Thursday, October 13, 2011

පොඩි එකාව ලොකු ඉස්කොලෙකට දාගන්න ඕන....



මා පසුගිය ලෝක ළමා දිනයේදී අපේ අම්මා උගන්වන පාසැලට ගියේ එහි දුප්පත් පොඩිවුන්ට ළමා චිත්‍රපටියක් පෙන්වීමටය.
ජාතිකයේ ගිය පුංචි ඉත්තෑවා (The Little Hedgehog) චිත්‍රපටිය අවම පහසුකම් යටතේ වුව සාර්ථකව පෙන්වා අසීමිත සතුටක් භුක්ති විඳිමට හැකි විය.
මගේ අදහස වූයේ Fantastic Mr. Fox පෙන්වීමට වුවත්,
එය පසුව සාකඡ්චා මඟින් Robots බවටද ජනතාවගේ ඉල්ලිම මත පුංචි ඉත්තෑවා බවටද පත්විය.

අම්මාගේ පාසල දුප්පත් එකකි.
මගේ මුල්ම පාසල වූයේද පොඩි එකකි, මම අම්ම සමඟ ඒ පාසලට ගියේ මහගෙදා ළඟම පාසල එය වූ හෙයින් සහ අම්මා එහි උගැන්වූ කළ නිසාය.
(අපෙ අම්මා හැමදාම ගියේ පොඩි දුප්පත් ළඟපාත් පාසල් වලටය, ඒ නිසා අපිට කරදරයක් නැතුව ඉඳීමේ වාසනාව උදා විය )
එහෙත් මට එහේදී වැටහුන දෙය නම් දරුවෙකුට ඉගෙනීමට සුදුසුම පරිසරයක් ඇත්තේ ගමේ බවයි.
උකුස්සා - Crested Serpent Eagle
දෙමලිච්චා - Seven Sisters/ Common Babler 
ආදී පක්ෂීන්ගේ නාදය පරිසරය සුන්දර කරමිනි තිබිණි.
පාසලට පහල මායිමේ කුඩා දිය පහරක්ද, වෙල් යායක්ද විය.
ඒ දිය පහර මට නම් කුඩා වුවත් සුන්දර විය,
එහි ගස් පර්ණාංග (Tree Ferns - Cyathea sp)පවා තිබිණි.
එතැනද ආක්‍රමණික ශාක තිබුණද, මට සිතුනේ අතීතයේ මේ පෙදෙස් වල කෙතරම් සුන්දරත්වයක් තිබෙන්නට ඇත්ද යන්නයි.

පාසලේ පොඩිවුන්ට කන වැකෙන්නේ මේ කුරුළු ගී හඬයි,
පෙනෙන්නේ මේ සුන්දර පරිසරයයි.
මම දිනක් දුටුවේ (සවස 3ත් පසුවී )නුවර සිට අපි සිටින තැනටත් වඩා එනම් රුපියල් විසි දෙකකටත් වඩා බොහෝ දුර යන පෙර පාසල් ළමයෙකි.
ඔහුව වඩාගෙන ඔහුගේ අම්මා ඔහුට පොඩි පහරක් දුන්නේය.
ඒ ක්‍රීම් පාට ජාත්‍යන්තර පෙරපාසල් ඇඳුමකින් සැරසී සිටි දරුවා නොනවත්වා අඬන හෙයිනි.
මේ දරුවා උදේ 6 පමණ සිටම මේ පෙර පාසලේ ඉන්නට ඇතැයි මට සිතුනි.
අනේ මේ දරුවාට කොයින්ද පරිසරය දකින්න අහන්න  හෝ ඒ නැතත් අම්මා හෝ වැඩිහිටියන් සමඟ ඉන්නට අවස්ථාවක්?
අනේ මම කෙතරම් වාසනාවන්ත්දැයි මට සිතුනි.
ඇත්තට මට පොඩි කාලයේම නගරයේ ලොකු පාසලකට යෑමට නොලැබීම මගේ වාසනාවකැයි මට සිතේ.
අපෙ අම්මා මාව පෙර පාසල් යැවුවේද නැත, ඒ වෙනුවට මාව පාසලට ගෙන ගොස් එක වසරේ පන්ති වල තැබුවාය.(මෙය නම් ගුරු පුතෙක් වීමේ ප්‍රතිලාභයකි)
පාසල් යෑමට පෙරම අම්මා මට පාඩම් කියා දුන්නාය.
මට දැන් හිතෙන්නේ දැන් මගේ හිතට එන මේ සොබාව කෙරෙහි උපදින පෙම, අපේ අම්මාට පින් සිද්ද වෙන්ට ආව දෙයක් බවය.
ඇත්තටම මම තවමත් මගේ පළමු පාසලට පෙම් කරමි.
මට වසර ගණනාවක සිට සිතෙන්නේ එය බැලීමට යායුතු බවය, එහෙත් එය තවමත් කරගත් හැකි නොවිය.
ඒ පාසල ගැන සුන්දර මතක තවම මගේ හිතේ ඇත.
ඒවා පසුව ලියමි.
කෙසේ වෙතත් මට හිතෙනා පරිදි ගම තරම් දරුවෙකුට ඉගනීමට සුදුසු තැනක් තවත් නැත.
නොනවතින තරඟය සහ පහසුකම් විෂමතාව එයට බාධා කරත්.
මට හිතෙනා හැටියට, ළමයාගේ දියුණුවට පාසලම බලනොපායි.
පරිසරය රසවිඳින්නට හෝ අම්මා, අත්තම්මා ඇසුරේ සිටීමට හෝ නොහැකි නම් කුමටද මහ පාසැල් වලට ගොස්?
අන්තිමට ඉතුරු වෙන්නේ ටවුමේ දූවිල්ලට සහ ඝෝෂාවටත්, උදේ සිට පාසල් වෑන් හෝ බස් වල නිදි කිර කිර ගිය දරුවෙක් පමණක් වීමට ඉඩ වැඩිය.
පාසල් සහ ආකල්ප යන දෙකම තවත් දියුණු වූ විට.
සුන්දර දරුවන් තව තවත් බිහි වෙනු ඇත.

