සමාජ තලයෙන් එතරම් උසස් තැනක නැති.
ඒත් ඒ මිනිස්සු අතර ඉන්නවා හොඳ හදවතක් සහ අවබෝධයක් තියනව සුන්දර මිනිස්සු.
මේ ලියන්න යන්නෙ එහෙම අම්ම කෙනෙක් ගැන.
මේ අම්මාගෙ නම ලිලියන් චාලට් ද සිල්වා.
මහා පෝසත් උගත් අම්ම කෙනෙක් නෙවේ බැලූ බැල්මට.
ඒත් මේ අම්මා ලොකූ සේවයක් කරපු කෙනෙක් පරිසරයට.
ලංකාවේ තියනවා ඉතාම දුර්ලභ කඩොලාන ශාකයක්.
මේකෙ නම රතමිල්ල/ රතඹිල්ල [Lumnitzera littorea - Family : Combertaceae (කොට්ටම්බා අයත් කුලය)].
![]() |
| පම්බල දී ගත් සේයාරුවක් |
තමන්ගෙ වයසෙ හැටියට තිබෙන අපහසුතා නොසලකා මේ ශාක ගොන්න රැකගෙන තියන්නෙ ඇයයි.
මේ ශාක දුර්ලභ බවවත් ඒ නිසා එය වටිනා බවවත් ඇය දැනන් ඉන්න නැතුව ඇති.
ඒත් ඇය කළ යුත්ත කළා, ඒ තමා ශාක රැක ගැනීම.
ඇයට තිබුන අක්කර භාගයක පමණ භූමියේ, ඇය කල මේ ස්ථානිය සංරක්ෂණය තවත් බොහෝ කාලයකට මේ ශාක රැක ගන්න දායක වේවි.
ඇය කියල තියන්නෙ "මේ ගස් දැන් දැකගන්න අඩුයි, අළුත් ගස් හරිම අඩුයි, තිබුනත් තියන්නෙ පරන ගස්, ඒ නිසා මේ ගස් රැක ගන්න ඕන" කියලා.පේනවද ඇය කෙතරම් සංවේදී වෙලාද කියල පරිසරය ගැන,
මේ ගහ අඩු බව සහ එය රැකගත යුතු බව ඇයට තේරිලා තියනවා.
මෙතුමිය තමන්ගේ වයස, දුප්පත්බව, රෝගී බව පසෙකලාකළ මේ නිහඬ සේවාවට උපහාර පුද කරන්න 2010 ඔක්තෝබර් 22 තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය (YZA) සූදානම් වෙලා හිටියත් එයට හරියටම දවසකට කලින් ඇය මෙලොවින් සමු අරගෙන තියනවා.
ඒ අවුරුදු 85ක් ගෙවලා.
ඒ උතුම් කාන්තාවට මාගේ උපහාරය වේවා!
මට මේ සියළු විස්තර ලබාදුන්නෙ ජේෂ්‍යඨ පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන සර්.
එතුමාටත් ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයටත් මම ගෞරවණීය ස්තූතිය පුදකරනාවා මේ කරන්න සූදානම් වුන සද්ක්‍රියාවට.
මට දුකයි ඒක කරගන්න නොලැබුණාට, ඒක කරා නම් මේ අම්මට ගොඩක් සතුටු හිතෙයි.
Jagath Gunawardana
The lady who preserved Ratambilla (Lumnitzera littoria)
Mrs.Lilian Charlotte de Soysa
This short note is to honour the lady who preserved the grove of Ratambilla plants in her private property in the Ovilana island in Madu-Ganga in Balapitiya.It is the dominant tree in the area of about half an acre of marshy land in which she lived till the very end of her days,courageously protecting this grove of trees.She did not no very much about the importance of it but told me that she thought they have to be protected as she has not seen this tree anywhere else and has also observed that there are no new plants but only old trees.
We(the YZA) had planned to honour her and appreciate her services in protecting this plant amidst all her personal hardships such as poverty,old-age and ill-heath.It was to be on the 22 of October 2010.Ironically,she passed away on the 21st October,just a day before we could honour her.She was 85 years old.
May she attend Nibbana.
The lady who preserved Ratambilla (Lumnitzera littoria)
Mrs.Lilian Charlotte de Soysa
This short note is to honour the lady who preserved the grove of Ratambilla plants in her private property in the Ovilana island in Madu-Ganga in Balapitiya.It is the dominant tree in the area of about half an acre of marshy land in which she lived till the very end of her days,courageously protecting this grove of trees.She did not no very much about the importance of it but told me that she thought they have to be protected as she has not seen this tree anywhere else and has also observed that there are no new plants but only old trees.
