ඇවිල්ලා ශාඛ භක්ශක නේ....හීනියට සද මත හිටියේ .... හික් හික් හික් ....

    ReplyDelete
  11. නොදුටු ලොවක්:
    මට තේරුන් නෑ හරියට....

    ReplyDelete
  12. නොදුටු ලොවක්:
    මට තේරුන් නෑ හරියට....

    ReplyDelete
  13. හප්පේ මේවා ප්‍රසිද්දියේ කියන්න බෑ....

    Cannabis sativa L.[1]
    Cannabis indica Lam. (putative)[1]

    ReplyDelete
  14. ආ මේ මල්ගැනනෙ කියන්නෙ...
    ඒත් මට තේරුන් නෑ....

    ReplyDelete