(මගේ පැරණි ලිපියක මගේ සොබා පෙම වැඩුමට අම්මාගේ දායකත්වයට තවත් එක්කිරීමට මතක් වී අමතක් වූ එකක් එක් කරමි.
අපෙ අම්මා සහ මම ඉස්සර බොහෝ කැමති රෑට ලයිට් යනවාටා.
ඒ පාඩුවේ අහස බැලීමටය.
දිනක් මම එක වසරේ හෝ ඊටත් අඩු වයසේදී එක් දිනක් ලයිට් ගිය විට,
අම්ම මා සමඟ ගොස් කදිම සඳ ඇති රැයක් පෙන්වූවා මට තවම මතකය්.
එවිට ගේ ළඟ චීන තණකොල පඳුරු දෙසට සර්පයෙකු ඇදී යනවා දුටු අපි බයවීමු.
ඒත් ඒ පඳුරු වලට අපි පොල්ලකින් ගැසූ බව මතකය.
හොඳ වෙලාවට ඌ මැරෙන්නට නැතුව ඇතැයි මම සිතමි මොකද උගේ නැට්ටවත් එවිට තියන්නට නැතුව ඇත.
එහෙම වුනා නම් අත්දැකීම කැත වේ.
දැන් මගේ දැණුමට අනුව ඌ දැක්වූ චර්යාවට අනුව ඌ අහිංසකයෙකි.)

"Mage profile pic 1 elada?... Mama you ge blog 1 piyasathan kiyewwata passe man gawa thiyagena hitapu me 4to 1 damma. thnx mathakaya awadi karanawata. you ta AL iwara wenakam thibuna senahasa mata grade 6 walin nethiuna. ekai godak ma duka hithune. dan unath gedara giyuath weda wdi nisa hariyata katha karannawath welawak ne. dan gedara yanneth mas 1 ta sarayak wage."

මේ මගේ මිතුරෙක් පිය සටහන් කියවා එවූ පණිවිඩයකි.
මේ කියන ෆොටෝ එක ඔහු සහ ඔහුගේ අම්මා එකට ඉන්න එකකි.
ඔහුටද ගම හැර ශිෂ්‍යත්වයෙන් නුවර එන්න විය.
එහි වරදක් නැත.
එහෙත් මට හිතෙන්නේ මගේ යාළුවා පවු කියාය,
6 වසරේ පොඩි එකෙක් ගෙදර හැර තනියම නාදුනන පළාතක සිටීම
ඒ ළමයාගේ හිතට කුමන අයුරක දෙයක් ගෙනාවාදැයි මම නොදනිමි.
මේ දේවල් ගැන අපි සිතනවාට වඩා ගැඹුරට සිතිය යුතුය.
අවසන් වශයෙන් මම අපූව නැවත් ඇදගමි.
මේ අපූ චින්තනයෙන් (විභූති භූෂණයන් නිමැවූ)
බිඳකි
287 සහ294 පිටුවල සිට ඉදිරියට කියවන්න..
මේ එක් කොටසකි.
"මේ එක් දින රාත්‍රියේ අපූට සිතුණේ ඔහු කාජල්ට ලොකු අසාධාරණයක් කරන බවය.
කාජල්ගේ වටිනාකම මිල කළ නොහැකි ළමා වියේ දී ඔහු කොන්ක්‍රීට් හා සිමෙන්හි වලින්ද බාර්ඩ් කොම්පඇනියේ පෙටන්ට් ගල් වලින්ද බඳින ළද සිපිරිගෙයක සිරකොට තබා ගෙන ඔහුගේ ළපටි උනන්දු සහගත සිහින මවන ළමා මනස විචිත්‍රභාවයෙන්  තොට පහත් අනුභූතියකින් පුරවා තැබීම අවිචාරවත් ක්‍රියාවකි.
වනගත පෙදෙස් වල ඇති සුන්දරත්වය, ගංඟාවල මුණු මුණුව, කුරුළු කූජන, සඳ එළිය තැනිතලාවේ සිරියාව දකින්ට ලැබෙනවා පමක් නොව,
හිත මිතුරන් සමඟ සැප දුක බෙදාගැනීමක්වත් ඔහුට අත්දකින්ට නොලැබේ."