We(the YZA) had planned to honour her and appreciate her services in protecting this plant amidst all her personal hardships such as poverty,old-age and ill-heath.It was to be on the 22 of October 2010.Ironically,she passed away on the 21st October,just a day before we could honour her.She was 85 years old.
May she attend Nibbana.
මේකෙන් අපි උගත යුතු පාඩම් කිහිපයක් තියනවා
අපේ පැරැණ්නන් මේ පරිසරය රැක්කෙත් මේ විදිහට තමා,
ඒ අය තමන්ට කෙලින්ම ප්‍රයෝජනයක් නැතත් නිකරුණේ ශාක විනාස කරල දැම්මෙ නෑ.
ඒ වගේම අපි සංවේදී වෙන්න ඕන පරිසරය ගැන,
අපි රැකගන්න ඕන පරිසරය.
අපෙ වත්තෙ තියන නමක් නොදන්න ගහ සමහර විට ලෝකෙ තියන ඒ වර්ගයේ ගස් වලින් අන්තිම එකක් වෙන්න පුළුවන්,
ඒ මොකද අපේ වත්තට ඇවිත් විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්නෙ නෑනේ ශාක වර්ග හඳුනාගන්න.
ඒ නිසා නොදන්න ගහක් වුනත් නිකරුණේ කපාදාන්න එපා!
කෙසේ වෙතත් තමන් දන්නා දේ හැකි විදිහට බෙදාගන්න,
එය වැදගත් වේවි.
අනිත් එක තමා සොබාසුමිතුරන් වෙන්න මහා ලොකු දැනුමක් ඕන නෑ කියන එක.
උගත්කම් ලොකු ලොකු තත්ව ඕන නෑ කියන එක.
දැන් අපෙ රටේ ඉන්නවා ඇමතිලා මන්ත්‍රිලා ඉන්නවා ඒ අය මොකද කරන්නෙ කැලෑපාළුවෝ එක්ක එකතු වෙලා කැලෑ වනසනවා.
ඒත් මේ අම්මා බලන්න නූගත් දුප්පත් කෙනෙක් වුනත් මේ ශාක ටික රැකගන්නවා.
අනිත් දේ තමා අපි සොබාවට සමීප වෙන්න වෙන්න ඉබේම අපිට මේ වගේ අදහස් එනවා.
ඒ දෙයයි වඩා වැදගත්.
දැන් මම ආක්‍රමණික ශාක ගැන බ්ලොගය කරනකොට මගේ ගුරුවරයෙක් කීවා එක්තරා පරිසරයට සම්බන්ධ රාජ්‍යය ආයතනයකත් මිදුලෙ ලස්සනට ගල් ගොරක ගහක් හිටවලා තියනවා කියලා.
ඒකෙ නිලදරුවො එය දන්නෙ නැතුව ඇති.
ඒත් මට දැණුනා මේ ආක්‍රමණික ශාක, පරිසරයට නොගැලපෙන ශාක ගැන වැටහීමක් සොබා සුමිතුරෙක්ට ඉබේම ඇති වෙනවා කියලා.
ඒක උපතිනුත් එනව ඇති සමහර විට, ඒත් ඒක ඇති කරගන්නත් බැරි නැති වෙයි.
"වයිට් ක්‍රොෆ්ට් නම් ජලජ පැලෑටියක අල ගෙනවුත් වැවේ පැලවීමට හැරියෙමි.
ඒවා ඉක්මනින් පැළවී වැඩෙන්නට වූ විට යුගල ප්‍රසාද් බියවූයේ නෙළුම් මල් වලට ඇති තැන ඒ පැළෑටිය අත්පත් කරගනු ඇතැයි කියාය.
බෝගන්විලා අතු ගෙනවුත් පැලකිරීමට සිතුණත් ඒ මල් වර්ගය නගරයේ කෘත්‍රීම උද්‍යාන සමඟ කෙතරම් බැන්දී ඇද්දැයි කිවහොත් ම බියක් ඇති වූයේ වැව අසල දිස්වූ සිරියට එයින් හානියක් වනු ඇතැයි කියාය.
යුගල ප්‍රසාද් ද මෙවැනි දේ ගැන සිතන්නේ මා සිතන පරිදිමය.
ඔහුද බෝගන්විලා පැල කිරීමට විරුද්ධ විය."
අරණකට පෙම් බැඳ : පිටුව 126
මේ සත්‍යවරණ සහ යුගලප්‍රසාද් යන දෙදෙනා සොබාවික වැවක් අසල මල් වැවීමට ගිය විට සිතූ අයුරු දැක්වෙන වැකි කීපයකි.
ඔවුන් ද මේ දේවල් ගැන උගත් අය නොවේ, විශේෂයෙන්ම යුගල ප්‍රසාද් කැලෑ ගමක උපන් දුප්පත් ගැමියෙකි.
ඔවුන් සොබාවයට ළං වූ විට සොබා මව ඔවුන්ට අවැසි දැනුම නොමිලේම ලබාදෙන්නීය,
මෙය උපාධි මඟින් ලබාගත නොහැක.
යුගල ප්‍රසාද් තමන්ගේ ඉඩමක නොව ඕනෑම ඉඩමක, කැලෑවක මල් සිටවීමට ප්‍රිය කළේය.
කිසියම් වනයක වූ මල් ගෙන්වුත් ඒවා වෙනත් කැලයක සිටවයි.
තමන්ටම අයිති නැතත් කොහේ හෝ ඒවා වැඩෙන්නේ නම් ඔහුට සතුටකි.
අපිත් අපට ඉඩක් නැත්නම් අනුන්ගේ හෝ තැනක, පාසලක ගස් සිටුවා සතුටු වීමට පුරුදු විය යුතුය.


උපහාරය කරගන්න බැරි උන එක ගැන නම් දුකයි...
ReplyDeleteපුතා මගේ ඇස් දෙකට කඳුලක් ගෙනාවා ඔබගේ ලිපිය. ඒ මෑණියන්ට නිවන් සුවයම ලැබේවා. හිතන්න හැකි මිනිසුනේ හිතාපල්ලා, "මේ පරිසරය රකිනවා කියන්නේ නුඹලාම රැකීමයි. නුඹලාගේ දුවා දරුවන් රැකීමයි".
ReplyDeleteඒ අම්මට නිවන් සුව ලැබේව!තාවකාලික සැපය නිසා කරන පරිසර විනාශයෙන් මිනිසා කරන්නෙ තමන්වම විනාශ කර ගැනීමක්.මොකද අපි රැකෙන්ට නම් පරිසරයත් රැකිය යුතුයි.
ReplyDeleteඔබ මේ කියන ශාකය මාදු ගඟ අසබඩ මම දැකල තියනව .
ReplyDeleteකොහොම් උනත් ඒ මෑනියන් හරි පරිසර හිතකාමි කෙනෙක් වෙන්ට
ඕන .. ඉස්සර අය කොහොමත් ගහට කොලට ආදරෙයි .. දැන් ඉන්න අයට මේවයෙ කිසිම අගයක් නෑ . ඒක නිසානෙ මේව වනසන්නේ..
ඒ දයාබර පරිසර හිතකාමී මාතාවට නිවන් සුව පතමු!
අපේ පංසලේ තිබුනා සුදු සදුන් ගහක්..මමයි අයියයි මේ ගහ දුර්ලබ නිසා අත්තක් කපාගෙන ඇවිල්ලා ගෙදර පැල කරා...ඇබිත්තියා මේක අපි කපනවා දැකලා ගෙදරට කියලා..පස්ස පැත්ත පැලෙන්න කෝටු පාරවල් කෑවා තාත්තගෙන්.......අර අතු කෑල්ල මැරුනා..ඒවා පැලකරන්නේ ඇට වලින් කියලා දන්නේ පස්සේ.....
ReplyDeleteඒ උතුම් මෑණියන්හට නිවන් සුව අත්වේවා!!!
ReplyDeleteලිලියන් චාලට් ද සිල්වා - සැබෑ සොබාසුමිතුරු මෑණියන්ට නිවන් සුව පතමු
ReplyDeleteසියළු දෙනාට ස්තූතියි...
ReplyDeleteසයුරි අක්කා, වෙද මහත්තයා,ගිම්හානි අක්කා, නොදුටු ලොවක්,ගීත් අයියා, නිරීක්ෂක මහත්තයා,කුමාරිහාමි අක්කා,
මේ සියළු කමෙන්ට්ස් වලට ස්තූතියි...