චින්තානි විභූති භූෂණයනි
ඔබලාටබෙහෙවින්ම තුති,
මට සිතුණු දේවල් ඔබලාගේ කෘති වල වඩා සුන්දම වූ අයුරින් ලීවාට.

(මෙය ලිවීමට සිතට ආවේ පොත යළි කියවීමට පෙරය.
මම පොත් තුනම රෑ 1.30 පමණ වන තෙක් අහැරගෙන කියවා ඉවර කරගත්තේ පෙරේදාද කොහෙද මයෙ හිතේ.)


15 comments:

  1. උගන්නන්න පුංචි පාසල් තොර ගැනීමේ පුරුද්ද අපේ අම්මටත් තියනවා...ඒකෙන් ලැබෙන සතුට වැඩි ඇති මම හිතන්නේ.

    මමත් පොඩි කාලේ අම්මත් එක්ක ගියේ ලස්සන මිටියාවතක තිබුන පුංචි ඉස්කෝලෙකට. තාප්ප, ගේට්ටු තිබුනේ නැහැ. වටේම කඳු. ඒත් මට ඒකට යන්න ලැබුනේ අවුරුද්දයි :(

    ReplyDelete
  2. ඔය විස්තරේ කියෙව්වම මටත් හරියට ආසා හිතුණා. මම ගිය පාසල් 2න් එකක්වත් ඔහොම සුන්දර පරිසරයක තිබුණේ නෑ.

    ReplyDelete
  3. හොඳ ලස්සන ලමා කාලයක් ගෙවලා තියන බව පේනවා. අම්මා හොඳම, හොඳ අම්මා කෙනෙක් නේද? නැත්නම් ලයිට් ගිය විට හඳ එලිය පෙන්නන්ට මතක් වෙයිද?

    මේ විදියට ලියාගන ගියොත්, ඔයත් කවද හරි ඔය නොනවත්වා සඳහන් කරන ලේඛකයන් හා සමාන වෙන්ට බැරි නෑ...:D

    ReplyDelete
  4. අම්මා කොච්චර දවසක් හඳ තරු පෙන්නුවත් වැඩක් නැහැ පුතා ඒවාට අසාවෙන් බැලුවේ නැත්නම්.ඒ නිසා ඔයාගේ අම්මත් හරි වාසනවන්තය්.
    නගරයේ පාසලට අම්ම තාත්ත දාල යනවා වගේ අපේ රටේ වෙන තවත් ඛේදවාචකයක් තමය් දරුවෝ අම්ම තාත්ත තනිකරලා ඉගෙන ගන්න පිටරට යන එක.ගම දාල යන දරුවෝ රටත් දාල යනකොට?

    ReplyDelete
  5. Nice. Keep it up !

    ReplyDelete
  6. ගෝර්ඩොනියා මල්ලි, ඒ ඉස්කෝලෙ අයිති වෙන්නේ දකුණු පලාතට. (විශ්වාස කරන්න අමාරුයි නේද? මාතර, ගාල්ල, හම්බන්තොට නම් නෙමෙයි.)

    ReplyDelete
  7. වෙනට පුළුවන්,
    රක්වාන කඳුවැටිය තියන්නෙ දකුණටත් බරව,
    ඔයා ඒ හරියෙ ඉන්න පුළුවන් :)
    ඇත්තට කොහෙද?

    ReplyDelete
  8. සුරිය කන්ද, රම්මලේ කඳු වැටි පාමුල. කිරම පැත්තට වෙන්න :) දැන්නම් ඉන්නේ එහේ නෙමෙයි හැබැයි.

    ReplyDelete
  9. හා එහෙමද..
    ලස්සනට ඇති ඔය කියන විදිහට
    දැන් ඉතිං ඔයා එක්සත් ජනපදයෙනෙ :)

    ReplyDelete
  10. This is also a nice one like your other post.
    I also agree with you, It is better at least if we had our primary education such a school like that.Then it will be a good foundation for our lives.
    Keep up this process as you can.

    ReplyDelete
  11. මං ගිය මහා විද්‍යාලයට වැඩ කනිෂ්ටේ ගොඩාක් ලස්සනයි මං තවම එකට ආසයි.

    ReplyDelete
  12. මමත් පළවෙනි පොඩි ඉස්කෝලෙට තාම ආසයි.

    ReplyDelete